AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

නවකතාව - 04 - මගදි මුණගැහුණා මගහැරුණු ආදරේ - අසංක සායක්කාර

----- ”භූමිතෙල් සුවඳට ගැරඬි දුවනවා. අපි ඇදෙනවා...”

”අප්පෝ නෑ... බැරි වැඩ කරන එක ඒ දවස්වලම නැවැත්තුවා’’
බාසුරු කියන්නෙ ඇත්ත කියලා නූපා හොඳින්ම දන්නවා. බාසුරු කවදාවත් කැමති වුණේ නෑ එයාව ගීත රචකෙයක් විදියට
හඳුන්වනවට. කොටින්ම සම්මානය ගත්ත ඒ මොහොතෙවත් බාසුරු එකට කැමති වුණේ නෑ. සම්මානෙ අරගෙන වේදිකවෙන් බහින්න කලින් නිවේදකයා එෆ්.එම් මයික් එකක් අරන් බාසුරු ළඟට ආවා. ඒ වෙලාවේ බාසුරු කියපු දේවල් නූපාට තාම ඒ වචනවලින්ම මතකයි.

‘‘මේ සම්මානෙ මට අයිති එකක් නෙමෙයි. මට සින්දු ලියන්න බෑ. මේක වෙන වැඩකට මම ලියපු පොඩි කවියක්. ඩාන්සින් ඩිපාර්ට්මන්ට් එකේ නූපා තමයි ඒක මටත් හොරෙන් මේ තරගෙට දැම්මෙ. මං හිතනව මේ සම්මානෙ අයිති මට නෙමෙයි නූපාට.’’
ඒ වෙලාවේ නූපගේ කන් දෙක රතුවුණේ තමන් කළේ නොමනා වැඩක් වගේ හැගීමකින්. ඒත් මුළු සරසවිය ම ඒක භාරගත්තේ නූපා - බාසුරු ආදර කතාවේ පළමු පරිච්චේදයේ ප්‍රධාන ‍ අනුමාතෘකාව විදියට.‍රධාන අනුමාතෘකාව විදියට.
‘එක්ස් කියුස්මී සර්’
දෙන්නම සිහින ලෝකවලින් ඇදගෙන ආවේ ගුවන් සේවිකාවක්. ඇය කෑම බීම සහිත ට්‍රොලියක් ආසන පේළි අතරින් ඉදිරියට තල්ලූකරමින් ඉන්නෙ. ගුවන්සේවිකාවගේ ඊළඟ පැනය ගැන බාසුරු අත්දැකීමෙන් දන්නවා. නූපාත් බලාගෙන හිටියෙ ඒ පැනයට බාසුරුගෙන් ලැබෙන උත්තරය දිහා.
‘‘මට රෙඞ් වයින් එකක් දෙන්න.’’
ගුවන් සේවිකාව බාසුරු ඉදිරියේ තිබෙන ගුවන් ආසනයෙන්ම සැකසුණූ තාවකාලික මේසය මත ඇති
ප්ලාස්ටික් කෝප්පයට රතුවයින් වක්කරේ නූපාටත් වයින්ම වක් කරන්න බලාගෙන.
‘‘මට ඔරෙන්ජූස් එකක් දෙන්න.’’
ට්‍රොලියෙ තිබ්බ බීම ජාතිවලින් බාසුරුගේ හිත එකපාර ඇදිලා ගියේ වයින් බෝතලේට. දෙපාරක් නොහිතම රතුවයින් ඉල්ලූවේ ඒ නිසා. ඒත් නූපාගෙ තේරීම ඔරෙන්ජ් ජූස් නිසා බාසුරු හිටියෙ යම් වරදකාරී හැගීමක.
‘අපරාදේ මටත් ඔරෙන්ජ් ජූස්ම ගන්න තිබුණා’
බාසුරුගේ මේ හැගීම ඔඩු දුවන්න නූපා ඉඩ දුන්නේ නෑ.
‘‘ළමයා සෑහෙන්න දියුණු වෙලානේ. දැන් වයිනුත් බොනවා...?’’
ඒ ප‍්‍රශ්නය බාසුරුව තරමක ලැජ්ජාවට පත් කරා. විශ්වවිද්‍යාල ජීවිතයේ දී පොරවාගෙන සිටි අමාද්‍යප සලූව එක්වරම කැඞී ගොස් නිරුවත් වීමේ ලැජ්ජාව බසුරුගේ හිතත් ගතත් පුරා දැනෙන්න පටන් ගත්තා. නූපා තාමත් බාසුරුගේ ඇස් දිහා බලාගෙන උත්තරයක් ඉල්ලනවා.
‘‘හ්ම්ම්ම්’’
‘‘කවදා ඉඳලද ඕවා බොන්න පටන් ගත්තෙ...?’’
‘‘දිනයක් මතක නෑ. ඇයි වයින් බොන එක වැරදී ද..?
‘‘නෑ.’’
‘‘එහෙනම්...?’’
‘‘ඔයා වයින් බොනවා කියලා හිතන එක මට ටිකක් අමුතුයි.’’
‘‘ඒක එච්චර හිතන්න එපා’’
ප‍්‍රශ්නය මඟහරින්නම ඕනේ නිසා බාසුරු පළමු වයින් අවුංස කිහිපය උගුරට හලාගත්තා. වෙනදට උත්තේජනීය ලීලාවෙන් උගුරෙන් පහළට රූටන වයින් සාරය අද පහළට ගලාගෙන ගියේ ලාවා ධාරාවක් විදියට.
රතුවයින් දිගේ තමන්ට මඟහැරුණු බාසුරුගේ අතීත ජීවිතය හාරගෙන යන්න නූපට අවශ්‍ය වුණත් මේ ඒ සඳහා අවස්ථාව නොවන බව ඇය තේරුම් ගත්තා.
ප්ලාස්ටික් කෝප්පය මත දොතෙල් තබා පරිස්සමට ඔරෙන්ජ්ජූස් පානය කරන නූපා දිහා බාසුරු බැලූවේ ඇයට නොදැනෙන්න. නූපගෙ දොතොල කවදත් පරිස්සම්. වතුර උගුරක් පානය කරන ලීලාවෙත් ප්ලේන්ටියක් පානය කරන ලීලාවෙත්, සීත බීම බෝතලයක් පානය කරන ලීලාවෙත් කිසිම වෙනසක් නැත්තේ මේ පරිස්සම නිසා. නූපාගේ පරිස්සම් දෙතොල් දිහා බලාගෙන ඉන්න බාසුරුගේ යටි හිත හෙමින් ගීතයක් මිමිණූවා.
‘කාත් කවුරුවත් වෙතත් සිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්’
නූපා - බාසුරු ප්‍රේම ‍ කතාවේ හුගක් තැන්වල මේ සින්දු කෑල්ල බාසුරුගේ කටින් කියවිලා තියෙනවා. එ හැම වෙලාවකම මහා සෙනඟක් මැද ඔවුන් තනිවෙලා.‍රම කතාවේ හුගක් තැන්වල මේ සින්දු කෑල්ල බාසුරුගේ කටින් කියවිලා තියෙනවා. එ හැම වෙලාවකම මහා සෙනඟක් මැද ඔවුන් තනිවෙලා.
‘‘ඔය සින්දුව කියන්න එපා. ඒක දුක හිතෙන සින්දුවක්.’’
‘‘කොච්චර දුක හිතුණත් මට අර කෑල්ල ඇහෙද්දී ඒ පෙම්වතා ගැන පුදුම ආදරයක් හිතෙනවා.’’
‘‘එහෙනම් මම මැරච්චි දවසට ඇවිත් ඔය සින්දුව කියන්න..’’
‘‘සින්දුව නම් කියන්න බෑ. සින්දුවේ තියෙන දේ නම් කරන්න පුළුවන්’’
‘‘මෝඩයා’’
* * *
බීම පිළිගැන්වීමෙන් පසු ඊළඟට එළඹෙන්නේ කෑම පිළිගැන්වීම. ප්‍රධාන ‍ මෙනූ දෙකක් අතරින් තමන් කැමති එකක් තෝරා ගැනීමේ අවස්ථාව ගුවන් මගීන්ට හිමියි. නූපා තමන්ගේ ආසනය ඉදිරියේ තිබූ මෙනූ පත පරීක්ෂා කළත් ඇයට ඒ ගැන ස්ථිර නිගමනයක් නෑ.‍රධාන මෙනූ දෙකක් අතරින් තමන් කැමති එකක් තෝරා ගැනීමේ අවස්ථාව ගුවන් මගීන්ට හිමියි. නූපා තමන්ගේ ආසනය ඉදිරියේ තිබූ මෙනූ පත පරීක්ෂා කළත් ඇයට ඒ ගැන ස්ථිර නිගමනයක් නෑ.
‘‘මොනවද හොඳ’’
‘‘මේක ගමු’’
තමන් දන්නා හඳුනන කෑම කිහිපයක නම් තිබූ ඒ මෙනූ එක බාසුරු නූපාට යෝජනා කළේ ඉතා විශ්වාසයෙන්.
‘‘මේවා කන්න පුළුවන් වෙයි ද..?’’
‘‘භූමිතෙල් බත්වලට වඩා නම් රස ඇති’’
‘භූමිතෙල් බත්’ ... නූපා තිගැස්සුණේ ඒ වචන කීපයට නෙමෙයි. භූමිතෙල් බත්’ එක්ක බැඳුණු ඉතිහාසයට.
ජපුරේ ඕපන් තියර්ටර් එක ළඟ සමර් හට් එකට දවල් 12 වෙනකොට බාසුරු කොහෙ හිටියෙත් එන්නේ මේ භූමිතෙල් බත් එක බලාගෙන.
‘‘භූමිතෙල් සුවඳට ගැරඬි දුවනවා. අපි ඇදෙනවා.’’
බාසුරු මේ කතාව කියන්නෙ නූපා හැමදාම උයාගෙන එන බත් එකට. ඒ වෙනකොට නූපා හිටියෙ හොස්ටල්වලින් එළියෙ බෝඩිමක. කඩෙන් කන්න තරම් වත්කමක් නැති වීමත් කැම්පස් එකේ කැන්ටින් එකේ කෑම මෙලෝ රහක් නැතිවීමත් නිසා බෝඩින්වල හිටපු කෙල්ලො කීපදෙනා තම තමන්ට පුළුවන් විදියට කෑම ඉව්වා. නූපා බත් ඉව්වෙ භූමිතෙල් ලිපේ. බත් එකට අමතරව එක ව්‍යංජනයක් ඉඳලා හිටලා දෙකක් කෑම පාර්සලයට එකතු වුණා. හැබැයි භූමිතෙල් ලිපේ ඉවීමේ අනුභාවයෙන් මුළු කෑම එකෙන්ම වාහනය වුණේ භූමිතෙල් සුවඳක්.
බාසුරු ප‍්‍රමුඛ මිතුරු බලඇණීය නූපගේ බත් එකට වගකියන්නේ ඇයට දාහක් කතා කිය කිය.
‘‘මොනවද බං ඊළඟ මහපොලෙන්වත් ගෑස් ලිපක් ගනින්කෝ.... මෙහෙම භූමිතෙල් කෑවෙත් අපි මැරෙනවා’’
කවුරු මොනවා කිව්වත් කැම්පස් එකෙන් අයින් වෙනකම් නූපා ලිප මාරු කරේ නෑ. එහෙමයි කියලා කිසිම දවසක නූපා අරගෙන ආපු බත් එක ඉතුරු වුණෙත් නෑ. නූපගේ බත් එකට බාසුරු පුදුම විදියට ආශක්ත වුණා. කැම්පස් එකෙන් පිට භූමිතෙල් සුවඳක් දැනෙන කොට බාසුරුට එකපාරටම මතක් වෙන්නෙ නූපාගේ බත් එක.
ගුවන් සේවිකාව පිළිගැන්වූ දිවා ආහාරය අනුභව කරන්න දෙන්නම පටන් ගත්තේ එකට. පළවෙනි බත් කට කටට ගන්නකොටම බාසුරුට තනියෙන් හිනාගියා.
‘‘මොකද මෝඩයෝ හිනාවෙන්නෙ...?’’
‘‘මට භූමිතෙල් සුවඳක් ආවා...’’

මතු සම්බන්ධයි

No comments:

Post a Comment