නිවුණු දැහැමි පාලකයෙක් සතු ගති ලක්‍ෂණ බලාපොරොත්තු වන්නට බැහැ. නමුත් ඔහු නමින් ඉතිහාසයේ ලියවුණු චෝදනාවන් සත්‍ය අසත්‍යතාව විමර්ශනය ඔහුගේ නමට කරන සාධාරණයක්.
සීතාවක රාජධානිය ආරම්භ වෙන්නෙ කෝට්ටේ අගරජු වූ 6 වන විජයබාහු රජතුමා තම පුත්‍රයන්විසින් ඝාතනය කළ සුප්‍රකට විජයබා කොල්ලයෙන් අනතුරුව. කෝට්ටේ, බුවනෙකබාහු කුමරුටත්, රයිගම, මද්දුම බණ්ඩාර කුමරුටත්් හිමි වෙද්දී සීතාවක, මායාදුන්නේ කුමරුට හිමි වෙනවා. මායාදුන්නේ කුමරු තම රාජධානිය ස`දහා තෝරාගන්නේ සීතාවක නදිය අසබඩ මාහියංගමට නුදුරු භූමියක්. මාහියංගම රජමහා විහාරවාසී ස්වාමීන්වහන්සේලාගේ ආරාධනය එයට හේතු වුණු බවක් ස`දහන් වෙනවා. යකහටුවාව මහ පර්වතය පාමුල සුවිසල් ගල්ලෙන් විහාරයක් ලෙස මාහියංගම රජමහා විහාරය සංවර්ධනය මායා දුන්නේ රජතුමා විසින් සිදු කරනු ලබනවා.
මායාදුන්නේ රජුගේ පුත්‍රයා වූ ටිකිරි කුමරු පෘතිගීසීන් බියට පත් කළ ප්‍රබල රණකාමියෙක්. නමුත් ඔහුට එල්ලවෙන ප්‍රධානම චෝදනාව තම පියරජු ඝාතනය කළා කියන චෝදනාව. මේ පිළිබදව ඇති වාර්තා එකිනෙකට පරස්පර වීම විශේෂත්වයක් වෙනවා.
‘‘මායාදුන්නේ රජ හැත්තෑවක් අවුරුදු රාජ්‍යය කර උකුත් වූවාහ.’’
යනුවෙන් රාජාවලියෙහි ස`දහන් වෙනවා. ඒ වගේම සීතාවක හටන නම් කෘතියේ සදහන් වෙන්නේ රජු ස්වභාවික මරණයට ගොදුරු වූ බවත් එහි රාජසිංහ රජතුමා තම පිය රජුගේ දේහය ආදාහනය කොට ගෙඩිගෙයක් සෑදු බවත් සදහන් වෙනවා.
මේ පිළිබදව වැදගත්ම සටහන ලැබෙන්නේ පෘතුගීසි ජාතික ක්වේරෝස් පියතුමාගෙ වාර්තාවලින්. ඔහු එම වාර්තා සදඟා මුලාශ්‍ර කරගන්නෙ රාජ්‍ය ලියකියවිලි වගේම සොල්දාදුවන් හා රාජ්‍ය නිලධාරීන් ලබා දුන් තොරතුරු. රාජසිංහ රජු විසින් සැබෑ ලෙසම සිය පියා ඝාතනය කළා නම් ඒ පිළිබ`ද සවිස්තර වාර්තාවක් ක්වේරෝස් ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එයට හේතුව ඒ වෙද්දි ඔවුන්ට මිහිපිට සිටි ප්‍රබල විරුද්ධවාදියා රාජසිංහ රජතුමා වීම.
නමුත් ක්වේරෝස් ස`දහන් කරන්නේ රාජසිංහ රජතුමා කොළඹ කොටුවට පහර දී යළි සීතාවකට යමින් සිටියදී පියරජුගේ වියෝව සැල වූ වග, කුඩා කල සිටම තමන් හට වගකීම් පැවරූ රාජසිංහ කුමරුන්ට තම පියරජු ඝාතනයට හේතුවක් නැති බව පැහැදිලියි.
මේ අතරේ සීතාවක රාජසිංහ රජුට පීතෘ ඝාතන චෝදනා එල්ල කරන්නේ කවුරුන්දැයි සොයා බැලීමත් වැදගත්. තිබ්බටුවාවේ බුද්ධරක්‍ඛිත හිමියන් ලියූ මහා වංශයේ සිව්වන කොටසේ වගේම මහනුවර යුගයේ ලියවුණු මන්දාරම් පුර පුවතෙත් සදහන් වෙන්නෙ සීතාවක රාජසිංහ රජතුමා පීතෘ ඝාතකයෙක් විදිහට. මෙහිදී පැහැදිලිව පෙනෙන කරුණ මේ සියලූ ලේඛකයන් මහනුවර යුගයට අයත් වූවන් බව. ඒ වගේම ඔවුන් සීතාවක රාජසිංහ රජතුමා සමග විරසකයකින් පසු වීමට සාධාරණ හේතු දක්වන්න පුළුවන්.
සීතාවක රාජසිංහ රජතුමා උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමෙන්, උඩරට රාජ්‍ය්‍ය ප‍්‍රධානියා වූ වීරසුන්දර බණ්ඩාර උපක්‍රමශීලිව බොරු වලක ලා ඝාතනය කිරීමත් උඩරට භික්ෂූන්, වියතුන් සීතාවක රාජසිංහ රජු කෙරෙහි විරසකයකින් පසුවීමට ප්‍රධානතම හේතුවක් වුණා. ඒ වගේම රජතුමා අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් නැමති හින්දු ලබ්දිකයෙක් අගමැතිවරයා කර ගැනීමත් මේ විරසක තීව්‍ර කිරීමට හේතු වුණා. අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් මේ විරසකය ප්‍රයෝජනයට ගනිමින් රජු උපක්‍රමශීලිව හින්දු දහම වෙතට යොමු කළා.
එහි ප්‍රතිඵලය ලෙස සීතාවක රාජසිංහ රජතුමා තමන්ට එරෙහිව කටයුතු කළ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සීතාවක ගෙගහි කණාමැදිරියන් වල නම් ස්ථානයේ ගිල්වා ඝාතනය කළ බව සදහන් වෙනවා. නමුත් මේ වනතුරුත් සීතාවක රාජධානියේ රජමහා විහාරය වන මාහියංගම රජමහා විහාරස්ථානයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා නිරුපද්‍රිතව වැඩ වාසය කළා. රජු බෞද්ධ විරෝදී වූවා නම් නිසැකවම එම ස්වාමීන් වහන්සේලාටත් අනතුරක් කරන්නට ඉඩ තිබුණා.
සීතාවක රාජසිංහ රජතුමා සාහිත්‍ය කරුවන් විසින් දුෂ්ටයෙක් බවට පත් කරන්නට උත්සහ ගත්තත් රට වැසියන් තම ජාතියේ ආරක්‍ෂකයා දේවත්වයෙන් පුදන්නට තීරණය කරනු ලබනවා.
ගනේගොඩ දෙවියන් නමින් සීතාවක රාජසිංහ රජතුමා අදටත් සීතාවක වැසියන්ගේ වන්දනාවට පත්‍රවෙනවා. මීරිගම ගනේගොඩ දේවාලෙත්, මැදගොඩ පත්තිනි දේවාලෙත් නිරුතුරුව ඔහු වෙනුවෙන් පුද පූජා සිදු වෙනවා. සීතාවක රාජසිංහ රජු දුෂ්ටයෙක් නොවන බැව් තීරණය කරන්නට මේ සාක්‍ෂි සාධක විසල් රුකුලක් වනවා.
මුලාශ් -
රාජවලිය, මහාචාර්ය ඒ.වී. සුරවීර.
ශ්‍ශ්‍රී ලංකාවේ ඉතිහාසය, සීතාවක යුගය මහාචාර්ය මංගල ඉලංගසිංහ
සිංහල දේව පුරානය, කේ. එන්. ඞී. ධර්මදාස
කෝකිල ගිහාන් විතානකන්ද
No comments:
Post a Comment