බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔබෙ මූණ
ඒ සිනා දුනු අගින්
විදෙයි ඊ තල පපුතුරට
වේදනාව ගලයි හද සිදුරු තුලින්
ලේ මෙන් ගන කඳුළු එයි දෑසින්
මැකුණු කාලෙක දුරම දුර දිනවල
හිස් අතින් හිස් පයින් මුත්
නොසිස් සොම්නසින්
එක්ව පසුවීමු කෙළි දෙළෙන්
දෙවැට - ගුරුපාරවල් - ඇල් හේන්
කුඹුරු - ඒදඩු - ගෙවතු පසුකරන්
පයින් පාසල් ගියෙමු අත් බැඳන්
ඒ මතක දුප්පත්ව
වන පෙතක තැන්පත්ව
ඔබ කෙතක ජරපත්ව
වෙන අතක මා මත්ව
මත්ව මා දිවි සටන මධු බොරෙන්
රත්ව ඒ කොළඹ ගිණි අව් සැරෙන්
වෙන්ව සැමගෙන් ගමෙන් ඔබ කෙරෙන්
කල් හැරිමි ඒත් බෝ කරදරෙන්
මා සිරකර
සොල්වනු නොදී අත පය
දෙවැටයෙහි වැටමාර කණු අතර
සිනා සී එබීගෙන ඔබෙ මූණ
ටයරයක - සරුංගලයක- පරෙවි කූඩුවක
කරත්තෙක - ඇළ දොළක - හැම තැනක
දැවටුණා මෙන් එක්ව පෙර කලෙක
ඔබ අසල දැවටෙන්න මා අසල නැති දාක
ඔබ තනිව දැවටිලා මී හරක් රුදු අඟක!
ලක්ශාන්ත අතුකෝරල
-‘අමාවකේ සඳක් සිඹිමි’ කවි පොතෙන්...
**************************
බලා සිටියා අහස් කුස දෙස
තරු අහුරු මැද පාලූ රැුය තුළ
සඳක් වඩිනා තුරා අහසට
පහ කරන්නට අඳුර දස අත
තරුත් තිබුණා දහස් ගණනින්
බලා හිඳිමින් සිනහ පුරවා
නමුදු නෑ මා එදෙස බැලූවේ
එබෙන තුරු සඳ ඝණ වලා මැද
දිනෙන්, සතියෙන් දවස් ගෙවුනා
මාස, අවුරුදු අතත් වැනුවා
සඳක් මා දෙස හොරෙන් බැලූවා
සිනහ වූ තරු බියෙන් ගැහුනා
සෙ`ද් සිසිලස හදට දැනුණා
පාළු රැුය සිනහවෙන් පිරුණා
ඝණ වලා දුර බලා ඇදුනා
අඳුර පලවා එළිය වැටුණා
දිනෙන්, සතියෙන් දවස් ගෙවුණා
සෙ`දහි එළියේ අඩුව දැනුණා
හුරු පුරුදු සඳ නොවෙයි හැඟුණා
පාළු තනිකම යළිත් නැඟුණා
දුරස් වී සඳ දුරට ඇදුණා
එළිය යාදෝ බියක් හැඟුණා
දෙනෙත් පුරවා කඳුළු පිරුණා
කඳුළු කැට තනි පාළු මැකුවා !!
R A දේශානි
**************************
පටපණු කෝෂයක
සෝකබර කතාවෙන්
ලස්සනම ඇගලූමක
සිහිනයක් මවන්නම්
ඉරි තැලූණු පොළව මත
පය තබා අහස දැක
ඇදහැලෙන වැස්ස ගැන
කවි ගොතා ලියන්නම්
වේදනා උල්පතෙන්
අගට එන කඳුළු දෙස
පිපාසිත මුව දෙනත
ඇස්වලින් බලන්නම්
ශීතලම හිමවැටෙන
කුණාටුව මැඳ ඉඳන්
ඈත එන වසන්තය
දැක සිනා සලන්නම්
__දිනු
**************************
මිණි බැඳි තටු
දිළිසුණාට
බරවැඩි ඇති
ඉගිලෙන්නත්
අමාාරු ඇති
ඇස් අග දිලි
උණු කඳුළැලි
නොකිය කීවෙ
එය වෙන්නැති
___සහස් රන්දුනු
**************************
නුඹ...
හීනයක් දිගේ
මීදුමක් වගේ
රහසින්ම හිතේ
නතර වුණු රෙඟ්!
___කාව්‍යා ඉන්දීවරී
**************************
දුරාවේදිත පේ‍්‍රමය
දුරාවේදිත
පේ‍්‍රම නොකෙරූ පේ‍්‍රමයක්,
පළක් බැද සිතින්
පලක් නැත...
කීපළක් වෙත ගියත්
නුඹ නැත ,මම නැත
නුඹත් මමත් නැත.
කල්පිත එක්වීමක්
නිර්නාමික වෙන්වීමක්
නුඹට තනිනැත,
මට නිවන නැත.
____මෙත්මිණි ආරියසේන
**************************
‘අග්නි’යේ
ලේයා කුමරියට
දිය කරනු කැමැත්තෙමි,
මුළු හදින්ම
කසල ඝණ වූ, මහා, ග්ලැසියරය
ගිනිගල් උලා දැවූ, හුලූ අතු
දිලෙන්නත් පෙර,
නිවාලන්නට,
එවාවිද,
හිම කුණාටුවක්,
වසරේ දිගම, ශීත ඍතුව
මුහුද ගොඩගලයි පවසමින්.
කම් නැත.
විශ්වාසය මතය,
ගොඩනැගෙන්නේ කැරැුල්ලක්
පියවර තබමු!
එක් කරන්නට නැවත,
ඍතු තුනේ අවුරුද්දට,
ගිම්හානය...
movie lover
No comments:
Post a Comment