AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Thursday, May 21, 2020

සිහිනයෙන් ඔබ්බට...

2020 T20I ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානය ජයගැනීම අපට සිහිනයක් ම බව අප මහ පොලොවට
පැමිණ තේරුම් ගත යුතු සත්‍යයකි. නමුත් නිවරැදි සැලසුම් ක‍්‍රියාත්මක කලහොත් ඉන්දියාවේ පැවැත්වෙන 2021 T20I ලෝක කුසලානය පිලිබඳ ව බලාපොරොත්තු තැබිය හැකි ය. ජයග‍්‍රහණය ගව් ගණනක් දුර නමුත් අවසන් පූර්ව වටයට (semi final) සුදුසුකම් සාදා ගැනීමේ හැකියාව ක් අපට ඇත.
ලෝකයේ ප‍්‍රබලතම වේග පන්දු බල ඇණියක් සහිත ඉන්දියාව මේ මොහොතේ තණතීරු දඟ පන්දු යවන්නන් ට සහය දෙන අකාරයට සකස් කිරීමට ඇත්තෙ ඉතා අඩු සම්භාවිතාවයකි. නමුත් ඔවුන් ට Kuldeep Yadav “ Yhuvender Chahal “ Washington Sundar වැනි ප‍්‍රබල දඟ පන්දු යවන්නන් ද සිටින බව අමතක නොකළ යුතුය. ඉන්දියාව 2020 T20I ලෝක කුසලානය ජයගැනීමට හැකි සෑම උත්සාහයක් ම දරණ බව ඉතා පැහැදිලි වන බැවින් ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම සංවිධානය විය යුතු බව මගේ අදහස යි.
එහිදී පළමු ගැටලූව ඉදිරිපත් වන්නේ නායකත්වය පිලිබඳ ව වේ. 2021 T20I ලෝක කුසලානය සඳහා අප සතු ප‍්‍රබලතම නායකයා දසුන් ශානක බව මගේ හැඟීමයි. ඔහුට දැන් සිට ම ඒ සඳහා අවශ්‍ය අත්දැකීම් රැස් කර ගැනීමට අවස්ථාව දිය හැකි නම් එය ඉතා හොඳ නමුත් එවැන්නක් තවමත් පෙනෙන්නට නැත. පාලක මණ්ඩලය ලසිත් මාලිංග ගෙන් පසු නායකත්වය නැවත ඇන්ජලෝ මැතිව්ස්ට පිරි නැමීමට පවා ඉඩ ඇති බව මගේ හැඟීමයි. නමුත් මෙම සියලූ පැරණි ක‍්‍රීඩකයන් ට අඩුම තරමින් 2020 T20I ලෝක කුසලානයෙන් පසුව හෝ සමුදිය යුතු බව මගේ අදහසයි. ජේශ්ඨ ක‍්‍රීඩකයන් ඒ අතර වාරයේ කුමන ආකාරයේ දක්ශතා දැක් වුවද අනාගතය ගැන සිතා මෙම තීරණයේ ඍජුව පිහිටා සිටිය යුතු බව මගේ අදහසයි.
අප නැවත මුලසිට සිතීම ආරම්භ කල යුතු ය. Mickey Arthur පකිස්තානය ලොව අංක එකේ T20I කණ්ඩායම බව ට පත් කරනුයේ තමන් සතු සම්පත් නිවැරැදි ව කලමණාකරණය කිරීමෙනි. ඔහු ආරම්භක පන්දු යවන්නන් ලෙස යොදා ගත්තේ Imad Wasim සහ Faheem Ashraf h' Imad එක දිගට පන්දු වාර 4 ම බොහෝවිට විට යවා අවසන් කරන අතර Ashraf බොහෝවිට යවනුයේ පන්දු වාර 2 ක් පමණි. තමන් ගෙ ප‍්‍රධානතම පන්දු යවන්නන් වන Mohammed Amir, Shaheen Afridi, Shahdab Khan, Hasan Ali කැඳවනුයේ ඉන් අනතුරුව ය. ඔය අතර වාර යේ පලපුරුදු Mohammed Hafees ගෙන් පන්දු වාර කිහිපයක් අතර මැද දි ලබා ගනියි. පිතිකරන යේදී ද Fakar Zaman විසින් ලබා දෙන වේගවත් ආරම්භ ය ට Babar Azam විසින් එකතු කරන ලබන ස්තාවරත්වයට Hafees, Shoib Malik, Sharfraz Ahamad ගෙ මැද පෙල ප‍්‍රහාරය හා Imad Wasim, Faheem Ashraf
ගෙ අවසන් පහර දීම් එකතු වූ විට සැලකිය යුතු ලකුණු ප‍්‍රමාණයක් ලබා ගත හැකිවිය. මෙය විවිධ තත්ත්ව යටතේ වෙනත් ක‍්‍රීඩක ආදේශ වීම් හා තරඟ රටාවෙ වෙනස්කම් සහිතව සිදුවුවද එය සෑමවිටම සාමුහිකව තරඟ වැදීමක් බව දැකිය හැකි විය.
Arthur එවැනි ම වූ නවමු ක‍්‍රම වේදයක් ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් කන්ඩායම ට හැකි ඉක්මනින් හඳුන්වා දිය යුතුය. ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් කන්ඩායම ද එවැනි සාමුහික ප‍්‍රයත්නය න් ඔස්සෙ සාර්ථක වීමෙ ක‍්‍රම වේදයක ට අනුගත විය යුතුය.
මගේ අදහස අනුව ශ‍්‍රී ලංකා T20I කණ්ඩායමේ ප‍්‍රහාරාත්මක පිතිකරන ලැයිස්තුව ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්ෂ, දසුන් ශානක සහ ඉසුරු උදාන මුල් කරගනිමින් පිලියෙල කර ගත යුතුය. මේ වනවිට සීමිත පන්දු වාර තරඟ වලදී දැඩි පසුබෑමකට ලක් ව සිටින කුසල් මෙන්ඩිස් යම් කාලයක ට හෝ test තරඟ සඳහා පමණක් භාවිතා කල හැකි නම් එය වඩා යෝග්‍ය බව මගේ අදහසයි. ඔහු ලකුණු අතර සිටී නම් ඉහත නම් ලැයිස්තුව ට ඔහුද ඇතුලත් විය යුතුය. නමුත් ඉහත නම් සඳහන් ක‍්‍රීඩකයන් අතුරින් කුසල් ජනිත් පෙරේරා හැර අනිකුත් සියලූ ක‍්‍රීඩකයන් ජාත්‍යන්තර මට්ටමට ළඟා වීමට තව සැලකිය යුතු වර්ධනයක් දැක්විය යුතුය. ඉහත නාමාවලිය පිතිකරන අනුපිලිවෙලෙහි මුල මැද අඟ සියලූ ස්ථාන ආවරණය වන සේ යෙදිය හැකි වීම වාසිය කි. ස්ථාවර පිතිකරුවන් ලෙස ධනංජය ද සිල්වා සහ ඕෂධ ප‍්‍රනාන්දු යොදා ගත හැකි ය. නමුත් ඕශධ වෙතින් Test කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා අප බලාපොරොත්තු වන්නේ නම් ඕශධ T20I කණ්ඩායම ට ඇතුලත් නොකර ගැනීමට ක‍්‍රියා කල යුතුය. මෙම ප‍්‍රදාන පිතිකරුවන් අතර පන්දු යැවිය හැකි ක‍්‍රීඩකයන් 4ක් සිටින බැවින් විශේෂඥ පන්දු යවන්නන් තිදෙනෙක් ප‍්‍රමාණවත් වේ. එහිදී වනිඳු හසරංග ඉදිරියෙන් ම සිටින නමුත් ඔහුට වඩා පන්දුව දඟකැවිය හැකි දඟ පන්දු යවන්නෙක් අවශ්‍ය අවස්ථාව න් හීදි භාවිතා කිරීමට ගොඩ නගා සිටිය යුතු වේ. වේග පන්දු යැවීම කසුන් රාජිත ප‍්‍රධාන කරගනිමින් ගොඩ නැඟිය යුතු බව මගේ පෞද්ගලික අදහස යි. වේගය නිවැරැුදි එල්ලය හා inswing yokers යැවීමේ හැකියාව න් ප‍්‍රගුණ කල යුතුය. Lance Klusner ක‍්‍රීඩා කරන අවධියේ දී ඔහුට 6 පහරවල් ගැසීමට පමණක් ම පුහුණු කරවන පුහුණු සැසි පැවති බව මා අසා ඇත. එලෙසම අපගේ වේග පන්දු යවන්නන් ට ද යෝකර් පන්දු පමණක් යවන පුහුණු සැසි පවත්වමින් එය වර්ධනය කල යුතුය. ඉන්දියානු ප‍්‍රදාන පුහුණුකරු ද වන හිටපු ඉන්දීය ප‍්‍රබල ආරම්භක පිතිකරුවකු හා නායකයකු ද වන රවි ශාස්ත‍්‍රි වරක් ප‍්‍රකාශ කර සිටියේ හොඳින් යෝකර් පන්දු යැවීම ට හැකියාව ඇත්නම් පිතිකරුවා කවුද යන්න වැදගත් නොවන බවයි. ඔබට ඔහුව දවාගත හැකි බව යි. ඔහු ඉන්දීය වේග පන්දු යවන්නන් පුහුණු කරනුයේ එම ඉලක්කය ට බව ඔවුන්ගේ වර්ථමාන වර්ධනය නිරීක්ෂණය කිරීමෙන් වටහා ගත
හැකි ය.
එළඹෙන 2020 T20I ලෝක කුසලානය කෙසේ වෙතත් ඉන්දියාවේ දි පැවැත්වෙන 2021 T20I ලෝක කුසලානය සඳහා තර්ජනාත්මක කණ්ඩායම ක් ලෙස වර්ධනය වීමේ විභවය අප සතු ය. අවශ්‍ය නිශ්චිත ඉලක්කය කට පුහුණු වීමයි.

චරිත දිසානායක
චරිත දිසානායක







අග්නි තුරුණු වියමන Facebook පිටුව බලන්න
අග්නි පෙබරවාරී මැද කලාපය

No comments:

Post a Comment