කැලැත්තී මුහුද හුළඟට
‘පචස්’ ගා වදින රැල්ලට
යළිත් යළි - යළිත් දියවෙන
බිමක් තියෙනවා...
කොට කොටා සයින් යන එන
එහි දෙපා සතුන් ගැන දැන
කිකිළි දූපතයි ඒකට නමක් කියනවා..
පහුරු ගා පයින් කතිරෙට
මඟ සදා හිවල් සෙනඟට
කූඩුවේ යතුරු වැඳ වැඳ
බැතින් පුදනවා..
තටු පවා ඉතුරු නැති කොට
එක එකා මරං කනකොට
එළවලා එවුන් හනිකට
මුගටි ගේනවා....
නැති උණත් දැමුව බිජුවක්
හොයාගෙන රවුම් කිසිවක්
‘රකින්නට වරෙව්’ හයියෙන්
කෙකර ගානවා....
මොකෑ ඔය? කියා ඇහුවොත්
විදා තටු කැහැටු පොරකටු
මරාගෙන මැරෙන ?නක්
පොරට පනිනවා..
කැලැත්තී මුහුද හුළඟට
‘පචස්’ ගා වදින රැල්ලට
යළිත් යළි - යළිත් දියවෙන
බිමක් තියෙනවා...
කොට කොටා සයින් යන එන
එහි දෙපා සතුන් ගැන දැන
කිකිළි දූපතයි ඒකට නමක් කියනවා...
මෙන්න සින්දුව
අග්නි තුරුණු වියමන Facebook Page


No comments:
Post a Comment