AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

ටෙලියක් වෙනුවෙන් රැවුල කපන්න කම්මැලියි...

රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලෙන් පස්සෙ ඔබ ෆේස් බුක් එකට සටහනක් ලියනවා . ඒක පොඩි ස්තූති සටහනක්. මේක දැක්කම අහන්න හිතුණු ප‍්‍රශ්නයක් තියෙනවා. කූඹියෝ කියලා ටෙලිනාට්‍යයක් හැදුණේ නැත්තම් කලණ ගුණසේකර කියන නලූවට මොකද වෙන්නෙ..?

ඒ නලූවා නෑ. කූඹියොත් එක්ක ආපු නලූවා නෑ. උඹලා අපි දන්න රඟපාගෙන පැත්තකට වෙලා ඉන්න නලූවා ඉන්නවා. කූඹියෝ හරහා සෑහෙන්න ජනප‍්‍රියත්වයක් ඒ නලූවට ආවා. කූඹියෝ නැත්තම් ඒ ජනප‍්‍රිය නලූවා නෑ.

ඒ ජනප‍්‍රිය නලූවට කැමතිද.? වෙන විදියකින් ඇහුවොත් ඒ තරුගුණේට කැමති ද..?"

ඒක මට වෙලාවකට කරදරයක්. වෙලාවකට ආසයි. අපි වේදිකාවේ ගොඩක්කල් කට්ට කාගෙන ඇවිල්ලා අපි එළියෙ බාහිර දේවල් දකිනවා. අපි සමාජය ආශ‍්‍රය කරනවා ඒ යනකොට අපිට මිනිස්සු හම්බවෙනවා. කතා බහ කරනවා. ආදරය කරනවා. ඒකෙ පොඩි ආතල් එකක් තියෙනවා. ඒ ආතල් එකට වශී වෙන්නෙ නෑ. ඒත් සමහර තැන්වලදී මේකට අකමැතී. වෙලාවකට අපි පාඩුවේ ඉන්න දඟලන එකක් ඇතුළෙ වෙලාවකට කරදයක් වෙන එකක් තියෙනවා. ඒ කොහොම වුණත් ඒ කරදරේ ඉවසන්න වෙනවා රඟපාන සබ්ජෙක්ට් එක ඇතුළට බැස්සම. සමහර දේවල් පත්තු වෙනවා. සමහර දේවල් පත්තු වෙන්නෙ නෑ. කූඹියෝ පත්තුවුණා. ජනතාව ඒවා ගැන කතා කරනකොට ආසයි. හැබැයි මම ප‍්‍රියන්ත මහඋල්පතගම නෙමෙයි කියන එක ජනතාවට තේරුම් කරවන්න මට වෙලාවක් නෑ. ඒක ඔවුන් තේරුම් ගන්න ඕනේ.

තරුගුණය මේන්ටේන් කරන්න උත්සාහ කරනවද..?

මට නම් ඕක මේන්ටේන් කරන්න ඇත්තටම බෑ. අපි වැඩක් කරත් බොහොම පොඩි බජට් වලට වැඩ කරන්නෙ. අනික මේක තරුගුණයක් මේන් ටේන් කරන්න පුළුවන් රටකුත් නෙමෙයි. තරු ගුණය මේන්ටේන් කරනවා කියන්නෙ සෑහෙන්න වියදමක් යන වැඩක්. මට නම් ඒක කරන්න බෑ.

නලූවෙක් විදියට මෙච්චරකල් රඟපාපු චරිත එක්ක දේශපාලනිකව එකඟ වෙන්න පුළුවන් ද...?

තාම පුලූවන්. නලූවෙක් විදියට අපිට හිතන්න පුලූවන් කාරණා කිහීපයක් තියෙනවා චරිතයක් කරද්දී එකක් තමයි අපි හිතමු මේ චරිතය වමේ චරිතයක්. එතකොට අපි ආසයි. ඒ වගේම අපිට හම්බවෙනවා වෙන පැත්තක සල්ලිත් එක්ක ජීවත් වෙන වෙන විදිය කාලකණ්ණී ජීවිතයක් ගත කරන චරිතයක්. මං හිතනවා ඔය දෙවැනි චරිතය කරන එක තමයි මාර. මොකද ඒ චරිතය මිනිස්සුන්ට එපා වෙන්න කරන්න පුළුවන් නම් මිනිස්සු බරගාණකට ඒ විදියෙ ඇත්ත චරිත එපා වෙනවා. හැබැයි ඒ චරිතය මිනිස්සුන්ට එපා කරවන්න බෑ නලූවට දේශපාලනික දැක්මක් නැත්තම්.

රඟපාපු චිත‍්‍රපට කීයක් තාම එළියට ආවේ නැද්ද?

අටක් නමයක් විතර තියෙනවා එළියට එන්න. ඒ හැම එකක් ම ප‍්‍රධාන චරිත කරපුවා. තව රඟපාන්නත් චිත‍්‍රපටි තුනක් විතර තියෙනවා.

කලණ ගුණසේකරව අපිට මුලින්ම හම්බවෙන්නෙ වේදිකා නාට්‍ය ඇතුළෙ. නලූවෙක් විදියට වැඩ කරන ගමන් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකයෙක් විදියට ඔබ වැඩ කරනවා. ඒත් දැන් ඒක අතඇරලා ඇයි ඒ...?

අධ්‍යක්ෂණය කියන එක මං එක වෙලාවක අතඇරලා දැම්මා. වේදිකා නාට්‍ය විතරක් නෙමෙයි මම සින්දු විෂුවල්, ෂෝට් ෆිල්ම් ඒවත් කරානේ. එක මොහොතක මට හිතුණා ඒ ඔක්කොම ටික කාලෙකට අතඇරලා රඟපාන එක විතරක් කරනවා කියලා. මට නිකන් එහෙම හිතුණා. මොකද ඒ සබ්ජෙක්ට් එකත් අපිට හදාරගෙන යනකොට අහුවෙන දේවල් ටිකක් තියෙනවා. ඒක නලූවෙක් විදියටයි මිනිහෙක් විදියටයි දෙකටම වටිනවා. ඒ නිසා ඒ හැදැරීම තාම කරගෙන යනවා. හදාරනවා කියලත් මහ ලොකු දෙයක් කරන්නෙ නෑ. එක එක චරිත හරහා මිනිස්සුන්ගේ ජීවිත අස්සට ටක් ටක් ගාලා බහිනවා.
කලණ ගුණසේකරගේ කොණ්ඩෙටයි
රැවුලටයි ලකී ඩයස්ගේ රැවුලට වෙච්ච වැඬේ වෙයිද...?
ඒ කිව්වෙ...?

ලකී ඩයස්ව රැවුල නැතුව අපි දැක්කෙ නෑ. කලණ ගුණසේකරවත් හැමදාම දකින්න වෙන්නෙ ඔය කොණ්ඩෙ රැවුල එක්කද...?

මං රැවුල නැතුව ඇක්ට් කරපුවා තියෙනවා. තට්ටෙ ගාලා ඇක්ට් කරපු ෆිල්ම් එකක් තියෙනවා. වැඬේ තියෙන්නෙ මගේ ෆිල්ම් ටික එන්නෙ නැතුව ඒ ගැන කතා කරන්න විදියක් නෑනේ.
ටෙලි නාට්‍යවල නම් දිගටම වගේ පෙනුනේ එකම විදියට රැවුල කොණ්ඩෙ තියෙන නලූවව.
මට ටෙලිනාට්‍යයක් වෙනුවෙන් රැවුල කපන්න කම්මැලී. මොකද ටෙලිනාට්‍ය හුගක් ඒවා සීරියස් නෑ. ඒවා කරන උනුත් සීරියස් නෑ. කූඹියෝ සහෝදරයෝ වගේ එකක් දෙකක් ඇරුණුම අනිත් ගොඩක් ඒවා සහ ගොඩක් අය සීරියස් නෑ. එහෙම එකක අපි සීරියස් වෙලා කිව්වොත් රැවුල කපන්නම් වගේ එවා අපි නිකන් ජෝක් වෙනවා.

ඔබ නලූවෙක් වගේම ලේඛකයෙක්. ලියපු චිත‍්‍රපටි කීයක් තියෙනවද පෝලිමේ.?

ලියපු ඒවගෙන් ෂූට් කරපුවා තියෙනවා 2ක්. අයිස්ක‍්‍රීම්, කියන එකයි සූස්ති කියන එකයි. තව ෂූට් කරන්න බලාගෙන ඉන්න ඒවා තියෙනවා 6ක් විතර. මෙතැන්දි කියන්නෙ ඕනේ අපි රචකයෝ නෙමෙයි. ලෝකයේ රචකයෝ කියන ගොඩට අපිව ගිහින් දැම්මොත් අපිට ඒ ළඟට යන්නත් සෑහෙන්න කාලයක් ගතවෙනවා. මොකද ඒක වෙන විෂයක්. අපිට ඒකෙ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. අපි මතවාදීව දේවල් ටිකක් අහුලගෙන තියෙන නිසා අපි යම් යම් දේවල් ලියනවා. ඒ මිසක් අපි රචකයෝ නෙමෙයි. මං විස්වාස කරනවා ලංකාවේ රචකයා තව සෑහෙන්න බිහිවෙන්න ඕනේ. ඉතිහාසෙ ඉඳලා ගත්තම රචකයෝ ඇතුළෙ තමයි සෑහෙන්න වැඩකොටසක් තිබිලා තියෙන්නෙ. ටෙලිනාට්‍ය ගත්තත් සිනමාව ගත්තත් ඒක එහෙමයි. ඒ රචකයන් ටික ටික දියවෙලා මං වගේ රචකයෝ බවට හෙමින් සැරේ ඒක පත්වේ ගෙන යනවා.

ඒ කියන්නෙ ඔබට විස්වාස නැද්ද ඔබ ලියන දේ....?

මම ලියන එක සම්බන්ධව මට හොඳටම විස්වාසයි. මට රචකයන් සම්බන්ධව විස්වාසයක් නෑ. ඒ නිසා තමයි මම ලියන්න පටන් ගත්තෙ.

ගිය අවුරුද්දෙ ‘මූසිලයා’ කියලා කවි පොතකුත් ලිව්වා නේද...? මොකද පොතට වුණේ..?

පොත දැන් ජනගත වෙලා ඉවරයි. ඒක කියවපු සෑහෙන්න පිරිසක් ඉන්නවා. විශේෂයෙන් මම හිතන්නෙ නැති පිරිසක් හිතන්නෙ නැති තැන්වලදී මට හම්බවෙලා පොත ගැන අදහස් පළ කරලා තියෙනවා. ඒක ඇතුළෙ තියෙන්නෙ වෙන පොලිටිකල් කතාන්දරයක්. ඒ කතාන්දරේ කිසිම දේශපාලන පක්ෂයක් ගත්තෙත් නෑ. කිසිම පක්ෂයක් ගන්න අවශ්‍යත් නෑ එකඅතට. මම ඒක ඇතුළෙ ස්වාධීන මගේ මතකයක් ඉදිරිපත් කරා. ඒක කියවලා මහා ලොකු කථීකාවක් හැදුණේ නෑ. පුද්ගලිකව කියවපු එවුන් මචං හොඳයි කිව්වා. එච්චරයි ඉතින්.

කතාබහ

අසංක සායක්කාර







  2019 දෙසැම්බර් මැද කළාපය  
  අග්නි තුරුණු වියමන Facebook Page 

No comments:

Post a Comment