AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Thursday, May 21, 2020

මකර විමන - 03

නිපුන කරුණාරත්නගේ අද්භූත ප‍්‍රබන්ධ නවකතාව

”මොකක්ද මෙතැන වෙන්නේ..? කෝ සටන් පුහුණු පාසල..?”  



රුණු සුළ`ගකට හසුවී ගසාගෙන යන බවක් මිතුරන් පස්දෙනාට වැටහුණි. තම දෙනෙත් විවර කර සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට අවශ්‍ය වුවත් එසේ දෙනෙත් විවර කිරීම කළ නොහැකිවිය. එකවරම ඔවුන් කොළ ගොඩක් වන් දෙයක් මතට ඇදගෙන වැටුණු අතර එකවරම සුළ`ගට ගසාගෙන යන්නාක් මෙන් දැනීම නතරවිය. කෙමෙන් කෙමෙන් දෙනෙත් විවර කළ ඔවුහු දුටු දෙයින් විශ්මයෙන් ඇලී ගැලී ගියහ. ඔවුන් දිය ඇල්ලක් අසල නතරව සිටි අතර ඉතා උස්වූ දිය ඇල්ල රමණීය විය. තවද ඒ අසල උණ ප`දුරු ගහන වනයක් වූ අතර ඒවායේ කොළ සුළ`ගට සෙලවෙමින් පරිසරයට අමුතුම ආකාරයේ හ`ඩක් මුදා හැරියේය. තවද තැනින් තැන කපා ඔපදැම්මාක් මෙන් වූ කලූගල් ද විය. ඇතැම් ගල් මත පෙ`දපාසි වැටී තිබුණු අතර තවත් ඒවා මත විසල් ගස් සෑදී තිබුණි. කුඩා එමෙන්ම වර්ණවත් කුරුල්ලන් එම ගස්වල ලැගහුන් අතර අපූරු නාද වලින් පරිසර සුන්දරත්වය තීව‍්‍ර කළේය. දිය ඇල්ලෙන් කඩන් හැලූනු දිය දහරාව ග`ගක ස්වරූපය ගෙන පහළට ගලා යන අයුරු චමත්කාරජනක දසුනක් විය. ග`ග දෙපස වූ මල්වර්ග පරිසරයට නැවුම් සුන්දරත්වයක් එක් කළේය.
එක්වරම ගලක් සෙලවෙනු දුටු මිතුරන් විපරම් කරන ට දුටුවේ ඒ වෙන කවුරුන්වත් නොව මිං සියෑන් බවයි. ඔහු කලූ පැහැ වෙනත් ඇ`දුම් කට්ටලයක් ඇ`ද සිටියේය. ගලින් ගලට පැන මද සිනා පාමින් ඔවුන් වෙත පැමිණි මිං සියෑන් ඔවුන් ඉදිරියටම විත් නැවතුනේය. මිං සියෑන් මෙසේ පැවැසීය.
‘‘මකර අධිරාජ්‍යයට නැවත වරක් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා....’’
‘‘මකර අධිරාජ්‍යයට කිව්වා..........?’’ නීරෝ ඇසීය.. ‘‘ඔව්........ මකර අධිරාජ්‍යයට...’’ මිං සියෑන් පිළිතුරු දුන්නේය.
‘‘නැවතත් කියල නේද කිව්වෙ.....?’’ බ‍්‍රයන් ඇසීය.
‘‘ඔව් නැවතත්....’’ මිං සියෑන් ඒ ප‍්‍රශ්නයටද පිළිතුරු දුන්නේය.
‘‘මොකක්ද මේ අධිරාජ්‍යය...? මොකක්ද මෙතැන වෙන්නේ...? කෝ සටන් පුහුණු පාසල....? මේරි අසාගෙන ගියාය.
‘‘හරි මම ඔය ප‍්‍රශ්න ඔක්කෝටම උත්තර දෙන්නම්. මේ තියෙන්නෙ මකර අධිරාජ්‍යය. ඔයාලා මකර අධිරජ්‍යයට අයත් ජීවයේ උල්පත නම් වූ පොත හරහා ආවා. දැන් ඔයාලා ඉන්නෙ මකර අධිරාජ්‍යයේ නිසා සටන් පුහුණු පාසලක් නෑ. අපි හදන්නෙ මකර අධිරාජ්‍යය බේරාගන්නයි.....’’ මිං සියෑන් මේරිගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.
‘‘තව ප‍්‍රශ්න මොනවත් තියෙනවද කාටවත්.....?’’
එසේ ඇසූ මිං සියෑන් පස්දෙනාගේම මුහුණු දෙස බැලීය. නීරෝ කට ඇරගෙන සිටීමත්, බ‍්‍රයන් කිසිවක් නොතේරුනු ලෙස බලා සිටීමත්, පෝල්ගේ එක් ඇහි බැමක් ඉහළට ගොස් තිබීමත්, ජොනී හා මේරි එකිනෙකා දෙස හෙලූ බැල්මත් දුටු මිං සියෑන්ට එක් කරුණක් ප‍්‍රත්‍යක්ෂ විය. එනම් ඔවුන්ට ඔහු පැවැසූ කිසිවක් නොතේරුණු බවය. මදක් කල්පනා කළ මිං සියෑන් මෙසේ කීවේය.
‘‘මං දන්නවා දැන් මං ඔබට කියපු කිසිවක් ඔබලාට තේරුණේ නැති බව. හො`දයි මම සම්පූර්ණ කතාව කියන්නම්. ගැටලූ තැන් තිබුණොත් අහන්න. හරිද....? ඔයාලා විශ්වාස නොකරන දේ ඇති තරම් මේ කතාව ඇතුළෙ තියේවි. ඒවා ගැටලූ කරගන්න එපා කොහෙත්ම...’’ මිතුරන් පස්දෙනා හිස සලා ඊට එක`ගත්වය පළකිරීමෙන් අනතුරුව මිං සියෑන් කතාව ආරම්භ කළේය.
‘‘අතීතයේ පටන් මේ අධිරාජ්‍යය හැ`දින්වූයේ මකර අධිරාජ්‍යය කියලයි. එයට හේතුවක් තිබුණා. එනම් අතීතයේ මේ රාජ්‍යය පුරාම මකරුන් සිටීමයි. මේ මකරුන්ගේ දෙවර්ගයක් තිබුණා. ඒ හො`ද මකරුන් සහ නොහො`ද මකරුන් විදිහටයි. ඒ දෙවර්ගය අතර ගැටුම් ඇතිවුණා. මිනිසුන් වැඩි සහයෝගය ලබා දුන්නේ හො`ද මකරුන්ටයි. එයට හේතුව ඔවුන්ගෙන් මිනිසුන්ට හානියක් නොවීමයි. නොහො`ද මකරුන්ගෙන් මිනිසුන්ට නිතරම කරදර ඇතිවුණා. මේ නිසා යුද්ධයක් ඇතිවුණා. මෙහි ප‍්‍රතිඵලය වුණේ මකර අධිරාජ්‍යය බිහිවීමයි. මේ මකර අධිරාජ්‍යයයේ හිමිකාරීත්වය ලැබුණේ මිනිසුන්ටත් හො`ද මකරුන්ටත් පමණයි. අනෙක් නොහො`ද මකරුන්ව නෙරපා දමනු ලැබුවා. දන්නා වැඩිහිටියන් පවසන්නේ ඒ මකරුන් මහා විසල් කාන්තාරයක ජීවත් වන බවයි. ඉතින් මිනිසුන් මේ මකර අධිරාජ්‍යයට පාලකයෙක් ලබාදෙන ලෙසට දෙවියන්ගෙන් ඉල්ලා සිටියා. එහි ප‍්‍රතිඵලය ලෙස දිනක් මකර අධිරාජ්‍යයේ මාළිගයේ ප‍්‍රධාන කුටියේ වගේම මාළිගයේ උසම ස්ථානයේ තිබුණු කුටියේ රන් බිත්තරයක් සමගින් රන් පත්ඉරුවක් තිබුණා. මේ පත්ඉරුවේ වූයේ ‘‘සතර දිශාවන්ගෙන් පැමිණි අටමකරුන් මෙයට ගිනි පිඹීවි’’ කියලයි. එය කියවා අවසන් කරන්නාත් සමගම මකරුන් අටදෙනෙක් පැමිණ එක් දිශාවකට ගැහැණු මකරෙකුත් පිරිමි මකරෙකුත් වන ලෙස ඔවුන් සතර දිශාවන්ගේ සිට ගිනි පිම්බා රන් බිත්තරයට. මෙසේ දින සියයක් නොනවත්වාම මෙම බිත්තරයට ගිිනි පිම්බා. අවසානයේ මෙම රන් බිත්තරය පිපිරුවා. මේ බිත්තරයෙන් පැටවුන් දෙදෙනෙක් එළියට ආවා. එළියට ආවත් සමගම මකර පැටවුන් දෙදෙනා සාමාන්‍ය ලොකු ප‍්‍රමාණයේ මකරුන් බවට පත්වුණේ හරිම අපූර්ව වර්ණයන් හැඩ ගැන්වෙමින්. එක් මකරෙකු රන්, කහ පැහැයන්ගෙන් මිශ‍්‍රණයක පැහැයක් වූ අතර අනෙක් මකරා කලූ පැහැ රුදුරු පෙනුමක් ඇති එකෙක් වූවා. බිත්තරයෙන් එළියට ආ විගස මේ කලූ පැහැ මකරා අහසට නැගී පලා ගියා. ඒ පිටත් වූයේ අර නරක මකරුන් ජීවත්වන කාන්තාරයට බව ඇතැම් වැඩිහිටියන් පවසනවා. අනෙක් මකරා හැදෙන්න වැඩෙන්නට වූයේ මකර අධිරාජ්‍යයේයි.......’’
‘‘මට ප‍්‍රශ්නයක් තියෙනවා......!’’ නීරෝ කීය. ‘‘යුද්ධය අවසන් වුනාම හදපු මකර අධිරාජ්‍යයේ පාලනයට පාලකයකු ඉල්ලූවහම දෙවියන් මකර බිත්තරයක් දුන්නා. එයින් හො`ද මකරෙකු වගේම කලූ නරක මකරෙකුත් හැදෙන්න හේතුව මොකක්ද..?’’
‘‘හො`ද ප‍්‍රශ්නයක්’’ මිං සියෑන් කීය.
‘‘ඇයි එහෙම වුණේ.......? උගත් වැඩිහිටි උදවිය පවසන අන්දමට මෙයට හේතු දෙකක් තිබෙනවා. හැබැයි නිවැරදි හේතුව මොකක්ද කියන්න මම හරියටම දන්නෙ නැහැ. පළවෙනි හේතුව තමයි මෙම බිත්තරයට ගිනි පිඹින විට එම මකරුන්ට දින සියයක් තිස්සේ මෙයට නොනවත්වාම ගිනි පිඹින්නට සිදුවුණා. මෙය අතිදුෂ්කර කාර්යයක් වන්නට ඇති. ඒ වෙහෙස නිසා ඔවුන් තුළ කෝපයක් ඇතිවන්නට ඇති. ඒ නිසා තවත් රෞද්‍ර නපුරු මකරෙකු හටගන්නට ඇති.’’
‘‘දෙවැනි හේතුව.....?’’ ජොනී ඇසුවාය.
‘‘දෙවැනි හේතුව තමයි..... මේ බිත්තරය මකර අධිරාජ්‍යයට ලැබුණු බව නපුරු මකරුන් දැනගන්නට ඇති. මෙයින් ගිනි පිඹීමේ කාර්යයට ආ මකරුන් අට දෙනාගෙන් එක් මකර ධේනුවක් නපුරු මකරෙකු කියා කියනවා. තම නපුරු ගති ආදිය සමග ගිනි පිඹීමෙන් රෞද්‍ර කලූ මකරා ඇතිවූ බව කියැවෙනවා....’’ මිං සියෑන් පැවැසීය.
‘‘ඒකත් නියමයිනෙ. එක් බිත්තරෙන් මකරු දෙන්නයි.’’ බ‍්‍රයන් කීවේය.
‘‘නෑ..... ඒක නියම නෑ..... ඒක ඉතාමත් නරකයි....’’ පෝල් වහා කීවේය.
‘‘හරියට හරි, එය බොහොම භයානක දෙයක්....’’ මිං සියෑන් ද කීවේය.
‘‘කතාව පටන් ගන්නෙ දැනුයි. අහගන්න. මකර අධිරාජ්‍යයට ලැබුණු හො`ද මකරා කලක් අධිරාජ්‍යය පාලනය කළා. අවසානයේ එම මකරාටම එය එපාවුණා. එබැවින් එම මකරා මිනිසෙකු පාලකයා ලෙස පත්කළා. එසේ කළ මකරා දෙව්ලොවකට ගියා. නැතහොත් ගල් ලෙනකට ගියා. ගිය තැන මං තියා කවුරුත්ම දන්නෙ නැහැ. එසේ යන මකරා නැවතත් පැමිණෙන්නේ ශතවර්ෂයකට වරක් පමණි. එසේ පැමිණියාම තම ආහාරයට රන් උණගසේ මල් හා අමරණීයත්වයේ හා දැනුමේ උල්පතෙන් ජලය බී නැවත යනවා. මෙම මකරා විසින් අධිරාජ්‍යායගේ ඉල්ලීම මත එහි ආරක්ෂාවට රණශූරයන් පස් දෙනෙක් පත්කරනවා. ඔවුන්ගේ භාරකරු හැටියටත් මකරාගේ ආරක්ෂකයා හැටියටත් තවත් පුද්ගලයෙකු පත්කරනවා.’’
‘‘ ඕක වෙන්නෙ අර ඔබ කියපු පුරාවෘතයේ හැටියටද...?’’ මේරි ඇසුවාය.
‘‘හරියටම හරි... ඒ පුරාවෘතයේ කියපු ක‍්‍රමයට තමයි සිදුවෙන්නෙ...’’ මිං සියෑන් කීවේය.
‘‘ඉතින් ඉතින් ඉතිරි ටිකත් කියන්න...’’ මේරි කීවාය.
‘‘මේ රණ ශූරයන් පස් දෙනාවත් මකරාගේ ආරක්ෂකයාත් ලෙස පත්වන පුද්ගලයාත් පත්වන්නේ අවුරුදු සියයකට වරක්. මීට හරියටම අවුරුදු දහ අටකට පෙර ඒ රණශූරයන් පස් දෙනාත් ආරක්ෂකයාවත් පත්කරනු ලැබුවා....’’
‘‘පොඞ්ඩක් ඉන්න. ඔයා කියන්න හදන්නෙ අපි.....’’ නීරෝ යමක් කියන්නට තැත් කළේය.
‘‘ඔව්......., ඔයාට තේරුණා නීරෝ.. ඔයාලා පස්දෙනා තමයි රණශූරයන් පස්දෙනා. මං තමයි ආරක්ෂකයා....’’ මිං සියෑන් කලබලයකින් තොරව කීවේය.
සියලූ දෙනාටම දැනුනේ තම හුස්ම හිරවී යන්නාක් මෙනි. මොනවද මේ විකාර කතා...? තමා කෙසේද රණශූරයෙක් වෙන්නෙ..? මකරෙකු කොහොමද අවුරුදු සියයක් උණමල් කාලා වතුර බීලා ඉන්නෙ. දෙවියො කොහොමද බිත්තර එවන්නෙ...? මකරුන් කොහොමද දින සියයක් නොකඩවා ගිනි පිඹින්නෙ...? එක බිත්තරයක පැටව් දෙන්නෙක්...? මොනවද මේ බොරු...? කවුද මෙයා...? වැනි නොයෙක් සිතුවිලි ඔවුන්ගේ මනස පුරා ගලා ගියේය.
මතු සම්බන්ධයි
 නිපුන කරුණාරත්න










අග්නි තුරුණු වියමන Facebook පිටුව බලන්න
අග්නි පෙබරවාරී මැද කලාපය

No comments:

Post a Comment