හැමදාම අනුකම්පාවයි මම,
ගස් ගැන,
ලැව් ගිනි එද්දීන්
නොසැලී හිඳීම ගැන
එහෙත් ඉරිසියාවයි මට,
දුමාරය ගැන,
උණුසුම වැඩි වෙද්දීම
නික්මෙන්නට ලැබීම ගැන
ළැව් ගිනි ඇවිලෙන
වනාන්තරයෙන් දකින හැම විට
මට සිහිවන්නෙ අප ගැන...
මතක සෙවනැලි අදටත් දවනවා මගෙ හදවත.....
ඔබ ගිය දා සිට මම,
හිිනෙහෙනවා කඳුළු සඟවාගෙන.
- නදුනි හංෂණා දිව්‍යාංජලී
----- පාට වර්ණ
උලා
ලවන් මත
කාල වර්ණ
කළු හංඟා
හැඟුම් මවන
රතු රෝස
නුරා පැහැය
හා මුසුව
යදම් බඳින
ධවන වර්ණ
රක්ත ධවල
එක්ව හිනැහෙන
පාට නැති අවර්ණ
අවර්ණයට වර්ණ
දෙන්න
සප්ත වර්ණ නා
පාට මවන
වර්ණ හොයන පේ‍්‍රමය
අවර්නයෙන් නෙ නැෙඟන
කාල වර්ණ
ජීවිතය
- තිසර ධ්‍යාන්
----- හැරගිය ගුරු හදට
නබෝ ගැබ තිමිර මැකු
සරාසඳ නුඹ කොහිද
වලායට සඟවුණිද
අමාවක ළංවුණි ද
නුඹ වටා රැුඳී හුන්
දහසකුත් තරු අතර
මාව හඳුනාගත්ම
බැරිවුණත් නුඹට හෙට
ජීවිතය කියා දුන්
සරාසඳ මතකයෙන්
කෙලෙස නම් මකන්නද
මේ පුංචි තරුකැකුළ
නුඹ අපට දුන් එළිය
පවතිනා තුරු මෙලොව
අමාවක තවදුරයි
හැරගියත් ඔබ මෙඅප
- අයිෂු ලියනගේ
----- මළානික එක කතාවක්
හිරු කිරණ බැල්මන් නොහෙලූවත්
හිරුගෙ බස් සවනට නොමැකුනත්
විසල්කාලය හඹා ගිය මුත්,
තණපතින් තම මුහුණ සඟවා
ගසක් පාමුල රහසෙ වෙසෙනා,
ඒ ‘‘මළානික මල් පැළෑටිය’’
තවම හිරුහට පෙම් බඳියි
ලැබීමට පෙරුමන් පුරයි.
- ඪි. එස්. කේ. ජේ. පෙරේරා
ලෝකයක් විය අඳුරු අහස් ගැබේ
අඳුර පමණකි ඉතිරි පොලෝ තලේ
සොඳුරු සිතුවම් මැකී මිනිස් විලේ
දැවී අලූවී සැඟව ගිහින් ජලේ.
මනුදමක් නැත දැන් හදවතක් තුළ
මැකී වියනි පරව ගිහින් මළ
තුරු වදුලූ යකඩයෙන් ගෙත්තම් කල
හෙටත් කොයිබද සිතක් නැතිවූ කල
හදවතේ ගිනි නිවෙන කවදාද
සතා සීපා රැුකෙන කෙලෙසකද
ජරාවාසය ගොසින් ලොවම අද
මෙවන් ලොවකට හෙටත් කුමකටද..?
- දුයිශෙන්
රුවිත, කලාබර, හාරත, ස්කොප්ප
රජ සිව් කට්ටුව
රජ බිසෝවරු කැටුව
පිරිවර සෙන් සමඟ
මත්වී කෙළිති සූදු.....
සෙපෝරු වී ගැහෙන හදවත
කපෝති වී මරා දමන
කියල පරදින ලෝක යුධ මැද,
අවි අමෝරන,
මුළු අතම යටකරන,
නිහඬ, අහිංසක,
තුරුම්පු ආසියා මම !
- ගීත්මා
----- වස්සානය
ඔය දෑල දොඩමලූ ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලූ කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක
කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට
දිය කෙළින හැටි පුංචි මාළුවෝ දුටුවා ද?
පුර පසේ සඳ එක්ක තරගයට මෝරන්ට
හුලංදා ඔය කිම් ද මල්වර ව ඉල්මහට?
සෙනේහය පිරී ගිය ඔබෙ නයන නිල් පොකුණ
දිය නිලන වැසි සමේ රැුලි නගා උතුරා ය
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවේ හුණු ව ගිය ලේ නහර
දෙවැට දිග කරඳවැල් ආරුක්කු යට සැඟව
නිල් කුරුලූ බිලිඳු නිදි, ඇහැරවන්නේ කුමට?
රැුගෙන දෝතට පෙරා උණුහුමට හිරු එළිය
මිහිරි මවුකිරි වගේ පොවන්නෙමි නුඹලාට
රමණීය වන ගැබෙහි මොනරුන්ට පිල් වියන
සන්නාලියන් කොහොම ඇන්දා ද දේදුන්න?
වැහි වතුර ඉහිනවා නම් ඔවුන් විහිළුවට
කුරුල්ලෝ ඉගිල්ලී වරෙන් නුඹ මා ළඟට
වැහි වලාකුළු රංචු කඳු මුදුන්වල ලගින
දැන් ඒවි තැනි බිමට - සීතල යි මගෙ සිතට
වැසි සමේ ? ඇඳේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න - ඉතින් මගෙ හෙට දවස මට දෙන්න
ගිම්හානයේ ගිලන් වී කෘශ ව සුදුමැලි ව
ඇදි ඇදී ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන් ය
දුෂ්කර ය කියා හැර යා යුතු ද ජීවිතය?
කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස
රත්න ශ‍්‍රී විජේසිංහ
-‘වස්සානේ’ කාව්‍ය සංග‍්‍රහයෙනි
No comments:
Post a Comment