AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

තෙරපෙන මනුෂ්‍යත්වය 2020 මැයි කලාපය

මේ ඡායාරූප දෙකම කියපාන්නේ මරණීය ඛේදවාචක දෙකක්. එක ඡායාරූපයක සිටින්නේ 
මොහොමඞ් රිස්වාන්. ජීවිතේ නැති කරගන්න කොත්මලේ ජලාශයට පැන්න තරුණියක් බේරගන්න රිස්වාන් ඡලාශ්‍රයට පනිනවා. තරුණිය ගොඩ ගන්න උත්සාහ කිරීමේ දී රිස්වාන්ගේ ජීවිත නැතිවෙනවා. 32 දෙහැවරිදි රිස්වාන් දෙදරු පියෙක්. ජීවිතයක ඇති වටිනාකම ආරක්ෂා කරගන්න දෙවතාවක් නොසිතා වතුරට පැන්න රිස්වාන් ලෝකයට කියලා දෙන උතුම්ම පාඩම මනුෂ්‍යත්වය. මනුෂත්වය ඉදිරියේ ජාති ආගම් කුල පන්ති සියල්ල අහෝසියි. ජීවිතේ නැති කරගන්න වතුරට පැන්න තරුණියගේ වාර්ගිකත්වය දෙමළ. රිස්වාන් මුස්ලිම්. රිස්වාන් වතුර යටට ගහගෙන ගියාට පස්සෙ තරුණිය බේරගන්නෙ පිරිස සිංහල.
අනෙක් ඡායාරූපය මාලිගාවත්ත ප්‍රදේශයේ සිදු වූ හදිසි අනතුරක්. කොරෝනා නිසා අසරණ වුණු මිනිස්සුන්ට ආධාර බෙදන වැඩසහනක දී ඇතිවුණු දරුණු තෙරපීම නිසා කාන්තාවන් තිදෙනෙක් එතැනම මිය යනවා. තවත් පිරිසක් අසාධ්‍යව තවම රෝහල්වල. ඡායාරූපයේ දිස්වෙන පාවහන් අපිට කතා ගොඩක් කියනවා. එකක් ඒ මොහොතේ සිදුවුණූ තෙරපීමේ තරම. අනිත් පැත්තෙන් මේ මිනිස් ජීවිත දුගීබව විසින් තෙරපූ තරම. රුපියල් 1500 ආධාරයක් ලබා ගැනීමෙන් වෙනුවෙන් තමයි මිනිස්සු එතැන තෙරපුණේ.


No comments:

Post a Comment