අනිත් ඊයේදෙවැනි ඉනිමේ අනුහත් අයියා කාත හලි කතින් ආදලෙයි කියපු දවසත තමයි මාත් සුදුනෝනත ආදලෙයි කියන්නෙ. මං ඉපදෙන කොත අනුහත් අයියා ඉස්කෝලෙ යනවා. පස්සෙන් ආපු කෙල්ලො කාතවත් ආදලෙයි කිව්වෙ නෑ. මං දැන් මොන්තිසෝලි. එයා කැම්පස්. තාමත් මිනිහා කාතවත් ආදලෙයි කියන්නෙ නෑ. වෙලාවකත මත බයත් හිතෙනවා. අනුහත් අයියා දිහා බලාගෙන ඉඳලා සුදුනෝනා වෙන කාත හලි කැමතිවෙයි ද..?
ඊයේමොන්තිසෝලියේ කොන්සත් එකේ පෙළහැලට අද කත්තිය තේලූවා. මං බලාගෙන හිතියෙ ලජ්ජුලූවොන්ත මාව ගනී කියලා. දෙව්මිතයා අදලා අදලා ලජ්ජුලූ චලිතෙ ගත්තා. නිලමෙත නම් මාව සුවල්. බදවිතලයි පස්නෙකත තිබුණේ. මත වදා බද තියෙන උන් දෙන්නයි ඉන්නෙ. සසිත් දැනතත් අලියත අලගෙන. අනිත් එකා එක්ක තමයි තලගෙ. අන්තිම මොහොතේ මම තලගෙන් ඉවත් වුණා.‘‘ඔයා නිලමෙත ඉන්න එපා. අලියගෙ පිතේ යනකොත ඔයා වැතෙයි. මත සසිතයා සුවල් නෑ.’’සුදුනෝනා කියන දේත් ඉදලා හිතලා හලි හාන්න ඕනේ.අදපෙලහලේ ඉතුලූ ටික තේලූවේ අද. බෙලකාලයෝ ගිනිබෝල කාලයෝ ඔක්කොම තෝලලා ඉවලයි. මං තාම එළියෙ. කාවදි නැතුමයි වැදි නැතුමයි විතලයි ඉතුලූ. සුදුනෝනත් ඉන්නවා කාවදි නතන්න. කාවදියත තමයි මගෙත් හිත.‘‘බබා එන්න වැදි නැතුමට’’නිමේසා ටීචල් මගේ අතින් අල්ල ගෙන මාව වැද්දෙක් කලන්න පොල කනවා. කාවදි නතනවද වැද්දෙක් වෙනවද...?‘හිලූ සඳු එකවල දෙපස නැගේ කලූවල ඇයි විජිතයම මගේ’වැදිහිතියොන්ත සලකන්න ඕනෙ නිසා අන්තිමත වැද්දෙක් උණා.හෙතඉන්තවල් වෙලාවෙ ලජ්ජුලූවොත් එක්ක කදු පයිත් එකක් ගියා. පෙලහැලට හදපු කදු දෙක කදාගත්තා කියලා මොන්ටිසෝලි අලින කම් අව්වෙ දැණ ගැහුවා. ලජ්ජුලූවෙක් එක්ක එකට දණගහන් ඉන්න එක වැද්දෙකත ලැබෙන චාන්ස් එකක් කියලා හිත හදාගත්තා.අනිත් හෙතකාලෙකින් පේස් බුක් ගියේ. ඔන් ලයින් ආව කියලා දැක්ක ගමන් සමාධි අක්කාගෙන් මැසේද් එකක්.‘හායි අභී....මොකද මේ දවස්වල වැඩිද පේන්නෙ නැත්තෙ’‘ඔපිත් එකේ වැද වැඞී බබා. දැනුත් ඔන් ලයින් ආවේ අමාලූවෙන්.’-බබා
2019 දෙසැම්බර් මැද කළාපය අග්නි තුරුණු වියමන Facebook Page
බබාගෙ ඩයලිය

අනිත් ඊයේ
උදේ පාන්දලම සුදුනෝනා මගේ දවස කෑවා. කොච්චල කිව්වත් එයා හාන්නේ නෑ. හැම දේම සීලියස් ගන්නවා. ඊයේ මොන්ටිසෝලියෙදී මේ දවස්වල මගේ කතේ තියෙන සින්දු කෑල්ල මම කියවා කියවා හිතියෙ. මගේ කලූමෙත සුදුනෝනත් එතැන්ත ඇවිල්ලා.
‘මා මළ දවසත
ගමේ වතේ තියෙන තාප්ප පුලා
ඔය සුදු දෑතින් පාප්ප අලගෙන
ගාන්න සුදුනෝනා’
මෙන්න සුදුනෝනා අද උදේම පාප්ප බාල්දියක් හදාගෙන අපේ ගෙදර ඇවිත්. සුදුනෝනා ඇවිත් කියලා අම්මා කෑගහපු පාල මම ඉස්සලහට ගියා.
‘ඔයා දැන් මැලෙන්න. මට පාප්ප ගාන්න’
මේකී ගත් කතතම කිව්වා. ගෑණුන්ට දෙයක් කියනකොත හලී පලිස්සමෙන් කියන්න ඕනේ. තාත්තෙ ඔයා හලී.
ඊයේ
අපේ ගෙදර අම්මගෙයි තාත්තගෙයි වෙදින් පොතෝ එක දිහා බල බල මල්ලි අම්මගෙන් ගොං පස්නයක් අහනවා.
‘‘මේ වෙදින් පොතෝ එකේ කෝ මම’’
මේ බූලූවට කොච්චල එපා කිව්වත් හාන් නෑ. එකම පස්නෙ දිගතම හානවා. බැලිම තැන මං ඌත තොක්කක් ඇනලා කිව්වා බූලූ පස්න හාන්න එපා බූලූවෝ කියලා. අම්මා එතකොත කිණ්දියත හිනාවුණා. ඔය බූලූ පස්නෙ නිසා තව පොද්දෙන් දවසක් මත මගේ කනත් නැති වෙනවා.
තූතී කාලෙ මාත් අම්මගෙන් ඔය පස්නෙ ඇහුවා. අම්මා උත්තලයක් දුන්නෙ නෑ. තාත්තා තමයි උත්තල දුන්නෙ.
‘‘උඹ ඉන්නවා..’’
‘‘කොහෙද’
‘‘අම්මගේ බදේ.’’
තාත්තා සීලියස් පොලක් නිසා මම ඒ උත්තලේ සීලියස් භාලගත්තා. දවසක් ගෙදලට ආපු කත්තියක් කින්දියත වගේ මගෙන් ඇහුවා. කෝ පුතේ මේ පොතෝ එකේ ඔයා නෑනේ කියලා. මම ගත් කතත තාත්තා දීපු උත්තලේ දුන්නා.
දැන් තමයි තේලෙන්නේ අම්මා එදා මගේ කණ ගලවන්න හැදුවේ ඇයි කියලා.
අද
අද මොන්තිසෝලි ගියා. හලි බෝලින්. නිමේසා තීචල් ආවේ නෑ.
හෙත
දෙව්මිතයා අලි ගොනා. ඌත ඕනෙලූ තන්දෙ දාන්න. මම උගේ තූති ඇගිල්ල
පැටිග්නම් එකකින් පාත කරා. දැන් හලි. ඌ හිතාගෙන ඉන්නෙ ඌ තන්දෙ දැම්මා කියලා.
අනිත් හෙත
අයියගේ මේසේ උද ලොකු තොකලත් එකක්. මං ඇහුවා කාතද මේක කියලා. ඌ කිව්වා කෑල්ලත ගෙනියන්න ගත්තෙ කියලා. මූත කෑල්ලත තොකලත් අලන් යන්න සල්ලි තියෙනවා. මල්ලිතයි මතයි බුල්තෝ එකක් අරන් දෙන්න සල්ලි නෑ. අයියා නැති වෙලාවේ මායි මල්ලී තොකලත් එකෙන් කෑල්ල කෑල්ල කෑවා.
‘කවුද මේ තොකලට් එක කෑවේ’
අයියා කෙළින්ම ඒ පස්නෙ හැව්වේ මගේ දිහා බලාගෙන. කත පියාගෙන
හිතියොත් වැලැද්ද භාල ගන්න වෙන නිසා මාත් ඇලියෙ නෑ.
‘නමක් ගමක් දන්නෙ නෑ හැබැයි මනුස්සයෙක්’
මත මතක එත්තලයි. සිහිය එනකොත උදු ඇන්දෙ
කිලි දතක් ගැලවිලා.
-බබා