AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න
Showing posts with label 1999 ලෝක කුසලානය. Show all posts
Showing posts with label 1999 ලෝක කුසලානය. Show all posts

Monday, June 1, 2020

99 ලෝක කුසලානය

Garner, Marshall ,Holding" Roberts" Croft යන පිතිකරුවන් සසල කල වේග පන්දු
යවන්නන් ගෙ පරම්පරාවෙ අවසන් පුරුක් දෙක වූ Curtly Ambrose සහ Courtney Walsh යන දෙපල සහභාගි වූ අවසන් ලෝක කුසලාන 1999 යි. ඉහත නම් සඳහන් කල ප්‍රතාපවත් පන්දු යවන්නන් ගෙ අන්තිමයා වූ Malcolm Marshall ද 1992 දි සමුගැනීමෙන් පසු කොදෙව් වේග පන්දු බල ඇණියේ සම්පූර්ණ වඟකීම මේ දෙපල බාරගත් අතර මුල් යුගයෙදි Ian Bishop " Winston Benjamin හා Kennath Benjamin ගෙන් ඉහළ මට්ටමේ සහයෝගයක් ලැබුණු නමුත් ආබාධ හා විවිධ කරුණු හේතුවෙන් ඔවුන් ක්‍රමයෙන් දුර්වල වූ අතර Ambrose හා Walsh කාලයත් සමඟ හුදකලා වෙමින් සිටිනු දක්නට ලැබුණි . පන්දු යවන්නන් ගෙන් ලැබෙන සහයෝගය එලෙස එන්න එන්නම අඩු වද්දි පිතිකරුවන් ඊට වඩා වේගයෙන් අකර්මණ්‍ය වීමත් සමඟ සෑම තරඟයක් ම පාහෙ පරාජයෙන් අවසන් වන ආකාරය මේ දෙපල නිසොල්මනේ බලා සිටින්නට විය. නමුත් කිසිඳු අයුරකින් තම එල්ලය හා පතිත කිරීම (line & length) මඟ හැරීමට ඔවුහු ඉඩ නොදුන්නෝය.

1999 ලෝක කුසලානය ට සංචිතය නම් කර තිබියදී තරඟ ආරම්භ වීමට සති තුනකට පෙර ජේශ්ඨ ක්‍රීඩක මෙන්ම මැද පෙල ශක්තිමත් කල දැවැන්ත පුරුකක් වන Carl Hooper" cricket ක්‍රීඩා වෙන් සමු ගැනීම ප්‍රකාශ කරමින් තරඟාවලියෙන් ඉවත් වන්නෙ කණ්ඩායම තුල තිබූ මතභේද තව දුරටත් රහසක් නොවන බවට පත් කරමිනි. Hooper පසු කළෙක නැවත ක්‍රීඩාවට එකතු වන අතර කණ්ඩායම් නායකත්වය ට ද පත්වේ. 2003 ලෝක කුසලානය ට කොදෙව්වන් සහභාගි වන්නේ Carl Hooper ගේ නායකත්වය යටතේ ය.) කෙසේ හෝ Brian Lara ගේ නායකත්වයෙන් 99 ලෝක කුසලානයට තරඟ වදින කොදෙව් කණ්ඩායම පලමු වටයේ දී ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය ඉතා පහසුවෙන් පරාජය කරනු ලබන අතර නවසීලන්තය ද පරාජය කිරීමට සමත් වේ. පාකිස්තානු තරඟය මෙන්ම ඔස්ටේ්‍රලියානු තරඟය ද පරාජය වන්නෙ මූලික වශයෙන් පිතිකරුවන් ගෙ දුර්වල තාවය හේතුවෙනි.
ඔස්ටේ්‍රලියානු කණ්ඩායම හමුවේ කොදෙව්වන් ලකුණු 110 කට මුලුමනින්ම දැවී ගිය ද ඔස්ටේ්‍රලියානුවන්ට එම ජයග්‍රාහි ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට පන්දු වාර 41ක් වැයවීම Ambrose, Walsh දෙපලගේ මෙන්ම අනෙකුත් පන්දු යවන්නන්ගේ ද ධෛර්යය සඳහා ඉතා පැහැදිලි නිදසුනක් වේ.
මුළු තරඟාවලිය පුරාවට ම අති විශිෂ්ට පන්දු යැවීම ක නිරත වූ Ambrose තරඟ 4 කදී ඕවර 40 ක් යවා ලකුණු 94 ක් පමණක් ලබාදී කඩුළු 7 දවා ගන්නේ පන්දු වාරයකට ලකුණු 2.35 පමණක් ලබා දෙමින් වන අතර කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍ය ලෙස 13.42 පවත්වා ගනිමිනි. Walsh මෙහිදී Ambrose අභිබවා යන අතර ඔහු තරඟ 5 කදී පන්දු වාර 47ක් යවා ලකුණු 108 කට කඩුළු 11 ලබා ගන්නෙ පන්දු වාරයකට ලකුණු 2.29 පමණක් ලබා දෙමින් හා කඩුල්ලක් සඳහා 9.98ක සාමාන්‍ය යක් රඳවා ගනිමිනි. මෙම ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නන් දෙදෙනාට මහඟු සහයෝගයක් ලබා දෙන නවක ක්‍රීඩක Reon King තරඟ 4 කදී පන්දු වාර 31.3 ක් යවමින් ලකුණු 95 කට කඩුළු 8 ක් බිඳ හෙලන්නේ පන්දු වාර යක් සඳහා 3.01 ක් ලබා දෙමින් සහ කඩුල්ලක් සඳහා 11.87 ක සාමාන්‍යයක් පවත්වා ගනිමින් වේ. 99 ලෝක කුසලානයේ හොඳ ම economy rate එක මෙන්ම හොඳම average සඳහා ද පලමු ස්ථාන තුනම හිමිවන්නේ අනුපිලිවෙලින් මොවුන් තිදෙනා ට වීම විශේෂත්වයකි.
පන්දු යවන්නෙක් ලෙස ක්‍රීඩා කල Phil Simmons හොඳ මeconomy rate සහිත පන්දු යවන්නන් පලමු 10 දෙනා තුලට අයත් වන අතර ඉතිරි ප්‍රධාන පන්දු යවන්නා වන Mervin Dillon ද 4 ට අඩු economy rate එකක් පවත්වා ගැනීමට සමත් වේ. ( 99 ලෝක කුසලානය අති විශාල ලකුණු සංඛ්‍යාවන් වාර්තා නොවුණු තරඟාවලියක් වන අතර පන්දු යවන්නන් සැලකිය යුතු දක්ශතා දැක් වූ ලෝක කුසලානයකි.economy rate 4 ට වඩා අඩු වූ පන්දු යවන්නන් 31 මෙම තරඟාවලිය අවසානයේ දි වාර්තා විය.) නමුත් කොදෙව්වන් ට මෙම අති විශිෂ්ට පන්දු යැවීමේ වාර්තා හිමිවීමට කොදෙව්වන්, වඩා තරඟ කාරි වූ දෙවන වටයට ඇතුලත් නොවෙමින් ඉවත් වීම ද යම් ආකාරයට බලපාන බව අප තේරුම් ගත යුතුය.
පිතිකරුවන් අතරින් කඩුළු රකින්නා ලෙස මෙන්ම ආරම්භක පිතිකරු ලෙසද ක්‍රීඩා කල Ridley Jacobs යම් සාර්ථකත්වයක් දැක්වූ නමුත් ඊට අමතරව Shivanarine Chanderpaul හා Jimmy Adams එක් අර්ධ ශතකය බැගින් රැස් කල ද ඊට වැඩි යමක් කිරීමට ඔවුන් අසමත් විය. නායක Lara ඉනිම 5 දිම රැස් කරගනු ලැබූවෙ ලකුණු 106 ක් පමණි. මෙම සියලු දත්ත වාර්තා පිරික්සීමේදී Carl Hooper ඉක්මන් නොවූයේ නම් ඔහුගෙ තුන් ඉරියව් දස්කම් කොදෙව්වන් super six වටයට රැගෙන යාමට ඇතැම් විට ප්‍රමාණවත් වීමට ඉඩ තිබුණි.
ඉහත නම් සඳහන් කල Reon King එතරම් සුප්‍රසිද්ධ ක්‍රීඩකයකු නොවූවද, කොදෙව් වේග පන්දු පුරාණයෙ ඊලඟ පුරුක වීමට නියමිත වූ ක්‍රීඩකයා වූයේ ඔහුයි. King සහ Franklyn Rose දෙපලAmbrose" Walsh යුගලයට අති විශිෂ්ට සහයෝගයක් ලබා දීමට සමත් වූ තරඟ රැසක් එකල පැවති අතර වේග පන්දු යවන්නන්ගේ යශ්ටිය ස්වකීය ජ්‍යෙෂ්ඨයන් ගෙන් ලබා ගැනීමට ඔවුන් දෙපලම ඉතා උනන්දුවෙන් සැදී පැහැදි සිටියහ. නමුත් ආබාධයන්ට ලක් වූ මොවුන්ව රැක ගැනීමට, ආරක්ෂා කර ගැනීමට විධිමත් වැඩ පිලිවෙලක් නොමැති වීම හා ආර්ථික අර්බුදයක පැවති පාලක මණ්ඩලයේ අදූරදර්ශි ක්‍රියා මාර්ග එම අවස්ථාව කොදෙව් දේශයට මෙන්ම ලෝක වාසී ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ද අහිමි කලේය. ඔවුන් මනාව ආරක්ෂා කර ගත්තේ නම් 2000 දි පමණ පිටියට පිවිසෙන Jaramine Lawson සමඟ ඇතැම් විට Dillon" Cuffy" Collymore Collins වැන්නන් ගෙ ද සහයෝගයෙන් තවත් කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය දමනය කිරීමේ අවස්ථාව ක් කොදෙව් වේග පන්දු යවන්නන් ට ඉතිරි වී තිබුණි. නමුත් අදූරදර්ශි පරිපාලනය එය මඟ හැර ගත්තේය. එම නිසා ලොව භීතියට පත් කල කොදෙව් වේග පන්දු පුරාණය Ambrose සහ Walsh ගෙ නික්ම යාමත් සමඟ ම වැලලී ගියේය.
99 ලෝක කුසලාන තරඟාවලියේ පෙරලිකාර සිම්බාබ්වේ කණ්ඩායමේ කතාව ද සෑහෙන්න මට්ටමකට ඊට ආසන්න වේ. Alistair Campbell ගෙ නායකත්වයෙන් පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම ඒ වනවිට Andy හා Grant යන Flower සොහොයුරන්ට අමතරව Neil Johnson නම් වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා ගෙන් මෙන්ම ඔස්ටේ්‍රලියානු වේගවත් තණතීරු තුලින් බිහිවූ Murray Goodwin නම් මනරම් පිතිකරුවා ගෙන් සන්නද්ධ වූ පිතිකරන බල ඇණියකින් සමන්විත විය. එය ඉතිහාසයේ සිම්බාබ්වේ කණ්ඩායම සතුවූ අග්‍රගණ්‍යම පිතිකරන නාමාවලිය වන අතර ඔවුන් ලෝකයේ ඕනෑම කණ්ඩායම ක් නියෝජනය කල හැකි මට්ටමේ අති ප්‍රබල පිතිකරුවන් විය.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ලෝක කුසලානයෙ වැඩිම ලකුණු ලාභියා මෙන්ම වැඩිම කඩුළු ලාභියා ද වූයේ Johnson ය.Heath Streak, විසින් Johnson ට සැලකිය යුතු සහයෝගයක් ලබා දීමට සමත් වූ අතර Henry Olonga ද වරින්වර අතිශය තර්ජනාත්මක පන්දු යැවීම් සිදු කිරීමට සමත් විය. (සුපිරි පිතිකරු Sachin Tendulkar ව පිට පිට පන්දු දෙකකදී දෙවරක් දවා ගැනීම එවැනි මතකයේ රැඳෙන අවස්ථාවකි) Paul Strang සහ Adam Huckle ගේ පන්දු යැවිම් තව දුරටත් ඔපමට්ටම් කර ගැනීමට සමත් වූයේ නම් සිම්බාබ්වේ කණ්ඩායමේ පෙරලිකාර ගමන තවත් දීර්ඝ වීමට ඉඩ තිබුණි.
මෙම පෙරලිකාර සිම්බාබ්වේ වරු 99 ලෝක කුසලානයේ පලමු වටයේදී කෙන්යාව, ප්‍රබල ඉන්දියානු කණ්ඩායම මෙන්ම සුපිරි දකුණු අප්‍රිකානු කණ්ඩායම් ද පරදවමින් super six වටයට පිවිසෙන නමුත් එහිදී ඔස්ටේ්‍රලියාවට, හා පාකිස්තානය ට පරාජය වන අතර නවසීලන්තය සමඟ පැවති තරඟ ය වර්ශාව හේතුවෙන් ජය පැරදුමකින් තොරව අවසන් වේ. එමගින් ඔවුන් ට අවසන් පූර්ව වටයට පැමිණීමට තිබූ අවස්ථාව අවසන් විය.
මෙලෙස ලෝක කුසලාන තරඟාවලියෙදි අති සාර්ථක ක්‍රීඩා විලාශයක් දැක්වුව ද පරිපාලනය සමඟ ඇති වූ පරස්පරතා සහ ක්‍රීඩකයන්ට සිඳු කල ප්‍රමාණවත් නොවන ගෙවීම් සම්බන්ධයෙන් එකඟවීමට නොහැකි වූ Neil Johnson 2000 දි සිම්බාබ්වේ දේශය අත් හරිමින් දකුණු අප්‍රිකාව ට සංක්‍රමණය වන අතර එම වර්ෂයේ දීම Murray Goodwin ද සිම්බාබ්වේ අත් හැර නැවත ඔස්ටේ්‍රලියාව ට ද පසුව එංගලන්තයට ද සංක්‍රමණය වේ. සිම්බාබ්වේ දේශයේ අභිමානය රැක ගනිමින් දිගින් දිගටම ක්‍රීඩා කිරීමට ලොව වසඟ කල සුපිරි පිතිකරු Andy Flower ක්‍රියා කල නමුත් ජනාධිපති Robert Mugabe ගෙ අමනෝඥ පාලනය තව දුරටත් දරාගත නොහැකි වූ Andy Flower ස්වකීය ජීවිතය පවා පරදුවට තබමින් Mugabe විවේචනය කරමින් 2003 ලෝක කුසලාන තරඟාවලියෙදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් වූයේHenry Olonga ද සමඟය. ( Death of Democracy ලෙස හැඳින්වූ එම විරෝධ තාවයෙන් පසුව 2007 දි Andy Flower එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණු කරු ධූරයට පත් වන අතර එතැනින් ප්‍රධාන පුහුණු කරු ධූරයට ද පසුව High performance manager, Technical director වැනි තනතුරු විශාල සංඛ්‍යාවක් දරමින් එංගලන්තය ක්‍රිකට් ක්‍රීඩාවෙ හිණි පෙත්තටම රැගෙන යන ඒ යකඩ මිනිසා පසුගිය අවුරුද්දේ 2019 දී සියලු තනතුරු වලින් ඉවත් ව විශ්‍රාම ගැනීමට තීරණය කළේය. මෙම ඛේදවාචකයන් සිදුනොවීමට සිම්බාබ්වේ දේශපාලනය මෙන්ම ක්‍රිකට් පරිපාලනයද කටයුතු කලේ නම් පසු කලෙක ලොව ප්‍රබලතම කණ්ඩායමක් බවට පත්වීමේ පෙරනිමිති 99 දි සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රකට කරමින් සිටියේ ය.
1997 දී Stephen Fleming නවසීලන්තයේ ලාබාලතම ක්‍රිකට් නායකයා ලෙස පත්වීම් ලබන්නේ Martin Crowe ගෙන් පසු කිවියන් ට විසඳාගත නොහැකි ව තිබූ දීර්ඝ කාලීන නායකත්ව අර්බුදය ට පිලියමක් ලෙසය. ඔහු 2007 හිදි නායකත්වයෙන් ඉවත් ව යන්නෙ නවසීලන්තය බිහි කල විශිෂ්ටතම නායකයා ලෙස පමණක් නොව නවසීලන්තය ට තව දිගු කාලයක් පුරාවට තර්ජනාත්මක කණ්ඩායම ක් ලෙස ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුළ පැවතීමට අවශ්‍ය බොහෝ දේ ඉතිරි කරමිනි. අතිශය සීමිත සම්පත් ප්‍රමාණයක් භාවිතා කරමින් ලෝක ක්‍රිකට් දැවැන්තයන් සමඟ උරෙනුර ගැටීමට සමත් කණ්ඩායම ක් බිහිකළ Fleming එදත් අදත් මතුවටත් සලකනු ලබන්නේ ක්‍රිකට් පිටියේ බිහිවූ සූක්ෂමතම (master mind tactician ) නායකයකු ලෙසය. අයිස් පර්වතයක් මෙන් සීතල කිසිඳු කැළඹීමක් නැති Fleming ලෝ සුපතල බොහෝ ක්‍රීඩකයන් ගෙ නොමඳ ගෞරවය ට මෙන්ම පැසසුමට ද ලක් වු නායකයෙකි. වර්තමාන Chennai Super Kings නායක Mahendra Singh Dhoni පසුපස සිටින මහා දැවැන්ත සෙවනැල්ල ද වන්නේ ඔහුය.
99 ලෝක කුසලානය එළඹෙන්නේ මේ පෙරලිකාර කණ්ඩායම ගොඩ නඟමින් සිටින මුල් අවධියේ දී ය.Mat Horne, Nathan Astle, Roger Twose, Chris Cairns , Chris Haris, Dion Nash, Craig Mcmillan, Garvin Larsan , Geoff Allot,Adam Parore වැනි ක්‍රීඩකයන් ගෙන් සමන්විත වූ මේ කණ්ඩායම පලමු වටයේදී බංග්ලාදේශය , ස්කොට්ලන්තය සහ ප්‍රබල ඔස්ටේ්‍රලියාව පරාජය කරමින් Super six වටයට සුදුසුකම් ලබන අතර එම වටයේදී ඉන්දියානු කන්ඩායම පරාජය කරමින් (සිම්බාබ්වේ තරඟය වර්ෂාව හේතුවෙන් අත් හැර දැමීමට සිදුවෙයි.) අවසන් පූර්ව වටයට (semi final ) සුදුසුකම් ලබයි. එහිදී පාකිස්තානයට කඩුළු 9 කින් පරාජය වන කිවියන්ට තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වෙයි. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවද තරඟාවලිය පුරා අති විශාල පෙරලියක් සිදු කිරීමට කිවියන් මෙහිදී සමත් වන්නේ නැත. නමුත් Geoff Allot කඩුළු 20ක් දවා ගනිමින් Shane Warne සමඟ තරඟාවලියේ වැඩිම කඩුළු ලබා ගත් ක්‍රීඩකයා බවට පත්වීම සුවිශේෂී කරුණකි.
මෙම ලෝක කුසලානය කිවියන්ට වැදගත් වන්නේ Fleming විසින් පසු කලක ගොඩනැඟූ අතිශය සටන්කාමී නවසීලන්ත කණ්ඩායම බිහි වීමේ ආරම්භය මෙහිදී සිදුවීමයි.Haris, Parore, Larsan, Allot සමුගනිද්දි Twose, Cairns, Mcmillan, Astle ,ලාගේ සහයට Styris, Vetori, Shane Bond, Tuffy, Oram වැන්නවුන් පසු කලකදී එකතු විය. 2000 දී ICC Champions කුසලාන ජයග්‍රහණය කල Fleming ගේ සටන්කාමී කිවියන්ගේ තර්ජනාත්මක පෙලහර 2007 අවසන් පූර්ව වටයේදී ( semi final) මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය වීමෙන් අවසන් විය. එය අවම සම්පත් ප්‍රමාණයකින් ලෝකයක් සමඟ ගැටුනු මේ අසහාය නායකයා කිවි දේශයට නායකත්වය දුන් අවසාන තරඟ යයි.

චරිත දිසානායක
චරිත දිසානායක


1999 ලෝක කුසලානය

මේ කියන්න යන්නෙ 1999 ලෝක කුසලානය ගැන, අපි 92, 96 ගැන ගොඩක් කතා කලාට අපිට ගොඩක් වෙලාවට 99
මඟ හැරෙනවා. 99 ලෝක කුසලානය ප‍්‍රධාන වශයෙන් එංගලන්තය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ නමුත් එංගලන්තයේ මෙන්ම අයර්ලන්තය, ස්කොට්ලන්තය, වේල්සය හා නෙදර්ලන්තයේද තරඟ පැවැත්වුනි. 96 ලෝක කුසලාන ශූරයන් ලෙස තරඟාවලියට එළඹි ශ‍්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය ජයග‍්‍රහණය කල අර්ජුන රණතුංග ගේ නායකත්වය යටතේ ම තරඟ වැඳුන නමුත් අතිශය දුර්වල ක‍්‍රීඩා විලාශය ක් පෙන්නුම් කල ශ‍්‍රී ලංකා කණ්ඩායම දෙවන වටයට එනම් super six වටයට වත් සුදුසුකම් ලැබීමට අසමත් වෙමින් දරුණු පරාජය කට පත්විය.

තරඟාවලියේ ජයග‍්‍රහණය ස්ටීව් වෝ ගෙ නායකත්වයෙන් යුත් ඔස්ටේ‍්‍රලියානු වන් විසින් අත් පත් කරගත් නමුත් ඔවුන් අවසන් තරඟය දක්වා පැමිණීම ට හැකියාව මෙන්ම වාසනාව ද හේතු වූ බව නිරීක්ෂණය කල හැකි ය. පලමු වටයේදී තමන් ගෙ කාන්ඩයේ සිටි දුර්වලම කණ්ඩායම් තුන වන බංග්ලාදේශ, ස්කොට්ලන්ත හා කොදෙව් කණ්ඩායම් සමඟ පැවති තරඟ පමණක් ජයග‍්‍රහණය කරමින් දෙවන වටයට සුදුසුකම් ලබා ගන්නා ඔස්ටේ‍්‍රලියානු වන් super six වටයේදී සියලූ තරඟ ජයගැනීමට සමත් විය. එහිදී දකුණු අප‍්‍රිකාව සමඟ පැවති තරඟයේදි තරඟය කැන්ගරු වන් ගෙන් ගිලිහී ගොස් පරාජය වෙත යමින් සිටි අවස්ථාක දී නායක Steve Waugh විසින් ලබා දුන් පහසු උඩ පන්දුවක් Hershell Gibbs විසින් අත් හරිනු ලබයි. ‘උඹ ඔය අතැරියෙ world cup එක ‘යැයි Steve Waugh විසින් කියනු ලදැයි කියවෙන සුප‍්‍රසිද්ධ වැකිය ප‍්‍රකාශ වන්නේ එම අවස්තාවේ දී ය. එම ලැබූ අවස්ථාවෙන් උපරිම ප‍්‍රයොජනය ලබා ගන්නා waugh ලෝක කුසලාන ඉතිහාසයේ සුපිරිතම ඉනිමක් ක‍්‍රීඩා කරමින් අද්විතීය ශතකයක් නොදැවී රැුස් කරමින් ඔස්ටේ‍්‍රලියාව ට ජයග‍්‍රහණය අත් කර දෙයි.
අවසන් පූර්ව වටයේදී (semi final) දකුණු අප‍්‍රිකාව සමඟම තරඟ වැදීමට කැන්ගරුවන්ට සිදුවන අතර 50 වන පන්දු වාරයේ දෙවන පන්දුවේදි කණ්ඩායම් දෙක අතර ලකුණු සම වෙයි. පන්දුවට පහර දෙමින් සිටින්නේ ඉතිහාසයේ බිහිවූ අග‍්‍රගණ්‍යම finisher කෙනෙකු වන Lance Klusner ය නමුත් ඔවුන් ට ඉතිරි ව ඇත්තෙ එක් කඩුල්ලක් පමණක් වන අතර අනෙක් අන්තයේ සිටින්නෙ අවසන් පිතිකරු වන Allan Donald ය. අතිශය විකාර සහගත කඩුළු අතර දිවයෑම් කිහිපයකින් පසු Donald දුවද්දී දැවී යන්නෙ තරඟයේ ලකුණු සම වෙමිනි. එවකට පැවති නීති අනුව මෙම කණ්ඩායම් දෙක අතර මීට පෙර පැවති තරඟයේ ජය ඔස්ටේ‍්‍රලියානු වන් සතු වූ බැවින් මෙම තරඟයේ ලකුණු සම වුවද අවසන් තරඟ ය ට සුදුසුකම් ලබන්නේ ඔස්ටේ‍්‍රලියාව බවට පත් වෙයි. මෙලෙස අතිශය අවදානම් සහගත ගමන් මාර්ගයක් ඔස්සෙ අවසන් තරඟ ය වෙත පැමිණියද මෙම ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම Steve Waugh ට අමතරව Mark Waugh" Ricky Ponting " Damian Martyn " Michael Bevan" Adam Gilchrist " Darren Lehman" Glen Mcgrath" Shane Warne" Damian Fleming වැනි ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැුසකගෙන් සමන්විත කණ්ඩායමක් බව අමතක කල යුතු නොවේ.
කැන්ගරු වන් සමඟ අවසන් තරඟයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම Wasim Akram විසින් මෙහෙය වූ පකිස්තානයයි. ලෝක කුසලාන පකිස්තානු සංචිතයෙ Wasim Akram ට අමතරව Waqar Younis" Shoib Akthar" Azar Mahamood" Abdul Razzaq " Saqlain Mushtaq" Mushtaq Ahamad යන ලෝක පූජිත පන්දු යවන්නන් 7 ක් සිටියේය. (මෙකල අසාර් මහමුද් සහ අබ්දුල් රසාක් ඉතා හොඳින් පන්දු යවමින් සිටි අතර Mahmood එකල එක්දින තරඟ සඳහා ලොව අංක දෙකේ පන්දු යවන්නා විය. සක්ලේන් මුශ්ටාක් යනු එකල සියලූ පිතිකරුවන් මට්ටු කල අපූර්වතම පන්දු යවන්නෙකු වන අතර දිගින් දිගටම ශේණිගත කිරීම් වල අංක 1 ද ඇතුළු ව මුල් ස්තාන වල ම රැුඳුණු අග‍්‍රගණ්‍ය පන්දු යවන්නෙකි.) මේ අතරින් ඉතිහාසයේ බිහිවූ අද්විතීය ම පන්දු යවන්නන් දෙදෙනකු වන වකාර් යුනිස් ක‍්‍රීඩා කලේ එක් තරඟයක් පමණක් වන අතර මුශ්ටාක් අහමඞ් ට එක් තරඟයක් වත් ක‍්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුනි. නමුත් ක‍්‍රීඩා කල පන්දු යවන්නන් 5 දෙනාම තරඟාවලියෙ වැඩිම කඩුලූ ලැබූ ක‍්‍රීඩකයන් 11 දෙනා අතර සිටීම එම තෝරා ගැනිම වැරදි නොවන බවට සාක්ෂියක් වේ. වකාර් සහ මුශ්ටාක් ක‍්‍රීඩා කලේ නම් ඊටත් වඩා අඩු ලකුණු සංඛ්‍යාවන්ට ප‍්‍රතිවාදීන් දවාගත හැකිව තිබුනේ යැයි කෙනෙකුට තර්ක කිරීමට ද අවශ්‍ය නම් හැකිය. කෙසේ වුවත් එම තරඟාවලියේ ප‍්‍රබලතම පන්දු යැවීමේ බල ඇණිය පාකිස්තානය සතු වූ බව ඉතා පැහැදිලි ය.
නමුත් ඔවුන්ගේ පිතිකරනය අතිශයින් දුර්වල විය. පිතිකරනය තනිකරම Saeed Anwar සහ Inzamum Ul Haq හට බාර වී තිබූ අතර Abdul Razzaq අංක 3 පිතිකරු ලෙස තරඟාවලිය පුරාවට ම භාවිතා විය. ඒ pinch hitter කෙනෙකු ලෙස නොව accumulater කෙනෙකු ලෙස කඩුල්ලෙ රැුඳී සිටීම සඳහා ය.Shahid Afridi" Ejaz Ahamad" Saleem Malik" Mohammed Yousuf (එකල Yousuf Yohana) Wajhathullah Wasthi වැනි අනෙකුන් පිතිකරුවන් ගෙන් ඉඳහිට ලැබුණු සහයෝගයක් පමණක් සහිත ව Anwar, Inzi පලමු පන්දු වාර 40 ක‍්‍රීඩා කල අතර අවසන් පන්දු වාර 10 දී Moin Khan සහ Wasim Akram , Azar Mahmood ගෙ වේගවත් පහරදීම් මත අවසන් ලකුණු ප‍්‍රමාණය තීරණය විය.
අවදානම් සහගත වුවද පකිස්තානය මෙම ක‍්‍රමවේදය අනුව ඉතා ස්ථාවර ගමනක් යමින් පලමු වටයේ මුල් තරඟ 4 ම ( ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, කොදෙව්වන්, ස්කොට්ලන්තය) ජයග‍්‍රහණය කල නමුත් අනපේක්ෂිත ලෙස එවකට අතිශය දුර්වල කණ්ඩායම ක් වූ බංග්ලාදේශය සමඟ තරඟය ලකුණු 62 කින් පරාජය විය. ඉන්පසුව super six වටයේදී ඉන්දියාවට මෙන්ම දකුණු අප‍්‍රිකාව ට ද පරාජය වූ ඔවුන් සිම්බාබ්වේ තරඟ ය පමණක් ජය ගැනීමට සමත් විය. නමුත් අවසන් පූර්ව වටයේදී (semi final) නවසීලන්තය කඩුළු 9 කින් පරාජය කරමින් නැවත ජයග‍්‍රාහී මාවත ට එළඹීමට සමත් විය.
මෙලෙස අවසන් තරඟයේදි පකිස්තානු කණ්ඩායම වැඩි බලාපොරොත්තු සහිතව පිටියට පිවිසියද අතිශය දුර්වල පිතිකරනයකින් පසු ව ලකුණු 132 කට ඔවුන් මුලූ මනින් දැවී යන්නෙ ඔස්ටේ‍්‍රලියානු වන් ට කඩුළු 8ක පහසු ජයක් ලබා දෙමිනි. එදා සිට ම අද දක්වා ම එම අවසන් තරඟ යේ ක‍්‍රීඩා විලාශය පිලිබඳ ව මට ඇත්තෙ අති විශාල සැකයකි. බංග්ලාදේශ පරාජය ද එම සැකය තව දුරටත් වැඩි කිරීමට හේතුවකි.
තරඟාවලියෙ ජයග‍්‍රහණය එලෙස තීරණය වුවද තරඟාවලිය මුලසිටම ජයග‍්‍රහණය සඳහා වඩාත් බලාපොරොත්තු සහගත කණ්ඩායම වූයේ Hansi Cronje ගෙ නායකත්වයෙන් යුතු දකුණු අප‍්‍රිකානු කණ්ඩායම යි. Cronje ට අමතරව, Gary Kirstan, Hershell Gibbs,Jonty Rhodes, Daryl Cullinan , Allan Donald, Lance Klusner, Jacques Kallis, Shoun Pollock, Nicky Boje, Mark Baucher වැනි පලපුරුදු මෙන්ම නවක අතිදක්ෂයන්
රැසකින් සමන් විත වූ දකුණු අප‍්‍රිකාව පලමු වටයේදී පෙරලිකාර සිම්බාබ්වේ කණ්ඩායම ට පරාජය වන නමුත් අනිකුත් සියලූ තරඟ (ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, එංගලන්තය, කෙන්යාව) ජයග‍්‍රහණය කරන අතර super six වටයේදී ද නවසීලන්ත හා පාකිස්තාන තරඟ ජයග‍්‍රහණය කරනු ලබයි. Super six වටයේදී පරාජය වන්නේ ඔස්ටේ‍්‍රලියාව ට පමණක් වේ. නමුත් ලෝක කුසලාන ඉතිහාසය පුරාවට එන අවාසනාව මෙහිදී ද ක‍්‍රියාත්මක වෙමින් ඔවුන්ට අඅවසන් පූර්ව වටයේදී (semi final) ඉවත් වීමට සිදු වේ.
මෙය Ambrose, Walsh දෙපලගේ අවසන් ලෝක කුසලානය වූ අතර සිම්බාබ්වේ කණ්ඩායමේ ස්වර්ණමය යුගය විය. එමෙන්ම ක‍්‍රිකට් ඉතිහාසයේ පහල වූ සූක්ෂතම නායකයකු වූ Stephen Fleming
නායකත්වය දැරූ පලමු ලෝක කුසලානය වන අතර ලොවටම අභියෝග කල හැකි කිවි කණ්ඩායමේ ආරම්භය විය. ඒ පිලිබඳව මෙහි දෙවැනි කොටසේදී කතා කරමු.