AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

රඟනොපා රඟපාපු ඉර්ෆාන් - 2020 අප්‍රේල් කලාපය

‘‘ට ජුරාසික් පාර්ක් බලන්න ටිකට් ගන්න බැරිවුණා. ඒ වුණාට මං ජුරාසික් වර්ල්ඞ් එකේ රඟපෑවා.’’ 


කොරෝනා ව්‍යසනය මැද ලක්ෂ ගණනින් මිනිසුන් මියයන කම්පාව මැද සිනමා ලෝලී හදවත් තවත් කම්පා කරන පුවතක් බොලිවුඩයෙන් ඇසුණා. ඒ සුප‍්‍රකට ඉන්දීය නළු ඉර්ෆාන් ඛාන්ගේ වියෝව. පසුගිය 29 වන දා මුම්බායි රෝහලක අවසන් හුස්ම හෙළු ඉර්ෆාන් වසර කිහිපයක පටන් පිලිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි අයෙක්.
ඉර්ෆාන් තමන්ගේ සිනමා ගමන වේගයෙන් ආපු කෙනෙක් නෙමෙයි. ඉතාම හෙමින් එහෙත් ස්ථාවරව ගොඩනැගුණු නළුවෙක්. 1967 ජනවාරි 07 වන දා රාජස්ථාන් ජායි පූර් හි උපන් ඉර්ෆාන් අලී ඛාන් 1988 සලාම් බොම්බෙ චිත‍්‍රපටයේ කුඩා චරිතයක් නිරූපණය කරමින් සිය රංගන චාරිකාව ආරම්භ කරනවා. එතැන් පටන් මුල් යුගයේ ඔහුට වැඩිපුරම ලැබුණේ දුෂ්ඨයාගේ චරිත. ඉර්ෆාන්ගේ රංගනයේ තිබුණු විශේෂතාව වුණේ ඉසියුම් බව. කැමරාව ඉදිරියේ රඟපාන බවක් හෝ නොදැනෙන පරිදි චරිත හැසිරවීමේ හැකියාව අතින් ඔහු සෑහෙන්න ඉදිරියෙන් හිටියෙ. මේ නිසාම ඔහුට විශේෂිත චරිත සඳහා බොලිවුඩයෙන් වගේම හොලිවුඩයෙනුත් ආරාධනා ගලා ආවා.
ඉර්ෆාන්ගේ ජීවිත ගමන ආරම්භ වෙන්නේ සුඛිත මුදිත තැනකින් නොවේ. ඔහු සාමාන්‍ය ඉන්දියානු මුස්ලිම් පවුලක සාමාජිකයෙක්. දහසක් ආර්ථික දුෂ්කරතා මැද ඔහුගේ ඉදිරියට එන්නේ. රංගනය ගැන තිබුණු අසීමිත උනන්දුව නිසා ඒ සඳහා වන අධ්‍යාපන පසුබිම හදාගන්න ඉර්ෆාන් සෑහෙන්න වෙහෙසෙනවා. ඔහු රඟපෑම ඉගෙන ගත්ත නළුවෙක්. ඉන්දියානු ජාතික නාට්‍ය පාසලෙන් ඒ සඳහා විධිමත් අධ්‍යයනයක් ලබා ගන්න ඔහු එතැනින් පසු සිනමා ලෝකයට අවතීර්ණය වෙනවා.
සලාම් බොම්බේ, පිකූ, ද ලනච් බොක්ස්, මක්බූල්, ගුන්ඬේ ඇතුළු ජනප‍්‍රිය බොලිවුඞ් සිනමා පට ගණනාවක් රංගන දායකත්වය දැක්වූ ඉර්ෆාන් ස්ලම්ඩෝග් මිලියනයර්, ජුරාසික් වර්ල්ඞ්, ද ඇමේසින් ස්පයිඩර් මෑන්, ලයිෆ් ඔෆ් පයි ඇතුළු හොලිවුඞ් නිර්මාණ රැුසකට ද සිය රංගන දායකත්වය ලබා දුන් නළුවෙක්. ඉර්ෆාන්ගේ සිනමා ගමන මැන ගැනීමට ඔහුම වරක් කළ පහත ප‍්‍රකාශය හොඳටම සෑහේ.
‘‘මට ජුරාසික් පාර්ක් බලන්න ටිකට් ගන්න බැරිවුණා. ඒ වුණාට මං ජුරාසික් වර්ල්ඞ් එකේ රඟපෑවා.’’

No comments:

Post a Comment