AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

අපි කාට ද බය? අපිට කව්ද බය?

බ ඔබේ පන්තියේ බය ලැයිස්තුවේ හිටියේ කී වෙනියාට ද? අපේ පන්තියේ හතලිස් හයක් හිටියා.
මම බය ලයිස්තුවේ හතලිස් තුන් වෙනියා (බය නැති පිළිවෙලට). ඒ කියන්නේ හතලිස් දෙකකට බයයි. තුන් දෙනෙක්ට බය නැහැ. පන්තියේ චන්ඩියා, ඒ කියන්නේ බය ලැයිස්තුවේ පළවෙනියා වෙලා හිටියේ අනිත් අයට වඩා මහත දෙහෙත කොල්ලෙක්. ඒ කොල්ලා තමයි පන්තියේ චන්ඩියා. කවුරු දබරෙට ආවාත් ලේසියෙන්ම බිම පෙරලගෙන දෙකක් අනින්න ඒ කොල්ලාගේ ඇ`ග පතත් එක්ක ඒ කොල්ලට හැකියාව තිබුණා. දෙවෙනි චන්ඩියා තමයි පත්තියේ උසම හාදයා. ඒත් දවසක් නාහෙට අහන්නැති පෙනුමක් තිබ්බ කොල්ලෙක් මේ උස හාදයා එක්ක හැමෝම ඉස්සරහ දබර කරලා මේ උස හාදයාව පැරැද්දුවා. එතැන් සිට නාහෙට අහන්නැති එකා දෙවැනියා. උස හාදයා තුන් වැනියා. අන්න ඒවාගේ එතැනින් එහාට දබර කරගෙන හැමෝම ඉදිරියේ ශිල්ප දක්වලා හෝ නොදක්වලා පන්තියේ හැමදෙනාම ”මෙයා මෙයාට බයයි- මෙයා මෙයාට මෙයාට බයයි” ආදී වශයෙන් බය ලයිස්තුවක් පොදුවේ සම්මත කරගෙන තිබුණා. ඒ කාලේ මම කොහොමත් බය එකෙක්. දබරෙට අකමැති එකෙක්. ඒ හින්දා දබරයට නොගොස් හැකියාව උරගා නොබලාම මං තීරණේ කරා මං අසවලූන්ට බයයි. අසවලූන්ට බය නැහැ කියලා.

හැබැයි අපි වැඩි වියට පත්වෙද්දි මේ බය ලයිස්තුව අපට අමතක වෙලා ගියා. පත්තියේ චන්ඩියා වගේ හිටපු බන්ඩියා පස්සෙ බලද්දි හරි අහිංසක කොල්ලෙක්. දැත් ඒ කොල්ලාගේ ඒ හැටි ලොකු බන්ඩියකුත් නැහැ. ඒ හින්දා ඇගට බය වෙන්න හේතුවකුත් නැහැ. එතකොට අර දිගන්චියාව පරද්දපු නාහෙට අහන්නැති එකා ඒවගේ නාහෙට අහන්නෙ නැති වැඩ කීපයක්ම කරා. අත්තිමට වුනේ මිනිහාට ගහගන්නවාට වඩා වැඩිපුර ගුටිකන්න. කොහොම වුනත් මේ පන්තිය මේ විදියටම අද දවසේ රැුස් කරොත් මේ බය ලැයිස්තුව එහෙම පිටින් උඩු යටිකුරු වෙලා තියෙන්න පුළවන්.
අප ජීවත් වෙන මේ මොහොතේ කුඩා කාලේ හිටපු නාම ලේඛනයක් සහිත ඉස්කෝලේ පන්තිය තව දුරටත් අප ඉදිරියේ නොපැවැතුනත්, වෙතත් ආකාරයක සංකීර්ණ සමාජ කණ්ඩායමක්, ස්ථරයක්, පන්තියක් අප විසින් මේ මොහොතේදීත් නියෝජනය කරනු ලබනවා. අපි ජීවත් වෙන්නේ නිශ්චිතවම ඉස්සර වගේ ඔලූවෙන් සදා සම්මත කර ගත් බය ලැයිස්තුවක් තූළ නොවෙයි වුනත් දැනට වුනත් ඕනේ නම් අපි බය කාටද? හා අපි බය නැත්තේ කාටද? කියන එක අපිට දෙපැත්තකට වෙන් කර ගෙන හ`දුනා ගන්න පුලූවන්. වැඩක් නැති වෙලාවක ඔබට පුලූවනි මේ සෙල්ලම කරන්න. ඔබ මේ වෙලාවෙ ඇත්තටම බය කාට ද? බය නැත්තේ කාට ද? කියලා ලැයිස්තුවක් හදන්න. ඒක අනිවාර්යයෙන්ම විනෝද ජනක වැඩක් වේවි. ඒ වගේම බය දර්ශකයේ ඔබ මේ වෙනකොට ඔබ කොහේද ඉන්නෙ කියන එක ගැන ඔබට එමගින් කිසියම් වැටහීමක් ලබා ගන්න පුලූවන් වේවි. මේ කටයුත්තෙදි ඔබට මොනවාගේ පිළිතුරු ලැබේවි ද? මම අනුමාන කරන්නම් පිළිතුරු කිහිපයක්. සමහර විට එවා ඔබ සම්බන්ධයෙන් හරියන්නත් පුලූවන්. වරදින්නත් පුලූවන්. බොහෝවිට ඇගපතටම ඉස්සර වගේ දැන් ඔබ මිනිස්සුන්ට බය නැතුව ඇති. එහෙමනම් ඔබ දැන් මොනවටද බය? මොනවාට ද බය නැත්තේ?
ඔබට නිතර නිතර හමුවෙන විනෝද වෙන කන බොන මිතුරු රංචුවක් ඉන්නවා ද? ඒ කන බොන විනෝද වන වැඩවලට වැඩිපුර වියදම් කරන කෙනෙක් ඒ රංචුවේ ඉන්නවා ද? නැති නම් බලවත් කෙනෙක්ගේ දරුවෙක්? දැනටත් කිසියම් සමාජ බලයක් අත් කර ගත් කෙනෙක්? ඔබේ රංචුවේ සතුටු සාමිචි නිතරම රොක් වන්නේ ඔහු වටා ද? ඒ කතා බස් වල මුලසුන දරන්නේ ඔහු ද? ඒ විනෝද රැුස්වීම් රැුස් වන්නේත් විසිර යන්නේත් ඔහුගේ උවමනා එපා කම් මත ද? විරුද්ධ වීමට කාරණා තිබියදීත් ඔහුගේ අදහස් හා කි‍්‍රයා කලාපයන්ට විරුද්ධ නොවී ඉන්නට ඔබ තීරණය කරලා තියෙනවා ද? ඔහුව තරහ කර ගැනීමට ඇති අකමැත්ත නිසා ඔහුගේ ඕනම ගොං වැඩක් දරා ගන්නට ඔබ හිත හදා ගෙන ඉන්නවා ද? ඒ කියන්නෙ ඔබ ඔහුට බයයි. ඒකෙම අනින් පැත්ත විදියට ඔබ කියන හැම දේටම එහෙයි එහෙයි කියන සගයන් රැුළක් ඔබ සමග සිටිනවා නම්, ඒ එහෙයියන් ඔබව විවේචනය නොකරන්නේ නම්, ඒ කියන්නේ ඔබට ඔවුන් බයයි.
ඔබ ඉංගී‍්‍රසි භාෂාවට සාපේක්‍ෂව දුර්වල අයෙක් ද? මම එහෙම කෙනෙක්. ඉංගී‍්‍රසි භාෂාව චතුරව කතා කරන ගොඩක් අය ඉස්සරහ මම ගොලූ වෙනවා. දන්න ඉංගී‍්‍රසි වචන ටිකත් අමතක වෙනවා. ඒ වගේම ඉංගි‍්‍රසි තරම්වත් මම දෙමළ දන්නේ නැහැ. හැබැයි දෙමළ කතා කරන අය ඉස්සරහ මට ඒ වගේ බයක් හෝ තැති ගැන්මක් දැනෙන්නේ නැහැ. ඒ හැරෙන්න සිංහල නොදන්න ඉංගී‍්‍රසි පමණක් දන්න මගේ සමහර මිත‍්‍රයෝ ඉන්නවා. ඔවුන් මා එක්ක අමාරු වෙන් වරද්ද වරද්ද සිංහල වචන ගැට ගගහා කතා කරනවා. නමුත් ඔවුන් එසේ කරන්රනේ මම ඉංගී‍්‍රසියට දක්වන බිය මෙන් අනිසි බියකින් තොරවයි. ඔබටත් එහෙම වෙලා තියනවා ද? එක භාෂාවකින් අසමත් වීම බයක් ලෙස දැනෙන්නටත් තවත් භාෂාවකින් අසමත් වීම බයක් ලෙස නොදැනෙන්නටත් හේතුව කුමක් ද?
ඔබ කිසියම් ආයතනයක රැුකියාවක නිරත වෙන කෙනෙක් නම් ඔබේ ආයතන ප‍්‍රධානියාට ඔබ බොහෝ විට බය ඇති. ආයතනයේ ඔබේ සාමාන්‍ය හැසිරීමට වඩා අසාමාන්‍ය හැසිරීමක් ඔහු හෝ ඇය ඉස්සරහ ඔබෙන් ප‍්‍රකට වෙනවා ඇති. ඔහු හෝ ඇය කුමක් කීවත් ඔබ හිස පාත් කරගෙන අහගෙන ඉන්නවා ඇති. ඔබ සමහර විට වැඩ කරන්නේ ඔහු හෝ ඇයගෙන් ලකුණු දමා ගැනීමට හෝ බැනුම් නොඅසා සිටීමට අවශ්‍ය නිසා වෙන්න ඇති. ඔබේ ආයතනයේ තේ හදන සේවකයාට හෝ පිරිසිදු කරන සේවකයාට ඔබ ඒ තරම් බය නැතුව ඇති.
ඔබ කෙනෙකු ගැන ආදරයෙන් පසුවෙනවා නම්, තාම ඒ කෙනාට ඒ ගැන පවසා නැත්තං, ඒ කෙනා එක්ක කතා කරද්දි ඔබේ කකුල් දෙක වෙව්ලනවා නම්, ඒ කෙනාගෙ දැක්ම පවා ඔබ තුළ තිගැස්මක් ඇති කරනවා නම්, අනිවාර්යයෙන්ම ඔබ ඒ කෙනාටත් බය ඇති.
ඔබ සමාජයෙන් කිසියම් රහසක් ස`ගවා ගෙන සිටිනවා නම් ඔබ අනිවාර්යයෙන්ම එය හෙලි දරව් වේ යැයි බියෙන් ඇති. ඔබ යනු එවැනි රහස්
රැසක් නම් ඔබ දෙතුන් ගුණයකින්, එහෙමත් නැත්නම් කිහිප ගුණයකින් සමාජයට බය ඇති. එවැනි ස`ගවා ගත් කිසිවක් ඔබ තුළ නැත්නම් හෙලිදරව් වීමටත් කිසිවක් නැති නිසා ඔබට එවැනි අනිසි බයක් සමාජය ගෙන හට ගෙන නැතුව ඇති.
බොහෝ දෙමාපියන් සමාජය යනු නපුරු තැනක් යයි හ`ගිමින් තම දරුවන් සමාජානුයෝජනය කිරීමට පැකිලෙති එහි ඵලයක් හැටියට බොහෝ දරුවන් අහේතුකවම සමාජය කෙරෙයි බියෙන් පසු වෙති. පාරේ සෙනග හිටියත් නැතත් බිම බලා ගෙන ඇවිදිති මගතොටේදී හමුවෙන කෙනෙකුට සෘජුව මුහුණ දීමට පවා මැලිවෙති.
ඔබ ගැහැණු කෙනෙක් නම් සමහර විට කැරපොත්තන්ට බය ඇති. ගැහැනු පිරිමි බේදයක් නැතිව හොල්මන්වලට බය ඇති කලූවරට බය ඇති. සමහර විට මේ කිසිවකට ඔබ බය නැතුව ඇති.
පොලිසියට හමුදාවට ත‍්‍රස්තවාදීන්ට හොර හතුරන්ට මැරයන්ට මං පහරන්නන්ට වෙනත් ආයුධ දරා ගත් ඕනෑම කෙනෙකුට ඔබ බය ඇති. ඒ විතරක් නෙවෙයි. ඔබේ ජීවිත ඉරණම පවා තීරණය කළ හැකි දොස්තරලාටත් ඔබ බය ඇති. නමුත් කොන්දොස්තරලාට ඔබ දොස්තරලාට තරම් බය නැති නිසා රුපියලට දෙකට පවා දබර අල්ලන්නට ඔබ නොපසුබට වනවා ඇති.
මේ ඉහත උදාහරණ කිහිපය ඇසුරෙන් වුනත් අපට තේරුම් ගන්න පුලූවන් අපි දැන් බය වෙන්නේ ඇගපතටම නෙවෙයි කියන එක. වෙනත් වෙනත් මානසික හේතුන් ගණනාවක් බය වීම කෙරෙහි මේ වන විට වැඩිහිටි අපට බලපානවා.
ඇත්තටම පුංචි කාලේ ඇ`ගපතට බය වෙන එකත් මානසිකයි තමයි. නමුත් ඒ සිතීම තරමක් දුරට තාර්කිකයි. නමුත් වැඩිවියට පත්වන විට අප තුළ මානසික බය මට හිතෙන විදියට ඊටත් වඩා තාර්කික බවින් අඩුයි.
තමන් ආදරය කරන කෙනා සම්බන්ධයෙන් තමන් තුළ ඇති තිගැස්ම තමන් ඒ ආදරය තුළ වසගයට කෙතරම් ලක්ව ඇද්ද යන්න මත හට ගන්නකි. ඉංගි‍්‍රසි භාෂාව ඉදිරියේ සිදුවන පසුබෑම හා ඒ් ආකාරයට දෙමළ භාෂාව ඉදිරියේ සිදු නොවීම සන්නිවේදනයේ තාක්‍ෂණික අපහසුතාවකට එහා ගිය පාරම්පරික හීනමානය පිළිබ`ද ගැටලූවකි. රැකියාවේ දී උස් තැන් දැක හැකිලීම හා මිටි තැන් දැක පිප්පීම සිද්ධ වන්නේ. අනාගතය ගැන ඇති අවිනිශ්චිතතාව තනතුරු මානය වැනි මානසික ගැටලූ නිසා ය.
බයක් මූලික වශයෙන් ඇති වන්නේ අනතුරක් පිළිබද සේයාවක්, හැගිමක් හෝ දැනීමක් ඇතිවීම නිසා යැයි ඉහත සියලූ උදාහරණ සලකා බැලූව ද අපට පෙනී යයි. එක්කෝ තමන්, නැත්නම් තමන්ගේ අභිමානය අනතුරකට ලක් වේ ය යන හැගීම බොහෝ විට බයට හේතු වේ.
අනතුර හැම විටම අප සමග පවතින්නකි අපගේ ජීවිතය ඕනෑම මොහොතක ඕනෑම ආකාරයකට අවසන් වීමේ අවදානම හැම විටම පවති. අප ඇවිද යන විට ඕනෑම මොහොතක කකුල පැටලී වැටීමේ ඉඩක් ඇත. පාරේ යන වාහනයක් අපේ ඇගේ හැපිමේ ඉඩකඩක් ඕනෑ වටත් වඩා ඇත. නමුත් අපි ඒ ගැන නොසිතනා තුරාවට බයකින් තොරව නිදහසේ අපට ගමන් බිමන් යා හැක. ඒ අනුව අනතුර කෙතරම් අපට සමීපව අප හා බැදී පැවතිය ද අප එ ගැන බය වන්නේ ඒ ගැන දන්නා ප‍්‍රමාණයේ හැටියටය.
උස් තාප්පයකින් බිමට පනින්න යැයි කවරෙකු හෝ ඔබටයි මටයි අභියෝග කළොත්, සමහර විට ඔබ බය නොවී එම අභියෝගය භාර ගනීවී. නමුත් මම එය භාර ගැනීමට බය වෙවී. එකම අනතුරක් ඉදිරියේ කෙනෙක් බය නොවීමටත් තවත් කෙනෙක් බය වීමටත් හේතුව කුමක් ද? එකම අනතුර වුව ද එම අනතුර ජය ගත හැකි ය යන ආත්ම විශ්වාසය ඔබට මෙතැනදී ඇතිමුත් මට එවැනි ආත්ම විශ්වාසයක් නැත. ඒ අනුව අනතුර පිළිබ`ද දැනීම පමණක් නොව එය ජය ගැනීමට තමත් තුළ ආත්ම විශ්වාසයක් නොමැති වීම ද එසේත් නැත්නම් අනතුර ජය ගැනීමට තමාට ඇති දක්‍ෂතාව ගැන ප‍්‍රමාණවත් තක්සේරුවක් නොමැති වීම ද බය ඇති වීම කෙරෙහි බලපායි. ඔබේ ආදර වස්තුව ඉදිරියේ ඔබ අදක්‍ෂ යැයි ඔබට හැ`ගී යන්නේ නම් ඔබට ඕනෑම මොහොතක ඔහු හෝ ඇය අහිමි වී යා හැකි යැයි හැගෙන්නේ නම් ඔබ බය වෙයි. ඔබ දරන තනතුරෙහි ඔබ අදක්‍ෂ යයි හැ`ගී යන්නේ නම් ඉහළින් එල්ල විය හැකි බැනුම්වලට හා පහළින් එල්ල විය හැකි ප‍්‍රශ්න කිරීම්වලට ඔබට බය හිතෙයි. තමාට වඩා ධූරයෙන් පහළ අයට හේතුවක් නැතිව ඇ`ගට කඩා පනින බොහෝ අය බොහෝ විට සිදුකරන්නේ එමගින් තම අදක්‍ෂතාව හා තම නුසුදුසු බව වසන් කිරීම ය. එය ප‍්‍රශ්න කිරීමට ඇති ඉඩකට වේලාසනම අහුරා තැබීම ය. ඔබ බයට පත්වූ විට සිදුවන්නේ හැකිලී පසුබෑසිම පමණක් නොවේ.
බය ඔබව කලබලයට පත් කරවයි. කලබලය විසින් ඔබව අවසිහියට පත් කරවයි. එවිට සිදුවන බොහෝ දේ සිදුවන්නේ ඔබේ පාලනයෙන් තොරව ය. වැරදි මොහොතේ වැරදි තීරණ ගැනීම, කිව යුත්ත වෙනුවට නොකිවයුත්ත කීම, සමහර විට අනතුර අනවශ්‍ය ලෙස ඉක්මන් හා විශාල කර ගැනිම බය වූ විට ඔබ අතින් සිදුවෙයි. අනතුර වළක්වා ගැනීමෙහි ලා බය වීම විසින් සිදුකරන්නේ හැම විටම අවැඩක් මිස වැඩක් නොවේ.
මේ දිනවල මුලූ ලෝකයම මුහුණ දී සිටින කොරෝනා බය, අපට බය නැමැති මානසිකය අපේ මනසේ හැසිරෙන ආකාරය හො`දින්ම පැහැදිලි කර දෙයි. කොරෝනා අනතුර මුලූ මනින්ම අදෘශ්‍යමානය. මහත කොල්ලකු මෙන්, අපේ ආදර වස්තුව මෙන්, තනතුරෙන් ඉහළ නිලදාරියෙකු මෙන් ආයුධ දරා ගත් මැරයෙකු මෙන් චතුර ලෙස ඉංගී‍්‍රසි කතා කරන්නෙකු මෙන් කොරෝනා අනතුර අප ඉදිරියේ විද්‍යාමාන වන්නේ නැත. නමුත් අනතුර ගැන ඉ`ගි හතර වටින් අපිට ඇසෙයි. දැනෙයි. ලොව කොයි කෙළවරේ වුනත් මිය යන රෝගියා ගෙන් රෝගියාට අසාධිත තැනැත්තාගෙන් තැනැත්තාට අප ඉදිරියේ තොරතුරු එසැනින් යාවත් කාලින වෙයි. අප තොරතුරු දන්නා ප‍්‍රමානය මත අප බය වන ප‍්‍රමාණය තීරණය වෙයි. ඔබ ටීවි රේඩියෝ පත්තර හා සමාජ මාධ්‍ය ඇසුරු නොකරන්නෙක් නම් එසේ ඇසුරු කරන්නෙක්ට වඩා ඔබට බය දැනෙන ආකාරය සපුරා වෙනස් වේවී. මීට පෙරත් ලෝකය වසංගත ආක‍්‍රමනවලට හසුව ඇති නමුත් එම කාලවල මෙතරම් සන්නිවේදන තාක්‍ෂණයේ දියුණුවක් නොතිබිම නිසා තොරතුරුවල මද බාවය හේතු කොට ගෙන එම වසංගතවලට මිනිසුන් ප‍්‍රතිකි‍්‍රයා කළ ආකාරය මීට වඩා සපුරාම වෙනස් වන්නට ඇති. වසංගතයට ගොදුරු වී ගම් පිටින් මිය ගියත් ඊට ටික දුරකින් එපිට සිටින මිනිසුන් ඒ ගැන කිසිවක් නොදැන එදිනෙදා කටයුතු කරගෙන යන්නට ඇති. සමහරවිට කටකතා හා ප‍්‍රවාද වැනි දේ ඇසුරෙන් සපුරා වෙනස් බයංකාරත්වයන්වලින් ඔවුන්ගේ මනස් පිරී යන්නට ඇති.
බය මුලූමනින්ම මානසිකය. මේ විසිරුණු ලිපියේ මූලික අදහස එයයි. අනතුර කල් තියා හ`දුනා ගැනීම ඒ කෙරෙහි සූක්‍ෂම වීම ඉන් වැලකීමට ක‍්‍රමෝපයාන් යෙදීම යන්නත් බය විම යන්නත් එකිනෙකට වෙනස් පරස්පර සිතීම් දෙකකි. බය ඔබව අවසිහියට පත් කරන අතර ඉතිරි සියල්ල ඔබ කළ යුතු වන්නේ සිහි නුවනිණි.


 චාමර ගුරුගේ 





No comments:

Post a Comment