AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

බබාගෙ ඩයලිය


අනිත් ඊයේ
දෙවැනි ඉනිමේ අනුහත් අයියා කාත හලි කතින් ආදලෙයි කියපු දවසත තමයි මාත් සුදුනෝනත ආදලෙයි කියන්නෙ. මං ඉපදෙන කොත අනුහත් අයියා ඉස්කෝලෙ යනවා. පස්සෙන් ආපු කෙල්ලො කාතවත් ආදලෙයි කිව්වෙ නෑ. මං දැන් මොන්තිසෝලි. එයා කැම්පස්. තාමත් මිනිහා කාතවත් ආදලෙයි කියන්නෙ නෑ. වෙලාවකත මත බයත් හිතෙනවා. අනුහත් අයියා දිහා බලාගෙන ඉඳලා සුදුනෝනා වෙන කාත හලි කැමතිවෙයි ද..? 


ඊයේ
මොන්තිසෝලියේ කොන්සත් එකේ පෙළහැලට අද කත්තිය තේලූවා. මං බලාගෙන හිතියෙ ලජ්ජුලූවොන්ත මාව ගනී කියලා. දෙව්මිතයා අදලා අදලා ලජ්ජුලූ චලිතෙ ගත්තා. නිලමෙත නම් මාව සුවල්. බදවිතලයි පස්නෙකත තිබුණේ. මත වදා බද තියෙන උන් දෙන්නයි ඉන්නෙ. සසිත් දැනතත් අලියත අලගෙන. අනිත් එකා එක්ක තමයි තලගෙ. අන්තිම මොහොතේ මම තලගෙන් ඉවත් වුණා.
‘‘ඔයා නිලමෙත ඉන්න එපා. අලියගෙ පිතේ යනකොත ඔයා වැතෙයි. මත සසිතයා සුවල් නෑ.’’
සුදුනෝනා කියන දේත් ඉදලා හිතලා හලි හාන්න ඕනේ.

අද
පෙලහලේ ඉතුලූ ටික තේලූවේ අද. බෙලකාලයෝ ගිනිබෝල කාලයෝ ඔක්කොම තෝලලා ඉවලයි. මං තාම එළියෙ. කාවදි නැතුමයි වැදි නැතුමයි විතලයි ඉතුලූ. සුදුනෝනත් ඉන්නවා කාවදි නතන්න. කාවදියත තමයි මගෙත් හිත.
‘‘බබා එන්න වැදි නැතුමට’’
නිමේසා ටීචල් මගේ අතින් අල්ල ගෙන මාව වැද්දෙක් කලන්න පොල කනවා. කාවදි නතනවද වැද්දෙක් වෙනවද...?
‘හිලූ සඳු එකවල දෙපස නැගේ කලූවල ඇයි විජිතයම මගේ’
වැදිහිතියොන්ත සලකන්න ඕනෙ නිසා අන්තිමත වැද්දෙක් උණා.

හෙත
ඉන්තවල් වෙලාවෙ ලජ්ජුලූවොත් එක්ක කදු පයිත් එකක් ගියා. පෙලහැලට හදපු කදු දෙක කදාගත්තා කියලා මොන්ටිසෝලි අලින කම් අව්වෙ දැණ ගැහුවා. ලජ්ජුලූවෙක් එක්ක එකට දණගහන් ඉන්න එක වැද්දෙකත ලැබෙන චාන්ස් එකක් කියලා හිත හදාගත්තා.

අනිත් හෙත
කාලෙකින් පේස් බුක් ගියේ. ඔන් ලයින් ආව කියලා දැක්ක ගමන් සමාධි අක්කාගෙන් මැසේද් එකක්.
‘හායි අභී....මොකද මේ දවස්වල වැඩිද පේන්නෙ නැත්තෙ’
‘ඔපිත් එකේ වැද වැඞී බබා. දැනුත් ඔන් ලයින් ආවේ අමාලූවෙන්.’
-බබා
2019 දෙසැම්බර් මැද කළාපය  
අග්නි තුරුණු වියමන Facebook Page 

No comments:

Post a Comment