AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

ලස්සන කට කතා


මේ කතාවේ මුලාශ‍්‍රය මොකක්ද දන්නෙ නෑ. සමහරවිට පොතක තිබුණු දෙයක් ද දන්නෙත් නෑ. කටින් කට ඇවිත් කනට වැටුණු කතාවක්. ගත යුත්තක් තියෙන නිසා මෙහෙම ලියන්නම්.

මේක පිටරකට වෙච්ච කතාවක්. කතාවේ පහසුවට රට ට අපි දාමු දකුණු අපි‍්‍රකාව කියලා. අපි‍්‍රකාවේ දුෂ්කර ගමක පිරිසකට වුවමනා වෙනවා දරුවන් වෙනුවෙන් පාපන්දු පිටියක් හදන්න. ඒත් මේක සෑහෙන්න වියදමක් යන වැඩක්. මේ පිරිස තීරණය කරනවා අවට ඉන්න ධනවත් ව්‍යාපාරිකයන්ගේ උදව්වෙන් මේ වියදම හොයාගන්න. ඒ අනුව අවට ඉන්න ධනවත්ම ව්‍යාපාරිකයෙක් මුණගැහෙන්න මේ පිරිස දවසක් යනවා. අපි හිතමු ඒ ව්‍යාපාරිකයා නම ජෝන් කියලා. ජෝන්ව හම්බවෙන්න එයාගෙ විශාල කර්මාන්තශාලාවට ඇතුළු වෙනකොට ඒකතරා කම්කරුවෙක් බොහොම කෝපයෙන් සහ අසරණ විලාසෙයන් කාර්මාන්ත ශාලාවෙන් එළියට බහිමින් හිටියේ. ඒ කම්කරුව නොසෑහෙන්න ජෝන්ට බනිනවා. ජෝන්ව හම්බවෙන්න ගිය පිරිස නිකමට කම්කරුවා ළඟට කිට්ටු වුණා.
‘’සහෝදරයා මොකද මේ ජෝන්ට බනින්නෙ...?’’
‘‘ඒ මිනිහා මාව රස්සාවෙන් අස්කරා.
‘‘අස්කරා මොකක්ද හේතුව..’’
‘‘මම වැඩිපුර ගිනිකූරක් පාවිච්චි කරා කියලා’’
ජෝන්ව හම්බවෙන්න යන්න හිතාගෙන ගිය පිරිස අන්දමන්ද වුණා. වැඩිපුර ගිනිකූරක් පාවිච්චි කරපු කම්කරුවෙක්ව රස්සාවෙන් එළවපු මිනිහා තමන්ට කිසිම ලාබයක් අත් නොවෙන පාපන්දු පිටියක් වෙනුවෙන් ආධාර කරන එක හීනයක්. පිරිස ආපහු හැරිලා යන්න හැදුවා. ඒත් ඒ පිරිසෙ හිටපු එක් පුද්ගලයෙක් ආපහු යන්න සූදානම් වුණේ නෑ.
‘‘අපි ආපු එකේ ජෝන්ව හම්බවෙලාම යමු.’’
‘‘ඒ වගේ මිනිහෙක් හම්බවෙන එකේ තේරුමක් නෑ’’
‘‘කමක් නෑ ආපු හම්බවෙමු.’‘
ඒ පුද්ගලයගේ පෙරැුත්ත කිරීමට පිරිස ජෝන්ව මුණගැහුණා. කතාව පටන් ගත්තෙම ඔවුන් එනකොට
මුණගැහුණු කම්කරුවගේ කතාවෙන්. ඒකතාව අහගෙන හිටපු ජෝන් ඒ පිරිසට කිව්වෙ අමුතුම කතාවක්.
‘‘ඔව්. මම ගිනිකූරක් වැඩිපුර නාස්ති කරපු මිනිහෙක්ව එලෙව්වා තමයි. ඒ නාස්ති කරන ගිනිකූරුවල ලාබෙ එකතු කරගෙන තමයි මේ වගේ මගෙන් උදව් අරගන්න බලාගෙන එන අයට උදව් කරන්නෙ.’’
එහෙම කියපු ජෝන් සම්පූර්ණයෙන්ම තමන්ගෙ වියදමින් පාපන්දු පිටිය ඉදිකරලා දෙන්න ආපු පිරිසට පොරොන්දු වුණා


2019 දෙසැම්බර් මැද කළාපය  
අග්නි තුරුණු වියමන Facebook Page 

No comments:

Post a Comment