AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Thursday, May 21, 2020

බයිසිකල් පැදීම ආර්ථිකයට හානිදායකයි

බයිසිකල් පදින මිනිහෙක් රටක ආර්ථිකයට ව්‍යසනයක්. බයිසිකල් කාරයා කාර් එකක් සල්ලි දීලා ගන්නේ නෑ, ඒ නිසා ඌ
කාර් ලෝන් එකක් දාන්නේ නෑ. කාර් ඉන්ෂුවරන්ස් වලට වියදං කරන්නේ නෑ. පෙට‍්‍රල් ඞීසල් ගෑස් වලට වියදං කරන්නෙ නෑ. කාර් එක සර්විස් වලට රෙපෙයාර් වලට යැවිල්ලක් නෑ. ඡු්රනසබට වලට ගෙවන්නේ නෑ. උංට තඩි බඩවල් එන්නෙ නෑ, ඇග තරබාරු වෙන්නෙ නෑ. .....ඔව්! ඉතිං මොන විනාසයක්ද! නිතර ලෙඩ වෙන්නෙ නැති සෞඛ්‍ය සම්පන්න මිනිස්සු රටක ආර්ථිකයට වැඩක් නෑ. උං බෙහෙත් වලට වියදං කරන්නෙ නෑ. ඉස්පිරිතාලවලට, දොස්තරල ගාවට යන්නෙ නෑ. උං රටේ දළ ජාතික ආදායමට කිසිම දායකත්වයක් දෙන්නෙ නෑ.
ඒකට අලූතෙන් දාන හැම ඵජෘදබ්කා එකකින්ම ඒකේ වැඩ කරන අයට අමතරව අඩුම ගානේ තව 30 දෙනෙකුටවත් වදඉි දෙනවා. හදවත් රෝග විශේෂඥයො 10 කට, දන්ත වෛද්‍යවරු 10 කට, ශරීරයේ බර ස්ථුලතාව අඩු කර ගැනීමේ මං කියාදෙන විශේෂඥයන් 10 ට ආදී වශයෙන්.

ප.ලි-
පයින් ඇවිදින එවුං මීට වඩා අන්තයි!
උං අඩු ගානේ බයිසිකලයක්වත් සල්ලි දීලා ගන්නෙ නෑ.














අග්නි තුරුණු වියමන Facebook පිටුව බලන්න
අග්නි පෙබරවාරී මැද කලාපය

No comments:

Post a Comment