AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Thursday, May 21, 2020

මේ භාවිතය කුමක් සඳහා ද?

මගේ උපතත් එක්ක අපේ තාත්තාට ජීවත් වෙන්න බර සාර හේතුවක් ලැබුණා. ඒ තමයි මම. ඔහුට තමන් යමින් හිටිය රේස් එක ඉවර කර ගන්න බැරුව මග හති හලමින් හිටිය කීරඩකයෙක්ට, තමන් අතේ තියෙන රිලේ බැටන් එක දෙන්න අලූතෙන් කීරඩකයෙක් හම්බ වුණාම දැනෙන බලාපොරොත්තු සහගත බව වගේ හැ`ගීමක් මං නිසා තාත්තා තුළ ඇතිවන්න ඇති. මගේ තාත්තා විතරක් නෙවෙයි බොහොමයක් තාත්තලා අම්මලා තමන්ගේ දරුවන්ව තමන් නොදුටුව තම තමන්ගේ ලෝකවල කිරුලූ පළන් රජවරු හා රැුජිණියන් කරවන්න තමයි උත්සාහ කරන්නේ. කොහොම නමුත් මම තාත්තාගේ බලාපොරොත්තුවේ අශ්වයා බවට පත් වුණේ ඉතාම කැමැත්තෙන් බවත් මෙතනදි කියන්න ඕනේ. මම නිකන්ම නිකං ජීවිතයක් නෙවෙයි. මට බලාපොරොත්තුවක් තියෙනවා. මම ජීවත් වෙන්නේ මගේ තාත්තාගේ සුබ සිහිනය සැබෑ කරවන්න. මම දිනන හැම මොහොතකම අත්පොළසන් දෙන්න, සතුටු ක`දුලූ හෙලන්න කෙනෙක් ඉන්නවා. මම ඔහු වෙනුවෙන් ≥දුවනවා. අනෙක එම තරගය දිනන්න අවශ්ය කරන දක්ෂතා නො අඩුව මං ළ`ග තියෙනවා. මම ඒ දවස්වල මං ගැන හිතුවේ ඒ විදියට. වඩාත් නිවැරදිව කිව්වොත් යම් යම් දක්ෂතා ටිකකුත් එක්කම තවත් අදක්ෂතා ගොඩකුත් මට තිබුණා. තාමත් තියෙනවා. අන්න ඒ මොකක් හරි අදක්ෂතාවක් දැකලා ද කොහේද අපගේ නෑදෑ වන මාමා කෙනෙක් දවසක් අපේ තාත්තාට මෙහෙම කතාවක් කිව්වා.

‘‘ඔයාගෙ පුතා දැන් ඔය ඉගෙන ගත්තට අනාගතේ ලොකු මෝඩයෙක් වෙනවා’’
ඒ තමයි ඒ මාමා අපේ තාත්තාට මං සම්බන්ධයෙන් පළ කරපු හිත දවන සුලූ රුවන්මය අනාවැකිය. ඔහු එහෙම කියන්න හේතුව මට හරියටම මතක නැති වුණත් ඔහු කිව්ව දේ මට හරියටම මතකයි ගලේ කෙටූ වැකියක් වාගේ. ඒ කතාව තදටම මට මතක හිටියේ මෙතැන් සිට මින් පසුව එලැඹෙන වතාවන් සෑහෙන ගණනාවක. තාත්තාගේ කටින් මේ මතකය යලි යලිත් පුනරුච්චාරණය වෙච්ච නිසා. ඊට පස්සේ මම කොහේ හරි ගිහින් පරක්කු වෙලා ගෙදර ආවොත්, ගෙදරින් පිට රැුයක් ගත කරොත්, අරක්කු ටිකක් සිගරට් එකක් බීලා මාට්ටු වුනොත්, ඒ වගේ තරුණ වයසෙ පිරිිමි ළමයෙක්ගෙන් වෙන්න පුලුවන් කියලා හිතෙන ඕනෑම ආකාරයක වරදක් මගේ අතින් වුණොත්,
‘‘ඔයා අර මාමා කියපු කතාව ඇත්ත කරන්න ද ඔය හදන්නේ?’’
තාත්තා ඒ විදියට අහන්න පුරුදු වෙලා හිටියා. වැරදි වෙන එක මගේ අතින් එන්න එන්නම වැඩිවුනා. තාත්තාගේ පුනරුච්චාරණයත් ඊට සමගාමීව එන්න එන්නම වැඩි වුණා. මේක මට පුදුම වදයක් වුණා. කොහෙවත් නැති මගේ ජීවිතේට කිසිම වැදගම්මක් නැති වාචාල මිනිහෙක් කියපු කතාවක් අල්ලං ඇයි තාත්තා මේ හැටි නටන්නේ?. මගේ අතින් කිසිම විදියක වරදක් වැරදිලාවත් වෙන්න බැහැ. අර මිනිහාගේ කතාව මම ඇත්ත කරන්න යනවලූ. මට ඒ මාමා ගැන ලොකු කේන්තියක් ආවා. ඒ කේන්තියෙන් නම් ඒ හැටි දෙයක් වුනේ නෑ. නමුත් ඒ සමගම වෙනත් වැදගත් දෙයක් වුනා. ඒ අනාවැකිය හරි වුනත් වැරදි වුනත් ඒ වැකිය මට රුවන් වැකියක් බව මම කලින් කිව්වේ ඒ නිසයි. තාත්තාගේ සිහිනය තව දුරටත් කරේ තියන් ≥වන එක, තාත්තාගේ සිහිනය තුළ කිරුලූ පළඳින එක මගේ ජීවිත හේතුව කරගන්න එක එතැන් පටන් මං නතර කරලා දැම්මා.
‘‘මගේ හෝ වෙන යම් කෙනෙකුගේ පුද්ගලික සිහිනමය ගීරස් ගසක කොඩිය ගන්නවා වෙනුවට සාමුහික සිහිනයක් මගේ ජීවිතේ අරමුණ කර ගන්න එක සාමුහිකව එකාපිට එකාපිට එකා කර මත නැගී කොඩිය ගන්න එක, පොදු සිහිනයක කොටස් කාරයෙක් වෙන එක. ඒක තමයි වැඬේ’’ මම ඒ දවස්වල හිතුවේ ඒ විදියට. මේ ලෝකය වඩා යහපත් තැනක් කිරීමේ අරමු◊ණින් පූර්ණ කාලීනව දේශපාලනය කිරීමට මම ඊළ`ගට හිතා ගත්තා. යම් යම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් එක්ක සැලකිය යුතු අවංක භාවයකින් ඒ දවස්වල දේශපාලන කටයුතු කරා. ලෝකය යහපත් තැනක් කිරීම කොහොම වුණත් ලෝකය මෙපමන අයහපත් තැනක් බවට පත් කරලා තියෙන්නේ දේශපාලනය විසින් බව නොබෝ දිනකින් මට තේරුම් ගියා. ලෝකය යනු මගේ ලෝකය බවත් ලෝකය වෙනස් කිරීම යනු මගේ ලෝකය වෙනස් කර ගැනීම බවත් වටහා ගත් මම දේශපාලනය ජීවිතයේ බර සාර හේතුවක් කර ගන්න එක ජීවිතයට කරන අපරාධයක් ලෙස සිතා එම මාර්ගයෙන් ඉවත් වුණා.
පහුගිය ජීවිත කාලය පුරාවට මම නාට්ය කිහිපයක් කරත් ඒ කිසිවක් මම කරේ අපේ රටේ නාට්ය කලාවේ උන්නතිය වෙනුවෙන් කියලා මම කොයිම වෙලාවකවත් කියන්නේ නෑ. එහෙම උවමනාවක් කවදාවත් මට තිබුණේ නෑ. එම නාට්ය පිටපත් රාජ්ය නාට්ය උළෙලට හෝ යොවුන් නාට්ය උළෙලට බාර දෙන මොහොතේ පටන් සම්මාන උළෙලවල්වල ඇගයීමට ලක්වන මොහොත දක්වා රජය වෙනුවෙන් මා හා කටයුතු කළ සියලූ දෙනාම පාහේ හැසිරුණේ (ඒ කියන්නේ රජය*..... ‘‘ඇයි ඔයා නාට්ය කරන්නේ?’’ බලන්නකො ඒක හින්දා ඔයාටත් කරදරයි අපිටත් කරදරයි නේ’’ වගේ. ඉතින් ඒ හින්දා රටේ නාට්ය කලාව ගොඩදැමීමේ විශේෂ කැක්කුමක් මට කවදාවත් හට ගත්තේ නැහැ. මම ඒ නාට්ය කරේ නිකං.. ඉදිරියටත් කරොත් හෝ නොකරොත් ඒ කරන්නේ හෝ නොකරන්නෙත් නිකං.. නිකංම නිකං...
මේ අතර කාලය තුළ මට කිසි සේත්ම අමතක කළ නොහැකි විශේෂ අවස්ථා කිහිපයකුත් මා මෙතැනදි මතක් කළ යුතුයි. අවස්ථා ගණනාවකදි මගේ ජීවිතය බන්දේසියක තබා ගැහැණුන් කිහිප දෙනෙකුට මම හරසරින් පුද කරා
‘‘මම කැමතියි මගේ ජීවිතයේ ඉහළම අරමුණ ඔයා කරගන්න. මට ඇති එකම බරසාර හේතුව ඔයා බවට පත් කර ගන්න. ඔයා කැමති ද මම එහෙව කරගන්නවට. මගේ ආදරය ඔයා
පිළිගන්නව ද?’’
ඒ කාරු◊ණික ගැහැණුන් හැම දෙනාම පාහේ මගේ යෝජනාව ඉතාම කාරු◊ණික විදියට පරතික්ෂේප කරා. ඔවුන්ට ස්තුති වන්නට ඒ කිසිවෙකු මගේ ජීවිත හේතුව බවට පත් වුනේ නැහැ. තාත්තට, දේශපාලනයට, නාට්යවලට, හේතුවක් වෙන්න බැරිවෙච්ච මගේ ජීවිතයට හේතුවක් සපයන්න ඕනෑම අවස්ථාවක ඒ ගැහැනුන්ට හැකියාව තිබ්බා. එහෙම වුනා නම් මේ කතාව වෙනුවට ඔබ වෙනුවෙන් මට අකුරු අමුණන්න වෙන්නේ වෙනත් කතාවක් ගැන. ඒ වගේම එම අවංකකම මා කෙරෙහි තවමත් කිරයාත්මක වීමට ඉඩ ඇති බව ද මම ඔබට නොවලහා කිව යුතුමයි.
මට මගේම ය කියලා දරුවෙක් නැති නිසා සහ මගේ තාත්තා වගේ කව්රු හරි ආවොත් දෙන්න තියං හිටපු රිලේ බැටන් එකක් මං ළ`ග නැති නිසා තවත් මගේ අනුපරාප්තිකයෙක් මගේ ජීවිතයේ බර සාර හේතුව බවට පත් කරගන්න අවශ්යතාවක් පැන නැගුනේ නැහැ.
මම රැුකියාව ඉවර වෙලා හිමි හිමින් ගෙදර යන්න සැරසෙද්දි මට වඩා ඉක්මනින් කඩිමුඩියෙ ගෙදර ≥යන්න සැරසෙන මගේ අසල්වැසි සගයාට මට නැති බර සාර හේතුවක් ජීවිතයට තියෙනවා. වටිනා කියන බර සාර හේතුවක් ඔහු ගෙදර දමා ඇවිත් ඇති හැඩයි. සමහර විට රැුකියාවට ඔහුව එවන්නත් ඇත්තේ ඒ වටිනා කියන යම වෙන්න පුලූවන්. රැුකියාවේ කටයුතු නිමා කිරීමෙන් පසු මොහොතක් හෝ තවත් පමා වෙන්න ඔහුගේ අදහසක් නැත්තේ ඒ වටිනා කියන යම ඔහු එනතුරු බලා සිටින නිසා විය හැකියි.
සමහර විට ඒ බලා සිටින්නාගේ බලා සිටිම ඊටත් වඩා ඔහු විසින් බලා සිටිනවා විය හැකියි. පාරට බැස්ස මොහොතේ පටන් මෙතරම් තදබදය ඇති කරමින් නොඉවසුම් සහගතව මේ සියලූ ඇස් ≥වන්නේ ඒ වටිනා කියන බර සාර ජීවිත හේතුව සොයා වෙන්න පුලූවන්. නමුත් මම හදිසි නගරයක හදිසි වන්න තරම් කිසිම සාධාරණ හේතුවක් නැතිව සෙමෙන් පියවර තබනවා. මගේ ජීවිතය කුමක් සඳහා ද? මේ ජීවිතයේ තේරුම කුමක් ද? කවුරුන් හෝ මා එනතුරු බලා සිටිනවා නම්? ඒ බලා සිටිමම නැවත මා ජීවත් කරවනවා නම්? මගේ මේ ගමනට මීට වඩා අරුතක් තියේවි නේ ද? එහෙම වුනා නම් මේ ජීවිතය මීට වඩා කොයි තරම් ලස්සන වේවි ද ? බොහොම මෑතක් වෙන තුරු මට හිතුනේ එහෙම. හැමදාමත් එහෙම හිතෙද්දි එක්තරා සියුම් වේදනාවක් මගේ සිතිවිලි යටින් ඇති ආත්මය හරහා ගලා ගියා. මම හිතන්නේ මේ හැ`ගීම
බොහොමයක් අයට නුහුරු
හැ`ගීමක් නෙවෙයි. ඒ නිසා මාව තේරුම් ගන්න ඔබට ඒ තරම් අමාරු නැතුව ඇති.
එහෙත් එක්තරා දිනක එක්තරා අමුතු නුහුරු හැ`ගීමකින් මම මුලූමනින්ම ඇහැරුණා. ජීවිතේට ඇත්තට තේරුමක් තියෙන්න ඕනෙම ද? මේ ජීවිතය කුමක් සඳහා ද? යැයි ඔබ මගෙන් ඇහුවොත් මේ ජීවිතය කුමක් සඳහා වත් නොවේ යැයි මම ඔබට කීවොත් ඔබට එය බාර ගත නොහැකි ද?
මේ අහන්න ඔබ මෙලොවට බිහිවුනේ කුමන හේතුව නිසාද ? ඊට දිය හැකි අපට පිළිගත හැකි පිළිතුර නම් ඔබේ දෙමාපියන්ගේ ලිංගික
සංසර්ගික කිරයාවලියක පරතිඵලයක් හැටියට ඔබේ බිහිවීම සිදු විය යන්නයි. සමහර විට ඔබේ දෙමාපියන් එම ලිංගික එක් වීම සිදු කළේ දරුවකු බලාපොරොත්තුවෙන් විය හැකියි. එසේ නොවියත් හැකියි. දරුවකු බලාපොරොත්තුව එක් වුනත් ඒ එක්වන මොහොතේම ඔබව හට ගත්තා විය නොහැකියි. බොහෝ විට ඔබේ උපත සිදුව ඇත්තේ කිසිවෙකු නොදන්නා කිසිවෙකු විසින් අපේක්ෂා නොකළ මොහොතක විය හැකියි. ඒ කියන්නේ ඔබ අහම්බයක්. අහේතුක අහම්බයක්. අත්
වැරැුද්දක්. අත් වැරැුද්දක අතුරු පලයක්. හරියට කවුරු හෝ කාලා විසි කරපු යෝගට් කෝප්පයක් වගේ. දැන් ඔබ මේ හේතුව විසින් අත් හැර දමන ලද අතුරු ඵලයට මම යැයි නම් කරගෙන ඊට සුවිශේෂි අර්ථයක් හෝ වටිනාකමක් දෙන්න උත්සාහ කරනවා. ඔබ හිතන්නෙ ඒක තේරුමක් ඇති වැඩක් ද? ගහකින් ගිලිහෙන වේලූණු කොලයක් සොබා දහමින් ඊට ඇති අර්ථයට වැඩි යමක් ඊට ආරෝපනය කරගෙන තමන් සුවිශේෂි මමත්වයෙකින් යුතු වස්තුවකැ යි සිතා සිටියොත් ඔබට එය සිනාසීමට කරුණක් නොවෙයි ද?
ඔබට හිතන්න පුලූවන් නම් ඔබ සුවිශේෂි යමක් නෙවෙයි. ඔබේ පැවැත්මට සුවිශේෂි බර සාර හේතුවක් නැහැ. ඒ වගේම එහෙම එකක් ඔබට ඕනෙත් නැහැ කියා. ඔබේ ජීවිතය මීට වඩා ලේසි වේවි ද? අමාරු වේවි ද?
ඔබ එනතුරු කව්රුත් බලා සිටින්නේ නැහැ. ඔබ එවැනි බලා සිටීමක් අපේක්ෂා කරන්නෙත් නැහැ. ඒ නිසා ඔබට යන්න හදිසියකුත් නැහැ. පරක්කු වෙන්න තරම් දේකුත් නැහැ. හිතුනොත් යනවා. නැත්තං තව ඉන්නවා. හිතුනොත් කනවා. නැත්තං තව බඩගිනි වුණාම කනවා. බොහෝ අය කඩිමුඩියේ ඉස්පාසුවක් නැතිව යන්නේ කොහෙද? ඇයි යන්නේ? කියාවත් නොදැන වන ලෝකයක ඔබ සොබා දහමේ රිද්මයට අනුගත වෙමින් නිවී හැනහිල්ලේ ජීවිතය පහන් කර දනවා.

 _ චාමර ගුරුගේ








අග්නි තුරුණු වියමන Facebook පිටුව බලන්න
අග්නි පෙබරවාරී මැද කලාපය

No comments:

Post a Comment