මේ සියල්ල අස්සේ හැම මනුස්සයාම හොයන,බලාපොරොත්තු වන දෙයක් අපේ මිනිස් සිත විසින් අපිට ලබා දීලා තියනවා.අපි ඒකට නමක් දෙනවා ආදරය කියලා.ආදරය කියන දේ අපිට මුලින්ම ලැබෙන්නේ අම්මාගෙන්.ඒ අපි අම්මාගේ කුස තුලට ආව දවසේ පටන්මයි.මේ ලෝකේ වෙනස් නොවන ආදරයක් තියනවා නම් ඒ අම්මාගේ ආදරය විතරමයි.ඒක නිසා තමයි වික්ටර් රත්නායක මහත්මයා ඔහුගේ එක ගීයක කියන්නේ මෙහෙම.”ආදරයේ උල්පත වූ අම්මා” කියලා.අම්මාගෙන් ලැබෙන ආදරයෙන් පස්සේ අපිට බොහෝදෙනෙක් ගේ ආදරය හිමිවෙනවා අඩු වැඩි වශයෙන්.ඒ අතර තාත්තාගේ නිහඬ ආදරයත් සුවිශේෂීයි.කාලයත් එක්ක අපි වයසින් වැඩෙද්දී අපි විරුද්ධ ලිංගිකයන් ගැන අවධානය යොමු කරනවා.ආකර්ශනයක් ඇති කරගන්නවා.උනන්දු වෙනවා.පස්සේ එකිනෙකා අතර සම්බන්ධකම් ඇති කරගන්නවා.මේ දෙදෙනෙකු අතර ඇති වෙන සම්බන්ධතාවයක් අපි හැමෝම දන්න පරිදි ආදර සම්බන්ධයක් ලෙස හදුන්වනවා.මේ ආදරය දෙමව්පියන්ගෙන් නැතිනම් ගුරුවරුන්ගෙන්,යහළුවන්ගෙන් ලැබෙන ආදරයන්ට වඩා විශේෂත්වයක් තියනවා.නැතිනම් වෙනස් වෙනවා.එසේ වෙන්නේ මේ විරුද්ධ ලිංගිකයන් දෙදෙනා එකිනෙකා කෙරෙහි ඇති ලිංගික ආකර්ශනයත් එක්කම තමයි.අපි අද කතා කරන්නේ මේ ආදරණීය බැඳීම් ගැන.
ආදරය කියන වචනයට සමාන පද කිහිපයක්ම තියනවා.ඒ අතරින් ශ‍්‍රි ලාංකිකයන් වශයෙන් අපි ආදරයට දෙන සමාන පදය තමයි ”පේ‍්‍රමය”.අපිට සිංහල පාඩමක් කරද්දී වුනත් ආදරය කියන වචනයට මුලින්ම උගන්වන සමාන පදය තමයි පේ‍්‍රමය.ඇත්තටම ආදරය කියන්නේ පේ‍්‍රමයටම ද? ඒක එහෙම නෙමෙයි කියලා දැන් කීපදවසක සිට මගේ සිත මටම මුමුණනවා.ඉතින් මම හිතුවා අපි හැමෝම කරන ආදරයෙන්,පේ‍්‍රමය වෙනස් වෙන්නේ කොහොමද කියලා පොඞ්ඩක් හොයලා බලන්න.මා ඇතුළු මේ ලිපිය කියවන හැමෝටම විවිධ කාල වල විවිධ වර්ගයේ ආදර සම්බන්ධතා තිබිලා තියනවා.සමහරුන් එක් සම්බන්ධයක් ජිවීත කාලේම තියනකොට තවත් කෙනෙක්ට සම්බන්ධතා ගොඩක් තිබිලා තියෙන්න පුළුවන්.ඒ කොහොමවුනත් මේ හැම සම්බන්ධයකටම එක් පොදු සාධකයක් තියනවනේ.ඒ තමයි ආදරය.ඇත්තටම ආදරයක් තිබුනේ නැති වුනත් විවිධ කාරණා වලට සම්බන්ධතා පවත්වාගෙන ගියත් හැමෝම මේ බැඳීම් ඇති කරගන්නේ ආදරේ කියන වචනය පාවිච්චි කරලා.එහෙම ආදරය කරන කොට අපි එකිනෙකා ගැන නිතරම සොයා බලනවා,වද වෙනවා ඔවුන් ගැන.හැකි පමණින් අවශ්‍යතා සම්පුර්ණ කරන්න උත්සහ දරනවා.එකිනෙකා සිප වැළඳ ගන්නවා.පසුව ඊටත් ඔබ්බට ගිහින් ලිංගිකව එකතු වෙනවා.කාලයත් එක්ක විවාහ වෙනවා සමහරු.නැතිනම් සමහරු වෙන්වෙනවා.විවාහ වෙලා ජිවීත කාලය පුරාවටම සතුටින් ඉන්නවා ඇතැම් අය.සමහරුන්ගේ ආදරය කාලයත් එක්ක අඩු වෙනවා.ආදරය නැති වෙලාම යනවා.විවාහ වෙලා දික්කසාද වෙනවා.ආපහු විවාහ වෙනවා.නැතිනම් අමතක කරනවා.විවිධාකාර හැලහැප්පීම්වලට මේ ආදරය නිසා අපිට මුහුණ දෙන්න වෙනවා.දුර්වල මානසිකත්වයකින් යුතු කිහිපදෙනෙක් හැරෙන්න බහුතරයක් දෙනා මේ ආදර බැඳීම් නැති වෙලා ගියා කියලා ජිවීතයේ ඉදිරි ගමන නවත්තන්නේ නෑ.ඔවුන් තව කෙනෙක්ට ආදරය කරනවා සතුටින් ඉන්නවා.දරුවෝ හදනවා.පෙර කෙනා සමඟ කරපු සෑමදෙයක්ම අලූතින් ලැබුණු සහකරු හෝ සහකාරිය සමඟින් එක්වී බෙදා ගන්නවා.ඒ තමයි ජීවිතේ හැටි.
එතකොට මේ අය කවුරුවත් ඇත්තටම ආදරය කරලා නැද්ද? ඒකද ඔවුන්ට වෙනස් වෙන්න පුළුවන් වුණේ.උත්තරය නම් නෑ.ඔවුන් ඒ අදාල කාලයේ ආදරය කරා උපරිම.සතුටින් සිටියා.නමුත් ඒ බැඳීම නැතිවුනා කියලා ජිවීතය නවතින්නේ නෑ කියලා ඔවුන් දැනන් හිටියා.ඒ නිසා ඔවුන් ඉදිරියට ගියා.පෙර වෙච්ච වැරදි නොවී අලූත් කෙනා සමඟින් ජිවීතේට මුහුණ දුන්නා.ආදර සම්බන්ධතා වල හැටි එහෙම තමයි.කෙනෙකුට ප‍්‍රශ්නයක් නැගෙන්න පුළුවන් ඔවුන් මෙහෙම ලේසියෙන් මේ සියල්ල අමතක කලාද කියලා.නෑ කිසිවෙකුට කිසිවක් අමතක වී නෑ.නමුත් ඒ අදාල කෙනා වෙනුවෙන් කරපු ආදරය වර්තමානයේ වලංගු නොවන බව ඔවුන් දන්නවා.ඒ මතකයන් සිතේ ඇතැම් තැන් වල සැඟවිලා තියනවා.ඒවා විටෙක මතුවෙලා විටෙක නැති වෙලා යනවා.ආදරේ හැටි තමයි ඒ.මේ හේතුව නිසා තමයි බොහෝදෙනෙක් ජිවිතේ විවිධ කාල වල විවිධ ආදර සම්බන්ධයන් තිබිලා තියෙන්නේ.
එතකොට පේ‍්‍රමය කියන්නේ ආදරේට නෙමෙයිද? සාධාරණ ලෙස කල්පනා කරලා බැලූවොත් පේ‍්‍රමය කියන්නේ නම් ආදරේට නෙමෙයි.ආදරය විවිධ ස්වරූප වලට වෙන් වුනත් පේ‍්‍රමය එසේ බෙදීමක් ඇති වන්නේ නෑ.පේ‍්‍රමය සෑමවිටම ඇතිවන්නේ දෙදෙනෙකු අතර ඇතිවෙන සම්බන්ධයක දී විතරමයි.පේ‍්‍රමය ආදරයට වඩා වෙනස් වෙන්නේ කොහොමද? සරලවම කිව්වොත් ආදරය ජිවීතයක කිහිපවරක්ම තමන්ගේ සහකරුවෙක් වෙනුවෙන් ඇති වෙන්න පුළුවන් උනත් ”පේ‍්‍රමය” ඇති වෙන්නේ සෑමදෙනාටම ජිවීතයේ එක් වරක් පමණයි.ඇයි මං එහෙම කියන්නේ.ඔබටම පෞද්ගලිකව අත්දැකීම් ඇති ඔබට මඟහැරුණු පේ‍්‍රමයක් ගැන.ඔබ අද වන විට පෙම්වතෙකු හෝ පෙම්වතියක් සමඟ කෙතරම් සතුටින් සිටියත් ඈත අතීතයක කවුරුන් හෝ කෙනෙක් සමඟ ඇතිවූ ඉතාමත් ආදරණීයම හැඟීමක් ඔබව හැර නොයා සෑමවිටකම ඔබ සමඟ රැුදී සිටිනවා ඔබට දැනේවී.එසේත් නැතිනම් ආදරය උපරිම දැනෙන බැඳීමක් තිබුනත් සිතේ,හදවතේ කාලෙකට කලින් පිරිලා තිබුණු තැනක් දැන් හිස්ව තියෙනවා කියලා ඔබට දැනෙන අවස්ථා ඇති. සිතේ තිබ්බ සෑමදෙයක්ම අතීතයේ දී ඔබ ආදරය කරන කෙනාට කියන්නට පුළුවන් වුනත් දැන් එසේ කිරීමට නොහැකි බවක් දැනේවී.අන්න ඒ විස්තර කල නොහැකි අපූර්වතම වූ හැඟීමට පේ‍්‍රමය කියලා කියනවා.පේ‍්‍රමය කියන්නේ ආදරය නිසාම හටගත්ත දෙයක්.හැබැයි පේ‍්‍රමය කියන්නේ ආදරය නම් නෙමෙයි.ආදරයේ තවත් ස්වරූපයක් නෙමෙයි.පේ‍්‍රමයට අර්ථදැක්වීමක් දෙනවා නම් අපිට මෙහෙම කියන්නත් පුළුවන්.”පේ‍්‍රමය කියන්නේ ආදරේ කියන කුඹුර තුල ඉබේම ඇතිවුණු ස්වයංජාත වී ගසක්” කියලා.පේ‍්‍රමය කියන ඒ ස්වයංජාත වී ගස හටගන්න පුළුවන් මිනිස් සිතක එක් වරක් පමණයි.ඒකයි බොහෝ අයට පේ‍්‍රමය මඟහැරෙන්නේ.ඇත්තටම පේ‍්‍රමයේ නියම රස වේදනාව දැනෙන්න නම් අපිට පේ‍්‍රමය මඟහැරෙන්නම ඕනී කියලා කෙනෙකු කියන්නත් බැරිකමක් නෑ.එහෙම හිතපු පුද්ගලයින් අතින් තමයි මේ ලෝකයට ආදරණීයම ගීත නිර්මාණ බිහිවුණේ.පේ‍්‍රමය අහිමි වුණ මිනිසුන්ගේ අකුරු වලින් තමයි විශිෂ්ටතම කෘතීන් ලියවුණේ.ඒත් ඒ සෑම කෙනෙක්ම පේ‍්‍රමය අහිමිවීමේ වේදනාව සෑමවිටකම වින්දා.හැබැයි දරාගත්තා.
ජිවීතයේ දී ඔබට යම් වෙලාවක ආදරය කරන විට ඒකාකාරී බවක් දැනේවී. වෙනසක් අවශ්‍ය බවක් දැනේවී. නැතිනම් කොතරම් ලස්සනට මල් පිපෙන විලක් වගේ ලස්සන සම්බන්ධයක් ඔබට තිබුනත් ඔබට එහි ජලය පල්වන බවක් දැනේවී. ඒ ආදරය පිළුණු වන විට අපිට දැනෙන හැඟීමක්. ඒත් ඔබේ ආදර සම්බන්ධය, විවාහය බැඳීලා තියෙන්නේ පේ‍්‍රමය එක්ක නම් සෑම මොහොතකම ඔබට ආදරය උපරිමයෙන් දැනේවි. සෑම සිප ගැනීමකම වෙනස් උණුසුමක් දැනේවි. එසේත් නොමැති නම් සෑම එක්වීමකම ඔබට රාගයේ, ශෘංගාරයේ අපූර්වත්වයක් දැනේවි.දෙදෙනා අතර ඇතිවෙන බොහෝ ගැටුම් අවසන් වන්නේ ගුටිබැට වලින් නොව ඔබගේ සයනයේ ඇයගේ මිහිරි කෙඳිරීමකින් බව ඔබ තේරුම් ගනීවි.ඒ පේ‍්‍රමය ඔබට දී ඇති ආනන්දයයි. ඒ පේ‍්‍රමය තුල ඇති සුවිශේෂිත්වයයි.
ඉතින් යම් දවසක ඔබ ආදරය කරනා විට පේ‍්‍රමය ඔබ හමුවට පැමිණියහොත් එයට ඔබව මඟහැර වෙනතක යාමට ඉඩ නොහරින්න.
No comments:
Post a Comment