AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Sunday, May 10, 2020

උඹ ඔය අතෑරියෙ ලෝක කුසලානය!


ඹ ඔය අතැරියෙ ලෝක කුසලාන ය ” මේ ලෝක පූජිත පිතිකරුවකු මෙන්ම විජයග‍්‍රාහී ඔස්ටේ‍්‍රලියානු නායකයකු වූ ස්ටීව් වෝ දකුණු අප‍්‍රිකානු සුපිරි පිතිකරුවකු මෙන්ම අතිශූර පන්දු රකින්නෙකු වූ හර්ෂල් ගිබ්ස් ට කියන ලද්දකි.
ඒ 1999 වසරේ ලෝක කුසලාන අවසන් පූර්ව තරගයයි (semi final ) තරග වදින්නේ හැන්සි ක්‍රොන්යේ ගේ නායකත්වයෙන් යුත් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම හා ස්ටීව් වෝ ගෙ නායකත්වයෙන් යුත් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමයි. ඒ වනවිට ඔස්ටේ‍්‍රලියාව ටෙස්ට් පිටියේ ජය කෙහෙළි නංවමින් සිටිය නමුත් එක්දින පිටියේ යම් අස්ථාවර බවක් වරින් වර දැක්වීම සුලභ විය. ස්ටීව් වෝ ගෙ එක්දින නායකත්වය ද ඇතැම් අවස්ථාවන් හීදි අභියෝගය ට ලක්වූ අවස්ථා ද තිබුණි. එවැනි හැලහැප්පීම් පැවතිය ද මේ කණ්ඩායම වෝ සොහොයුරන් , ඇඩම් ගිල්ක‍්‍රිස්ට් , රිකී පොන්ටින් , මයිකල් බෙවන්, ග්ලෙන් මැක්ග‍්‍රාත්, ශේන් වෝන් වැනි දැවැන්තයන් රැසක් සහිත කණ්ඩායමක් වූ බැවින් මෙය කිසිලෙසකට අවතක්සේරු කළහැකි කණ්ඩායමක් නොවුණි. අනෙක් අතට හැන්සි ක්‍රොන්යේ ගේ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම ක්‍රොන්යේ ට අමතරව ගැරී කර්ස්ටන්, හර්ෂල් ගිබ්ස් , ජොන්ටි රොඞ්ස්, ඩැරිල් කලිනන්, ජැක්ස් කලීස්, ඇලන් ඩොනල්ඞ් , ශෝන් පොලොක්, ලාන්ස් ක්ලූස්නර්, මාක් බවුචර් වැනි සුපිරි තරු රැුසක් පිරිවරා ගත් ලෝකයේ අංක එකේ කණ්ඩායම මෙන්ම ලෝක කුසලානය දිනාගනීවි යැයි වැඩි දෙනා බලාපොරොත්තු වූ ( favourites ) කණ්ඩායම විය.
තරගාවලියේ මුල සිටම තිබූ පිතිකරණ අස්ථාවරත්වය මෙවර ද ක‍්‍රියාත්මක වෙමින් පළමුව පන්දුව ට පහර දුන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු 213 කට සියල්ලන් දැවීගියේ අවසන් මහා තරගය ට ගමන් කිරීමේ කැන්ගරු සිහින සැලකිය යුතු මට්ටමක ට බොඳ කරමිනි. නමුත් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ උපනායකයා ද වූ cricket වංශකතාවේ බිහි වූ අද්විතීය ම දඟ පන්දු යවන්නකු වූ ශේන් වෝන් මෙහිදී ද නොපැකිලව ඉදිරිපත් වෙමින් ලකුණු 29 කට කඩුලූ 4 බිඳ දමමින් නැවතත් තරගය ට අවතීර්ණ වීමෙ අවස්ථාවක් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ට ලබා දීමට සමත් විය.
අවසානයේදී 48 වන පන්දු වාරය අවසන් වනවිට දකුණු අප‍්‍රිකාව කඩුලූ 7 කට ලකුණු 196 ක් ලබාගැනීමට සමත් විය. ඒ අනුව ජයග‍්‍රහණය සඳහා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම ට තවත් පන්දු 12 කදී ලකුණු 18 අවශ්‍ය වී තිබුණි. පන්දුවට පහරදෙමින් සිටියේ එක්දින තරග පිටියේ එදා මෙදා තුර බිහිවූ සුපිරිතම අවසන් කරන්නකු (finisher) වූ ලාන්ස් ක්ලූස්නර් සහ ඔහුගේ අතිසාර්ථක අවසන් කිරීම් රැුසකදී සහායකයා වූ මාක් බවුචර් ය. 49 පන්දු වාරය යැවීමට නායක ස්ටීව් වෝ කැදවූයේ තවත් ක‍්‍රිකට් ලොව දැවැන්තයකු වන ග්ලෙන් මැක්ග‍්‍රාත් වය.
පළමු පන්දුව ට බවුචර් ට ලකුණු ලබාගත නොහැකි වූ අතර දෙවෙනි පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් බවුචර් දැවී යයි. ඊළඟ පිතිකරු ස්ටීව් එල්වර්ති. එල්වර්ති තුන්වෙනි පන්දුව ට එක් ලකුණක් ලබාගත් අතර සිව්වෙනි පන්දුව ට ක්ලූස්නර් එල්ලකළ පහරට දෙවෙනි ලකුණ ලබාගැනීමට දිවයාමේදි පන්දු යවන්නා ගෙ අන්තයේදී එල්වර්ති දුවද්දි දැවී යයි. එය නැවත නැවත කීපවාරයක් ප‍්‍රතිරූපන බලමින් තෙවැනි විනිසුරු විසින් ලබා දුන් තීරණයක් වන්නේ පන්දු ව කඩුල්ලේ වැදීමට පෙර මැක්ග‍්‍රාත් ගෙ අත කඩුල්ලේ වැදුණා ද කියා සැකයක් ඇති වූ බැවිනි . දැන් පන්දු 8යි ලකුණු 16 ක් අවශ්‍ය යි
අතැතිව ඇත්තේ එක් කඩුල්ලයි. අවසන් පිතිකරුවා ඇලන් ඩොනල්ඞ් වේ. මැක්ග‍්‍රාත් ගෙ පස්වෙනි පන්දුව ට ලෝන් ඕන් කලාපය ට ක්ලූස්නර් ඉහළින් එල්ල කරන පන්දුව උඩ පන්දු වක් ලෙස රැකගැනීමේ අවස්ථාවක් පැවතිය ද එහි පන්දු රකින රයිෆල් ගෙ අතේ වැදෙමින් පන්දුව ඉහළින් ම සීමාව ඉක්මවා යන්නෙ ලකුණු 6ක් ලබා දෙමින් , අන්තිම පන්දුව ට එක් ලකුණක් ලබා ගනිමින් අවසන් පන්දු වාරයේ පළමු පන්දුව ට මුහුණ දීමේ අවස්ථාව ක්ලූස්නර් ලබා ගනියි.
අවසන් පන්දු වාරය යැවීමට ඬේමියන් ෆ්ලෙමිං කැඳවන අතර දකුණු අප‍්‍රිකාව ට ජයග‍්‍රහණය සදහා තවත් අවශ්‍ය ලකුණු 9ක් පමණයි . ලෝක කුසලාන තරගාවලිය පුරාවට පමණක් නොව එම යුගය පුරාවට ම අවසන් පන්දු වාරවලදී සිය අණසක පැතිරවූ ක්ලූස්නර් නැවතත් ක‍්‍රියාත්මක වෙමින් ෆ්ලෙමිං ගේ පළමු පන්දු දෙකට ම 4 පහර දෙකක් එල්ල කරන්නේ කැන්ගරු සිහින සුන්නත්දුලි කරමින් , දැන් තවත් ජයග‍්‍රහණය ට අවශ්‍ය වෙන්නෙ එක් ලකුණක් පමණක් වන අතර ඒ සඳහා පන්දු 4ක් ඔවුන් ට ඉතිරි ව ඇත. වැදගත් ම දෙය වන්නෙ පන්දු වට පහරදෙන්නෙ ක්ලූස්නර් වීමය. ස්ටීව් වෝ මේ තනි ලකුණ නැවැත්වීමට පන්දු රකින්නන් තණතීරු ව සමීපය ට කැඳවයි. තුන් වෙනි පන්දු වට ක්ලූස්නර් එල්ලකරන පහර ට ලකුණක් ලබාගත නොහැකි වුවත් පන්දු යවන්නා ගෙ අන්තයේ සිටින අවසන් පිතිකරු ඇලන් ඩොනල්ඞ් පිස්සෙක් මෙන් පිතිකරු අන්තයට දිවගොස් ක්ලූස්නර් විසින් නැවත හරවා යැවූවිට ආපසු තම අන්තය දිවයයි, ඔහු දුවද්දී දැවීයාමෙන් බේරෙන්නෙ අනූ නමයෙනි. ෆ්ලෙමිං ගේ සිව්වෙනි පන්දුව ඉතිහාස ගත විය. එම පන්දුව ට මිඞ් ඕෆ් වෙත පන්දු ව එල්ල කරන ක්ලූස්නර් ජයග‍්‍රාහී ලකුණ වෙත දිව ගිය ද ඩොනල්ඞ් එය ට ප‍්‍රතිචාර දක්වමින් දිවයන්නෙ නැත, ඉන්පසු ඔහු දිවයාමට උත්සාහ කිරීමේදී ඔහු අතින් පිත්ත අත් හැරෙයි, ඊටත් පසුව පිත්තත් නොමැති ව පිතිකරු ගෙ අන්තයට ඩොනල්ඞ් දිවයන නමුත් ඔහු කඩුල්ල වෙත ආසන්න වීමට පෙර ඉතා පහසුවෙන් දුවද්දී දැවීයාමකට ඔහු හසුකර ගැනීමට ඔස්ටේ‍්‍රලියානුවන් සමත් වන්නේ තරගය ලකුණු සම ව අවසන් කරගැනීමට සමත් වෙමිනි .
අර්ධ අවසන් පූර්ව තරගය ලකුණු සම ව අවසන් වුවද super six වටයේදී මෙම කණ්ඩායම් දෙක අතර තරගයෙන් ජයගත් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අතර අවසන් මහා තරගයේදි ප‍්‍රබල පකිස්තානුවන් කඩුළු 8කින් පරදවා ලෝක කුසලානය දෙවැනි වරටත් ජයග‍්‍රහණය කරන්නේ 1999, 2003, 2007 පිට පිටම ජයග‍්‍රහණය කළ ලෝක කුසලාන විජයග‍්‍රහණ ත‍්‍රිත්වයෙ ආරම්භ ය සනිටුහන් කරමිනි . අවසන් පූර්ව තරගයේ දි මෙන්ම අවසන් තරගයේදී පකිස්ථානය ද සුනුවිසුණු කළ ශේන් වෝන් එම තරග දෙකහිදීම තරගයේ වීරයා සම්මානයට පාත‍්‍ර වූ අතර තරගාවලිය වීරයා ලෙස අභිමන් ලැබුවේ ලාන්ස් ක්ලූස්නර්.
ඉහත උද්ධෘතයට අදාළ කතා ව සිදුවන්නේ ඔස්ටේ‍්‍රලියාව විසින් ජයගත් එම Super six වටයේ තරගයේදී ය. එය super six වටයේ අවසන් තරගය යි. ඒ වනවිටත් දකුණු අප‍්‍රිකාව අවසන් පූර්ව තරගය ට සුදුසුකම් ලබා සිටි අතර ඔස්ටේ‍්‍රලියාව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීම ට එම තරගය ජයගත යුතුව ම ඇත. පළමුව පන්දුව ට පහරදුන් දකුණු අප‍්‍රිකානුවන් හර්ෂල් ගිබ්ස් ගෙ ශතකයක් සමඟ ලකුණු 271ක් රැස් කරයි, එය ඒ යුගයේ සැලකිය යුතු ඉහළ ලකුණු සංඛ්‍යාවකි. ඉන්පසු පිටියට පැමිණෙන ඔස්ටේ‍්‍රලියානු වන්ගෙ පළමු කඩුලූ දෙකම ඉතා ඉක්මණින් බිඳ වැටෙන අතර ලකුණු 48 දී තුන්වෙනි කඩුල්ල ද බිඳ වැටෙයි. එවිට පිටිය ට පිවිසෙන නායක ස්ටීව් වෝ , රිකී පොන්ටින් සමඟ සෙමින් නමුත් ස්ථාවර ව ක‍්‍රමක‍්‍රමයෙන් ලකුණු පුවරුව ඉහළ නැංවීමට සමත් වෙයි. ක්ලූස්නර් විසින් යවනු ලබන 31 වෙනි පන්දු වාරයේ අවසන් පන්දු වේදි එවිට ලකුණු 56ක් ලබා සිටින ස්ටීව් වෝ එල්ලකරන පහර මිඞ්විකට් හී සිටින අති ප‍්‍රබල පන්දු රකින්නෙකු වන හර්ෂල් ගිබ්ස් විසින් රැකගැනීමත් සමඟ නැවත උඩදැමීමට උත්සාහ දැරීමේ ප‍්‍රතිඵලයක් ලෙස බිම පතිත වෙයි. එය පන්දුව නිසිලෙස ග‍්‍රහණය කරගැනීමට පෙර සිදුවූවක් බව ඉතා පැහැදිලි බැවින් එය දැවීයාමක් නොවුණි. ” උඹ ඔය අත් හැරියේ ලෝක කුසලානයයි ” ස්ටීව් වෝ හර්ශල් ගිබ්ස් ට එය ප‍්‍රකාශ කරන්නේ එම අවස්ථාවේදී ය, පසු කලක තමා එසේ නොකී බව ස්ටීව් වෝ කියා සිටියද කට කැඩිච්ච අලූගුත්තෙරු කතා වලට චිරප‍්‍රසිද්ධ ස්ටීව් වෝ එවේලෙ එසේ කී බව ක‍්‍රිකට් ලෝකයේ බොහෝ දෙනා ගේ
පිලිගැනීමයි. එතැන සිට සුපිරි පිතිකරණ යක නිරත වන වෝ ලෝක කුසලාන ඉතිහාසයේ අතී සුවිශේෂී ඉනිම ක් ක‍්‍රීඩා කරමින් නොදැවී ලකුණු 120(පන්දු 110) ලබා ගනිමින් තරග ය ජයග‍්‍රහණය කරාගෙන යන්නේ අවසන් පූර්ව වටයේදී දකුණු අප‍්‍රිකානුවන් ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට හේතු වන ජයග‍්‍රහණය කැන්ගරු වන්ට හිමිකර දෙමිනි.
එම ඉනිමේ දි ම ජයග‍්‍රහණය සඳහා ලකුනු 25 ක් අවශ්‍ය ව තිබූ මොහොතේ 5 වෙනි කඩුල්ල බිඳ වැටුණු විට පිටිය ට පිවිසි ටොම් මූඩි ( ඔවුන් එම කණ්ඩායමේ වයසින් වැඩිම (34) ක‍්‍රීඩකයන් වූ අතර මූඩි ව ලෝක කුසලාන සංචිතය ට කැඳවීම ද එක්තරා ආකාරයක අහම්බයක් විය. නමුත් මූඩි සහ ස්ටීව් වෝ දෙදෙනාම 1987 ලෝක කුසලානය දිනූ ඇලන් බෝඩර් ගෙ කණ්ඩායමේ ක‍්‍රීඩකයන් විය) ට ”අපිට ආයෙ ලෝක කුසලානය කට එන්න වෙන්නේ නෑ ඒක නිසා අපි දෙන්න අද මේක ඉවර කරන්න ඕන’’ ලෙස ද වෝ පැවසූ බව ද සඳහන් වේ, එලෙසම ටොම් මූඩි එම තරගයේ ජයග‍්‍රහණය තෙක් ම තම නායකයා ට සහය වීම ට සමත් විය.

No comments:

Post a Comment