කේදාර්නාතය හින්දු භක්තිකයින් අතර ගෞරවාදරයට ලක්වූ පූජනීය භුමියක් ලෙස සැලකෙන්නේ ය. එමෙන්ම ශිව දෙවියන් වෙනුවෙන් තැනූ පූජනීයම සාම්ප‍්‍රදායික දෙවොල් දුසිමෙන් එකක් ලෙස ද සැලකෙන්නේ ය. ඒ දෙවොල් දොලොසින් ඉහලම පිහිටීමක ස්ථානගත වන්නේ මේ කෙදාර්නාතයයි. අප රට ආසන්නයේ ද එකී දෙවොල් දුසිමෙන් එකක් පිහිටා ඇත. ඒ අනෙකක් නොව, තලයිමන්නාරම ට කිලෝමීටර් 30 ක 35 ක පමණ දුරින් වූ රාමේෂ්වරම් දේවාලය යි.
කේදාර්නාතය ඉන්දියාවේ ඉහල කොනේ හිමාලය ආශ‍්‍රිතව පිහිටා ඇත. එය උත්තර්කණ්ඞ් ප‍්‍රාන්තයේ රුඩ‍්‍රාප‍්‍රයාග් දිස්ත‍්‍රික්කයට අයත් ස්ථානයකි. හිමාලයේ ගර්වාල් කඳු වැටිය ආශ‍්‍රිතව ඇති මේ බිම මතින් අපූරුවට ගලා යන ගංගාවක් ඇත. එය නමින් මන්දාකිණී ගංගාව ය. එතරම් සුන්දර මන්දාකිණිය කෙදිනෙක හෝ කේදාර්නාතය ආශ‍්‍රිත රම්බාඩා, ගෞරිකණ්ඞ් ආදී ප‍්‍රදේශවල වැසියන්ට අසුන්දරතම අත්දැකීමක් ලබා දේ යැයි කිසිවෙකු නොසිතන්නට ඇත.
ගෞරිකණ්ඞ් යනු කේදාර්නාත් ගිරියේ පාමුල යැයි කිව හැකිය. වන්දනාකරුවන් පේවී වන්දනාව පටන් ගන්නේ මෙතැන් සිට ය. කෙදාර්නාත් පුදබිම පිහිටන්නේ ගෞරිකණ්ඞ් සිට කිලෝමීටර විසිදෙකක කඳු තරණ දුරකිනි. ලංකාවේ අපිට ශ‍්‍රී පාදය සේ ඔවුනට කෙදාර්නාතයනම්, මේ ගෞරිකණ්ඞ් යනු නල්ලතන්නියයි. ගෞරිකණ්ඞ් සිට කි.මි 22 නැතහොත් සැතපුම් 14 ක් දුරැුති කෙදාර්නාතයට යන මගදී හරි මැද මුණගැසෙන සුන්දර ජනාවාස ප‍්‍රදේශය රම්බාඩා ය. වන්දනාකරුවන් වෙහෙස නිවාගන්නා ප‍්‍රධාන නැවතුම්පොල එය ය.
එරට වැසියන් විස්වාස කරන ආකාරයට කේදාර්නාත් පුදබිම නිර්මාණය වන්නේ මහා භාරතයේ එන පංච පාණ්ඩවයන් විසිනි.
මෙහි වන්දනාමානයන් සිද්ධ වෙන ආකාරය ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රී පාදය හා සමාන ය. ශ‍්‍රී පාදය විවෘත වන්නේ දෙසැම්බරයේ සිට මැයි දක්වා පමණි. කෙදාර්නාතය අපේ‍්‍රල් සිට නොවැම්බර් දක්වා පමණක් වන්දනාවට විවෘත ය. කාලගුණ හැසිරීම අනුව ඒ ඒ කාලවල හැර අන් කාලවල වන්දනාමාන කිරීම භයානක ය. ශ‍්‍රී පාදයේ සිරි පතුල හැරුණුකොට වන්දනාමාන කරන ධාතු කරඬුව අදාල වන්දනා කාල සීමාව අවසන් වූ පසු දෙල්ගමුව රජමහාවිහාරයට රැුගෙන එන්නේ යම් සේ ද, කෙදාර්නාතයේ වන්දනාමාන කරන පිලිමය උත්තර්කණ්ඞ් ප‍්‍රාන්තයේම උඛිමත් ප‍්‍රදේශයට රැුගෙන එනු ලබන්නේ ද එසේ ය. දෙසැම්බර් සිට මාර්තු දක්වා ඊට වන්දනාමාන කිරීම සිදුවන්නේ එහි සිට ය.
2013 ගංවතුර ව්‍යසනය හේතුවෙන් 197 ක් දෙනා මිය යද්දී, 236 ක් ආබාධිත වද්දී, 4021 දෙනෙක් අතුරුදහන් විය. ඉහල කඳුවැටියෙන් පෙරැුලී ආ විශාල ගල් පර්වතයක් දේවාලය පිටුපස ස්ථානගත වීම හේතුවෙන් දේවාලයට සිදුවූ හානිය පැති බිත්තියක සිදුවූ ඉරි තැලීමකට පමණක් සීමා විය.
1912 දී සිදුවූ ටයිටැනික් ඛේදවාචකය සහ ඒ සිද්ධිය වටා චරිත උපදවමින් නිමැවු ඔසඒබසජ (1997* චිත‍්‍රපටය ඔබට මතක ඇතුවාට සැක නැත. කේදාර්නාත් ව්‍යසනය ද අපූරු චරිත කිහිපයක් සමග නැවත ජීවය ලබන්නේ 2018 දී බොලිවුඩයේ නවක අධ්‍යක්ෂක අභිෂේක් කපූර් අතින් ය. ‘ජජ්මෙන්ටල් හේ ක්‍යා’ සහ ‘මන්මර්සියාන්’ වැනි විශිෂ්ට සිනමා නිර්මාණවල චරිත තම පෑන ඔස්සේ ඉපැද්¥ කනිකා ඩිලෝන් තම හුරු පුරුදු කර්තව්‍යය මෙහි ද මනාව සිදු කර ඇත. ඇගේ චිත‍්‍රපටවල විශේෂත්වය නම්, ඒවායේ ප‍්‍රබල කාන්තා චරිත එකක් හෝ අඩංගු ය. මන්මර්සියාන් හි රූමි, සහ ජජ්මෙන්ටල් හේ ක්‍යා හි බොබී ඊට උදාහරණය. කේදාර්නාත් හරහා ඈ ජීවය දෙන විශේෂ කාන්තා චරිතය නම් මන්දාකිණී ය. කෙදාර්නාතයට නපුරු වූ ගංගාවේ නම ම ඈට ද යෙදීමට ඔවුන් පියවර ගෙන ඇත. ඒ චරිතයේ උපතත් සමගම ජනප‍්‍රිය නළු සයිෆ් අලි ඛාන්ගේ දියණිය, සාරා අලි ඛාන් ගේ සිනමා ගමනේ උප්පත්තියද සිදු විය.
යනවනම් නගින්න,
”රම්බාඩා හරහා කේදාර්නාත්”
”ජල කඳකි, ජල කෙ`දන් බේරී අමාරුවෙන් මෙන් දරා සිටින අතු රිකිලි ගොමුවකි. එහි පැටලූනු රෙදි කඩකි. රෙදි කඬේ එතුනු ජංගම දුරකථනයකි. ඊට එන ඇමතුමකි. තිරයේ සටහන්ව ඇත්තේ ”අම්මා” ය. අකුරු තුනකි. ආත්මයකි.”
ඉන් එහා ස්පොයිලර නැත. එන්න, යමු මා එක්ක කේදර්නාතයට.
කේදාර්නාත් යනු හිම ගිරෙන් පැනනගින හිම පැහැති ජල ධාරාවන් දෙකකින් වට වූ රම්බාඩා නම් සුන්දර ග‍්‍රාමය ගැන මෙන්ම මන්දාකිණී ගංගාව සහ මන්දාකිණී යුවතිය ගැන ද කතාවකි.
චිත‍්‍රපටයේ තේමාව ම ආකර්ෂණීය ය. ඊට පරිසරයේ සුන්දරත්වයද මහා රුකුලකි. චිත‍්‍රපටයේ මුල් භාගය මද පවනක් මෙන් සෞම්‍ය වන්නේ එනිසාය.
අධ්‍යක්ෂක අභිෂේක් කපූර් ඉහල නිර්මාණයක් දායාද කර ඇත. චරිත හැසිරවීම දෙස බැලීමෙන් ම එය තහවුරු වේ. සුශාන්ත් සිං රාජ්පුත් ගේ රංගනය විශිෂ්ඨ ය. සැවොම ප‍්‍රිය කරන මනරම් මදහසක් ඇති මේ තරුණයා තුල හොඳ රංගධරයෙක් නිදා සිටී. ඔහු ක‍්‍රමයෙන් අවදිවෙමින් පවතින බව ට මේ සාක්ෂි ය. ආධුනික සාරා අලි ඛාන්ගෙන් ගෙන ඇති ප‍්‍රයෝජනය ද ඉහළ ය. ඇය අනගි රංගනයක යෙදේ. කැමරාව ට කිසිඳු ආධුනික බවක් ඇය පෙන්වන්නේම නැත.
සිත්ගන්නා සුලූ සංස්කෘතියක් අස්සේ සිතට ඉහිලූම් නොදෙන ආගම්වාද, ජාතිවාද අස්සේ ද සැම කුණු අතුගාගනිමින් කෙදාර්නාත් සිනමා ගංගාව අස්සක් මුල්ලක් නෑර ගලන්නේ ය.
දක්ෂ කැමරා ශිල්පියෙකුට මෙවන් පරිසරයක් මනා ආශීර්වාදයකි. මෙහි කැමරාව හැසිරී ඇති ආකාරයෙන් එය සනාථ වේ. ඊළඟ මල් මිට කලා අධ්‍යක්ෂකට ය.
චිත‍්‍රපටයට මනා සංගීතයක් එක් කර ඇත්තේ ්බාය්ාමබ සහ ඵ්බප්ර‘සහ්්බ වැනි චිත‍්‍රපටවල සංගීතය නිමැවූ අමිත් ත‍්‍රිවේදි ය. හිමාලය ආශ‍්‍රිත උත්තර ඉන්දියාවට ලතා මංගේශ්කාර් ගයන ‘ලග් ජා ගලේ’ නම් ආදරණීය ගීතය නැතිවම බැරි පාටය. කේදාර්නාත්හි ද අපට ඇසෙන ආදරයේ පසුබිම් ගීතය එයයි.
මා හට නම් ඇසට, සිතට හසුවන අඩුපාඩු ඇත්තේම නැති තරම් ය. යම් තැනක දෙකක වූ අභව්‍ය දෘශ්‍ය ප‍්‍රයෝග ඇරෙන්නට චිත‍්‍රපටය ඉතා හොඳ ය.
සෞම්‍යව ගලා යන කතාව එක්වරම රුදුරු වන්නේ ය. එතැන් සිට කරලියට එන්නේ කේදාර්නාතයේදී 2013 සිදුවූ ඛේදවාචකය ය. ඉන් එහාට මම ඔබට භාර කරමි. කුතුහලය යනු ජීවිතයට අවශ්‍ය ම දෙයකි. එනිසා ඉතිරිය ඔබම දෑසින් දැකබලා ගත යුතු ය.
ජැක් - රෝස් මෙන් මන්දාකිනී - මන්සූර් ලෝක ප‍්‍රසිද්ධ නොවනු ඇත. නමුත් හීන් හිරිපොදයක් සහිත මොහොතක හීතලේ ගුලිගැසී බැලිය හැකි හෘදයාංගම නිර්මාණයක් ලෙස මෙය ඔබට නිර්දේශ කරමි.
No comments:
Post a Comment