AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Thursday, May 21, 2020

විචිත‍්‍රවත් කඳුළු බිංදුව ෆී‍්‍රඩා කාලෝ
Frida Kahlo 1907-1954
ෆී‍්‍රඩා කාලෝ ලෝකයේ ජනපි‍්‍රයම කලාකාරිනිය ලෙස ඇගයීමට ලක් වන්නේ ඇගේ මරණයෙන් වසර 40 කට පමණ පසුවය.
පාලූව, කාන්සිය, බිඳවැටීම්, හිත් රිදීම් මෙන්ම ජීවිතයේ හිස් බව ඇගේ කැන්වසය මත විචිත‍්‍රවත්ව විසිරිණි. ‘‘මා සිහින සිතුවම් නොකරමි. මේ ඔබ දකින්නේ ජීවිතයේ යථාවයි.’’ ෆී‍්‍රඩා වරෙක තම චිත‍්‍ර පිළිබඳ පැවසුවාය. තව වරෙක ඇය පැවසුවේ ඇය පාලූවෙන්, තනිකමින් ජීවත් වන බවයි. ඇගේ චිත‍්‍ර තුල ඒ පාලූවේ සෞන්දර්ය ගැබ් වී තිබිණ. ඇගේ ජීවිතය සහ සම්බන්ධතාත් ඈ පෙළෙන සිතුවිලිත් අව්‍යාජ ලෙස ඈ සිතුවම් කලාය.

ෆී‍්‍රඩා චිත‍්‍ර ශිල්පිනියක වීම කෙරෙහි ඍජුව බලපෑ කාරණා කිහිපයක් ඇගේ ජීවිතය තුලින් සොයාගත හැකිය. ඉන් මූලිකවම වයස දහ අටේදී ෆී‍්‍රඩා මුහුණ දෙන මාරක රිය අනතුරත් පසුව ඩියේගෝ රිවේරා නම් ප‍්‍රසිද්ධ චිත‍්‍ර, බිතුසිතුවම් ශිල්පියා සමඟ වන විවාහයත්, ෆී‍්‍රඩාට දරු ගැබක් දරා ගැනීමට තිබුණු බාධකත් හඳුනා ගැනීමට පුළුවනි. ෆී‍්‍රඩා ද මේ කාරණා ති‍්‍රත්වය සහ ඇගේ නිර්මාණ අතර සහසම්බන්ධය පිළිබඳ කියා තිබුණාය.
1907 දී ජූලි 06 වන දින මෙක්සිකෝවේදී ෆී‍්‍රඩා උපත ලබන්නීය. මග්දලේනා කාමන් ෆී‍්‍රඩා කාලෝ, මැටිල්ඬේ කැල්ඩෙරොන් සහ ගයිලෙමර් කාලෝගේ දියණියකි. තවත් සොයුරියන් තිදෙනෙක් සහ කුඩා කළ දීම මෙලොව හැර ගිය සොහොයුරෙක් ෆී‍්‍රඩාට සිටියාය.
පසු කළෙක ඇය විසින්ම හඳුන්වා දෙන්නේ ඇය 1910 යේ ජූලි 06 වන දින උපත ලද බවයි. ඒ ඇය ගේ නියම උපන් දිනය අසුබ යැයිද වසර 03 කින් තරුණ වීමටද සිතූ නිසාය.
ෆී‍්‍රඩා වයස දහඅටේදී, එනම් 1925 දී මාරක රිය අනතුරකට මුහුණ දෙන්නීය. සිරුරේ අස්ථි බොහොමයක් බිඳී මාස ගණනක් එක් තැන් වන්නටත් මිය යන තුරුම ශල්‍යකර්ම තිහක් පමණ සිදු කිරීමට හේතු වන්නේත් මේ රිය අනතුරයි. මේ අනතුරින් ඉතා මන්දගාමීව සුවය ලබමින් සිටි ෆී‍්‍රඩාට කාලය ගත කිරීමට ඇගේ මව චිත‍්‍ර අඳින උපකරණ, පින්සල් හා වර්ණ ගෙනැවිත් දෙන්නීය. ඊට පෙර ෆී‍්‍රඩා චිත‍්‍ර ශිල්පය පිළිබඳ වැඩි උනන්දුවක් දක්වා තිබුණේ නැති තරම්ය. මේ කාල තුල දී ෆී‍්‍රඩා ඇගේ පළමු සුවිශේෂී නිර්මාණය සිතුවම් කරන්නේ ඇගේ පෙම්වතාට තිලිණයක් ලෙසිනි. ඒ වෙල්වට් ගවුම ඇඳ සිටින ඇගේම ‘ස්ව’ රූපයකි. ඇගේ නිර්මාණ අතර ‘‘ස්වකීය රූප චිත‍්‍ර’’ නිර්මාණ කැපී පෙනෙන්නට ඇති අතර වරෙක ඇය මෙසේ සඳහන් කර තිබුණාය.
’‘මගෙ ම පින්තූරයක් මං ඇඳල දුන්නෙ ඔයාට මාව අමතක නොවෙන්න.’’
කුඩා කල සිටම පෝලියෝ රෝගයේ ගොදුරක් ව උන් ෆී‍්‍රඩා පසු කලෙක ඉන් ලද පීඩනය සහ මානසික බිඳ වැටීම් ද ස්වකීය කැන්වස මත විසිරුම් හැරියාය. බිඳුණු අස්ථි සහිත සිරුරක්ද පෝලියෝ රෝගයෙන් පෙලූණු දුර්වල කකුලක්ද ඈ සතු වීම ක‍්‍රමයෙන් ෆී‍්‍රඩාගේ ඇයටම ආවේනික වූ අඳින - පළඳින රටාවක් ඇති වීමට බලපෑවාය. දිගු සායවල්, විවිධ කොණ්ඩා සැකසුම් මෙන්ම ෆී‍්‍රඩා සතුවූ නිදහස් බවත් සිත් ගන්නා සුළුබවත් දක්‍ෂතාවයත් ෆී‍්‍රඩා විශේෂිත චරිතයක් බවට ගොඩ නගමින් තිබුණි. පසු කලෙකදී එනම් ෆී‍්‍රඩාගේ වයස වසර විස්සක් පමණ වන විට ඇයට ඩියේගෝ
රිවේරා නම් චිත‍්‍ර ශිල්පියා මුණ ගැසෙයි. තරුණ විය තුල දිලිසෙමින් සිටි ෆී‍්‍රඩාට වඩා ඩියේගෝ වයසින් ඉතා වැඩිමහලූ වුවද, මින් පෙර විවාහ වී දරුවන් සිටි කෙනෙක් වුවද ෆී‍්‍රඩා ඩියේගෝ විවාහ කර ගන්නට තීරණ කලාය. සුප‍්‍රසිද්ධ චිත‍්‍ර ශිල්පියෙක් වූ ඩියේගෝ රිවේරා විවාහා කර ගැනීම ෆී‍්‍රඩා තුලම විශේෂිත හැඟීමක් ඇති කර තිබුණි. ඒ 1929 දීය. ෆී‍්‍රඩා ගේ නිර්මාණ කෙරෙහිද ඩියේගෝ රිවේරාගේ බලපෑමක්, උනන්දු කිරීමත් පැතිරෙන්නට විය. මේ විවාහය තුල ෆී‍්‍රඩාගේ කුස පිළිසිඳ ගනු ලබන දරු කළල වරක්, දෙවරක්ම විනාස වීම ෆී‍්‍රඩා ගේ මනාසිකත්වයට අහිතකර ලෙස බලපෑවාය. ඈ ඉන් කම්පනය වූවාය. 1932 දී මෙවැනි ගබ්සාවකට මුහුණ දුන් අතර ඒ වසරේදීම ඇගේ මව මිය යන්නීය. මේ කාල පරිච්ෙඡ්ද තුල ෆී‍්‍රඩා ඩියේගෝ ගේ චිත‍්‍ර නිර්මාණ සඳහා ඇමරිකාවටත් මෙක්සිකෝවටත් වරින් වර සංචාර කලාය. 1939 දී ෆී‍්‍රඩා - ඩියේගෝ විවාහය දෙදරා යන අතර නැවතත් ඔවුන් දෙදෙනා 1940 දෙසැම්බර් 08 වන දින ඇමරිකාවේදී විවාහ වන්නේ ඩියේගෝ 54 වන උපන්දිනය යෙදී තිබූ දවසේදීය.
මේ කාලය වන විටදී ෆී‍්‍රඩා කාලෝ චිත‍්‍ර ශිල්පිනියක වශයෙන් නමක් දිනා ගෙන තිබූ අතර ෆී‍්‍රඩාත් ඩියේගෝට ඔවුන්ට ආවේනික ස්වාධීන දිවියක නිරත වූහ. වෙනත් ආදර සබන්ධතා, මත්පැන් දෙදෙනාගේම ජීවිත වල කොටස් වූහ. 1941 දී ෆී‍්‍රඩාගේ පියා මිය යන අතර ඇය ඉන් කම්පාවට පත් වූ බව ෆී‍්‍රඩා ඇගේ මිතුරෙකුට යැවූ ඡුායාරූපය සඳහන් කරන්නේ එහි කඳුළු බිඳු කීපයක් අඳිමිනි. තවද ෆී‍්‍රඩා ස්වකීය චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් සඳහා නිර්මාණ රැුස් කරමින් සිටි අතර එහිදී ඇය විසින්ම ඇයව හඳුන්වනු ලබන්නේ ‘‘බිඳෙන සුළු දෙයක්’’ වශයෙනි. ඒ ඇගේ සිරුරම පමණක් නොව සිතද හදවතද ඒ තුලට ගොනු කරමින් බව ඇගේ නිර්මාණ පරිහරණයේදී අපට පැහැදිලි වෙයි.
වේදනා, බිඳීම්, පැටළිලි අතරින් කාලය ගලා යද්දී ඇගේ පෝලියෝ රෝගයත්, ඈ මුහුණ දුන් අනතුරේත් අඳුරු සෙවණැලි ඇය තුල වර්ධනය වූවාය. ඇගේ සෞඛ්‍යය තත්වයන් එන්න එන්නම දුර්වල අතට ගමන් කරමින් තිබුණාය. 1948 - 1950 පමණ වන විට තත්වය නරක අතට හැරෙමින් තිබූ අතර මෙක්සිනෝවේ ප‍්‍රධාන රෝහලක නැවතී ප‍්‍රතිකාර ගැනීමට ෆී‍්‍රඩාට සිදුව තිබුණි. තනිකම, පාලූව වේදනාව තව තවත් ඇගේ නිර්මාණ තුල ගැඹුරට විහිදී යන අයුරු පෙනෙන්නට විය. විවිධ ඖෂධ, මත් පැන් සහ රෝගී සිත තවදුරටත් ෆී‍්‍රඩා දුර්වල කලාය. 1954 ජූලි 13 වන දින ෆී‍්‍රඩා කාලෝගේ ප‍්‍රාණ නිරුද්ද වූ නිසල සිරුර ඇගේ කාමරයේ ඇඳ මත නිසලව වැතිර තිබුණු අතර ඇගේ දින පොතේ අවසාන සටහන ලෙස මිය යන්නට පෙර ඇය මෙසේ ලියා තිබුණාය.
‘‘සතුටුදායක සමුගැනීමක් පතමින් හිඳිමි. යළිත් මෙහි පැමිණෙන්නට බලාපොරොත්තුවක් නොවෙමි.’’

(Salmon Grimterg f.a Frida Kaulo ග්‍රන්ථය ඇසුරිනි...)

චරිත් සේනාධීර 









අග්නි තුරුණු වියමන Facebook පිටුව බලන්න
අග්නි පෙබරවාරී මැද කලාපය 

No comments:

Post a Comment