AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Sunday, May 10, 2020





















ඔබ ෆූජි ගිනි කන්ද-  

මට පෙන්වන්නේ ම හිම,
බුර බුරා ඇවිලෙත්දීත් ගින්දර
__සඳිනි ප‍්‍රාර්ථනා තෙන්නකෝන්
_________________________________________________________________

ඉතින් මට කියා දෙන්න
ඔබට ආදරේ කරන විදිය
ගල්පරවල හැපි වැටෙමින්
කදුළු මැද්දෙන් හිනාවෙන විදිය

ආදරේ නොකිය ගිනිපුළිගු අකුරෙන්
හිත මැද්දේ කවි ලියන විදිය
කොදෙව්වක් නැති සයුරක් වෙමින්
අතරමං කොට රිදවනා විදිය

රෝස පෙති යට තියුණු කටුවල
වේදනාවන් මවන විදිය
තියුණු ඉදිකටු වදන් අබිමුව
ලෙයින් ආදරේ ලියන විදිය

ඉතින් අවසන කියා දෙන්න
ඔබට ආදරේ කරන විදිය
ජිවිතේ තත් රිදවමින් ගැඹුරට
ඔබ ම වෙනුවෙන් ගයන විදිය
__අයන්ත ප‍්‍රනාන්දු
_________________________________________________________________
තරු අයිති අහසට

ඉතිං මම බිම ඉන්න පළියට
කඩා නොවැටෙන්න ඔබ පොළොවට
දුරින් ඉඳගෙන මගේ තනියට
හැමදාම බැබලූණොත් ඇති මට...

දුකක් රැදුණත් මගේ හිත යට
ඔව් ඉතින් නුඹ අයිති අහසට
කඩං වැටුණොත් මගේ පොළොවට
මෙහෙමවත් නැතිවේවි නුඹ මට...

කාත් කව්රුත් නොමැති රැුයකට
මාත් ඉන්නම් ඉතින් තනියට
ඒත් මම නැතිවෙච්ච දවසට
රැත් දිළියං පුරුදු විදියට...
__ඉන්දික ගුණවර්ධන
(සිසිරයේ දිගු රැයෙක - 2013)


 2019 දෙසැම්බර් පළමු කලාපය
අග්නි තුරුණු වියමන Facebook Page

No comments:

Post a Comment