AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Thursday, May 21, 2020

මෙවර හඳුන්වාදෙන ගීතය - අන්න බලන් සඳ

අන්න බලන්
සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා
චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ
ආදර බස් කියනා
හඬ දේවි දෙකන් පිනනා   

අත්පසුරින් තුරු පෙම්බරයන් බඳ
බන්දා සෙනේ සිතිනේ
ලියවැල් පැටලී ගොසිනේ
පුෂ්ප පිපී මකරන්ද ගලා එයි
මාරුතයේ හැපිලා
මන් මද රංගන මණ්ඩපයේ මෙම
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා සාමිනේ

පී.වැලිකල ගේ
‘කුණ්ඩලකේසි’ නාට්‍යයේ ගීතයකි

ගේය පද රචනය - මහගමසේකර
තනු නිර්මාණය - සෝමදාස ඇල්විටිගල















අග්නි තුරුණු වියමන Facebook පිටුව බලන්න
අග්නි පෙබරවාරී මැද කලාපය


No comments:

Post a Comment