AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

1999 ලෝක කුසලානය

මේ කියන්න යන්නෙ 1999 ලෝක කුසලානය ගැන, අපි 92, 96 ගැන ගොඩක් කතා කලාට අපිට ගොඩක් වෙලාවට 99
මඟ හැරෙනවා. 99 ලෝක කුසලානය ප‍්‍රධාන වශයෙන් එංගලන්තය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ නමුත් එංගලන්තයේ මෙන්ම අයර්ලන්තය, ස්කොට්ලන්තය, වේල්සය හා නෙදර්ලන්තයේද තරඟ පැවැත්වුනි. 96 ලෝක කුසලාන ශූරයන් ලෙස තරඟාවලියට එළඹි ශ‍්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය ජයග‍්‍රහණය කල අර්ජුන රණතුංග ගේ නායකත්වය යටතේ ම තරඟ වැඳුන නමුත් අතිශය දුර්වල ක‍්‍රීඩා විලාශය ක් පෙන්නුම් කල ශ‍්‍රී ලංකා කණ්ඩායම දෙවන වටයට එනම් super six වටයට වත් සුදුසුකම් ලැබීමට අසමත් වෙමින් දරුණු පරාජය කට පත්විය.

තරඟාවලියේ ජයග‍්‍රහණය ස්ටීව් වෝ ගෙ නායකත්වයෙන් යුත් ඔස්ටේ‍්‍රලියානු වන් විසින් අත් පත් කරගත් නමුත් ඔවුන් අවසන් තරඟය දක්වා පැමිණීම ට හැකියාව මෙන්ම වාසනාව ද හේතු වූ බව නිරීක්ෂණය කල හැකි ය. පලමු වටයේදී තමන් ගෙ කාන්ඩයේ සිටි දුර්වලම කණ්ඩායම් තුන වන බංග්ලාදේශ, ස්කොට්ලන්ත හා කොදෙව් කණ්ඩායම් සමඟ පැවති තරඟ පමණක් ජයග‍්‍රහණය කරමින් දෙවන වටයට සුදුසුකම් ලබා ගන්නා ඔස්ටේ‍්‍රලියානු වන් super six වටයේදී සියලූ තරඟ ජයගැනීමට සමත් විය. එහිදී දකුණු අප‍්‍රිකාව සමඟ පැවති තරඟයේදි තරඟය කැන්ගරු වන් ගෙන් ගිලිහී ගොස් පරාජය වෙත යමින් සිටි අවස්ථාක දී නායක Steve Waugh විසින් ලබා දුන් පහසු උඩ පන්දුවක් Hershell Gibbs විසින් අත් හරිනු ලබයි. ‘උඹ ඔය අතැරියෙ world cup එක ‘යැයි Steve Waugh විසින් කියනු ලදැයි කියවෙන සුප‍්‍රසිද්ධ වැකිය ප‍්‍රකාශ වන්නේ එම අවස්තාවේ දී ය. එම ලැබූ අවස්ථාවෙන් උපරිම ප‍්‍රයොජනය ලබා ගන්නා waugh ලෝක කුසලාන ඉතිහාසයේ සුපිරිතම ඉනිමක් ක‍්‍රීඩා කරමින් අද්විතීය ශතකයක් නොදැවී රැුස් කරමින් ඔස්ටේ‍්‍රලියාව ට ජයග‍්‍රහණය අත් කර දෙයි.
අවසන් පූර්ව වටයේදී (semi final) දකුණු අප‍්‍රිකාව සමඟම තරඟ වැදීමට කැන්ගරුවන්ට සිදුවන අතර 50 වන පන්දු වාරයේ දෙවන පන්දුවේදි කණ්ඩායම් දෙක අතර ලකුණු සම වෙයි. පන්දුවට පහර දෙමින් සිටින්නේ ඉතිහාසයේ බිහිවූ අග‍්‍රගණ්‍යම finisher කෙනෙකු වන Lance Klusner ය නමුත් ඔවුන් ට ඉතිරි ව ඇත්තෙ එක් කඩුල්ලක් පමණක් වන අතර අනෙක් අන්තයේ සිටින්නෙ අවසන් පිතිකරු වන Allan Donald ය. අතිශය විකාර සහගත කඩුළු අතර දිවයෑම් කිහිපයකින් පසු Donald දුවද්දී දැවී යන්නෙ තරඟයේ ලකුණු සම වෙමිනි. එවකට පැවති නීති අනුව මෙම කණ්ඩායම් දෙක අතර මීට පෙර පැවති තරඟයේ ජය ඔස්ටේ‍්‍රලියානු වන් සතු වූ බැවින් මෙම තරඟයේ ලකුණු සම වුවද අවසන් තරඟ ය ට සුදුසුකම් ලබන්නේ ඔස්ටේ‍්‍රලියාව බවට පත් වෙයි. මෙලෙස අතිශය අවදානම් සහගත ගමන් මාර්ගයක් ඔස්සෙ අවසන් තරඟ ය වෙත පැමිණියද මෙම ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම Steve Waugh ට අමතරව Mark Waugh" Ricky Ponting " Damian Martyn " Michael Bevan" Adam Gilchrist " Darren Lehman" Glen Mcgrath" Shane Warne" Damian Fleming වැනි ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැුසකගෙන් සමන්විත කණ්ඩායමක් බව අමතක කල යුතු නොවේ.
කැන්ගරු වන් සමඟ අවසන් තරඟයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම Wasim Akram විසින් මෙහෙය වූ පකිස්තානයයි. ලෝක කුසලාන පකිස්තානු සංචිතයෙ Wasim Akram ට අමතරව Waqar Younis" Shoib Akthar" Azar Mahamood" Abdul Razzaq " Saqlain Mushtaq" Mushtaq Ahamad යන ලෝක පූජිත පන්දු යවන්නන් 7 ක් සිටියේය. (මෙකල අසාර් මහමුද් සහ අබ්දුල් රසාක් ඉතා හොඳින් පන්දු යවමින් සිටි අතර Mahmood එකල එක්දින තරඟ සඳහා ලොව අංක දෙකේ පන්දු යවන්නා විය. සක්ලේන් මුශ්ටාක් යනු එකල සියලූ පිතිකරුවන් මට්ටු කල අපූර්වතම පන්දු යවන්නෙකු වන අතර දිගින් දිගටම ශේණිගත කිරීම් වල අංක 1 ද ඇතුළු ව මුල් ස්තාන වල ම රැුඳුණු අග‍්‍රගණ්‍ය පන්දු යවන්නෙකි.) මේ අතරින් ඉතිහාසයේ බිහිවූ අද්විතීය ම පන්දු යවන්නන් දෙදෙනකු වන වකාර් යුනිස් ක‍්‍රීඩා කලේ එක් තරඟයක් පමණක් වන අතර මුශ්ටාක් අහමඞ් ට එක් තරඟයක් වත් ක‍්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුනි. නමුත් ක‍්‍රීඩා කල පන්දු යවන්නන් 5 දෙනාම තරඟාවලියෙ වැඩිම කඩුලූ ලැබූ ක‍්‍රීඩකයන් 11 දෙනා අතර සිටීම එම තෝරා ගැනිම වැරදි නොවන බවට සාක්ෂියක් වේ. වකාර් සහ මුශ්ටාක් ක‍්‍රීඩා කලේ නම් ඊටත් වඩා අඩු ලකුණු සංඛ්‍යාවන්ට ප‍්‍රතිවාදීන් දවාගත හැකිව තිබුනේ යැයි කෙනෙකුට තර්ක කිරීමට ද අවශ්‍ය නම් හැකිය. කෙසේ වුවත් එම තරඟාවලියේ ප‍්‍රබලතම පන්දු යැවීමේ බල ඇණිය පාකිස්තානය සතු වූ බව ඉතා පැහැදිලි ය.
නමුත් ඔවුන්ගේ පිතිකරනය අතිශයින් දුර්වල විය. පිතිකරනය තනිකරම Saeed Anwar සහ Inzamum Ul Haq හට බාර වී තිබූ අතර Abdul Razzaq අංක 3 පිතිකරු ලෙස තරඟාවලිය පුරාවට ම භාවිතා විය. ඒ pinch hitter කෙනෙකු ලෙස නොව accumulater කෙනෙකු ලෙස කඩුල්ලෙ රැුඳී සිටීම සඳහා ය.Shahid Afridi" Ejaz Ahamad" Saleem Malik" Mohammed Yousuf (එකල Yousuf Yohana) Wajhathullah Wasthi වැනි අනෙකුන් පිතිකරුවන් ගෙන් ඉඳහිට ලැබුණු සහයෝගයක් පමණක් සහිත ව Anwar, Inzi පලමු පන්දු වාර 40 ක‍්‍රීඩා කල අතර අවසන් පන්දු වාර 10 දී Moin Khan සහ Wasim Akram , Azar Mahmood ගෙ වේගවත් පහරදීම් මත අවසන් ලකුණු ප‍්‍රමාණය තීරණය විය.
අවදානම් සහගත වුවද පකිස්තානය මෙම ක‍්‍රමවේදය අනුව ඉතා ස්ථාවර ගමනක් යමින් පලමු වටයේ මුල් තරඟ 4 ම ( ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, කොදෙව්වන්, ස්කොට්ලන්තය) ජයග‍්‍රහණය කල නමුත් අනපේක්ෂිත ලෙස එවකට අතිශය දුර්වල කණ්ඩායම ක් වූ බංග්ලාදේශය සමඟ තරඟය ලකුණු 62 කින් පරාජය විය. ඉන්පසුව super six වටයේදී ඉන්දියාවට මෙන්ම දකුණු අප‍්‍රිකාව ට ද පරාජය වූ ඔවුන් සිම්බාබ්වේ තරඟ ය පමණක් ජය ගැනීමට සමත් විය. නමුත් අවසන් පූර්ව වටයේදී (semi final) නවසීලන්තය කඩුළු 9 කින් පරාජය කරමින් නැවත ජයග‍්‍රාහී මාවත ට එළඹීමට සමත් විය.
මෙලෙස අවසන් තරඟයේදි පකිස්තානු කණ්ඩායම වැඩි බලාපොරොත්තු සහිතව පිටියට පිවිසියද අතිශය දුර්වල පිතිකරනයකින් පසු ව ලකුණු 132 කට ඔවුන් මුලූ මනින් දැවී යන්නෙ ඔස්ටේ‍්‍රලියානු වන් ට කඩුළු 8ක පහසු ජයක් ලබා දෙමිනි. එදා සිට ම අද දක්වා ම එම අවසන් තරඟ යේ ක‍්‍රීඩා විලාශය පිලිබඳ ව මට ඇත්තෙ අති විශාල සැකයකි. බංග්ලාදේශ පරාජය ද එම සැකය තව දුරටත් වැඩි කිරීමට හේතුවකි.
තරඟාවලියෙ ජයග‍්‍රහණය එලෙස තීරණය වුවද තරඟාවලිය මුලසිටම ජයග‍්‍රහණය සඳහා වඩාත් බලාපොරොත්තු සහගත කණ්ඩායම වූයේ Hansi Cronje ගෙ නායකත්වයෙන් යුතු දකුණු අප‍්‍රිකානු කණ්ඩායම යි. Cronje ට අමතරව, Gary Kirstan, Hershell Gibbs,Jonty Rhodes, Daryl Cullinan , Allan Donald, Lance Klusner, Jacques Kallis, Shoun Pollock, Nicky Boje, Mark Baucher වැනි පලපුරුදු මෙන්ම නවක අතිදක්ෂයන්
රැසකින් සමන් විත වූ දකුණු අප‍්‍රිකාව පලමු වටයේදී පෙරලිකාර සිම්බාබ්වේ කණ්ඩායම ට පරාජය වන නමුත් අනිකුත් සියලූ තරඟ (ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, එංගලන්තය, කෙන්යාව) ජයග‍්‍රහණය කරන අතර super six වටයේදී ද නවසීලන්ත හා පාකිස්තාන තරඟ ජයග‍්‍රහණය කරනු ලබයි. Super six වටයේදී පරාජය වන්නේ ඔස්ටේ‍්‍රලියාව ට පමණක් වේ. නමුත් ලෝක කුසලාන ඉතිහාසය පුරාවට එන අවාසනාව මෙහිදී ද ක‍්‍රියාත්මක වෙමින් ඔවුන්ට අඅවසන් පූර්ව වටයේදී (semi final) ඉවත් වීමට සිදු වේ.
මෙය Ambrose, Walsh දෙපලගේ අවසන් ලෝක කුසලානය වූ අතර සිම්බාබ්වේ කණ්ඩායමේ ස්වර්ණමය යුගය විය. එමෙන්ම ක‍්‍රිකට් ඉතිහාසයේ පහල වූ සූක්ෂතම නායකයකු වූ Stephen Fleming
නායකත්වය දැරූ පලමු ලෝක කුසලානය වන අතර ලොවටම අභියෝග කල හැකි කිවි කණ්ඩායමේ ආරම්භය විය. ඒ පිලිබඳව මෙහි දෙවැනි කොටසේදී කතා කරමු.




No comments:

Post a Comment