AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

නිපුන කරුණාරත්නගේ අද්භූත ප‍්‍රබන්ධ නවකතාව මකර විමන - 01

සාදරයෙන් පිළිගමු...     

ලියූ චෑන්’ තමා අසලට ආ සෙබලාට දරුණු කඩු පහරක් එල්ල කර එතැන සිටි රාජකීය ඇ`දුම් හැ`දි තැනැත්තා කෑගැසුවේය. ‘‘මිං සියෑන්ට ළමයින් අරගෙන යන්න උදව් කරන්න’’
‘‘එහෙමයි උතුමාණෙනි...’’ තමාට පහරදීමට ආ සෙබලූන් දෙදෙනාට එකවර පහරදී බිම දැමූ වයසක පුද්ගලයා කීවේය. අනතුරුව ඔහු සටන් කරමින් සිටි තරුණ ශක්තිමත් පෙනුමක් තිබුණු තරුණයකු වෙත දිවගියේය.
ඒ වන විට රන් උණගසත්, උල්පතත් අසල මහා ගැටුමක් ඇතිවී හමාරය. එක් පසෙකින් කලූ පැහැ යුධ ඇ`දුම් ඇදගත් දුෂ්ඨ පෙනුමැති සෙබලූ සමග තරුණ තරුණියන් නිරායුධව සටන් කරමින් සිටියහ. ගතවන සෑම මොහොතක් පාසාම එකා බැගින් සෙබළු මරා දමන අයුරු දැකීම බියජනකය. කුඩා අතදරුවන් වඩාගත් ගැහැණුන් දිවයාමට වූ අතර ඔවුන්ගේ ස්වාමිපුරුෂයෝ ද කඩුවල සැර, තද පහරවලට බිලිවූහ. ඉහළ අහසේ විශාල වශයෙන් අඩුම ගණනේ එක`දු හිඩැසක් දැකගත නොහැකි ලෙස කාලවර්ණ මකරුන්ගෙන් වැසී තිබුණු අතර ඒ භයානක සත්වයන් වර්ණවත් මකරුන් සමග ගැටෙනු දක්නට ලැබුණි.
‘මිං සියෑන්’ ලියූ චෑන් කෑ ගැසුවේය. ‘ළමයින්වත් අරගෙන කැලයට පනින්න’ ඔහු එසේ කී විට ඊට අවනත වු මිං සියෑන් කුඩා දරුවන් පස් දෙනෙකු වඩාගෙන කිසිවක් කරකියාගත නොහැකිව බියට පත්ව සිට ගැහැණුන් පස් දෙනෙකු වෙත දිව ගියේය.
‘ළමයින්ව රැුගෙන යා යුතුයි.....’ මම ඔවුන්ව රැුකබලා ගන්නම්. අනිවාර්යයෙන්ම අවුරුදු දහඅටක් සපිරෙද්දි ඔවුන්ව රැුගෙන එන්නම්.’’ මිං සියෑන් එසේ කියා හ`ඩන මව්වරුන්ගේ දරුවන් පස්දෙනා ලබාගත්තේය. කුඩා දරුවන් දෙදෙනකු පිටෙහි එල්ලාගෙන, තවත් දරුවකු ගෙලෙහි එල්ලාගෙන අනෙක් දෙදෙනා දෑතට ගත් මිං සියෑන් දිවීමට විය. ඒ සමගම සෙබලූන් ඔහුව ලූහු බැ`දීම ඇරඹීය. බලා නොසිටි ලියූ චෑන්ද එලෙසම දිව ගියේය.
ළමුන් පස්දෙනා රැුගෙන මිං සියෑන් හැකිතරම් වේගයකින් දිව ගියේය. එක්වරම ලියූ චෑන්, මිං සියෑන් පසුපස දිවගිය සෙබලූන් අතරට ඉපිල්ලී ගොස් පැන ඔවුන් හා සටන් කරන්නට විය. දැඩි
ආවේගයක් සමග සටන් කළ එම පුද්ගලයා එතැන සිටි සියලූම කලූ සෙබලූන්ව ඝාතනය කළේය.
‘‘මිං සියෑන් දුවන්න...’’ ඔහු එසේ කෑගැසුවේය. අනතුරුව මිං සියෑන් හා දිව යන්නට විය. දිගටම දිව ගිය ඔවුන් ඉදිරියට කොහෙන්දෝ සිට කලූ පැහැ අමුතුම ඇ`දුම් ඇ`ද මුහුණු ආවරණය කරගෙන සිටි පුද්ගලයන් දසදෙනෙකු පැමිණියහ. ක්‍ෂණයෙන් ඔවුහු මිං සියෑන්වත් ලියූ චෑන්වත් වට කළහ.
‘‘ළමයින්ව අපිට දීපන්.....!’’ ගොරහැඩි හ`ඩක් පැවැසීය. ළමයින් පස්දෙනා ඔසවාගෙන සිටි මිං සියෑන් තම කඩුව එළියට ඇදගත් අතර ලියූ චෑන් ද එසේ කළේය.
‘‘නැවතත් මා කියනවා....., ළමයින්ව අපට දීපන්....!’’ නැවතත් ගොරහැඩි හ`ඩ පැවැසූ අතර ඒ සමගම ඔවුහු ඉනේ ගසාගෙන තිබූ තරමක් දිග යකඩ පොල්ල බැගින් ගත්හ. අනතුරුව එය ඉදිරියට දිගුකළ අතර එය ක්‍ෂණිකව දිගු වී එය වටා ඉතා තියුණු පිහි සහිත ආයුධයක් බවට පත්විය.
මිං සියෑන් පහරදීමට තැත් කරත්ම ඉහළින් ඔවුන් දෙදෙනා අසලට කලූ හැ`ද මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් තිදෙනෙකු පැන්න අතර ඔවුන් ක්‍ෂණිකව තම කඩුවෙන් ඔවුන් වටා වූ පුද්ගලයන් සමග දරුණු සටනකට අවතීර්ණ විය. මිං සියෑන්ද ලියූ චෑන් ද සටන් කළ අතර අවසානයේ සියල්ල සමූල ඝාතනය කරන ලදී.
‘‘කවුද නුඹලා..............’’ මිං සියෑන් කඩුව එදෙසට යොමු කරමින් ඇසුවද පිළිතුරු නොදුන් තිදෙනා වේගයෙන් ඉවතට දිව ගියහ.
‘‘මිං සියෑන්’’ ලියූ චෑන් ඈතින් ඇසෙන සෙබලූ පැමිණෙන හ`ඩකට සවන් දී කීවේය.
‘‘ඉක්මනට යමු’’
පමා නොවූ දෙදෙනා වේගයෙන් දිවගොස් අවසානයේ දිය ඇල්ලක් කඩා වැටෙන, ගංගාවක් ඇරඹෙන තැනක නතර වූහ.
‘‘මං කඩු ලබාගන්නම්...’’ ලියූ චෑන් කීවේය.
‘‘ඔබ පිටත් වන්න...’’
‘‘ස්තූතියි ඔබට...’’ මිං සියෑන් ඉක්මනින් පොතකුත් මුදුවකුත් කමිසය තුළින් පිටතට ගනිමින් කීවේය.
‘‘මම නැවත වසර දහ අටකින් පැමිණෙන්නම්... නැවතත් ඔබට ස්තූතියි....’’ එසේ කියූ ඔහු මුද්ද පොතට තබා තෙරපූ අතර ක්‍ෂණිකව දීප්තිමත් එළියක් නිකුත් විය. එසැණින් මිං සියෑන් හා දරුවන් පස්දෙනා අතුරුදන්ව තිබුණි. ඒ සමග ලියූ චෑන් ද ග`ග පහළට දිවගියේය.
x x x
ඉතින් සහෝදරයා කොහොමද සැපදුක්.....?’’ හින් ජූ වෝ එසේ විමසමින් චින් වොන් ලූ අසලට පැමිණියේය. එසැණින් දෙදෙනාම සටන් කරගැනීමට වූ අතර එකෙකුට එකෙක් නොදෙවෙනි ලෙස සටන් කළහ. දිගටම පහර එල්ල කරගත් ඔවුහු අවසානයේදී හෙම්බත් වූහ. එයත් සමග චින් වොන් ලූ කඩුපහරක් හා පා පහරක් හින් ජූ වෝට එල්ල කළ අතර අත කපාගෙනම හින් ජූ වෝ විසිවී ගොස් වැටුණේය. ඉහළින් ඇසුණු බියකරු හ`ඩක් දෙසට නෙත් යොමු කළ චින් වොන් ලූ දුටුවේ රන් මකරාට සිව්දෙසින් කලූ මකරුන් ගිනි පිඹීම නිසා දුර්වල වූ බවය. ඒ සමගම රුදුරු කලූ මකරා එල්ල කළ කලූ ගිනි ගුලිය වැදී රන් මකරා පොළව මතට ඇද වැටුණි. අවධානය ඒ දෙසට යොමුකරගෙන සිටි චින් වොන් ලූට නැගිට ආ හින් ජූ වෝ වේගවත් කඩු පහරක් එල්ල කළ අතර පහර වැදුණු ඔහු ඇද වැටුණේය. නමුත් ඔහු නැවත ඉතා ආයාසයෙන් නැගිට දණගසාගත්තේය.
‘‘දැන් මමයි පාලකයා....’’ හින් ජූ වෝ කීවේය.
‘‘ඔහේට මම ඉක්මන් වේදනා රහිත මරණයක් ලබා දෙන්නම්’’
‘‘මගේ පුතුන් තිදෙනා වරද නිවැරදි කරයි’’ තමාටම සෙමෙන් මුමුණාගත් චින් වොන් ලූ සිනාමුසු මුහුණින් හින් ජූ වෝ දෙස බැලූවේය. එසැණින් ඔහුගේ ගෙල අසිපත් පහරින් සි`දී ගියේය.
x x x
එංගලන්තයේ පිහිටා ඇති ප‍්‍රසිද්ධ නගරයක මුඩුක්කු නිවාස වැනි පෙදෙසකට අයත් ප‍්‍රදේශයක් විය. නිරන්තරයෙන් ගුටිබැට හුවමාරුවීම් පහරදී ගැනීම් ආදියෙන් අඩුවක් නොමැති මේ ප‍්‍රදේශය කෙරෙහි මිනිසුන් දැක්වූයේ පිළිකුල් සහගත ආකල්පයකි. එහෙත් මෙම ප‍්‍රදේශය තුළ මීට අවුරුදු දහඅටක පටන් පවත්වාගෙන යනු ලබන සටන් කලා ආයතනයක් විය. කඩවසම්, ශක්තිමත් හා තරුණ පෙනුමැති චීන ගුරුවරයකු පවත්වාගෙන යන මෙම සටන් කලා ආයතනය මෙතෙක් කාලයකට කිසිම ලෙසින් දියුණුවක් ලැබූ බවක්නම් පෙන්වූයේ නැත. ඊට හේතුව වූයේ මෙහි සෑම වසරකටම පාහේ නවක සිසුන් බ`දවා ගැනුණත් පන්ති ආරම්භ කර දින කිහිපයකින් සිසුන් එකා බැගින් පන්තිය අතහැර යාමයි. එබැවින් මෙම ගුරුවරයාට වසරේ ඉතිරි කාලය ගතකිරීමට සිදුවූයේ කුමන හෝ සුළු රැුකියාවක නියැලෙමිනි. සිසුහු පන්තිය හැරයාමට ප‍්‍රධානතම හේතුව ලෙස දැක්වූයේ අදාළ ගුරුවරයාගේ මිත්‍යා කතායි. ඔහු එම කතන්දර විශ්වාස කරන පිස්සෙක් ලෙස බොහෝ පන්ති හැරගිය සිසුහු හැ`දින්වූහ. එහි අසත්‍යයක් නොතිබුණාම නොවේ. ඔහු තම නිවසත් පන්ති පවත්වන ස්ථානයත් යන දෙකම එකක් කරගෙන ජීවත් වූ අයෙක් නිසා ඒ අවට වූ පිරිස් ද සිසුහු පවසන දේ අනුමත කළහ. තනිවම කතා කරමින් රාත‍්‍රී කාලයේ ඔහු සිටින බවත් ඔහුගේ අසල්වාසීන් පැවැසූ අතර සිසුහු පැවැසුවේ ඔහු මකරුන්, අමරණීයත්වය ලබාගැනීම
පිළිබ`දව ආදී කිසිම අයකුට පිළිගත නොහැකි අධි භෞතිකවාදී කතා පවසමින් සටන් ඉගැන්වීමක් නිසි ලෙස ඉටු නොකරන බවකි.
එනමුත් මීට වසරක පමණ සිට මෙම පන්තියට සිසුන් පස්දෙනෙකු සම්බන්ධ විය. විශේෂත්වය වූයේ මෙම පස්දෙනාම අදාළ පවුල්වලින් කුඩා කලදීම හදාගැනීමට ගන්නා ලද දරුවන් වීමයි. පස්දෙනාගෙන් දෙදෙනෙකු ධනපති පාන්තිකයන් වූ අතර ඉතිරි තිදෙනා මධ්‍යම පාන්තික විය. පුදුමය වූයේ සෑම සිසුවෙක්ම පාහේ කෙටිකලෙකින් සටන් කලා පන්තිය අතහැර ගියද ඔවුන් වසරක් පුරාවට පන්තිය එක් දිනක්වත් ම`ග නොහැර සිටීමත් වෙනත් ස්ථානයකින් සටන් ශිල්පය හැදැරීමට හැකියාව තිබියදීත් එම අප‍්‍රසන්න ප‍්‍රදේශයටම පැමිණ එයට සහභාගිවීමයි.
මොවුන් පස්දෙනා නමින් නීරෝ ඇන්තනී, බ‍්‍රයන් රොජස්ටින්, පෝල් ඩෝල්ටන්, මේරී ඇන්ඩෲ හා ජොනී කාල්ටන්ය. ගුරුවරයා නමින් මිං සියෑන් විය. සියලූම නම් යුරෝපීයන්ට ආවේණික වුවද පස්දෙනාගේම පෙනුම ආසියාතික චීන පුරවැසියන්ට ආසන්න විය. මොවුන් මෙතරම් වුවමනාවෙන් පන්තියට සහභාගී වීමට හේතුවත් අනෙක් සියල්ලෝම පන්තිය අතහැරීමට හේතුවත් අතර වැඩි වෙනසක් නොවීය. මොවුහු අදාළ ගුරුවරයාගේ මිත්‍යා කතා ඇසීමට අතිශයින් ආශා කළහ. ඒවායේ සත්‍යතාවයක් ඇති බව ඔවුහු සැමවිටම පිළිගත්තහ. එපමණක් නොව මෙම ගුරුවරයා මෙම සිසුහු පස්දෙනාට ඉතා වුවමනාවකින් යුතුව සටන් ශිල්පය පුරුදු පුහුණු කිරීම් සිදු කළේය. අත් හා පා යොදාගෙන සටන් කරන්නට පුරුදු පුහුණු කළ ඔහු කඩු හා පොලූ හරඹ සිදුකර පෙන්වුවත් ඒවා පුරුදු නොකළේය.
එදින විශේෂ දිනයක් විය. ඊට හේතුව වූයේ මෙම මිතුරන් පස්දෙනාගේම
උපන් දිනය එදිනට යෙදී තිබීමයි. පස්දෙනාටම දහ අටක් සම්පූර්ණ වන දිනය එදිනයි. සිරිත් පරිදි ඔවුහු තම සටන් ශිල්ප පන්තියට සහභාගි වූහ. වෙනදාට සටන් පුහුණුව අවසානයේ දේශනයක් සිදුකරන ගුරුතුමා මෙදින සටන් පුහුණුව සිදු නොකරම තවත් කතාන්දරයක් කීමට සූදානමින් සිටියේය. සිසුන් පස්දෙනා පන්තියට පැමිණි මනා සේ පිරිසිදු කර තිබුණු පොළව මත පහසු ලෙසින් හි`දගත්හ. ගුරුවරයා දිගු හුස්මක් ගෙන කතන්දරය කීමට පටන් ගත්තේය.


මතු සම්බන්ධයි

 නිපුන කරුණාරත්න








                                     යොවුන් ලේඛක නිපුන කරුණාරත්නගේ "මකර විමන "
                         



     අග්නි තුරුණු වියමන Facebook Page                              
                     2020 ජනවාරි මුල් කළාපය 

                                                

No comments:

Post a Comment