AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න
Showing posts with label චිම්පන්සි පාර්ලිමේන්තුව. Show all posts
Showing posts with label චිම්පන්සි පාර්ලිමේන්තුව. Show all posts

Wednesday, May 13, 2020

චිම්පන්සි පාර්ලිමේන්තුව


චිත‍්‍ර ගැන රටේම පුදුමාකාර ප‍්‍රබෝධයක් ඇති වෙලා. එක එක අය මේ ගැන එක එක විදියෙ අදහස් පළ කරන වෙලාවේ අපිත් තෝරගත්තා විශේෂ සිතුවමක්. 
මේ සිතුවම ආකාර කිහිපයකින් අපිට වැදගත්. පළවෙනි එක තමයි මේක නිර්මාණය කළ පුද්ගලයා. ඔහු බැන්ස්කි. ලෝ ප‍්‍රකට ග‍්‍රැෆිටි නිර්මාණකරුවෙක්. ග‍්‍රැෆිටි කියලා හැඳින්වුයේ එළිමහන් තාප්පවල නිර්මාණය කළ සුවිශේෂි චිත‍්‍ර කලාවක්. ඒ චිත‍්‍ර ඉතාම දේශපාලනිකයි. ඒ වගේම යම් යම් ලෝකයේ සිදු වුණු අයුක්තිසහගත දේවල්වලට විරෝධය පළ කරන්න කරපු නිර්මාණ.
ඉහත පළවෙන්නෙ ග‍්‍රැෆිටි නිර්මාණයක් නෙමෙයි. ඩිවොල්ඞ් පාර්ලිමන්ට් Devolved Parliament නමින් නම් කළ මේ සිතුවමේ එංගලන්ත පාර්ලිමේන්තුවේ චිම්පන්සියන් පිරිසක් අසුන් ගෙන ඉන්න ආකාරය නිරූපණය කිරීමෙන් බැන්ස්කි තමන්ගේ දේශපාලන විවේචනය ඍජුවම ඉදිරිපත් කරනවා. මීටර් 2.5 උස මීටර් 4.2 පළල මේ සිතුවම තෙල් සායමින් නිමිකරලා තියෙන්නෙ.
2009 නිර්මාණය කළ මේ සිතුවම 2019 ඔක්තෝම්බර් 03 දා අලෙවි වෙනවා. ඒ ස්ටර්ලින් පවුම් මිලියන 9.9 කට. බැන්ස්කිගේ නිර්මාණයක් වැඩිම මිලකට අලෙවි වුණු අවස්ථාව තමයි ඒ.