AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

අග්නියට ලියන්න

උතුරින් දකුනට
(උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන

වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මුරුගසන් වැස්ස වෙමු
දැවෙන කැලයට වහින

චන්ඩ පවනක් නොවෙමු
දෙරණ අතුගා දමන
මන්ද මාරුතය වෙමු
දෙකොන සිපගෙන හමන

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන

යකඩ පිත්තල නොවෙමු
රජුන් උඩ පැන තලන
බුරුත-කොස්-නැදුන් වෙමු
උනට එසවිය නොහෙන

පිදුරු-පොල් අතු නොවෙමු
පැරණි ගෙට සෙවිලි වන
සබඳ අපි ගඩොලූ වෙමු
අලූත් ගෙපැලක් බඳින

දර්ශන මේදිස්

මෙම කවිය ඇසුරෙන් සකස් කොට, ගායක ගුණදාස කපුගේ ගයන ගීතය නිසි මාතෘකාව යටතේ ඉදිරිපත් නොවීම ගැන මම කම්පා වෙමි.
-කර්තෘ

-‘කඳුලූ මිටියාවත’ (1992* කෘතියෙනි.

වස්සානය ඇවිදින්,

ගිලන් වී ඉකි ගසන සිත් කතර අතරට
වස්සානය ඇවිඳින් එබිකම් කරද්දී
හේමන්ත ගිම්හාන මතක පොද අතරින්
පැන නැෙඟයි වසන්තයෙ සුවඳ පිණිබිඳුවක්

අතීතයෙ මතක පෙළ එකදිගට පොරකද්දි
සිනහරැලි කඳුළුමල් අතරේම සැඟවෙයි
මඳ හසට රටේ බඳින මුවකොපුල් තලයට
කඳුළ නුඹ තෙන් මතක නොමගේනු මැනවි.
එච්. ඒ. අචිනි සඳුනිකා පියසිරි

අහඹු ධනය සහ දේපල

දෙව් රුවන් මවා පෙනී සිටින
යක්ෂ දුතයෙක්,
උමතුවෙන් නුඹව සොයා යන්න
කෙරූ වසඟයක්

එකිනෙකා පරයවා ඇවිදින්
සොයා ගත්තොතින්
වසඟයට හසුව කැපවෙයි නුඹ
රකින ලෙස නිතින්
දුටු දිනේ පටන් ලොව, කිව්වෙම
දුවන්නට සොයන්
නුඹ ලැබූ දිනෙක ඇත නිවනක්
එයයි සැප කියන්

ටික ටිකින් මතක නැති වී යයි
ගෙවූ මතකයන්
දුටු කලෙක සොරු ලෙසින් වෙයි
එක බඬේ සොහොයුරන්

ආ එව්න් නුඹ සොයන් දැන්
මරු තුරුඑකර නිදත්
‘ධනය’ ක නමින් රැගත් දොරටුව
මරු නොවෙද නුඹත්
දිනූ

නෑ උපමා
හැරදා ගියහැටි
නොකියා

ශ්වේත වු ඇස් අඩවන් වු
රෝස දෙකොපුල් මිහිදන් වු
හීනේ මා - වියැකීලා
දෝරෙ ගලනා වරුසාවන්
ශේෂ වු දුක් ගංගාවන්
ගිනියම් වු - රිදවුම් වු
නෑ උපමා හැරදා ගියහැටි නොකියා
සොඳුරු සිහින සේයා ඈ පාවීලා
පරවිය විහඟුන් අහස පිඹිනා තුරු බලා
නිහඬව නොසිදිමි කාලයට පිළිතුර බලා

වියරු හදවත නැවතීලා
වෛර ගිනිදළු දැල්වීලා
තුන්ලෝකයා - කම්පාවෙලා
පොළොව තෙමනා රුහිරුබිඳුන්
වෙඩි උණ්ඩ හද අවි අතගත්
හුස්ම නවතිනා - හුස්ම නවතනා
නෑ උපමා හැරදා ගියහැටි නොකියා
සෙඳුරු සිහින සේයා ඈ පාවීලා
යන්නෙමි අද මා සිංහරාවය සොය සොයා
යන්නෙමි අද මා ජයකෙහෙළිය සොය සොයා
දසුනි

ඉඩදෙන්න මට

ස්වල්පයක් හෝ හිත හැදෙන්නට
කල්කයන් හමුවෙයි කියා....
අල්පයක් නුඹගෙන් මිදෙන්නට
කල්පයක් ඈතට ගියා....

හදවතට කිලිපොලා නංවන
වේදනාවන් හිත තියා....
තනිකමින් හුදකලා වන්නට
නිකරුණේ මා හුරු වුණා....

හුදකලා බව හිතට සතුටකි
සැනසුමයි මේ ජීවිතේ....
ඉඩදෙන්න මට එය විඳින්නට
තනිකමින් මේ ජීවිතේ....
කේ. එම්. නදුනි හංෂණා දිව්‍යාංජලී

වසන්තය නුඹම වේ...

සීත හිම බිම තනිව වැළපෙන
අපේ පොප්ලර් නිඹුල් තුරු දෙක
බලා ඉන්නා තරම් නුඹ දන්නෑ
යළිත් පැමිණෙන තෙක් - වසන්තය කැඳවන්

කුණාටුව මැද සිහි වුණා මට
ළමැදෙ තුරුලූව හඬා වැළපුණ දා
රිදෙන සිතුවිලි රහසෙ සඟවන්
සමු අරන් ගියදා - නුඹේ සිත දුටුවා

කෙමෙන් මැකෙනා මතකයන් මැද
තුරුණු විය නික්මිලා යන විට
දැවී අලූ වුණ පාසලේ ඉඳ
මඟ බලමි තවමත් - දකින තෙක් ආයෙත්
ශාක්‍යා වික‍්‍රමආරච්චි

අවිහිංසක ඇරයුම...

ඉතින් රැඳියන් කඳුලූ බිංදුව
ඉඳුල් හදකට නොවී පිනි පොද
ඉරිතලා ගිය විසල් කතරට
නුඹේ වගතුග ඵලක් වේවි ද????

නොහික්මුණු සිත මුසා දෙසුමට
රුදුරු කතරෙක කුමට පිළිසිඳ
එපා නම් නුඹ එපා විලසම
මගෙ වළා ගැබ රැුඳෙන් සොඳුරිය....

අහිමි කතරට සඳක් විලසට
කිරණ දෙන්නම් දිලී හිඳිනට
මතක මං දොර වසා හනිකට
වෙයන් පතිනිය මගේ අහසට....
සඳුපමා හතරසිංහ

No comments:

Post a Comment