AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

මයිනන් සියදිවි නසා ගැනීමට පෙර...

මගේ ගෙදරට ඉස්සරහ ගෙදර කට්ටිය කූඩුවක දාගෙන මාල ගිරවෙක් ඇති කරනවා.
ගිරවටම කියලා හැමදාම කෙසෙල් ගෙඩි, ගස්ලබු, අඹ ගේනවා. ගිරා කූඩුව නිතර පිරිසිදු කරනවා. ළ`ගදි ඒකේ අලූතෙන් තීන්තත් ගෑවා. වතුර කෝප්පෙ හැමදාම උදේට හෝදලා අලූත් කරනවා. ගිරවට වහලා ඉන්න පැද්දෙන වළල්ලක් පවා කූඩුව ඇතුළේ එල්ලලා තියෙනවා.
මං අපේ ගෙදර මිදුලේ ඉඳලා ඒ ගිරවා දිහා බලා ඉන්නවා සමහර වෙලාවට. ඌ කූඩුවේ ඉන්නවා. ඔහේ කොහේ හරි ඈතක ඇස් රන්දගෙන බලාගෙන ඉන්නවා. එක තැන ඉඳගෙන බලාගෙන ඉන්නවා ඇරෙන්න ඌට ඒ කූඩුව ඇතුළේ වෙන කරන්න දෙයක් නැහැ. තමන්ට අත්තටු කියලා දෙයක් තියෙන බවවත් ඒ ගිරවා දන්නෙ නැතුව ඇති. ඒ ගෙදර පොඩි ළමයි දෙන්නා නිතර කූඩුව ළගට ඇවිත් ‘පෙත්තප්පු බත් කෑවද’ කියලා හරි හුරතලේට අහනවා මට ඇහිලා තියෙනවා. මං දැකලා තියෙනවා ඒ ගෙදරට කවුරුහරි අමුත්තෙක් ආවහමත් ඒගොල්ලො ඒ ගිරා කූඩුව ළ`ගට එක්ක ගිහින් පෙන්නනවා. ඒ මිනිස්සු ගිරවා ගැන ඉන්නේ හරි සතුටින්. ආඩම්බරෙන්. ඌට ‘බත් කෑවා බත් කෑවා’ කියන්න පුළුවන්ලූ නියමෙට. තමන් ගිරවාට ඉතා හොඳ සත්කාර ලබාදෙමින් කාරුණිකව බලා ගන්න එක ගැන එයාලා ඉන්නේ තමන් ගැනම සතුටින්.
හැමදාම හවසට වෙල පැත්තෙ ඉඳලා මාල ගිරවු ?නක් පියාඹගෙන එනවා ඒ කූඩුවේ ඉන්න ගිරවට කතා කරන්න. ඒගොල්ලො කූඩුව වටේ පියාඹ පියාඹ කෑ ගහනවා. මං දැකලා තියෙනවා සමහර ගිරවු කූඩුවේ යකඩ කූරුවල එල්ලීගෙන අර ගිරවට කතා කරනවා. ඒ වෙලාවට ඒ ගෙදර අය කූඩුවේ ඉන්න ගිරවට හුරතලෙන් කියනවා,‘පෙත්තෝ, මෙන්න ඔයාව බලන්න යාළුවෝ රංචුවක්ම ඇවිල්ලා’ කියලා. මට ඒක බලාගෙන ඉන්නකොට මහා සාංකාවක්, දුකක්, අපහසුතාවක් දැනෙනවා. මං දවසක් ඒ ගෙදර අංකල්ගෙන් ඇහුවා ඇයි ඒ ගිරවව කූඩුවේ දාගෙන ඉන්නේ, පව් සිද්ධ වෙනවානේ කියලා. ඒ අංකල් ඉතා සැදැහැවත් උපාසක මහත්තයෙක්. පෝයට සිල් ගන්නවා. වෙළ පල්ලෙහා තියෙන සල් ගහකින් හැමදාම සල් මල් කඩාගෙන ඇවිල්ලා අහළ පහළ බුදුන්වඳින ගෙවල්වලට දෙනවා. මං හිතුවා පව් සිද්ද වෙන කතාව ගත්තොත් මට ඒ ගිරවට නිදහස් වෙන්න උදව් කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් අංකල් කිව්වා, ගිරවා පුංචි කාලේ ඉඳලම හිටියේ කූඩුවේ නිසා, දැන් ඌට පියාඹන්න බෑ. එළියට දැම්මොත් අනිත් ගිරවු කොටනවා, තනියම කෑම හොයාගන්නත් බෑ කියලා. ‘අනික මෙයා අපි එක්ක හරි සතුටින්නෙ ඉන්නේ, අපේ ළමයි මෙයාට පණ ඇරලා ආදරෙයි, මෙයත් ඒගොල්ලන්ට හරි ආදරෙයි. අපි මෙයාට අපේ දරුවෙකුට වගේ සලකනවා පුතේ’
‘අංකල් ගිරවා කියන්නෙ කුරුල්ලෙක්. ස්වභාව ධර්මය කුරුල්ලව හදලා නිර්මාණය කරන්නෙම පියාඹන්න. පියාඹන එක තමයි එයාගේ ආත්මය. ඉතිං කුරුල්ලෙක්ව කූඩුවක් ඇතුළේ තියාගෙන ඉන්න එක ලොකු අපරාධයක්. ජාති ජාතිත් ගෙවන්න වෙන පවක්’
මං එහෙම කියලා හැරිලා ආවා. මං එනකොට එයා කිව්වා ‘මූව එළියට දැම්මොත් අනිත් කුරුල්ලො කොටලා මරලා දාවි. ඒක ඊට වඩා පව්කාර කමක්නෙ කියලා.’
මං ආයත් හැරිලා කිව්වා ‘ඒ අංකල් මෙයාව තමන්ගෙ සන්තෝසෙ වෙනුවෙන් කූඩුවේ තියාගන්න හදාගත්තු නිදහසට හේතුවක් මිසක් ඇත්ත නෙමෙයි. අනිත් එක, මෙයාට උරුම අහස, ගස් කොළං, හුළඟ.......නිදහස අත්විඳලා මැරුණත් මොකද? මේ විදියට තට්ට තනියම අඩියක දෙකක කූඩුවක දාගෙන ඉන්න එක සහගහන අපරාධයක්’ කියලා.
සතියකට විතර පස්සෙ මං දැක්කා අංකල් අඩි 4, 3 විතර ලොකු කූඩුවක් හදලා, තව ගිරවෙක් ගෙනල්ලා ඒකට දාලා තියෙනවා මට කතා කරලා කිව්වා ‘අර ගිරවට දැන් පාළුවක් නෑ පුතේ, අපි තව එක්කෙනෙක් ගෙනාවා’ කියලා. ඒ වෙලාවේ මගේ බඩ කැකෑරිලා හුස්ම හිරවුණා වගේ වුණා.
මට මතකයි මං කැම්පස් එකේ ඉන්න කාලේ යාළුවෙක් කිව්වා එයා දැකලා තියෙනවා කියලා, අල්ලපු ගෙදර කූඩුවක හිටපු මයිනෙක් දිවි නසා ගන්න හදනවා. ඌ එක දිගටම කූඩුවේ යකඩ බාර්වල ඔලූව හප්පගන්න පටන් ගත්තලූ. දවස් හතරකින් ඒ මයිනා කූඩුවේ මැරිලා හිටියලූ. එදා ඒ කතාව ඇහුවාම මගේ හිතට දැනුණු වේදනාව තාමත්, කූඩුවල ඉන්න සත්තු, දම්වැල්වලින් බැඳපු සත්තු දැක්කාම මට ඒ විදියටම දැනෙනවා. තව කෙනෙක්ව හිර කරගෙන තියාගැනීම, තමන්ගේ සතුට වෙනුවෙන් පාවිච්චි කිරීම, මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන්ම තියෙන තිරිසන් ස්වභාවයක්.
මං ගිය අවුරුද්දේ දවසක මගේ පුතාත් එක්කගෙන ගියා කඳාන පැත්තෙ Nature Theme Park පාක් කියලා කියන එකකට. ඒකේ මිනි සත්තු වත්තකුත් තියෙනවා. ඒ සත්තු වත්තේ සත්තු කූඩු කරලා තියෙන විදිය දැක්කාම අපි මොන ජාතියක මිනිස්සුද කියලා මට හිතුණා. ඒ සත්තුන්ගේ මූණු වල තිබ්බ අන්ත අසරණ බැල්ම අමතක කරන්න අමාරුයි. මට දරාගෙන ඉන්නම බැරිවුණා, අපි දිහා අන්ත අසරණ විදියට බලා හිටපු රිලවෙකුගේ බොර පාට ඇස් දෙක. ඌව දාලා තිබුණේ, යන්තං අඩි දෙකක් විතර උස පළල දිග කූඩුවක උගේ එක කකුලක් දම්වැලලකින් බැඳලා. උගේ ඇස් දෙකෙන් කියවුණේ ඌට පිස්සු හැදීගෙන යනවා වගේ.
උත්ප‍්‍රසාය තමයි ඒ කූඩු අස්සෙම තැනින් තැන, රහතුන් වහන්සේලාගේ, පසේ බුදුවරුන්ගේ, එහෙම පිළිම හිටවලා තිබීම.
කූඩු කියන්නෙ ආරක්ෂාව,
රැකවරණය, පරිස්සං කිරීම වෙනුවෙන් පාවිච්චි කරන ක‍්‍රමයක් විදියට අර්ථ ගන්වන්නෙ කූඩුවල අයිතිකාරයො මිසක් කූඩු ඇතුළෙ ඉන්න ජිවීන් නෙමෙයි. භෞතිකව කූඩුවල නොසිටියත්, මිනිස්සු විදියට අපි බොහෝ දෙනෙකුත්, තව කාගේ හරි අතේ යතුර තියෙන කූඩුවල තමයි ඉන්නේ. අදහස් කූඩු, සිතුවිලි කූඩු, ආශා කූඩු, ප‍්‍රාර්ථනා කූඩු. එක එක විදියට අපිව කූඩු කරලා. මං දන්න හුගක් තරුණ තරුණියො ආදර කූඩු හදාගෙන කැමැත්තෙන්ම ඒවා ඇතුළට ගිහිල්ලා හිරවෙනවා. හැබැයි කූඩුවක කාටවත් සතුටෙන් ඉන්න බෑ. ගෑණු ළමයෙක් හරි පිරිමි ළමයෙක් එක්ක හරි යාළු වුණාම, ආදරේට කියලා අනිත් මනුස්සයා කරගෙන ආපු, කරන්න කැමති, ඒත් තමන් අකමැති, තමන්ට තේරෙන්නෙ නැති, වැඩිය ආස නැති, තමන්ට වටින්නේ නැති දේවල් සේරම නවත්තන්න කියනවා. අඳින ඇඳුමේ ඉඳලා, කතාකරන වචන දක්වා, ටි‍්‍රප් යෑමේ ඉඳලා, ආසුරු කරන්නෙ කවුද කියන එකේ ඉඳලා, හිනාවේ සද්දෙ දක්වා යකඩ කූරු ගහනවා. ඊට පස්සේ ඒ කූරු අස්සෙන් පෙම්වතා හෝ පෙම්වතිය දිහා බලලා,‘මං මේ හැමදේම කරන්නෙ ඔයාට ආදරේ නිසා. ඔයා මගේ නිසා. මට ඔයාව පරිස්සං කරගන්න ඕනේ නිසා. ඔයාට ලෝකෙටත් වැඩිය ආදරෙයි’ කිය කියා එයා දිහා බලලා, සතුටු වෙනවා. මේ හැම දේකින්ම කරන්නේ, ආදරේ කියලා තමන් කැමති විදියට අනිකාව වෙනස් කර ගැනීම මිස, අනෙකාගේ සුවිශේෂි අනන්‍යතාවයට සැබවින්ම ආදරේ කිරීම සහ එය රසවිදීම නෙමෙයි නේද? පියාඹන්න හැදිච්ච කුරුල්ලෙක් තමන් ළගට ආවම අල්ලගෙන අත්තටු දිග අරින්න බැරි තැනක හිර කරන එක නේද? ඇත්තටම කුරුල්ලට ආදරේ නං එයා අත්තටු විහිදලා, ඉමක් නැති ආකාසේ හුළං කපාගෙන ඈතට පියාඹන විදිය බලලා අමන්දානන්දයට පත්වෙන්න ඕනේ. ප‍්‍රිීතියෙන් පිනා යන්න ඕනේ. තමන් දැකලා නැති, ඉහළ ආකාසයේ අසිරිය, වළාකුළු ගෑවෙන කොට දැනෙන කිතිය, හුළංවල සීතල ගැන විස්තර එයාගෙන් ආසාවෙන් අහන්න පුළුවන් වෙන්න ඕනේ. ආදරේ එක්කම බැඳිලා තියෙනවයි කියලා අපි හිතන ඊර්ෂ්‍යාව, නැතිවෙයි කියන බය වගේ හැගීම් එක්ක, අනිත් මනුෂ්‍යයාගේ නිදහස කියන දේ අනිත් පැත්තෙන් තියෙන බව අපි නිතර අපිටම මතක් කරගන්න ඕනේ. අනෙකාට නිදහසේ පිපෙන්නට ඉඩ නොදෙන, අනෙකාගේ අත්තටු බැඳ දමන සම්බන්ධයක්, සැබෑ ආදරේ මත පදනම් වී නැති බව අපි තේරුම් ගන්න ඕනේ. ආදරයට නිදහස යන්න මිස වෙන අර්ථයක් තිබිය නොහැකියි නේද?
කූඩු සහ සත්තු වතු ගැන කතා කරද්දි මතක් වුණේ දැන් දැන් නිතර ලෝක ප‍්‍රවෘත්තිවල මාතෘකාවක් වෙන කොස්ටාරිකාව. කොස්ටාරිකාව 2024 වෙන කොට රටේ තියෙන ජාතික සත්වෝද්‍යාන දෙකම වසා දමන්නට සැලසුම් කරලා තියෙනවා. ස්වභාවික පරිසරය රැුකගැනීම සහ ජෛව විවිධත්වය ඉහළින්ම අගය කරන කොස්ටාරිකාව විශ්වාස කරනවා සත්තු කූඩු කර තබා ගැනීම ස්වභාව ධර්මයට එරෙහි අමානුෂික ක‍්‍රියාවක් කියලා. ඒ වගේම, ක‍්‍රීඩාවක් හැටියට සත්තු දඩයම් කිරීම ඒ රටේ තහනම් කරලා ගොඩක් කල්. ඒ විතරක් නෙමෙයි, සර්කස් ඇතුළු මිනිසුන්ට විනෝදය සපයන ක‍්‍රීඩාවලට සත්තු පාවිච්චි කිරීමත් ඒ රටේ නීතියෙන් තහනම්.
සත්තු කූඩුවලින් නිදහස් කරන කොස්ටාරිකාව තවත් ගොඩාක් පැතිවලින් නිදහස් රටක්. ඒ රටේ 1948 තරම් ඈතකදීම හමුදාව අහෝසි කළා. එතැන් පටන් ඔවුන්ට ස්ථාවර හමුදාවක් නැහැ. හමුදාවක් සහ ගිනි අවි නඩත්තු කරන්නට වැය කරන මහා ධනස්කන්ධය රටේ සියලූම පුරවැසියන්ට හොද සෞඛ්‍ය සේවයක්, හොද අධ්‍යාපනයක් හොද පෝෂණයක් ලබා දෙන්නට වැය කරනවා. ජාතික ආරක්ෂාව සඳහා ස්ථාවර හමුදාවක් පවත්වා නොගන්නා එවැනි රටවල් ගණනාවක් ලෝකයේ තියෙනවා. මොනවා? හමුදාවක් නැතුව රටකට පවතින්න පුළුවන්ද? කොහොමද? කවුද ජාතික ආරක්ෂාව තහවුරු කරන්නෙ? කවුද ජාතියේ මුර දේවතාවා වෙන්නෙ? අපිට නං හිතාගන්නවත් බැහැ නේද? ඒත් කොස්ටාරිකාව ආරක්ෂිතව සාමකාමීව පවතිනවා. The Economics Foundation හි Happy Planet Index අනුව ලෝකයේ හරිතවත්ම, ප‍්‍රීතිමත්ම රට හැටියට මුඳුනේම ඉන්නේ කොස්ටාරිකාව. සත්තු කූඩුවලින් නිදහස් කරන්න තීරණය කරපු
මේ රට, සිය පුරවැසියන් ලොව නිදහස්, ප‍්‍රීතිමත්, නිරෝගී, ස්වභාව ධර්මය සමග ඉතා සුවදායී සම්බන්ධතාවක් පවත්වන මනුෂ්‍ය ප‍්‍රජාවක් බවටත් පත් කර තිබෙනවා. මෑතකදී කොස්ටාරිකා ජනාධිපති ප‍්‍රකාශයට පත් කරා, එරට ෆොසිල ඉන්ධන භාවිතය සම්ූර්ණයෙන්ම අත්හරින්නට සූදානම් බව. ඒ අනුව ලෝකයේ සම්පූර්ණ කාබන්හරණයට ලක් වන ප‍්‍රථම රට බවට කොස්ටාරිකාව පත්වෙනවා. කූඩු නැති, කොළපාට, ප‍්‍රීතිමත් රටක්.
මනුෂ්‍ය නිදහස පිළිබද බොහෝ නිර්මාණ කර ඇති Afro America කිවිදියක් වන මායා ආන්ජෙලෝ (^Maya Angelou) ගෙ. Cage Birds Singී කවිය ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්තා ආයිත් කියවන්න. ?ට ඉස්සරහ ගෙදර තාප්පෙන් පැනලා ගිහින් කූඩුව ඇරලා අර ගිරවු දෙන්නව නිදහස් කරන විදියක් වහාම සැලසුම් කළ යුතුයි කියලා හිතුණා ඒක කියෙව්වම.
  





අග්නි තුරුණු වියමන Facebook Page 

No comments:

Post a Comment