AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

ජෝක් නොවූ ජෝකර්


මේ ප‍්‍රංශයේ පැවැති විරෝධතාවක දී එක් විරෝධතාකරුවෙක් සැරසී සිටි ආකාරයයි. දෙසැම්බර් මස 05 වන දා මේ දැවැන්ත විරෝධතාව දියත් වූයේ ප‍්‍රංශ ජනපති මැක්රෝන් විසින් එරට විශ‍්‍රම වැටුප් ක‍්‍රමයට එක් කළ නව සංශෝධනයට එරෙහිවයි. දැවැන්ත පිරිසක් සහභාගී වූ මෙම විරෝධතාවයේ විවිධ නිර්මාණාත්මක වේෂයන්ගෙන් පෙනී සිටි විරෝධතාකරුවන්ට විශේෂ අවධානයක් හිමි විය. සුප‍්‍රකට ජෝකර් චිත‍්‍රපටයේ ප‍්‍රධාන නලූවා සැරසී සිටි ආකාරයට සමාන අයුරින් සැරසුණු මේ විරෝධතාකරුවා ඒ අතරිනුත් වැඩිම දෙනෙකුගේ අවධානයට ලක්විය.
මේ වන විට ලෝකය පුරා ජනප‍්‍රිය දේශපාලනික චිත‍්‍රපටයක් වූ ජෝකර් චරිතයේ බාහිර ස්වභාවය විරෝධතාවල ජනප‍්‍රිය වෙස් ගැන්වීමක් බවට පත් වෙමින් තිබේ. ෙදැසැම්බර් 29 වන දා චිලියේ පැවති විරෝධතාවක දී ද එක් විරෝධතාකරුවෙක් මේ ආකාරයෙන්ම ජොකර් ලෙසින් වෙස් ගෙන සටන් බිමිට පැමිණ ඇත. සුප‍්‍රකට වී ෆෝ වැන්ඩෙටා චිත‍්‍රපටයෙන් පසු ලෝකය පුරා විරෝධතා ව්‍යාපාරවල ගයි ෆොක්ස් මුහුණු භාවිතය ප‍්‍රචලිත වූ ලෙසින් ජෝකර් වෙස්ගැන්වීම ද නුදුරේම ලෝකයේ විරෝධතා ව්‍යාපරවල ජනප‍්‍රිය අංගයක් වනු ඇති බවට බොහෝ දෙනා මත පළකරති.


No comments:

Post a Comment