AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Thursday, May 21, 2020

Alan McFadeyn ස්කොට්ලන්ත ජාතික වනජීවී ඡුායාරූප

Alan McFadeyn ස්කොට්ලන්ත ජාතික වනජීවී ඡුායාරූප ශිල්පියෙක්. 2009 අවුරුද්දෙ දි Alan ට හරි අපූරු ආසාවක් 
ඇතිවෙනව. ඒ මාලූවෙක් ඩැහැගන්න පිළිහුඩුවෙකුගෙ හැම අතින්ම පරිපූර්ණ ඡුායාරූපයක් ගැනීම. ඉතින් දියට පහත්වන පිළිහුඩුවන් ගැන හොඳ අවදානෙන් ඉඳල පින්තුර කිහිපයක් අරගත්තත් ඒ එකක්වත් ඔහුට අවශ්‍ය ආකාරයට රූපගත වෙලා තිබුණෙ නෑ. නමුත් උත්සාහය අතනොහරින Alan තමන්ට අවශ්‍ය ආකාරයේ ඉරියව්වකින් පිළිහුඩුවෙක් කැමරාකාචයේ සටහන් වෙන තුරුම දිගින් දිගටම ඡුායාරූප ගැනීමේ යෙදෙනව. අවසානයෙ, අවුරුදු හයකින් පස්සෙ ඔහු පරිපූර්ණ ඡුායාරූපයක් අරගන්න සමත්වෙනව. නමුත් ඒ වෙනුවෙන් Alan ,පැය 4200 ක්, ආසන්න වශයෙන් ඡුායාරූප 720000 ක් වැයකර තිබෙනව. මේ සටහනත් එක්ක තිබෙන්නෙ ්ක්බ විසින් අවුරුදු හයක් වෙහෙසී අරගත්ත ඒ ඡුායාරූපය.
ඒ ගැන ඔහු Herald Scotland පුවත්පතට කියන්නෙ මෙහෙම.
”මම අරගන්න යන ඡුායාරූපය හරියටම කුරුල්ලා දිය මත පතිතවෙන අවස්ථාවෙ අරගත් එකක් වියයුතු වුණා. ඒ වගේම එහි එක දිය බිඳක් වත් නොසෙල්වී තිබිය යුතු වුණා. මම එක වාරයකට පින්තූර 600 ක් පමණ ගත්තා. නමුත් ඒ එකක් වත් මම බලාපොරොත්තු වුණ ආකාරයේ ඒව නොවෙයි. මේ එක පින්තුරය වෙනුවෙන් මං අරගත්ත සිය දහස් ගාණක් පින්තුර දිහා බලනකොට ඒ වෙනුවෙන් මම කොයිතරම් උත්සහයක් ගත්තද කියන කාරණය හොඳින්ම දැනෙනවා”
වන සතුන් නොයෙක් ආකාරයේ හිංසාවට ලක්කරමින්, කෘත‍්‍රිමව ඔවුන් තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවමින් ඡුායාරූප ගන්න වනජීවී ඡුායාරූප ශිල්පීන් කියාගන්නා පුද්ගලයින් අතරෙ තමන්ට අවශ්‍ය අවස්ථාව ලැබෙන තුරු වසර 6 ක් ඉවසීමෙන් බලා සිටි Alan ගේ ක‍්‍රියාව පැසසිය යුතු එකක්. ඒ වගේම ඔහු මේ ඡුායාරූය ගත් ආකාරය, තමන් කරනා කාර්යය උපරිම සාර්ථකත්වයකින් නිම කිරීමට ගන්නා වෙහෙස, අරමුණක් වෙනුවෙන් කැපවීම පෙන්වා දීමට හැකි උදාහරණයකට සමානයි.

අග්නි තුරුණු වියමන Facebook පිටුව බලන්න
අග්නි පෙබරවාරී මැද කලාපය

No comments:

Post a Comment