AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න
Showing posts with label ඇහිපිල්ලමෙන් ලියන සෙල්ලිපිය 2020 අප්‍රේල් කලාපය. Show all posts
Showing posts with label ඇහිපිල්ලමෙන් ලියන සෙල්ලිපිය 2020 අප්‍රේල් කලාපය. Show all posts

Monday, June 1, 2020

ඇහිපිල්ලමෙන් ලියන සෙල්ලිපිය 2020 අප්‍රේල් කලාපය

සඳුදා
ඳිරි නීති බලපත‍්‍රයක් අරගෙන කළිඟු අයියා දිගටම සමාජ සේවයේ. කොහෙන්දෝ හොයාගත්ත ත‍්‍රීවිල් එකක දවස ගාණේ එක එක බඩු අරන් එනවා. ඊයේ එළවලූ, කලින් දවසේ පොල්. අද පළතුරු. අම්මත් එක්ක මාත් එළියට බැස්සා. අම්මා පළතුරු තෝරද්දී මම කළිඟු අයියගේ ඇස් අස්සේ ආදරය තෝරනවා. මාස්ක් එකට මුණ වැහුණත් ඒ ඇස් දෙක හරිම පැහැදිලියි. ඇත්තමයි මෙච්චර ලස්සනට ඒ ඇස් දෙක මම කවදාවත් දැකලා නෑ. තැන්කියු කොරෝනා මට ඒ ලස්සන පෙන්නුවට.


අඟහරුවාදා

විභාගෙ කල්යයි කියලමයි හිත කියන්නෙ. ඒත් ටී.වී එකේ කතා කරන ඇමතිලා නම් කියන්නෙ නියමිත දිනේට විභාගෙ තියෙනවා කියලා. දැන් මාසෙකට වැඩිය වහපු පොත් වහපු තැන්වල. මේ ලැබිච්ච නිවාඩුවේ හැමදේම මුල ඉඳලා හරියට පාඩම් කරන්න ඕනේ කියලා කීපාරක් හිතුවද....? හෙට පාන්දර නැගිටලා ඒ අලූත් පරිච්ෙඡ්දය පටන් ගන්නවා. ෆෝන් එක ළඟට අරන් පාන්දර 3ට එලාම් එක තිබ්බා. ඇස් දෙක පියාගත්තේ හෙට මගේ ජීවතේ අලූත් පරිච්ෙඡ්දය ලියන අලූත් අලූයම අවදිවෙන බලාපොරොත්තුවෙන්.
ඊයේ ?ත් මම නිදාගත්තේ මේ විදියටම තමයි.

බදාදා (අලූයම)
ෆෝන් එකේ එලාම් එක දිගට වදිනවා. පුරුද්දට ෆෝන් එක අතට අරන් එලාම් එක ඕෆ් කරලා අනිත් පැත්ත හැරිලා නිදාගන්නවද...? ෆෝන් එක අතට අරන් තව පැය භාගයක් ඉස්සරහට එලාම් තියලා නිදාගන්නවද...? එලාම් එක ඕෆ් කරලා නැගිටිනවද..? අඩනින්දෙ දිගෑරෙන මේ දරුණූ සංවාදය අද අවසන් කලේ ඇදෙන් බිමට බැහැලා. ඔව් ඒක ජයග‍්‍රාහී හැගීමක්. ලෝකයේ ජයගත්ත මිනිස්සු මුලින්ම පරාජය කරේ මේ කම්මැලිකම වෙන්න ඇති.

බදාදා (උදේ)

නජිත්. ඔව් මං හිතුවට වඩා එයා වාතයක්. හැමදාම උදේට ෆෝන් එක අතට ගන්නකොට එයා එස්.එම්.එස් එකක් එවලා. මුළින් ආවේ ගුඞ් මෝනින් විතරයි. දැන් දැන් එන්නේ ගුඞ් මෝනින් වස්තුවේ කියලා. මට මැසේජ් කරන්න එපා කියලා තුන්පාරක් රිප්ලයි කරත් නජිත් කියන දේ අහන පාටක් නෑ.
‘අද නම් නොම්බරේ බ්ලොක් කරලා දානවා.’

බදාදා (හවස)
උදේ හිතපු දේ තාම ක‍්‍රියාත්මක කරේ නෑ. මං දන්නෙ නෑ ඇයි කියලා. බ්ලොක් කරන්න කලින් තව පාරක් කියනවා මැසේජ් කරන්න එපා කියලා. මම මගේම හිතට ගැලපෙන තර්කයක් හදාගෙන නජිත්ට මැජේස් එකක් දැම්මා. හැරෙන තැපෑලෙන් මේ යකා පැදුරක් විතර දිග මැසේජ් එකක් එවලා. ඇයි මට බෑ කියන්නෙ මොකක්ද බෑ කියන එකේ තේරුම.
පැදුරෙම තිබ්බ අදහස ඕක.
‘‘බෑ කියන එකේ තේරුම බෑ ම තමයි.
නෑ කියන එකේ තේරුම නෑ ම තමයි’
ඊයේ පෙරේදා ටීවී එකේ
ගියපු දෙමළ චිත‍්‍රපටියක තිබ්බ
වචන ටිකක් මගේ වගේ
නජිත්ට යැව්වා.
- මානවිකා