AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Thursday, May 21, 2020

මාධව

සුනිල් මාධව පේ‍්‍රමතිලක නම් අදීන පුවත්පත් කලාවේදියාගේ මතක දිගහැරුම 
මගේ දරුවෝ ඒ තරම් අවාසනාවන්ත නෑ...
ලේක් හවුසියෙන් එළියට පැමිණි හේ වැඩි කලක් රැුකියා විරහිතයෙක් ලෙස නොසිටියේ ය. බිරි`දගේත්, මාධවගේත්, ලැබෙන්නට යන දරුවාගේත්, යහපත වෙනුවෙන් කුමක් හෝ කළ යුතු යැයි තීරණය කළ මීමන රජයේ ආයතනයක භාෂා පරිවර්ථකයෙකු ලෙස සේවය කිරීමට තීරණය කළේ ය. පත්තර කලාවෙන් තරම් සුන්දර නොවූ නමුත් මෙම රැුකියාව තෝරා ගත්තේ ආශාවෙනි. 
මීමනට හිමි වූ නව රැුකියාව අනුව ඔහුගේ පදිංචි ද වෙනස් විය. 

මෙතෙක් ඔවුන් පදිංචි ව සිටි මහරගම නිවස අතහැර දමා පදිංචිය ස`දහා හොරණ යාමට සිදුවූයේ මේ නිසා ය. හොරණ පරිසරය මුළුමනින් ම මහරගම පරිසරයට වඩා සුන්දර විය. ඒ සුන්දරත්වයට වඩාත් පෙම් කළ තැනැත්තා වූයේ මාධවය. ගහකොළ සම`ග සතා සිව්පාවුන් සම`ග මාධව හොරණ දී නව ජීවිතයක් ආරම්භ කළේය.
හොරණ ජීවිතයට සියල්ලන් හැඩ ගැසෙමින් සිටිනා අතරවාරයේ පේ‍්‍රමතිලක පවුලට තවත් අමුත්තෙක් එකතුවිය. දෙවන දරුවාට ද නම් තැබීමේ වගකීම භාරගත්තේ මීමන ය.
‘‘අපි චූටි පුතාට ‘ස’ යන්නෙම් නමක් දාමු.’’
ඒ අනුව මීමන මේ අලූත් අමුත්තාට සමන් පේ‍්‍රමතිලක කියා නම් තැබීය. මාධව උපදින විට ඔහුගේ ජීවයේ අවදානම් බව ප‍්‍රකාශ කළ පරිදිම සමන් උපදින විට දී ඔහුගේ ජීවිතය අවධානම් බව වෛද්‍යවරු ප‍්‍රකාශ කළහ. එහෙත් මීමන එය එච්චර ම මායිම් නොකළේ ය.
‘‘මගේ දරුවෝ ඒ තරම් අවාසනාවන්ත නෑ.’’
එහෙත් මෙවර මීමනට වැරදුණි. තම මොලකැටි සි`ගිත්තාට වැඩිකල් මෙලොව රැුදෙන්ට වරම් නොතිබිණි. වෛද්‍යවරුන්ට පවා සොයාගත නොහැකි වූ රෝගයක් නිසා ඔහු මෙලොවින් සමුගත්තේ ය.
සමන්ගේ මරණය සියල්ලෝ කම්පාවට පත් කළ මරණයකි. ඇඞ්ලින්, මීමන, මාධව පමණක් නොව ගම්වාසීන්ද මේ මරණය ගැන පුවත අසා ‘අනේ අපොයි’ කීහ. කුඩා මාධවට සමන් මල්ලිගේ මරණය විසින් ඇති කළේ මහත් කම්පනයකි. දේහය භූමදානය ස`දහා රැුගෙන යන මොහොතේ දී මාධව සිටියේ ගෙය ඉදිරියේ තිබෙන කහ මල් ගසක් යට ය. ඔහු හුදෙකලාව ම ගහයටට වී හඬමින් සිටියේ ය. ආදාහන පෙරහැර ඉදිරියට ඇදෙන විට ඔහුගේ කම්පනය තවත් තියුණු විය. එය දරාගත නොහැකි තැනකට පත්විය. මහා හයියෙන් කෑගසා හැඬූ මාධව පෙරහැර පසුපස දිවයන්නට පටන් ගත්තේ ය.
මීමනත්, ඇඞ්ලිනුත්, මාධවත් ඒ දින කිහිපය ගත කළේ හැඬූ ක`දුලෙනි. වෙනදාටත් වඩා නිශ්ශබ්දව සිටි මීමන දවසේ වැඩි වෙලාවක් හුදෙකලාව ගත කිරීමට උත්සාහ කළේ ය. මේ චිත්ත පීඩාවෙන් මිදීමේ ක‍්‍රමයක් ලෙස එසේ කටයුතු කරමින් සිටි මීමන අවසානයේ කොළයක් රැුගෙන තම දරුවාගේ වියෝ දුක කවියෙන් සටහන් කළේ ය.
සමන් පොහොට්ටුවක් බිමයි පිපෙන්නටත් කලින්
හ`දත් වැසි තිබේ වළාකුලින් නබෝ ගැබේ
මොකෝ සොබාදමේ පවා මෙසේ විසේසයක්?
හහා! හහා! කුඩා බබෙක් නිදයි මිනී වළේ !

දෙමාපියන් තුරුල්ල දා පොළෝ පසින් වැසී
මළා කියා සොහොන් ගැබේ කුඩා බබෙක් වෙසේ
මොකක් ද මේ කියා ලොවේ කෙනෙක් නොදන්නහූ
මහා සමුද්දරේ මැණික් ගලක් වගෙයි පුතා !

දිවා රැුයේ ඉරයි හ`දයි සොහොන් බිමත් සිඹී
පුතාගේ රූපයෙන් බි`දක් අරන් මලූත් පිපේ
විභංගයෝ මගේ හැ`ගුම් සුරල් හඬින් කියත්
ලොවේ සියල්ලොමත් මගේ පුතාට ආදරෙයි !
වනේ කුසුම් පිපි නැසේ මිළාන වී වැටේ
සුගන්දයත් වනේ මිසක් පිටස්තරින් නොවේ
අහිංසකත්වයෙන් පිරි මගේ කුඩා පුතා
අගේ මටයි ! අගේ මටයි ! එ මෙන් ම මෑණිටයි

විකාස පද්මයෝ නැසෙත් සැ`දැ වළා ඉලා
එහෙත් උදේ පිපෙත් විලේ සහස් රැුසින් තෙමි
නෙළුම් මලක් වගේ වෙමින් සමන් පුතේ !
යළිත් මටයි මගේ පියම්බිකාවටයි පුතා වෙයන් !
මාධවගේ පළමු පාසැල් ගමනට සියලූ කටයුතු පිළියෙල විය. මීමනගේත් ඇඞ්ලින්ගේත් කැමැත්තට අනුව මාධව මුලින් පාසැල් අධ්‍යාපනය ලබන්නට පය තැබුවේ හොරණ තක්ෂිලාවට ය. මාධවගේ සරළ අව්‍යාජ අහිංසක සිනාව ගුරුවරුන්ගේ සිත් පැහැර ගැනීමට තරම් ප‍්‍රබල විය. ඒ නිසා ම වැඩි කල් නොගොස් කුඩා මාධව පාසැල තුළ ජනප‍්‍රිය චරිතයක් බවට පත් විය.
එහෙත් අවාසනාවකට මෙන් ඔහුට තක්ෂිලාවේ වැඩිකල් රැුදෙන්නට අවස්ථාව නොලැබිණ. තාත්තාගේ රැුකියා අස්ථාවරත්වය නිසා ඔහු අනුව යමින් පදිංචිව සිටි ගෙවල් ද මාරු කළ බැවින් මාධව ඉගෙනුම ලත් පාසැල ද වෙනස් කරන්නට සිදු විය. මීමනට යළිත් වතාවක් ලේක්හවුසියේ රැුකියාව ලැබුණු බැවින් ඔහු යළිත් පදිංචිය ස`දහා කොළඹ ආහ. ඒ අනුව ද මාධවගේ පාසැල් ගමන වෙනස් විය. හොරණ ශ‍්‍රී පාලියටත් කොට්ටාවේ ආනන්දයටත් එතැනින් මහරගම විද්‍යාකරයටත් මාරුවන්නට සිදු වූයේ ඒ නිසා ය. කෙසේ වෙතත් අවසානයේ මාධවට නතර වන්නට සිදු වූයේ කොළඹ ආනන්දයේ ය. මේ වන විට පේ‍්‍රමතිලක පවුලට තවත් අමුත්තන් දෙදෙනෙක් එක්ව සිටිය හ. ඒ සරත් පේ‍්‍රමතිලක සහ ස`දුන් පේ‍්‍රමතිලක යි. තාත්තා අධයාපනය ලද පාසැලේ ම ඉගෙනීමට ලැබීම මාධව සැළකුවේ මහා භාග්‍යයක් ලෙස ය. එහෙයින් ඔහු ආනන්දයට පය තැබුවේ මහා බලාපොරොත්තු රැුසක් කරේ තබාගෙන ය.
නිවසේ සිට ම පාසැල් යෑම දුෂ්කර කාර්යයක් වූ බැවින් පාසැල් නේවාසිකාගාරයේ මාධව නතර කිරීමට නිවැසියෝ තීරණය කළ හ. මෙම තීරණයට මාධව තරයේ විරෝධය පළකළ නමුත් අන්කළ හැකි දෙයක් නොවූ නිසා අවසන ඔහු එයට එක`ග විය.
ආනන්දයේ නේවාසිකාගාරයට මාධව ඇතුළත් කළ මීමනත් ඇඞ්ලිනුත් ඉන් පිටව යෑමට සැරසෙන විට දී කුඩා මාධව ‘‘අම්මා’’ කියමින් ඇඞ්ලින් ළ`ග ට ආවේ ය. ඔහුගේ සිත තුළ වූයේ පුදුමාකාර පාළුවකි. තනිකමකි. කාන්සියකි. අම්මා බදාගෙන මහ හයියෙන් වැළපුණේ ඒ නිසා ය.

                                           
අසංක සායක්කාර 







අග්නි තුරුණු වියමන Facebook පිටුව බලන්න
අග්නි පෙබරවාරී මැද කලාපය

No comments:

Post a Comment