AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

ඇහිපිල්ලමෙන් ලියන සෙල්ලිපිය

සඳුදා
රටේ තියෙන ඕනම පිස්සුවක් කළිඟු අයියට බෝවෙන්න වැඩිකාලයක් යන්නෙ නෑ. මේ දවස්වල එයාට තියෙන්නෙ තාප්පවල චිත‍්‍රඅඳින පිස්සුව. ඊයේ හවස පන්ති ඇරිලා මම එනකොට මාව හම්බවෙන්න ආවේ ඇඟපුරාම සායම් ගාගෙන. පන්සලට හැරෙන හන්දියේ බස්හෝල්ට් එකක ලොකු සිංහ කොඩියක් ඇඳලා. සිංහයට වඩා කේසර කලිඟු අයියගේ මුණේ.
‘‘ඔයාගෙ ගෙදරින් මට කැමති වුණ දවසට මං ඔයගේ ලොකු චිත‍්‍රයක් අපේ තාප්පෙ අඳිනවා.’’
මේක තමයි අලූත්ම පොරොන්දුව.
‘‘චිත්‍රෙ අඳින්න කලින් තාප්පයක් හදාගන්න. අනුන්ගේ තාප්පවල මගේ චිත්‍රෙ අඳිනවට අපෙ අම්මලා කැමති වෙන එකක් නෑ.’’

බඳදා
තාත්තා ගෙදර එනකොට අදත් 10යි. 6 පහුවෙලා ගෙදර එනවා කියන්නේ එයා එන්නෙ වැනි වැනී. වැනි වැනි එන දවසට අපි ඔක්කොම ඇස් ලොකු කරගෙන එයාට රැුව්වට. හැමෝම හිත යටින් තාත්තා එදාට කියන කතා අහන්න ආසයි. ගෙට අඩිය තියෙනකොටම අම්මා පළවෙනි වෙඩි මුරේ පත්තු කරා.
‘‘ඔය ඔය සිහියක් නෑ.. අතුගලා එළියට දාපු කෙස් ගුලියක් පාගෙන ඇවිත්’’
අම්මා දෙන මාතෘකාව දිගේ ඉස්සරහට යන එක තමයි තාත්තගේ විනෝදය.
‘‘කෙස්.. ඔයා දන්නවද සීලා කෙස් ගැන.... පේ‍්‍රමයයි වෛරයයි අතරෙ වෙනස කෙස් ගහකට සමයි... එතකොට මෝඩකමයි අවංක කමයි අතර තියෙන්නෙත් කෙස් ගහක වෙනසක්. අද මම තවත් එකක් හොයාගත්තා. බීමයි වෙරිවීමයි අතර තියෙන්නෙත් කෙස් ගහක දුරක්.’’
මොනවා වුණත් මම අපේ තාත්තගේ නව සොයා ගැනීම්වලට ආසයි.

සෙනසුරාදා
පන්ති යන්න එළියට බැස්සෙම ලස්සන බලාපොරොත්තුවක් අතේ තියාගෙන. ඉඳලා හිටලා තමයි මෙහෙම දවසක් එන්නෙ.
‘‘හෙට කලිඟුටවත් කියන්න ඕනේ මේ පොල් ටික කඩලා දාන්න කියලා. නැත්තම් ඔය ටික අපේ ඔලූවටම වැටෙනකම් දන්නෙ නෑ’’
අම්මගෙ ආරාධනාවෙන්් කලිඟු අයියාට අපේ ගෙවල් පැත්තට එන්න ලැබෙනවා කියන්නෙ සෑහෙන්න සුබ ලකුණක්. මං ඒ බලාපොරෙත්තුව අතේ තියාගෙන එතනින් මාරුවෙනකොට. අම්මගේ සංවාදෙ තව ටිකක් දුර ගියා.
‘‘කොහෙද ඉතින් මිනිහෙක් හිටියට හදිසියකට ගහකටවත් නග්ගන්න බෑනේ’’
ඔය වගේ බැරිකම් කියනකොට තාත්තා දෙන සුපුරුදු උත්තරේ මං දන්නවා. කොච්චර දැනගත්තත් ඒක තාත්තගේ කටින් අහනකොට අලූත් රහක් දැනෙනවා.
‘‘ගස් නඟින්න පුළුවන්ද කියලා ඇහුවේ නෑනේ. කෝච්චිය තියෙන්නෙ කීයට ද කියලා විතරනේ ඇහුවේ’’
අම්මයි තාත්තයි ගෙදරින් පැනලා ආවේ කෝච්චියෙ.

සෙනසුරාදා ?
ගෙදර ආවෙම වැස්සෙ තෙමීගෙන. කාලෙකින් වහින වැස්සට වෙනදට ආස වුණාට අද නම් පොඞ්ඩක්වත් ආස නෑ. පොල් ගහ තෙමන්නෙ නැතුව ඉක්මණට පායන්න.

ඉරිදා
මේ වගේ දවස් නම් දිනපොතකට නෙමෙයි මළ පොතකටවත් ඕනෙම නෑ.
‘‘කළිඟු පුතේ අද එන්න එපා.’’
මම වැස්සට වෛර කරා. ගහ තෙමුණට සාප කරා. ඒත් වැස්ස නෙමෙයි වැරදි කාරයා.
‘‘නෑ පුතේ ඊයේ හුළඟට පොල් වල්ල බිම වැටිලා.’’

   

 මානවිකා

No comments:

Post a Comment