AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

ඔස්ටේ‍්‍රලියාව ගිනි ගනී


ගිම්හාන ඍතුවේ ලැව් ගිනි ඇතිවීම ඔස්ටේ‍්‍රලියාවට එතරම් අහඹු සිදුවීමක් නොවේ. එහෙත් මෙවර ගිම්හානය ඔස්ටේ‍්‍රලියාවට
උදාකළේ දැඩි අවාසනාවන්ත ඉරණමක්. උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්ම වූ දින ගණන් අන් කවරදාකටත් වඩා වැඩියි. පසුගිය සැප්තැම්බරයේ සිට මේ දක්වා වනාන්තර ගිනිගැනීම සිදු වුණ අතර එයින් මේ වන විට ඇති වී තිබෙන හානිය ඉතාම ඉහළයි. මිනිස් ජීවිත 17ක් දැනටමත් මේ ගින්නට බිලිවෙලා. වනාත්තරවල ජීවත් වූ සතුන් බිලියන භාගයක් පමණ ජීවතක්ෂයට පත් වෙලා. කොතරම් සංවර්ධිත රාජ්‍යයක් වුණත් තවම මේ ගින්න පාලනය කරගැනීමට ඔස්ටේ‍්‍රලියාව අසමත්. මේ ගින්න තවත් පැත්තකින් දේශපාලන ගින්නක් බවටත් පරිවර්තනය වෙන පෙරමඟ ලකුණු පෙන්න තියෙනවා. පාලක ලිබරල් පක්ෂය දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමට සහ කාබන් විමෝචනය අඩු කිරීමට ප‍්‍රමාණවත් පියවර නොගැනීමත් කම්කරු පක්ෂය බලයේ සිටිය දී ඒ වෙනුවෙන් දියත් කළ ව්‍යාපෘතීන් නවතා දැමීමත් නිසා මේ තත්වය වර්ධනය වී ඇති බවට ලිබරල් පක්ෂයට දැන් චෝදනා එල්ල වෙනවා.
තත්වය කොහොම වෙතත් මෙය සමස්ත මානවයාගේ හෙට දිනය වෙනුවෙන් එල්ල වුණු මරු පහරක්. ගිය වසරේ ඇමසන් වනාන්තරයේ කොටසක් මේ ආකාරයෙන්ම ගින්නෙන් දැවුණු අතර එවැනිම ගින්නකට කොංගෝ වනාන්තරයත් මැදිවූණා.

2020 ජනවාරි මුල් කළාපය 
අග්නි තුරුණු වියමන Facebook Page 




No comments:

Post a Comment