”අම්මෝ... මේ ඇදුම්වල ගද..!”
”අතීතයේ සිටියා එක් මකරෙක්. රන්, රතු හා කහ යන වර්ණවල සම්මිශ්‍රණයකින් එන පැහැයක් ගත් මේ මකරා එකල දැකගැනීමට හැකිවී ඇත්තේ වසර සියයක් තරම් කාලයකට එක් වරක් පමණි. එනම් ශතවර්ෂයකට වරක් පමණයි. ඉතින් මේ මකරා සාමාන්‍යයෙන් විශාල මකරෙක් කියලා තමයි කියන්නෙ. මේ මකරා සිටින තැන කවුරුවත් දන්නෙ නෑ. නමුත් මේ මකරා සිටින්නෙ දිව්‍ය ලෝකයේ බව ඇතැමුන් පවසනවා. තවත් අය පවසන්නේ මෙම මකරා එක් ගුහාවක වෙසෙන බවයි. කොහොම වුණත් මේ මකරා සාමාන්‍යයෙන් පිටතට පැමිණෙන්නේ වසර සියයකට වතාවක් පමණි. මෙසේ පිටතට පැමිණෙන මේ රන් මකරා තම ආහාරයට රන් උණ පදුරේ මලූත්, අමරණීයත්වයේ හා දැනුමේ උල්පතෙන් ජලයත් බීමට ගන්නවා. එසේ මල් අනුභව කර ජලය පානය කරන මේ රන් මකරා නැවතත් දිව්‍ය ලෝකයට හෝ ගලින් නිමවූ තම ගුහාව වෙත යනවා. මෙසේ ශතවර්ෂයකට වරක් එන මේ රන් මකරා කුඩා පිරිමි ළමුන් තුන්දෙනෙකුත් ගැහැණු ළමයින් දෙදෙනෙකුත් එනම් ළමයින් පස්දෙනෙක් රණශූරයන් ලෙස අමරණීයත්වයේ හා දැනුමේ උල්පත අසලදී මිනිසුන් ඉදිරියේදී නම් කරනවා. නමුත් මේ නම් කරන්නේ අතදරුවන් පස්දෙනකු පමණයි. එම රන් උණගස අසලටත් දැනුමේ හා අමරණීයත්වයේ උල්පත අසලටත් යාමට හැකියාව තිබෙන්නේ එම නම් කළ දරුවන් පස්දෙනාටත් මකරාටත් පමණයි. කිසියම් වෙනත් පුද්ගලයෙක් එම ස්ථානයට යාමට උත්සාහ කළොත් ඔහු එතැනම දුවිලි බවට පත්වෙනවා. එයයි අවසානය ඔහුගේ. මෙලෙස නම් කළ දරුවන් පස් දෙනා හට වෙන වෙනම වූ මුදු පහක් හිමිවෙනවා. පිරිමි ළමයින්ට නිල්, කොළ සහ දුඹුරු පැහැති මැණික් ඔබ්බවන ලද මුදු ලැබනෙවා. ගැහැණු ළමුන්ට කලූ හා අළු පැහැගත් මැණික් ඔබ්බවූ මුදු හිමිවෙනවා. එක් මුදුවක තිබෙන්නේ එක් මැණිකක් පමණයි. ඒ අනුව ළමුන් පස්දෙනාට මැණික් පහක් විය.
ඒවගේම එම පැහැයන්වලින් යුත් මැණික් ගල් පහක් රන් මකරා ලබාගන්නවා. ඒ අතරම රන් මකරා ආරක්ෂා කිරීමටත් පුද්ගලයෙක් නම් කරනවා. ඔහුටත් අමරණීයත්වයේ හා දැනුමේ උල්පත අසලට යාමට හැකියාව ලැබෙනවා. ළමයින් අවුරුදු දහ අටක් සපිරෙන තුරු ඔවුන්ගේ මුදු තිබෙන්නේ ආරක්ෂකයා සතුවයි. රන් මකරාගේ ආරක්ෂකයා ළමුන්ට අවුරුදු දහ අටක් වනතුරු බලාසිට ඔවුන්ට මුදු ලබාදෙනවා. රන් මකරා සතු අනෙක් මැණික් පහ එකතු කර පොතක් සාදනවා. එම පොත විවෘත කිරීමට හැකිවන්නේ එක් රත්රනින් නිපදවූ මැණික් මුදුවකින් පමණයි. එම මුදුව සොයාගෙන එම පොත විවෘත කරන පුද්ගලයාට මේ ලොව සතු මුළු දැනුම හා සියලූම දේ මැවීමටත් කිරීමටත් බලය ලැබෙනවා. නමුත් මේ මුදුව සොයාගත්තාට පමණක් මදි. එම මුද්දට අයත් මැණික් තුනත් ස්ථාන තුනක සගවා තිබෙනවා. එම මැණික් තුන සොයා ගෙන මුදුව සම්පූර්ණ කළවිට පොත විවර කළ හැකියි. එවිට මම ඔබට ඉහතින් කියූ බලයන්, මේ පුස්ථකය සතු බලයන් ලබාගන්නට එය විවර කළ පුද්ගලයාට හැකිවෙනවා. මැණික් තුන නොමැතිව රන්මුදුව, පොත සහ මැණික් මුදු පහත් මේ ආරක්ෂකයා සතුව තිබෙනවා. ඔහු ඒ සියල්ලම ආරක්ෂා කළයුතු වෙනවා. රන් මකරා නැවත පිටවෙන්නේ මේ සියල්ල නිමකිරීමෙන් අනතුරුවයි. එසේ නැවත යන විට රන් මකරාට මොනයම් හෝ අනතුරක් සිදුවුහොත් පොත මගින් රණශූරයන් පස් දෙනාම වෙනත් ආරක්ෂිත ලොවක් වෙත ගෙනයනු ලබනවා. ආරක්ෂකයා ඔවුන්ගේ නියමිත වයස එළඹෙන විට ඔවුන් සොයාගෙන තිබිය යුතුයි.’’ මෙසේ කියූ ඔහු දිගු හුස්මක් පිටකරමින් තම කතාව නතර කළේය.
‘‘ගුරුතුමනි.......’’ බිම වාඩිවී සිටි නීරෝ හ`ඩ නැගීය. ‘‘ඇත්තටම අද ඇයි අපිට සටන් පුහුණුවීම් නොකර මේ කතන්දරය කියන්නෙ....?’’
‘‘හේතුව අද ඔබලාගේ උපන්දිනය. ඒ වගේම ඔබලාව රැගෙනයාමට මට අවශ්‍යයි. ඊට පෙර මේ කතාව ඔබට කිවයුතු වුණා.....’’
‘‘කොහේට ගෙනියන්නද...?’’ යමෙක් විමසුවේය.
‘‘අධිරාජ්‍යයට.....’’ ගුරුවරයා පිළිතුරු දුන්නේය.
මේ වදන ඇසීමත් සමග මේ ළමුන්ට අසල්වැසියන්ගේ කතාවල සත්‍යතාව යන්තමින් අවබෝධවන්නට විය.
‘‘ගුරුතුමනි...’ ජොනී හඩ නැගුවාය. ‘‘අද අපි පස්දෙනාගෙම වයස දහ අට සම්පූර්ණ වෙන බව අපි දන්නවා. ඒත් දැන් ඔය කිව්ව අධිරාජ්‍යය මොකක්ද...?’’
‘‘බ්‍රයන් ඔබ ළග මුදල් තියෙනවාද...?’’ අනපේක්ෂිත ප්‍රශ්නයෙන් බ්‍රයන් තිගැස්සුනේය.
‘‘ඔව්’’ හේ පිළිතුරු දුන්නේය. ‘‘තාත්තා මට විනෝද වෙන්න කියලා සල්ලි දුන්නා’’
‘‘හොදයි දැන් යන්න ඒ මුදලත් අරන් අර පෙනෙන වීදියෙ කෙළවරේ තිබෙන චීන මිනිසුන් අදින පරණ ඇදුම් කඩයට. ඒකට ගිහින් පස්දෙනාටම ඇතිවෙන්න ඇදුම් කිහිපය බැගින් මිලදී ගන්න. ඊට පස්සෙ එන්න. ජොනීටත්, මේරිටත් පවා ගතයුතු වන්නේ පිරිමි ඇදුම්. තේරුණාද...?’’ මිං සියෑන් එකවරම කියාගෙන ගියේය. ‘හ්ම්’ ශබ්දයක්වත් නොනැගූ ළමුන් පස් දෙනා එළියට විත් කිසිවක් නොපවසා කළින් පැවැසූ චීන රෙදි කඩයට පිවිසියහ.
‘‘අම්මෝ...... මේ ඇදුම්වල ගද........!’’ පෝල් නහය අකුලමින් පැවැසුවේය.
‘‘මේවා ගත්තට මම නම් අදින්නෙ නෑ....’’
එකිනෙකා ඇ`දුම් විවේචනය කරමින් අවසානයේදී ගද අඩු ලාබදායී ඇදුම් මිලට ගෙන මුදල් පියවීය. එහි වූ පරණ පාවහන් දුටු ඔවුහු ඒවාද වුවමනා වෙතැයි සිතා ඒවාද මිලට ගත්හ.
නැවත සියලූම ඇදුම් පැළදුම් මලූවට ඔබාගත් පිරිස තම සටන් පුහුණු පන්තිය කරා යළි පැමිණියහ. එහි දොර විවර කර ඇතුළු වී දොර වසා දැමූ නීරෝ එහි ගල් ගැසී බලා සිටි මේරිගේ සිරුරේ හැපී ‘‘ඇයි මොකද......?’ කියාවත් නොවිමසුවේ දුටු දර්ශනය නිසාවෙනි.
ඔවුන් දුටුවේ හැඩිදැඩි ශරීරයකි. අතීතයේ සිටි චීන යුදවිරුවන් අ`දින්නා වූ ඇ`දුමකට සමාන ඇදුමකින් සැරසුණු ශරීරයකි. මෙම පුද්ගලයා ඔවුනට පිටුපා සිටි බැවින් ඒ කවුරුන්දැයි හදුනාගැනීමට අපහසු විය. දෑත් දෙපසට බැදගෙන සිටි ඔහුගේ අත්වල වූ මස්ගොබ හොදින් කැපී පෙනුණේ ඔහුගේ උඩුකය වැසී තිබුණු කලූ පැහැ ඇදුම සිරුරට ඇලී තිබුණු නිසාය. තම උර තෙක් කොණ්ඩය වැවී තිබුණු ඔහුගේ වම් අතෙහි මැදගිල්ලේ වූයේ අලංකාර රන්මුදුවකි. ඉනෙහි වූයේ අඩි තුනක් පමණ දිගුවූ කඩුවකි. ඒ එක්කම ඉනෙහි අනෙක් පස වූයේ කිනිස්සකි. පිටුපසට බැදගෙන තිබුණු තම දෑත් ඉදිරියට ගෙන තම වම් අත කඩුව මත තබාගෙන ඔහු ක්‍රමයෙන් බ්‍රයන් , නීරෝ, පෝල්, ජොනී හා මේරි දෙසට හැරුණේය. එම පුද්ගලයා කවුදැයි හරිහැටි හදුනාගත් පස්දෙනා විස්මයෙන් ගොළුවී ගියහ. තම මුවින් කිසිදු හඩක් පිටවිය නොහැකි වුවත් මේරි හා ජොනී තම මුවට අත තබාගත්තහ. විශ්මයෙන් විශ්මයට පත් නීරෝ, බ්‍රයන් සහ පෝල් නොයෙක් දේ මුමුණන්නට වූහ.
‘‘වෙන්න බෑ.......’’ බ්‍රයන් මිමිණුවේය.
‘‘කොහෙත්ම වෙන්න බෑ......’’ පෝල්ද කීවේය.
‘‘මෙහෙම වුණේ...’’ නීරෝ ඇසීය. ‘‘පිස්සුව වැඩිවෙලාද......?’’
ජොනී ඔහු වෙතට අඩියක් තැබුවාය. ‘‘මිං සියෑන් ගුරුතුමනි...’’ ඇය විස්මයෙන් ඇසුවාය. සිනාසෙමින් සිටි පුද්ගලයා තම හිස සෙලවූයේ එය සත්‍යයක් බව නිරූපණය කරමිනි.
‘‘ඒත් කොහොමද...?’’ යනුවෙන් පෝල් ඇසීය.
‘‘ප්‍රශ්න අහන්න එපා....’’ ගොරෝසු, තියුණු එහෙත් ප්‍රසන්න හඩකින් සිත්ගන්නා ලෙස ඔහු පිළිතුරු දුන්නේය. එසේ පැවැසූ ඔහු මේසයක් මත වූ පොතක් අතට ගෙන කෙමෙන් කෙමෙන් මේසය කරා ගියේය. එසේ ගිය ඔහු පොත ඉතා ප‍්‍රවේසමින් මේසය මත තබා තම වම් අත ඉහළට එසවීය. එසේ ඔසවන විට බ්‍රයන් , නීරෝ, පෝල්, ජොනී හා මේරි ඔහුගේ රන් මුදුව දුටුහ. එහි යම් කිසිවක් අඩුය. එම අඩුව හොදින් කැපී පෙණුනි. එම අඩුව වූයේ මැණිකක් නොමැති වීමයි. එම රන් මුද්දට කලක් මැණිකක් තිබුණු බව පෙනුනත් පසුව එය ගලවා භාවිත කළ බවක් පෙනුනි. වම් අත එසවීමෙන් ඉනෙහි වූ කිනිස්සේ මිට පැහැදිලිව දර්ශනය විය. එය මනාව කැටයම් යොදා සකස් කළ එකක් විය. මිටේ විශේෂත්වය වූයේ එය අලංකෘත මකරකුගේ හැඩයට සකස් කිරීමයි. විනිවිද යන කොළපැහැයෙන් යුතු වූ එය මැණිකක් කැපීමෙන් සෑදු එකක් බව පැහැදිලිය. වම් අතේ වූ මුදුව ගලවාගත් මිං සියෑන් මෙලෙස පැවැසුවේය.
‘‘කරුණාකර මෙතනට පැමිණෙන්න... ඇවිත් මේ මේසය වටා සිටගන්න..........’’
සිදුවන්නට යන්නේ කුමක්දැයි කියා කිසිවක් සිතාගත නොහැකිවූ මිතුරන් පස්දෙනා කෙමෙන් කෙමෙන් ඔහු කරා ගියහ. එසේ ගිය ඔවුුහු මේසය වටා සිටගත්තහ. අනතුරුව මිං සියෑන් දෙසත් පොත දෙසත් මාරුවෙන් මාරුවට බැලූහ. චීන බස කියවීමට දත් පිරිස මෙය ‘ජීවයේ උල්පත’ නම් වූ පොතක් බව දැනගත්තහ.
‘‘මම තුනට ගණන් කළාම ඔයාලා ඇස්වහගන්න ඕනි. ඊට පස්සෙ මම ඇස් අරින්න කිව්වහම විතරක් ඇස් අරින්න. එහෙමනම් ලෑස්තිවෙන්න...’’
එසේ කියූ මිං සියෑන් සෙමෙන් රන් මුදුව මකරාගේ රූපයට යටින් පොත උඩ තැබුවේය. එසේ තැබූ ඔහු තම දකුණු අතේ මාපටඇ`ගිල්ල මුද්ද මත තැබුවේය. අනතුරුව තුනට ගණන් කළේය.
‘‘එකායි.... දෙකායි... තුනායි.....!!!’’
ඔහු එලෙස ‘තුනායි’ කියනවාත් සමගම ඔහු මුද්ද පොත තුළට තල්ලූ කිරීමට මෙන් වෙර යොදා තද කළේය. ඒ සමගම ළමුන්ද දෙනෙත් පියාගත්තහ. මිං සියෑන් මුද්ද පොතට තද කළ අතර එය පොත තුළට ඉතා පහසුවෙන් ගියේය. එයත් සමගම මිං සියෑන් ද තම දෙනෙත් පියා ගත්තේය. එකවරම පොතේ මුද්ද ඇතුළු කළ ස්ථානයෙන් රන් පැහැති ආලෝකයක් පිටවූ අතර එය විශාල ආලෝක කදම්භයක් බවට පත්විය. එකවරම පොත අතුරුදහන් වූ අතර ඒ සමගම මිතුරන් පස්දෙනාත් මිං සියෑනුත් අතුරුදන් විය. ආලෝක කදම්භයත් නැතිවී ගිය අතර සටන් පුහුණු මධ්‍යස්ථානය සාමාන්‍ය තත්වයටම පත්විය.

මතු සම්බන්ධයි
No comments:
Post a Comment