AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

උඩරට රජුගේ් බෝම්බකරුවෝ

තම ජීවිතය තවත් ජීවිත ගණනාවක විනාශය උදෙසා නැති කර ගන්නා, මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලාංකික අපට ආගන්තුක නැහැ. පාස්කු ප‍්‍රහාරයේ බියකරු මතකයේ සේම, තිස් අවුරුදු යුද්ධයේ දහස් ගණනක් අහිංසක ජීවිත, මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ගොදුරු වුණා. තම ජීවිතය නොතකා ප‍්‍රතිවාදීන් විනාශ කරන්නට යුධ බිමට පිවිසි සොල්දාදුවන්, මානව ශිෂ්ටාචාරය පුරාවට හමුවෙනවා. විටෙක ඔවුන්ගේ අරමුණු ශ්‍රේෂ්ඨ වුණා. තවත් ජීවිත ගණනාවක් රැුක ගන්නට යුධ බිමේ මරණය තෝරාගත් පරාර්ථකාමි මිනිසුන්ද ඒ අතර වෙනවා. අලිමංකඩ දී තම සහෝදර සෙබලූන් වෙනුවෙන් බෝම්බ ලොරියක් පුපුරවා ගනිමින් මරු වැළඳ ගත් හසලක ගාමිණි කුලරත්න එවන් විරුවෙක්.
උඩරට රජ කළ අවසන් රජු වූ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහයන් හටත් එවන් සෙබළ පිරිසක් වූ බව ඔබ දැන සිටියා ද ?
ඇහැලේපොළ පවුලේ අවාසනාවන්ත ඉරණමත් සමඟ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුට ඉතිහාසයේ උරුමව ඇත්තේ දුෂ්ටයෙක්, ෙදාා්හියෙක් වෙනුවෙන් වූ අවකාශයක්. නමුත් ඔහුට ඉතිහාසය තුළ සාධාරණත්වය හිමිව නැති බවට සාක්ෂි සාධක බහුල යි. උඩරට රජ කළ ශී‍්‍ර වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජතුමන් හට රජ කමට සුදුසු පිරිමි දරුවන් නොවූ නිසාවෙන්, ඔහුගෙන් පසු රජ කමට සුදුස්සෙක් නොවුණි. ඒ නිසාවෙන් මලබාර් ජාතික අග බිසවගේ සහෝදරයා වූ විජය රාජසිංහට රජකම උරුම වුණා. නායක්කාර් රාජ වංශය ඇරඹෙන්නේ ඒ විදියට. එම රාජවංශයේ තෙවනිවරට රජකමට පත් වන්නේ රාජාධිරාජසිංහ රජතුමා. ඔහුගේ හදිසි අභාවයෙන් පසුව පිළිමතලාවේ මහ අධිකාරම් ගේ මැදිහත්වීමෙන් කන්නසාමි කුමරු ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ නමින් රජ වෙනවා. නමුත් නායක්කාර් සම්ප‍්‍රදාය අනුව මිය ගිය රජුගේ බිසවගේ සහෝදරයා වූ මුත්තසාමි කුමරු රජකම අපේක්ෂා කරනවා. එය නොලැබුණ නිසාවෙන් ඔහු පහතරට ඉංගී‍්‍රසීන් වෙත පලා යනවා. එවකට ආණ්ඩුකාර ධූරය දැරූ ෆෙඞ්රික් නෝත් හට මෙය උඩරටට මැදිහත් වෙන්න හොද අවස්ථාවක් වෙනවා.
ඔහු මුත්තසාමි උඩරට රජ කරවන්න උඩරට ආක‍්‍රමණයකට සූදානම් වුණා. උඩරට රජ කළ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු ඒ වනවිට මහජන ප‍්‍රසාදය නොඅඩුව ලබමින් තිබුණා. ඉංගී‍්‍රසි ආක‍්‍රමණය සඳහා උඩරට සූදානම් වුණේ වෙනස්ම අයුරකට. රජු තාවකාලිකව මාලිගය අත් හැර යන්නට තීරණය කළා. නගර වැසියන්ද කඳුකරයේ සැගවුණා. සැඟව සිට පහර දෙන ගරිල්ලා සටන් ක‍්‍රමය සිංහලයන්ට ජයග‍්‍රහණය ලබා දුන් සාර්ථක ක‍්‍රමයක්. ඉංග‍්‍රීසීන් හැරගිය නගරය අල්ලාගෙන මුත්තසාමි රාජ්‍යත්වයට පත් කරනවා. අනතරුව ඔවුන් ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු සොයා යන්නට තීරණය කරනවා. රජු හගුරන්කෙත වාසය කළේ උපක‍්‍රමශීලීව ඉංග‍්‍රීසීන් එහි ගෙන්වා ගැනීමේ අදහසින්.
මේ වන විටත් ශක්තිමත් යුධ සැලැස්මක් සකස් කොට තිබුණ. එහිදී විශාල පිරිස් බලයක් සේම වෙඩි බලයක් හිමි ඉංග‍්‍රීසීන්ට අනපේකෂික ප‍්‍රහාරයක් එල්ල කරන්නට යෝජනා වෙනවා. ඒ සදහා පහසුම ක‍්‍රමය වෙඩි බෙහෙත් වුණත්, අවශ්‍යය අවස්ථාවෙ පහර දෙනු වස් ස්වයංක‍්‍රීය ලෙස ඒවා පිපිර විය හැකි ක‍්‍රමයක් ඔවුන් සතු වුණේ නැහැ. එනිසා තීරණය වන්නේ මරාගෙන මැරෙන සෙබලූන් යොදා වෙඩි බෙහෙත් පුපුරවා ලීමට.
උඩරට හමුදාව ඒ සදහා තෝරා ගන්නේ මහනුවර හා හගුරන්කෙත අතර පිහිටි වෑගොල්ල මිටියාවත. එහි තැනින් තැන වලවල් කපා වෙඩි බෙහෙත් අඩංගු පීප්ප සවි කොට සෙබලෙක් බැගින් සෑම පීප්පයකටම යොදවනවා. මේ අතර අලූත කපා හෙලූ කිතුල් කඳන් වෙල් යායේ තැනින් තැන දිගා කරන්නට කටයුතු කරනවා.
1803 ඔක්තෝම්බර් 4 වෙනිදා ඉංග‍්‍රීසී හමුදාව වාගොල්ල මිටියාවත කරා පැමිණියා. දැඩි ලෙස වෙහෙස වී සිටි ඉංගී‍්‍රසි සෙබලූන් මිටියාවතේ ඇති කිතුල් කඳන් මත වාඩි වෙන්නෙ වෙහෙස නිවාගන්න අදහසින්. සිංහල හමුදාව පිළිබද කිසිඳු හෝඩුවාවක් නොතිබුණ නිසා ඔවුන්ට සැකයක් ඇති වන්නටත් නැතුවැති.
එහෙත් සියල්ල නිමේෂයකින් වෙනස් වන්නට පටන් ගන්නවා. කඳුකරයෙන් ලැබුණ සංඥාවකින් සැඟව සිටි සෙබලූන් තම වෙඩි බෙහෙත් පීප්ප පුපුරුවා ගන්නෙ ඉංගී‍්‍රසි හමුදාව සුණු විසුණු කරමින්. අනතරුව රණ බෙර හඩ නගමින් කඳුකරයෙන් බැස එන සිංහල හමුදාව ඉංග‍්‍රීසීන් සමූල ඝාතනය කරනවා.
වසර දෙසීයකට පස්සෙ එදා ඉංග‍්‍රීසීන් දමා ගිය කාල තුවක්කු කිහිපයක් වාගොල්ල මිටියාවතින් මතු වෙනවා.
මේ වන විට මහනුවර පුරාවිද්‍යා කෞතුකාගාරයෙ ඒවා ප‍්‍රදර්ශනය කරන්නට කටයුතු යොදා තියෙනවා.
මුලාශ‍්‍ර -
නෙරපූ රජ, ආචාර්ය ගණනාථ ඔබේසේරකර
සිංහල විශ්වකෝෂය, 1956, පිටු 60
                                  
 කෝකිල ගිහාන් විතානතන්ත‍්‍රී 








2019 දෙසැම්බර් මැද කළාපය  
අග්නි තුරුණු වියමන Facebook Page 

No comments:

Post a Comment