AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Monday, June 1, 2020

කසාදේ EXPIRE වෙලා

නිදහසින් තොරව ආදරය මිය යනවා කියන එක තමයි අපේ මූලික ම කල්පනාව. අනික් කාරණය අපි
කියන්නේ ම ආදරය කියන්නේ අයිති කර ගැනීමක් නෙමෙයි කියලා. එතකොට ප‍්‍රශ්නයක් වෙනවා විවාහ වෙලා නිදහස ලබන්න බැරිද කියන එක. නිදහසත් විවාහයත් එකවර ලබා ගන්න අසීරුයි. හැබැයි ඒක කරන්න ම බැරි දෙයක් නෙමෙයි. පුංචි අවබෝධයන් කිහිපයක් විතරයි ඕන කරන්නේ.

පළමුවෙන් ම හිතන්න ඕන මේ ලෝකේ කිසිම කෙනෙක් ඉපදිලා ඉන්නේ තව කෙනෙක් වෙනුවෙන් නෙමෙයි කියන එක. එහෙම කවුරුවත් කා වෙනුවෙන් වත් මේ ලෝකේ ඉපදෙන්නේ නෑ.
තව දෙයක් තමයි ඔබේ ආදරේ හිමිකරුවා ඔබයි. ඔබට හැකි තරම් ආදරය ලබා දෙන්න පුළුවන්. ඒත් ආයේ පෙරළා තමන් ඒ දේම බලාපොරොත්තු වෙන්න බෑ. අපි දකින සමාජයේ ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න ම මේ කියන කාරණාව නිසා. තමන් ආදරය කරන තරමට ම තමන් වෙත ආදරය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම වෙන්නෙ නෑ. එහෙම වෙන්න ඕන නෑ කියලා පුංචි අවබෝධයක් තිබුණා නං හොදට ම ඇති.
තව කාරණ්‍යක් තමයි අනෙකා ගේ පුද්ගලිකත්වය ට බාධා නොකර ඉන්න එක. හැම වෙලාවෙම අනෙකාට ඉඩ හසර ලබා දෙන්න ඕන. අනෙකාට ඉඩ දෙන තරමට, නිදහස දෙන තරමට ම තමන්ටත් ඉඩ නැතිනම් නිදහස ඉබේට ම ලැබෙනවා. අර ලස්සන හීන ලෝක තියෙන්නේ, මාත් ඔයාම වෙලා, ඔයත් මම ම වෙනවා කියලා. කොහොමටවත් එහෙම වෙන්නෙ නෑ. ආදරය කරන දෙන්නෙක් අහම්බෙන් හමුවෙන්නේ. ඒක accident එකක්.
දෙදෙනාම ඉපදෙන්නේ වෙනම ම අම්මලා දෙන්නෙක් ගෙන්, ඊට පස්සේ ජීවිතේ ලැබෙන හැම දෙයක් ම එකිනෙකට වෙනස්. පරිසරය, පවුල, අධ්‍යාපනය මේ ඔක්කොම එකිනෙකා ට වෙනස් වෙද්දි කොහොමද දෙන්නෙක් එක්කෙනෙක් වෙන්නේ?
දෙන්නාගේ සිතුම් පැතුම් ආකල්ප නිතර ම වෙනස්. අපිට හැම වෙලාවෙම ඇහෙන කාරණ්‍යක් තමයි ‘මට ඔයාව තේරුම් ගන්න බෑ’’ කියන එක. අන්න ඒක තමයි ලොකුම ප්‍රශ්නේ . ඇයි කාවවත් තේරුම් ගන්නේ. කාවවත් තේරුම් ගන්න මේ පුංචි ජීවිත කාලේ වෙලාව මිඩන්ගු කරන එක අපරාධයක්.
අපි හැමෝම විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්තම් දැනටමත් විවාහ වෙලා ඉන්නේ.
එක අතකට විවාහය කියන්නේ යල් පැනපු දෙයක්. ඔය චාරිත්‍ර කියලා කියන බොහෝමයක් දේවල් හරිම විනාශ කාරියි. විවාහය කියන්නේ යල් පැනපු දෙයක් මිලියන ගණන් මිනිස්සුන්ගේ සතුට කියන දේ නැති වෙලා තියෙන්නේ විවාහය හින්දයි.
එක අතකට විවාහය කියන්නේ ප්‍රබන්ධයක් . ඒත් මිනිස්සු වෙච්ච අපි ප්‍රබන්ධ පවා යතාර්ථය ට ගේන්න තරම් මෝඩ වෙලා. විවාහය බරපතල දෙයක් විධියට හිතන්නැත්නම් මේකෙත් නිදහස බුක්ති විදින්න පුළුවන්.
මේ ප්‍රබන්ධ ගොඩක් වෙලාවට පවතින්නේ ශෝකාන්තයක් (Tragedy) නීති ගත කරන්න අපි රජයේ රෙජිස්ටාර් ළ`ගටත් යනවා. විවාහය කියන දේ බරපතල දෙයක් හැටියට ගන්න හොද නෑ. අන්න ඒ බරපතල කම ම තමයි අපේ ප්‍රශ්න වල ආරම්භය.
අනෙකා තමන්ගෙන් යැපෙන්නෙක් නෙමෙයි කියන කාරණය හරිම වැදගත්. ඒ වගේම අනෙකාගේ පෞද්ගලිකත්වය ට එබෙන්නේ නැතුව ඉන්න පුළුවන් නං ඒක ලොකු දෙයක්. මගේ යෝජනාව මේක තේරුම් ගන්න කියන එක නෙමෙයි. ඒත් මේ ගැන දැනුම් තේරුම් (awareness) ඇතිව ඉන්න පුළුවන් නං ඔබ විවාහ උනත් නැතත් ජීවිතය සතුටෙන් පුරවන්න පුළුවන්.

  දුමින්ද බොරළුගොඩ








No comments:

Post a Comment