AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Thursday, May 21, 2020

අමානුෂිකත්වය

තම රටේ වාර්තා වුණු පළමු කොරෝනා රෝගියා ඝාතනය කළ පුවතක් පසුගිය දා උතුරු කොරියාවෙන් වාර්තා වුණා. ලෝකය කැළඹූ මේ පුවත අසත්‍යයක් බව ඇතැම් තැන්වල කියවුණත් තවමත් බටහිර මාධ්‍ය එය සත්‍යයක් බව තහවුරු කරනවා. උතුරු කොරියාවේ පාලනයත් එහි ඉතිහාසයත් දෙස බලනකොට එවැන්නක් සිදුවීම් සම්බන්ධයෙන් ඉහළ සම්භාවිතාවක් පවතිනවා. ලෝකයේ මේ වන විට සිදුවන අමානුෂික ක‍්‍රියාදෙස බලනකොට කොරෝනා රෝගියා ඝාතනය ගැන පුදුම විය යුතුත් නැහැ.
මුළු ලෝකයම අමානුෂිකත්වය කරා ගමන් කරන්නේ අධිවෙගයෙන්. හැඩය ස්වරූපය වර්ණය ක‍්‍රමය වෙනස් වුණත් සෑම තප්පරයකම අමානුෂික පුවත් ලෝකයෙන් සෑම තැනින්ම ඇහෙනවා. ඉහළම සංවර්ධිත රාජ්‍යයන්හි සිට පහළම දුගී රාජ්‍යයන් දක්වා මේ තත්වය පොදුයි. වාර්තා වෙන විදියට උතුරු කොරියාව කොරෝනා රෝගියා ඝතනය කර තිබෙන්නෙ ඔහු ප‍්‍රසිද්ධ මහජන අවකාශවල සැරිසැරීමේ වරදට. ඒ වගේම මෙවැනි ඝාතන චීනය තුළත් සිදුවන බව ඇතැම් බටහිර මාධ්‍ය වාර්තා කරනවා. එහෙත් චීනය එම පුවත් රටින් පිටතට ගලා නොයෑම සඳහා දැඩි පරිශ‍්‍රමයක් දරනවා.
ලෝකයේ වසංගත ඉතිහාසය දෙස බලනකොට මෙවැනි මනුෂ්‍ය ඝාතන ඕන තරම් මුණගැහෙනවා. වසංගත පාලනය කළ යුත්තේ රෝගීන් ඝාතනය කිරීමෙන් නොවන බව මනුෂ්‍යත්වය ගැන හැගීමක් ඇති කුඩා දරුවෙක් පවා අදහන සත්‍යයක්. මිනිස් ජීවිතයේ අයිතිය උදුරා ගැනීමට කිසිවෙකුටත් අධිකාරී අයිතියක් ලැබෙන්නෙ නැහැ. එහෙම ලැබෙන්නත් බැහැ. සෑම රාජ්‍යයක්ම සිය පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතුය.
ලංකාවේ ජීවත් වෙන අපි පළමු කොරෝනා රෝගියා සුවපත් කර නැවත සුරක්ෂිතව චීනයට යවා ඒ ගැන උත්සව පවත්වා සතුටු වුණා. ඇත්තටම ඒක ඉහළ මානුෂීය ක‍්‍රීයාවක්.
හැබැයි මේ ක‍්‍රියාව එක පැත්තකින් සිදුවෙද්දී තවත් අමානුෂීය ක‍්‍රියා රැුසක් මේ කොදෙව්වෙනුත් වාර්තා වෙනවා. පුංචි මල්කැකුළක් වැනි දැරියක් අපයෝජනය කරන වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරන්න පටන් අරන් දැන් මාස එකහමාරක් පමණ වෙනවා. ඒත් තවමත් ඒ අපයෝජකයා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වෙලා නෑ. මේ පුද්ගලයා සිය මුදල් බලය යොදවමින් මේ සිද්ධිය යට ගස්සනට උත්සාහ කරන බවට ප‍්‍රබල චෝදනාවකුත් ඇහෙන්න තියෙනවා.
කවුරු කොහොම මොන තරාතිරමේ වුවත් අමානුෂිකත්වය වෙනුවෙන් සහායෝගය ලබානොදෙන්න අපි වගබලාගන්න ඕනේ. ඒ සඳහා අනියමින් හෝ අනුමැතිය ලබා දීම ආගමික අර්ථයෙන් පාපයක්. වගේම සමාජීය අර්ථයෙන් අපරාධයක්. ඒ නිසා ලෝකයේ කොතැනක හෝ අමානුෂීය යමක් සිදුවේ නම් ඒ ගැන එරෙහි වන්න. හඬනගන්න.

ඇහිපිල්ලමෙන් ලියන සෙල්ලිපිය

සඳුදා

නජිත් මගෙන් අහපු කතාව මං කළිඟු අයියට කිව්වෙ මගේ ආදරේ එයාට විතරයි කියන එක ඒත්තු ගන්නන්න.
‘ඌ ගැන මං බලාගන්නම්.’
එයාට ඕන වුණේ සම්ප‍්‍රදායික පේ‍්‍රම වීරයා වෙන්න.
‘ඒ ළමයා අහිංසක ළමයෙක්. මට කිසිකරදරයක් නෑ.’
මම කතා කළේ නජිත් වෙනුවෙන් නෙමෙයි. කළිඟු අයියගේ බොරු වීරකම නැති කරන එක වෙනුවෙන්.
‘ඔයත් ඌට කැමතියි වගේ’
බොරු වීරයා ඒ පාර මෝඩ පිරිමියෙක් කියලත් ඔප්පු කරා.

අඟහරුවාදා
ගෙදර ආපු වෙලාවේ ඉඳලා තාත්තා ඔෆිස් එකේ වෙච්ච ප‍්‍රශ්නයක් ගැන අම්මට කියන්න ට‍්‍රයි කරනවා. අම්මා එක එක වැඩ කිය කිය ප‍්‍රශ්නෙ මඟඅරිනවා. මොන බාධා මැද්දෙ වුණත් තාත්තා කතාව සම්පූර්ණයෙන් අම්මට කිව්වා.
‘ඔයාගෙ ඔෆිස් එකේ ප්‍රන්ශ්න ඔයා ඔෆිස් එකේදිම බේරගන්න. ඕවට උත්තර දෙන්න මම ඔයාගෙ බොස් නෙමෙයිනේ’
තාත්තා කිසිසේත්ම අම්මගෙන් බලාපොරොත්තු වුණේ මේ උත්තරේ නෙමෙයි.
‘ප‍්‍රශ්නය තමන්ගේ නොවෙන තාක් පිළිතුරු දාර්ශනිකයි’
එහෙම කියාගෙන තාත්තා කාමරේට ගියා.

බදාදා
ඉස්කෝලෙ යන්න සුදුගවුම අඳිනකොට දැන් දැන් පොඩි තිගැස්සමක් එනවා. තව ටික දවසකින් සුදුගවුම අතරින්න වෙනවා. ඒක මතක් වෙනකොට පොඩි දුකක් නැතුවම නෙමෙයි. ගවුමෙ රැුලි ටික තවත් පිළිවෙළට අයන් කරේ අන්තිම ටිකේ තවත් ලස්සනට ගවුම තියාගන්න ආසාවට.

බ‍්‍රහස්පතින්දා
නජිත්ගේ ප‍්‍රශ්නෙ හිතුවට වඩා දුරදිග යයි වගේ.
‘ඇයි උඹ නජිත්ට කැමති නැත්තෙ. ඌ හොඳ කොල්ලෙක්. පට්ට මීටරේ.’
නජිත් වෙනුවෙන් තෝල්කයෝ වැඩ පටන් අරන්. මං හිතුවේ නජිත් පාඩුවේ ඉන්න අහිංසකයෙක් කියලා. හිතන තරම් සමහර අහිංසකකම් අහිංසක නෑ.

සිකුරාදා
බස් එක පුරවලා සෙනඟ. හිටගෙන ඉන්න පේලී දෙකක් මැද මාත් ගිහින් හිටගත්තෙ හරිම අමාරුවෙන්. සුදුගවුම් ඇදගත්ත නංගිලා, සාරි - ගවුම් ඇඳගත්ත අක්කලා, ඔසරි ඇඳගත්ත ඇන්ටිලා, කලිසම් ඇඳගත්ත අයියලා, මල්ලිලා, අංකල්ලගෙන් බේරෙන්නෙ බස් එක ඇතුළෙ කරන සංග‍්‍රාමය කවදාවත් ඉවර වෙන එකක් නෙමෙයි. ඒ සංග‍්‍රාමයට මැදිවෙලා ඉන්න ගමන් බස්එකේ හයියෙන් දාලා තිබුණු රේඩියෝ එකේ නිවුස් එකකුත් යනවා.
‘අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රචාරය වූ වීඩියෝවේ සිටින ලිංගික අපයෝජනයට ලක් වූ දැරිය හඳුනා ගැනීම සඳහා ජාතික ළමා රක්ෂණ අධිකාරිය ජනතා සහය පතයි.
- මානවිකා

අග්නි තුරුණු වියමන Facebook පිටුව බලන්න
අග්නි පෙබරවාරී මැද කලාපය

No comments:

Post a Comment