AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

සුනිල් මාධව පේ‍්‍රමතිලක මතක දිගහැරුම - 02

---- ”මේ පාර නම් ලේසි වෙන්නේ නෑ මිස්ටර් ප්‍රේමතිලක ...”  
මාධව- සුනිල් මාධව පේ‍්‍රමතිලක නම් අදීන පුවත්පත් කලාවේදියාගේ මතක දිගහැරුම - 02)

මීමනගේත් ඇඞ්ලින්ගේත් කුළුදුල් දරුවා දැක බලා ගැනීමට ගම් ප‍්‍රදේශයේ හිතුවතුන් මීමනගේ නිවසට රොක්වූහ. මරණය සමඟ තියුණු සටනකින් ඉක්බිතිව ජීවිතය කෙළින් කරගත් මේ සිඟිත්තා ප‍්‍රසන්න හැඩරුවකට උරුමකම් කිවේ ය. සියල්ලන් වසඟ වූයේ ඔහුගේ සිනහවට ය. මේ නිසාම මාධව සිඟිත්තා කෙටි කලකින්ම කොයි කාගෙත් සුරතලා බවට පත්විය.
මරණය පෙනි පෙනී ජීවිතය දිනාගත් මේ සිඟිත්තා ඉතා ඉක්මණින් රෝගාබාධයන්ට ලක්වීමේ ප‍්‍රවණතාවක් තිබිණි.
‘‘ළමයව හොඳට පරිස්සම් කරගන්න. ජීවත් වුණාට මෙයාගේ ජීවිතේ හරිම අවදානම්.’’
වෛද්‍යවරුන්ගේ මෙම උපදේශය නිසා ම මීමනත් ඇඞ්ලිනුත් සිටියේ මහත් බියකිනි. මේ බිය තවත් තියුණු වූයේ වැඩි වැඩියෙන් මාධව ලෙඩවෙන්නට පටන් ගනිද්දී ය.
‘‘අපිට කොල්ලාව බේරගන්න බැරිවෙයි ද?’’
‘‘එහෙම වෙන්නෙ නෑ. අපේ ආයුෂත් අරගෙන කොල්ලා ජීවත් වෙනවා.’’
මාධව පිළිබඳ මීමන තුළ විශාල පිතෘ සෙනෙහසක් තිබුණා සේම විශාල බලාපොරොත්තුවක් ද තිබිණි. ඔහු නිතර ම ඒ බලාපොරොත්තුව තම බිරිඳට හෙළි කළේ ය.
‘‘මට විශ්වාසයි කොල්ලා කවදා හරි හොඳතැනකට එනවා.’’
එහෙත් ටික දිනකින් මීමනට ඒ බලාපොරොත්තු අත්හරින්නට සිදුවිය.
මාධව තෙවන වසරට පා තබද්දි ඔහුගේ රෝගී තත්වයන් ද තවත් උග‍්‍ර අතට හැරුණි. ඔහු දැන් දැන් නිතර නිතර ලෙඩවන්නට පටන්ගනී. දිනක් හදිසියේම ඇති වූ උදරාබාධයක් නිසා ඔහුව රෝහල් ගත කිරීමට සිදුවිය.   මීට පෙරද නිතර නිතර මෙසේ රෝගාතුර වූ නමුත් මෙවර ඔහුගේ රෝගී තත්වය බරපතල බව ඔහු හැසිරෙන අයුරු දකිද්දී මීමනටත් ඇඞ්ලින්ටත් ප‍්‍රත්‍යක්ෂ වූහ. වෛද්‍යවරුන් ද දරුවාව නිරීක්ෂණය කළේ වෙනදාට වඩා බැ?රුම් හැඟීමක් මුහුණට නගා ගෙන ය.
‘‘මොකද ඩොක්ටර් පුතාට වෙලා තියෙන්නේ?’’
‘‘මේ පාර නම් ලේසි වෙන්නේ නෑ. මිස්ටර් පේ‍්‍රමතිලක. පුතාගේ තත්වේ සීරීයස්.’’
‘‘ඇයි මොකද වෙලා තියෙන්නේ...’’
‘‘ළමයගේ බඬේ ගෙඩියක්. ඒක දැන් නරක අතට ම හැරිලා තියෙන්නේ.’’
කුමන ආකාරයකින් වත් මාධවගේ ජීවිතය බේරාගත නොහැකි බව මෙවර වෛද්‍යවරුන් ඒක හෙලා කියා සිටියේ ය. එහෙයින් දරුවාව රෝහලෙන් ටිකට් කපා පිටත් කර යැව්වේ මීමන වෙත එක් උපදේශයක් ලබා දෙමිනි.
”ළමයාට කැමති විදියට ඉන්න දෙන්න. කැමති දෙයක් කරන්න දෙන්න. කොහොමත් තව වැඩිකල් ළමයාව ජීවත් කරන්න බැරි වෙයි.”
ඒ මොහොතේ පටන් මීමන ගේ සිත තුළ ඇති වූයේ පුදුමාකාර පරාජිත හැඟිමකි. එහෙත් ඔහු එය වසාගෙන සිටිමට උත්සාහ කළේ ය.
වෙසක් මාසය උදා විය. මුළුරට ම වෙසක් සිරියෙන් ඇලලි ගියේ ය. කුඩා මාධව ද හරි හරියට වෙසක් සමරන්නට සූදානම් වූයේ ය. තම පුතුට අවැසි සියලූ දේ කිරීම වෙනුවෙන් කැපවුණු මීමන පුතුගේ සිත වෙසක් සිරියෙන් පිරියාමට අවශ්‍ය වන සියලූ දේ කළේ ය.
‘‘කොල්ලා අපිත් එක්ක ඉන්න අන්තිම වෙසක් දවස අද වෙන්න පුළුවන්.’’
ඇඞ්ලින් අමතා මීමන මෙසේ කියද්දී දෙදෙනාගේ දෙනෙත් අගට කඳුලූ උනන්නට විය. සිය පුතුව ජීවිතයේ අවසන් වතාවට වෙසක් සිරිය පෙන්වීමට තිරණය කළ මීමන එදින සැන්දෑවේ මාධව ව කරේ තබාගෙන වෙසක් බලන්නට කොළඹ නගරය පුරා ඇවිද ගියේය.
මාධව, වෛද්‍යවරුන් ප‍්‍රකාශ කළ තරමේ අවාසනාවන්තයෙන් නොවී ය. ස්ථිරව ම මියැදෙන බවට දිනවකවානු පවා තීරණය කර තිබූ මේ දරුවා දිනෙන් දින යළිත් යථාතත්වයට පත්වන්නට පටන් ගත්තේ ය.
‘‘පුදුමයි අපිටත් හිතාගන්න බෑ. ඔපරේෂන් එකක්වත් කරන්න නැතුව ඉන්ජක්ෂන්වලින් ලෙඬේ හොඳවුණා.
වෛද්‍යවරු විමතිය පළ කළහ.
මේ සියලූ සිදුවීම් අවසාන මීමනගේ මුවේ රැුඳුණේ එක් කියමනකි.
‘‘මගේ කොල්ලා වාසනාවන්තයි. ඌට කවදාවත් වරදින්නේ නෑ.’’
මීමනත් ඇඞ්ලිනුත් ගෙවා දමමින් සිටියේ තවත් දුෂ්කරම කාල පරාසයකි. මේ කාල පරාසය තුළ දෙදෙනාට සොම්නස් ගෙනා කරුණු ද ඕනෑ තරම් තිබිණි. මාධවට යළි ජීවිතය හිමි වීම හා සමඟාමීව දෙදෙනාට සතුට ගෙනා ඊළඟ කාරණය වූයේ ඇඞ්ලින් දෙවන දරු ප‍්‍රසුතියට සූදානම් වීම ය.
දිනක් උදැසනම රාජකාරි සඳහා පිටත්ව ගිය මීමන බොහෝ ? බෝවනතුරු නිවසට නොපැමිණියේ ය. සාමාන්‍යයෙන් ඔහු නිවසට එන්න ? බෝවන නමුත් මෙපමණ ? බොවී පැමිණෙන්නේ නැත.
ඇඞ්ලින් පාර බලා සිටියා ය.
‘‘අම්මේ තාත්තා කෝ....?’’
‘‘තාත්තා දැන් එයි...’’
‘‘ඇයි අද මෙච්චර පරක්කු....?’’
මාධවගේ දහසක් පැනයන්ට පිළිතුරු දෙමින් පාර බලා සිටි ඇඞ්ලින්ට ඈතින් මීමනගේ ඡුායාව දිස්විය. මේ එන්නේ මීමන බව සැකහැර දැනගත් ඇඞ්ලින් එක්වන ම තැති ගැන්මෙන් වාඩි වී සිටි තැනින් නැගී සිටියා ය.
‘‘අනේ දෙයියනේ මේ මොකද කරගෙන තියෙන්නේ.’’
සිනා මුසු මුහුණින් ගෙට ගොඩ වෙන මීමනගේ එක් අතක් වෙලූම් පටිවලින් වෙලලාය. ඒ වෙලූම් පටි යටින් තවමත් හොඳින් ලේ පාරවල් පෙනේ.
බියටත් දුකටත් පත් වී සිටි ඇඞ්ලින් ඒ පිළිබඳ ව කරුණු විමසුවා ය.
‘‘මොකක්ද මේ කරගත්තේ....?’’
‘‘පොඩි ප‍්‍රශ්නයක් වුණා.’’
මීමන කීවේ එපමණකි. සැමියාගේ තරම හොඳින් දන්නා ඇඞ්ලින් ඉන් එහාට දෙයක් ඇසුවේ නැත. පසුව මීමන සිදු වූ දේ හෙමින් පැහැදිලි කළේ ය.
‘‘මම රස්සාවෙන් අයින් වුණා. එකඑකාට ඕනවිදියට පත්තර කරන්න බෑ...’’
ලේක්හවුසියේ පාලකයන් සමඟ ඇතිකරගත් ප‍්‍රශ්නයක් දුර දිගයාමෙන් කෝපාවිෂ්ට වූ මීමන ඔවුන්ට හොඳහැටි බැණ වැදී අසල තිබූ ජනේලයක වීදුරුවකට අතින් ගැසිය. පහර දීමේ ප‍්‍රතිඵලයක් ලෙස අතකැපී ගිය අතර බැණවැදීමේ ප‍්‍රතිඵලයක් ලෙස රස්සාව අහිමි විය.
අසංක සායක්කාර

No comments:

Post a Comment