AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

මේ කවුද? මොනවද කරන්නේ? නොපවතින මොහොතක ජීවිතය

ජීවිතේ කියන්නෙ මොකද්ද කියල මං හරියටම දන්නෙ නෑ. කොහොම උනත් මං ජීවත් වෙනව එහෙම නැත්තං මට ජීවත්
වෙන්න තියනව.
මං අද මේ කවුද? මොනවද කරන්නේ Article එකෙන් කතා කරන්නෙ අපි ගැන. අපේ ජීවිත ගැන. කාලයට සාපේක්‍ෂව සිද්ධ වුණ සිද්ධ වෙන්න නියමිත වෙනස්කම් ගැන.
‘‘මතකය’’ කියන්නෙත් හරි අමුතු දෙයක්. ජීවිතය ඉස්සරහට යන්නෙ, කාලය අනාගතයට යන්නෙ අපිට අතීතයක්, ඊයෙ දවසක් තිබුණ නිසා. අපේ හෙට දවස තීරණය කරන්නේ, එහි හැඩය නිර්මාණය කරන්නෙ ‘‘ඊයෙ’’ කියන අපිට ආයි කවදාවත් හමුවෙන්නෙ නැති පැය විසිහතර ඇතුලෙ. හැබැයි, ඒ සියල්ල සිද්ධ වෙන මොහොත නොපවතින මොහොතක් ඒ නොපවතින මොහොතට අපි කියන්නෙ ‘‘වර්තමානය’’ කියල. ඒක එක ක්ෂණයක්. ලෝ්්කයේ විතරක් නෙමේ මුලූ විශ්වයේම මේ ‘‘නොපවතින මොහොත’’ ඊයෙ සහ හෙට අතර බෙදෙන රේඛාව, අතීතය සහ අනාගතය අතර ඇති - නැති තැන. පවතින නොපවතින ක්ෂණය. ඉන් අපි සියල්ල උකහා ගෙන අතීතයට ගොඩ ගහනවා. හෙට ගැන දන්නෙ නැති අපි ඊයෙ ආපහු ගන්න බැරි අපි නොපවතින මොහොතක ජීවත් වෙනවා. ඒ නොපතින මොහොතෙදි තමයි අපිට, අපේ ජීවිතවලට හැමදේම සිද්ධ වෙන්නෙ. ආදරය ඇති වෙන්නෙ විරහව දැනෙන්නෙ. Art තියෙන්නෙ වෛරය, අපරාධ මේ සියල්ලම.
මේ මොහොතෙදි අපිට ලැබුන දේවල් අතීතය කියන තැන, මතකය කියන තැන අපි ගබඩා කරනවා. ඊට පස්සෙ අනාගතය shape කරගන්න එහෙම නැත්තං අනාගත හැඩතල තීරණය කරගන්න ඒ මතක යොදා ගන්නවා.
මේ නොපවතින මොහොතක ජීවත් වීමේ අරුමය වෙනම එකක් ! ඔබත් මමත් විඳින්නෙ ඒක. දුක සතුට දෙකම එතන තියනවා. ඒත් ඒ හැමදේම ඉතාම සාපේක්‍ෂයි. කාලයට සාපේක්‍ෂයි.
මට මතකයි මං ගොඩක්ම පොඩි කාලෙ මට තිබ්බ ලොකුම ප‍්‍රශ්නෙ කෑම පෙට්ටියට දාලා තියන පාන් පෙති දෙක තුන ඉවර කරන්නෙ කොහොමද කියන එක. ඊට පස්සෙ කාලය ගතවෙලා යද්දි ඒක ලොකු ප‍්‍රශ්නය උනේ නෑ. ඊට පස්සෙ ප‍්‍රශ්න නැති උනේ නෑ. ප‍්‍රශ්නෙ විතැන් උනා. ඉස්කෝලෙ Report එක අත්සන් කරං යන්න උනාම අම්මට හරි තාත්තට හරි කියල ඒක තමයි ඒ කාලෙ තිබ්බ ලොකුම ප‍්‍රශ්නෙ. මේ විදිහට කාලෙන් කාලෙට අපි අපේ ජීවිතේ වෙනස් කරගන්නවා. අපේ Priority වෙනස් වෙනවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නෙ. මේ මොහොතෙ අතීතය සහ අනාගතය අතර තියන නොපවතින තැනක.
විභාග, පේ‍්‍රම සම්බන්ධතා ණයබර, කලකිරීම්, බිඳ වැටීම් මේ සියල්ලම සිද්ධ වෙන මේ මොහොතේ අතීතයට ගිහාම සමහර විට ඒ මතක විසින් අපිට බලකරනව ජීවත් වෙන්න හෝ නොවෙන්න. සමහර වෙලාවට අපි ඒ සිදුවුණු යම් සිදුවීම් නිසා Suicide කරන්න පොළඹෙනවා. ඒක සිද්ධ වෙන්නෙත් නොපවතින මොහොතක. සමහරු මේ වෙලාවෙදි ජීවිතෙන් පරදිනවා. නැත්තං ජීවත් වෙන එකට නැවතීීමේ තිත තියනවා. ඒක හරිම අපරාධයක්. වෙන මුකුත් නිිසා නෙමෙයි. කාලය විසින් අපි සියදිවි නසා ගන්න හේතුව ඉතාම නොවැදගත් හේතුවක් බවට අනාගතයෙදි පත් කරන්නට නියමිතයි. මොනම හේතුවක් උනත් එහෙමයි. පි‍්‍රයයන් ගෙන් වෙන් වීම්, සදාකාලික සමුගැනීම් මේ ඕනාම දෙයක් අද තියන තැනට වඩා හෙට තියන තැන වෙනස්. ඒක ලෝක ධර්මතාවයක්. ඒ පරාජිත, කලකිරුණු හුදෙකලා මොහොත, ඒ තප්පරයකින් අංශුවක් උන, සමහර විට ඊටත් වඩා කුඩා ඒ වර්තමානයේ මොහොත නිසා අපි ජීවිතයෙන් පරාද වෙන්න ඕන නෑ. අනාගතය ඇතුලෙ තියෙන්න පුලූවන් Magic තියනවා. ජීවිත ඇතුළෙ නොහිතන වෙලාවල් වල පුදුමසහගත දේවල් සිද්ධ වෙන්න ඉඩ තියනවා. අපිට අවශ්‍ය වෙන්නෙ විශ්වාස කරන්න සහ ධෛර්යවන්ත හිතක් විතරයි Illusion එකක් ඇතුළෙ Reality හොයා ගන්න, ඒක අවබෝධ කර ගන්න අපි උත්සහ කරනව නම් අපිට බොහොමයක් දේවල් වෙනස් විදිහට දකින්න පුළුවනි. ජීවිතය කියන ‘‘මාධ්‍යය’’ නැත්නම් Media එක වඩා යහපත් දේවල් අතීතයට එකතු කරන්නත් ඒ අතීත මොහොතවල් තුළිින් අනාගතේ හැඩතල වෙනස් විදි වලට නිර්මාණය කරන්නත් පුළුවනි. ලෝකෙ කිසිම දෙයක් සුබදායීවම තිබිල සතුටින් ඉවර වෙන්නෙ නෑ. දවසෙ පැය විසි හතර උනත් එහෙමයි. භාගයක් කලූවරයි. භාගයක් එළියයි. ජීවිතෙත් එහෙම තමයි. අපි ඇත්තටම ජීවත් වෙන්නෙ වර්තමානයෙ. ඒ කියන්නෙ ඉතාම කුඩා නොපවතින නිමේෂයක. ජීවත් වෙන්න ආදරය කරන්න. වෛර කරන්න, බෙදීම් ඇති කරගන්න හේතු දාහක් තියෙද්දි ආදර කරන්න හේතුවක් හොයා ගන්න. වැළඳ ගන්න මොහොතක් අතීතයට එකතු කරන්න. සැනසෙන්න සනසන්න, ආදරය කරන්න, සතුටු වෙන්න, සැහැල්ලූ වෙන්න. එතකොට ඒ ආදරය, සැහැල්ලූව අතීතයට එකතු වෙලා අනාගත හැඩ තල නිර්මාණය කරනවා. අනාගතය තුළටත් ඒ ආදරණීය ගුණාංග එකතු වෙනවා. ඊයෙ හෙට අතර නොපවතින මොහොත දීප්තිමත් වෙන්නෙත්, ලස්සන වෙන්නෙත් එතකොට. මුලූ ලෝකයටම මුලූ විශ්වයටම ඒක ගලාගෙන යනවා. ලබන කලාපයෙන් හමුවෙමු.
ජීවත් වෙන්න. පුදුම සහගත සුරංගනා කතා විශ්වාස කරන්න. ඕනම දෙයක් විය හැකි මොහොතවල් අනන්තයක් අපි ඉස්සරහ තියනව. ඒ මොහොතවල් ලස්සන කරන්න. ආදරණීය කරන්න. විශ්වයටම ඔබේ පැවැත්ම වැදගත්, සුබදායි එකක් කරන්න.
ආදරෙයි!

චරිත් සේනාධීර







 2020 ජනවාරි මුල් කළාපය 

අග්නි තුරුණු වියමන Facebook Page 

No comments:

Post a Comment