AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

මකර විමන - 04 නිපුන කරුණාරත්නගේ අද්භූත ප‍්‍රබන්ධ නවකතාව

පිට ආපහු අපේ ලෝකයට යන්න ඕන... 


”මේ විකාර හො`දටම ඇති....’’ යමෙක් කෝපයෙන් කීවේය. හො`දින් බැලූ විට පෙනුනේ ඒ බ‍්‍රයන් බවයි. ඔහු බියවී සිටිනු පෙනුනි. නමුත් ඔහු කෝපයෙන් සිටියේය.
‘‘ගුරුතුමා.... කරුණාකරලා අහන්න. මේවා විකාර කතා. මම තවත් මේවා අහන්න ලෑස්ති නැහැ. කොහොම හරි ආපහු මාව හිටපු තැනටම ගෙනියන්න. මට මගේ දෙමාපියන් ළ`ගට යන්න ඕනි....’’ ඔහු කීවේය. ‘‘මෙතැන පැහැර ගැනීමක් සිදුවෙලා නම් ඔබට අවශ්‍ය මුදල් ප‍්‍රමාණය කියන්න.....’’
‘‘බ‍්‍රයන් ඒ ලෝකයේ ඉන්නෙ ඔබේ දෙමාපියන් නොවේ. ඒ ඔයාව හදාවඩා ගත් අයයි. ඔයාලත් ඒ වගේම තමයි. ඔයාලගෙ දෙමව්පියන් ඉන්නෙ මේ ලෝකෙ. මාව තේරුම් ගන්න. මේ කතාව ඇහුවම ඔයාට මේ සියල්ලම තේරෙයි. බ‍්‍රයන්....’’ මිං සියෑන් එසේ කීවේ බ‍්‍රයන් හා අන් පිරිස දෙස බලමිනි.
‘‘නිකං මෝඩ කතා කියලා කාලෙ නාස්ති කරන්න එපා. මට ඕනි කරන්නෙ ගෙදර යන්න. මොන බොරු වැඩක්ද මේක....? විශ්වාස කරන්න පුළුවන්ද...? ඔබතුමා මොකක් හරි කරලා අපිව මෙතැනට ගේන්න ඇති. එහෙම ගෙනත් කියනවා මේ මකර අධිරාජ්‍යයලූ. අපි රණශූරයොලූ. ඔයා ආරක්ෂකයාලූ. විකාර. හො`දින් කියන්නෙ. ගෙනාපු විදිහටම ආපහු මාව යවන්න.’’ බ‍්‍රයන් කෝපයෙන් කීවේය. එසේ කියා ඔහු මිං සියෑන්ට පහර දෙන්නට මෙන් බලා සිටියේය. ඔහු දෙස මද වෙලාවක් බලා සිටි මිං සියෑන් මෙසේ කීවේය.
‘‘ආපහු ඔයාට යන්න බෑ.... ඔයාට දැන් අවුරුදු දහ අටක් වන නිසා පොත ඔයාව මෙහෙට ගෙනාවා. ඔයා අනතුරකට භාජනය වුණු නිසයි පොත ඔයාවත් මෙයාලවත් අනෙක් ලොවට යැව්වෙ. දැන් නියමිත වයස හරි නිසා ආපහු මෙහාට ආවා. ආයෙමත් ඔයාට කවදාවත් විශේෂ හේතුවක් මත පමණක් හැරෙන්නට අනෙක් අවස්ථා පහ යොදා ගන්න බැහැ....’’
‘‘මොකක් ද ඒ අවස්ථා පහ....’’ මේරි ඇසීය..
‘‘අනෙක් අවස්ථා පහ කියන්නෙ ඔබලාට මෙම පොත උපයෝගි කරගෙන තව පස්වතාවක් අනෙක් ලොවට යාමටත් හැකියාව ලැබෙනවා. එන්නත් හැකියාව ලැබෙනවා. යාමටත් ඒමටත් එක අවස්ථාව බැගින් තවත් අවස්ථා පහකදී පමණයි යන්න පුළුවන්. නමුත් දැන් එක් අවස්ථාවක් අවසන්. එහෙම යන්නට විශේෂිතම අවස්ථාවක් විය යුතුයි. නැතිව ආවාට ගියාට කළ නොහැකියි...,’’ මිං සියෑන් නුරුස්නා ස්වරූපයෙන් කීවේය.
‘‘මේක විශේෂ අවස්ථාවක් තමයි. ඇයි ඉතින් යන්න බැරි.....?’’ බ‍්‍රයන් කෝපයෙන් ඇසීය. බලා සිටි අනෙක් අය සිතුවේ ඔහු මේ දැන් පැන මිං සියෑන්ට පහර පිට පහර දෙනු ඇතැයි කියාය. නමුත් එසේ සිදු නොවුණි. බ‍්‍රයන් දෙස එක එල්ලේ බැලූ මිං සියෑන් මෙසේ ඇසීය.
‘‘මොකක්ද තියෙන විශේෂත්වය.....?’’
‘‘අම්........ මේක විශේෂයි තමා... ම්....... අපිට ආපහු අපේ ලෝකයට යන්නට ඕනි.. අහ්....ම්...... මට විතරක් නෙමෙයි. අනෙක් අයටත් මං හිතන්නෙ......... ඔව්.... අනෙක් අයටත්............’’ බ‍්‍රයන් ගොත ගසමින්, පැටලෙමින් එලෙස කියුවත් අවසාන වචන කිහිපය ‘‘ඔව්.. අනෙක් අයටත්’’ යන්න ඉතා පැහැදිලිව ගොතගැසීමකින් හෝ පැකිලීමකින් තොරව කියූ අතර ඔහු මිං සියෑන් දෙස එක එල්ලේ බලාගෙන කීවේය. කෝපයෙන් පුපුරමින් සිටි ඔහුගේ දෑස් ඒ අවසාන වචන තුනත් සමග දීප්තිමත්ව බැබලූනි.
‘‘ඔයාට යන්න උවමනාවක් තිබුණට අනෙක් අයට නම් යන්න උවමනාවක් නැති පාටයි....’’ මිං සියෑන් උපහාසාත්මකව සිනාවක් මුහුනට නංවමින් බ‍්‍රයන්ට කීවේය.
කෝපය දෙගුණ තෙගුණ කරගත් බ‍්‍රයන් දවා අලූකරන බැල්මක් මිං සියෑන් වෙත හෙලා උදව් අයදින ලෙස මිතුරන් දෙස බැලූවේය. බ‍්‍රයන් ඔවුන් දෙස බලා සිටින බව දැන දැනත් අනෙක් සිව්දෙනා තම කතා බස්වල නිරත විය. ජොනී හා මේරී අලංකාර මල් ප`දුරක් වෙතට තම නෙත් යොමු කළ අතර නීරෝ තම නළලට අතක් තබාගෙන දෙනෙතට වැටෙන හිරු රැුස් වලකාලමින් දිය ඇල්ලෙ මුදුණත බැලීමට උත්සහ කළේය. පෝල් පැතලි ගල් සොයමින් ඒවා ගලා යන ජල ක`ද මතින් ලිස්සා යන ආකාරයට විසිකරමින් සිටිනු පෙනුණි. ඔවුන් සියල්ලන්ම බ‍්‍රයන්ව සාර්ථක ලෙස මගහරිමින් සිටියහ. බ‍්‍රයන් අවසානයේ ඔවුන් දෙස බලා සිටීම අතහැර දැමුවේය. ඔහු අසරණව මිං සියෑන් දෙස බැලූවේය. වේදනාකාරීව මෙසේ කීවේය.
‘‘ගුරුතුමනි......, මාව ආපහු ගෙදර යවන්න. මං ආපු ලෝකයට නැවත යවන්න....’’
‘‘බ‍්‍රයන් මං කිව්වානේ... විශේෂ අවස්ථාවල හැරෙන්නට ආපසු යන්න බෑ කියලා........’’ මිං සියෑන් කීවේය.
‘‘කොහොම හරි යවන්න....’’
‘‘ඔයාම යන්න බලන්න.... ආ.....’’ යැයි එකවරම කියූ මිං සියෑන් තම ඉන දෙසට අත ගෙන ගියේය. ඔහු මේ සූදානම් වන්නේ කඩුව ඇදගැනීමට යැයි සිතූ බ‍්‍රයන් වහා පසුපසට පැන්නේ නාගයෙකු දෂ්ට කළ පරිද්දෙනි. එසේ ඉන දෙසට අත ගෙන ගිය මිං සියෑන් ඉනේ ගසාගෙන තිබුණු පොතක් එළියට ඇද ගත්තේය. එය ඔවුන්ව මකර අධිරාජ්‍යයට රැුගෙන ආ ‘ජීවයේ උල්පත’ නම් පුස්ථකය විය. එය අතට ගත් ඔහු එය බ‍්‍රයන් දෙසට විසි කළේය.
‘‘අල්ලගන්නවා....’‘ එසේ කියූ ඔහු එම පොත බ‍්‍රයන්ට දැමීය. එසේ දැමූ ඔහු තම වම් අතේ ඇ`ගිල්ලක දමා සිටි රන් මුදුවද ගලවා අතට ගෙන බ‍්‍රයන්ට විසි කළේය. එසේ විසිකළ ඔහු බ‍්‍රයන්ට මෙසේ කිවේය.
‘‘දැන් ඔය මුද්ද ඔය පොතේ මකර රූපයට යටින් තියලා තද කරනවා. එහෙම තද කරලා ඔයාට යන්න ඕනි තැන ගැන තුන්පාරක් හො`දින් හිතනවා. දැන් ඉතින් කරනවා....’’
ඔහු අවසාන වචනය කියුවේ ඉතා තදිනි. දැඩි ලෙස කෝපයට පත්වී සිටි ඔහුගේ හුස්ම වැඩි වී තිබුණි. ඔහු හුස්ම ගත්තේ මීටර් සියය දිවූ ක‍්‍රීඩකයෙකු පරිද්දෙනි. මෙලෙස කෝපයට පත්වූ මුහුණක් අන් අය කිසිදිනෙක තම ගුරුතුමා කෙරෙන් දැක නැත. බ‍්‍රයන් දෙසට රවාගෙන සිටි ඔහු එකවරම ඉවත බලා ගත්තේය. කෙමෙන් කෙමෙන් ඔහුගේ හුස්ම ගැනීම යථා තත්වයට පත්වූ අතර ඔහු දිගින් දිගටම ඉවත බලාගෙන සිටියේය.
මිං සියෑන් දෙස බැල්මක් හෙලූ බ‍්‍රයන් සෙමින් සෙමින් රන් මුදුව ගෙන එය පුස්ථකයේ රන් මකරාගේ රුවට යටින් තැබුවේය. එසේ තැබූ ඔහු තම දෑස් තදින් පියාගත්තේය. තුන්වරක් සෙමින් යමක් මිමිණු ඔහු මුදුව තද කළේය.
එක්වරම රතුපැහැ ආලෝකයක් නිකුත් විය. බ‍්‍රයන් අතුරුදන් විය. පොතත් මුදුවත් එලෙසම තිබුණි. නීරෝ මිං සියෑන් දෙස ප‍්‍රශ්නාන්විතව බැලූ අතර මිං සියෑන් කෙමෙන් කෙමෙන් පොත හා මුදුව වැටී තිබුණු තැනට ගියේය. ඒ වෙත ගොස් අනතුරුව නීරෝ, පෝල්, මේරි සහ ජොනී දෙස බැලූවේය.
‘‘ඔය ගොල්ලො බය වෙන්න එපා... බ‍්‍රයන් දැන් එයි...’’ යනුවෙන් ඔහු කියමින් බිමට වැටී තිබුණු පොතත් මුදුවත් අතට ගත්තේය. පොත ගෙන ඉනේ ගසාගත් පසු මුදුව නැවත පැළැ`දගත්තේය. ඒ සමගම සිහින් හ`ඩින් යමෙකු කෑගසන හඩක් ඇසෙන්නට විය. කෙමෙන් කෙමෙන් එය වැඩි වන්නට විය. අවසානයේ නීරෝ අහස දෙස බැලූ අතර කුඩා තිතක් කෙමෙන් කෙමෙන් විශාල වෙමින් පොළවට ඇදි එනු ඔහු දුටුවේය. අනෙක් අයද එදෙස බැලූහ. එය ක‍්‍රමයෙන් විශාල වූ අතර දිය ඇල්ලට සමාන්තරව ගමන් කළේය. විලාපය ගමන් කළේය. කෙමෙන් කෙමෙන් ලොකු වූ එය කිසිවක් නොව ප‍්‍රාණය සහිත ජීවයකු බවත්, විලාපය නැගනුයේ එයින් බවත්, ඒ නීරෝ, පෝල්, මේරි සහ ජොනී යන අයගේ මිතුරා බ‍්‍රයන් බවත් සියල්ලටම ක්‍ෂණයෙන් වැටහුණි. දැඩි වේගයකින් පොළවට පැමිණෙන ඔහු දුටු මිතුරන් ත‍්‍රස්ත වූහ.
‘‘අපොයි දෙවියනේ........’’ නීරෝ එසේ කියමින් තම අත් හිසේ ගසාගත්තේය.
‘‘වැටුණොත් කෑලි වෙනවා....’ යමෙක් කියනු ඇසුණි. ඒ සමගම බ‍්‍රයන් දැඩි වේගයකින් විත් ගලා යන ජලක`දට මහත් හ`ඩක් නගමින් වැටුණි. ඔහු කොපමණ වේගයකින් වැටුණේද කිව හොත් ඔහු වැටුණු වැටිල්ලට ජල පහර අඩි දහයක් පමණ ඉහළට විහිදුණි. වැටීමත් සමගම ඒ වේගයෙන් ජලය තුළට ගිය බ‍්‍රයන් කෙමෙන් කෙමෙන් ද`ගලන්නට විය. පිහිනීම පිළිබද මළපොතේ අකුරක් නොදත් ඔහු ජලක`දත් සමග පෙරළි කරන්නට වූයේ පිහිනීමට නොදත් නිසාය.
‘‘උදව්..... උදව්......... අහ්.......... උදව් කරන්න.....’’ යනුවෙන් ඔහු කෑගැසූ අතර මිතුරෝ දැඩි ලෙස කලබලයට පත්වූහ. වටපිට බැලූ නීරෝ හා පෝල් ඒ අසල තිබුණු කොටයකුත් ගසක එල්ලෙමින් තිබුණු වැල් ගොන්නකුත් දුටුහ. පෝල් වහා කි‍්‍රයාත්මක විය.
‘‘අර වැල්පොටත් අරන් මේ ලී කොටේට තියලා ගැටගහලා ග`ගට දාමූ බ‍්‍රයන්ට අල්ල ගන්න පුළුවන් වෙන්න. ඊට පස්සෙ ගොඩට ඇදලා ගමු....’’
‘‘එන්න......’’ මෙසේ කියූ නීරෝ ව`දුරෙකු මෙන් ගස දිගේ බඩගාගෙන ගියේ ගස් නැගීම පිළිබදව මනා පළපුරුද්දක් ඇත්තෙකු ලෙසයි. ශක්තිමත් වැල් පොටවල් කිහිපයක් කඩාගෙන බිමට බැස නීරෝ වැල්වල එක කොණක් පෝල්ට දුන් අතර පෝල්ගේ උපදෙස් මත අනෙක් කොන ගසක ගැටගැසීය. පෝල් අනෙක් කොණ ලී කොටයේ ගැටගැසීය. අනතුරව ලී කොටය ඔසවාගෙන ගොස් ගං ඉවුර අසලට ගෙනගිය පෝල් සහ නීරෝ බියට පත්වූහ. ඔවුහු බියට පත්වූ මුහුණින් මිං සියෑන් දෙස බැලූහ. බ‍්‍රයන් පෙනෙන්නට නොසිටියේය. ඉක්මන් ගමනින් එතනට පැමිණි මිං සියෑන් මේරි දෙසට හැරී මෙසේ කීවේය. ‘‘ඔයාට පුළුවන්....!!’’
කෙ`දිරිල්ලක් වැනි ශබ්දයක් පිටකළ ඇය ජොනී දෙසට හැරනාය. ඇයත් හිස සොලවමින් එය අනුමත කළාය. තවමත් කොටය දෙපසින් අල්ලාගෙන සිටින පෝල්ටත් නීරෝටත් කිසිවක් වටහා ගත නොහැකිවිය.
වහා ක‍්‍රියාත්මක වූ මේරී ඇය තමා පැළ`ද සිටි සපත්තු ගලවා දමා මේස්ද ගලවා දැමුවාය. අනතුරුව ඇය හැ`දගෙන සිටි ජැකැට්ටවුද ගලවා දමා තත්පරයක්වත් ප‍්‍රමාද නොවී වතුරට පැන්නාය. ‘‘ජබොස්’’ යන ශබ්දයෙන් වතුරට පැන්න ඇය එක් ක්‍ෂණයකින් දිය යටට කිමිදුනාය.

මතු සම්බන්ධයි






No comments:

Post a Comment