AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

ගිනි


ගෙවුණු 2019 වසර තරම් ගින්නෙන් ලෝකයට විනාශය අත්කර දුන් වසරක් මෑත ඉතිහාසය තුළ නැති තරම්. ඇමසන්  වනාන්තරයේ කොටසක් ගිනිගැනීමෙන් සිදු වූ පාරිසරික හානිය තවමත්
මැනගන්න බැහැ. කොන්ගෝ වනාන්තරයේ ගින්නත් ඒ විදියමයි. තාමත් නිවාගන්න බැරි ඔස්ටේ‍්‍රලියාව පුරා ව්‍යාප්ත ලැව් ගින්නෙ හානිය හිතාගන්නවත් බෑ. ගින්නෙන් ඇති කළ පාරිසරික හානිය වගේම ගිය වසරේ ගින්නෙන් සිදු කළ මහා සංස්කෘතික හානියකුත් තියෙනවා. ඒ සුප‍්‍රකට ප‍්‍රංශයේ Notre-Dame එහෙමත් නැත්තම් නොත‍්‍රදාමය ගිනි ගැනීම. මේ ගින්නෙන් නේත‍්‍රදාමයට අයත් කලා නිර්මාණ විශාල ප‍්‍රමාණයක් ගිනිබත් වුණා. ඒ නිසා 2019 ඉතිහාසයට එක් වෙන්නෙ ගින්නෙන් අපල වුණු අවුරුද්දක් විදියට.
හැබැයි ඇත්තටම මේක ගින්නෙ අපලයක් නෙමෙයි. ලැව්ගිනි වගේ දේවල් ස්වභාවධර්මයේ ඉබේ සිදුවන ක‍්‍රියාකාරකම්. ඒවා පාලනය වෙන්නෙත් ස්වභාව ධර්මයේ පාරිසරික ක‍්‍රියාකාරීත්වයත් එක්ක. කාර්මික විප්ලවයෙන් පස්සෙ මිනිසා පරිසරයට කරපු අතිමහත් බලපෑම නිසා පාරිසරික සමතුලිතතාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා.
ලැව්ගිනි මේ තරමට විනාශකාරී වෙන්නේ ඒ නිසා. කොච්චර සංවර්ධිත රටක් වුණත් ස්වභාව ධර්මය ඉදිරියේ අසරණයි. තමන් හොයාගත්ත සංවර්ධනයෙන් මේ ව්‍යසනයන් නවත්වා ගන්න ඔවුන් අසමත්.
නොත‍්‍රදාමය ගිනිබත් වුණේ ස්වභාවික හේතුවකට නෙමෙයි. මිනිසාගේම
නොසැලකිල්ලේ වරදක්. ඇත්තටම මිනිසුන් විදියට අපේ නොසැලකිල්ල තමයි මේ සියල්ලට හේතුව. අපි පරිසරය ගැන මීට වඩා සැලකිල්ලක් දැක්වූවා නම් මේ තරම් ව්‍යසනකාරී ප‍්‍රතිඵල අපිට ළං නොවෙන්න තිබුණා. මේ වන විට උත්තරධ‍්‍රැවයේ ග්ලැසියර් දිය වීමේ වේගය හත් ගුණයකින් ඉහළ ගිහින්. හේතුව ගෝලීය උෂ්ණත්වයේ වර්ධනය. 2020න් ආරම්භ වුණු දශකය තුළ මේ බලපෑමේ තත්වය කිරා මැනගන්න පුළුවන්. ලෝකගෝලයේ පුංචිම තිතක ඉන්න ¥පත් වාසී අපි මේ මහා ව්‍යසනයන් ඉදිරියේ අන්ත අසරණයි. අපි මොනවා කරන්නද වගේ හැගීමක් අපිට ඇති වෙන්න පුළුවන්. මේ හැගීම තමයි අපි අතහැර ගත යුත්තේ. පරිසරය වෙනුවෙන් අපි අපේ කාර්ය භාරය ඉටු කරමු. අඩුම තරමින් මේ විනාශය වැලැක්වීමේ කෙසේ වෙතත් විනාශයේ වේගය අවම කරගන්නවත් ඒකෙන් පුළුවන් වෙයි.

‘අග්නි තුරුණු වියමන’
188/8A, හයිලෙවල් පාර, මහරගම
0112088352
agnithurunuviyamana@gmail.com
ප‍්‍රකාශනය සහ බෙදාහැරීම ‘අහස’ මීඩියා වර්ක්ස්



2020 ජනවාරි මුල් කළාපය 
අග්නි තුරුණු වියමන Facebook Page 

No comments:

Post a Comment