මුලූ ලෝකයම මහ විශාල රේස් එකක දුව දුව ඉන්න ගමන් එකපාර ගල් ගැහුණා වගේ වැඩක්. කිසිම වැඩක් නැතුව ගෙවල් ඇතුළෙ හුදෙකලා වුණාට පස්සේ තමයි අපිටත් තේරෙන්නෙ අපි කොච්චර ලොකු රේස් එකකද නියැලිලා හිටියෙ කියලා. පුංචි එකාගෙ ඉඳලා වයෝවෘද වැඩිහිටියා දක්වා සියලූ දෙනා මේ රේස් එකේ ධාවකයෝ.
රේස් එක එකපාර නතර වුණා. එක පැත්තකින් මිනිස්සු ලක්ෂ දෙකකට වඩා මැරුණා තවත් මැරෙනවා. තවත් ලක්ෂ 20කට වඩා රෝගීන් විදියට ඉස්පිරිතාලවල. තවත් විශාල පිරිසක් රෝහල් ගත වෙන්න නියමිතයි. මුළු ලෝකයේම නිෂ්පාදන ඇණ හිටියා. ඒ නිසා ලෝක ආර්ථිකයම දැන් තියෙන්නෙ අවපාතයක. ඒ තමයි විනාශයේ සරල සාරංශය.
අනික් පැත්තෙන් මොකක්ද වුණේ. මිනිසුස් ගෙවල්වල කූඩු වුණු නිසා සත්තු නිදැල්ලෙ සැරිසරන්න පටන් ගත්තා. වායු දූෂණයේ කප් ගහපු රටවල්වල වාතය පිරිසිදු වුණා. ඕසෝන් ස්ථරයේ උත්තරධ‍්‍රැවයට ඉහළින් තිබුණු වර්ග කිලෝමීටරයක සිදුර සම්පූර්ණයෙන්ම වැහිලා ගියා. මිනිස් ඇසුර නැති නිසා ස්වභාවධර්මය තමන්ට රිසි විදියට හැසිරෙන්න පටන් ගත්තා. මේ නිසාම බොහෝ දෙනෙක් කියන්න පටන් ගත්තා කොරෝනා කියන්නෙ ස්වභාව ධර්මයා විසින් මිනිසාට දුන්න දඬුවමක් කියලා. කැමැති කෙනෙකුට ඒක ඒ අර්ථයෙන් භාරගන්නත් පුළුවන්. ආගමික අර්ථයෙන් හිතන අයට මේක කර්ම විපාකයක් විදියට භාරගන්නත් පුළුවන්. විද්‍යාවෙන් හිතන අයට නිවුටන්ගේ නියමේ පරිදි සෑම ක‍්‍රියාවකටම සමාන වූද ප‍්‍රතිවිරුද්ධ වූ ද ප‍්‍රතික‍්‍රියාවක් විදියට මේ තත්වය භාරගන්නත් පුළුවන්. මේ සියල්ලම පැත්තකින් තියලා ඕනෙ නම් මේක අහම්බයක් විදියට භාරගන්නත් පුළුවන්.
තත්වය කොහොම භාරගත්තත් කොරෝනාවෙන් පස්සෙ අපි මොකද කරන්නෙ. ඒ ප‍්‍රශ්නෙට උත්තරේ තියෙන්නෙ අපි කොරෝනාව නිසා නතර වෙනකොට මොනවද කරේ කියන එකත් එක්ක. හැරිලා බලන්න අපි කොතනද නතර වුණේ. අපි කොතන නතර වුණත් අපි කිසිම කෙනෙකුට නැවත නතරවුණ තැනින් පටන් ගන්න බෑ. හැමෝටම අලූත් ආරම්භයක් ඕනේ. ඔව් ලෝකයටම ඕන අලූත් ආරම්භයක්.
‘අග්නි තුරුණු වියමන’
188/8A, හයිලෙවල් පාර, මහරගම
0112088352
agnithurunuviyamana@gmail.
ප‍්‍රකාශනය සහ බෙදාහැරීම ‘අහස’ මීඩියා වර්ක්ස්
No comments:
Post a Comment