AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

මෙවර හඳුන්වාදෙන ගීතය - කියන්න කියන්න

මෙවර හඳුන්වාදෙන ගීතය 


කියන්න කියන්න
හද රැුඳි දේ මා සමගින්
කියන්න කියන්න
ඇති සැම දේ රිසි සේ

හද පුරා ආදරේ
ඔබටයි ඉඩ හදවතේ
දිස්වෙයි මුතුවන් සිනා
දෙනුවන් යුග ළඟ මගේ
මන්මත් සිත පුරා
කැළඹේ වේදනා හැගුම්
නොදනී ඒ ඇසිල්ලේ
කියවෙයි ඔබෙ නම හොරෙන්

නිදි වරා ජීවිතේ
මා ගෙතූ ගීතයේ
දැවටෙයි ඔබ කී වදන්
දෙසවන් යුග ළඟ මගේ
සුදුවන් පිටු පුරා
බිහිවෙයි ගී ඔබේ නමින්
නොසිතා ඒ පිටු කොණේ
ලියවෙයි ඔබ නම හොරෙන්

ගායනය - නදීක ජයවර්ධන
ගේය පද රචනය -
රුවන් ඇන්ජලෝ ජයසිංහ
තනු නිර්මාණය - නදීක ජයවර්ධන
(ලයනල් රිචී ගේ .Say You,
Say Me
ගීතය ඇසුරිනි...)













  ගීතය මෙතනින් බලන්න  



No comments:

Post a Comment