AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

සල්ලි පොකුරු මිල්ලෙ අහුරු


බූඞී කීර්තිසේන අධ්‍යක්ෂවරයාගෙ මිල්ලේ සොයා චිත‍්‍රපටය හරහා එළිදුටු ‘සල්ලි පොකුරු - මිල්ලෙ අහුරු’ ගීතය අද අපේ අවධානය යොමු කරන ගීතය හැටියට හඳුනා ගනිමු.




ගීතය ගායනා කරන්නෙ ඬේමියන් වික‍්‍රමතිලක. පද ආචාර්ය අජන්තා රණසිංහයන්ගෙ. සංගීතය වයිල්ඞ් ෆයර් සංගීත කණ්ඩායම.
අනේවාසික ශ‍්‍රමිකයන්, තේ වතු ශ‍්‍රමිකයන්, ඇ`ගලූම් ශ‍්‍රමිකයන් කියන ස්ත‍්‍රීන්ගෙ දායකත්වය බහුතරයක් සහිතව ගොඩනැගුණු කුලූණු තුනක් මත ආර්ථික බර අසාධාරණ ලෙස පටවාගෙන ප්‍රෞඩ ඉතිහාසයක ගුණ වරුණ පාරම්බාන ශ‍්‍රීලංකාවේ හරස් කැපුමක් ගත් කල සුවිශේෂී ජන සමූහයක් පිළිබඳ ගීයක් කලකදී අහන්න ලැබුණා..
එතරම් පුළුල් අවධානයක් ප‍්‍රධාන ධාරාවේ අත්පත් කර නොගත් හෙයින්ම නැවත නැවතත් මෙවැනි දේ නෑසූකන් වලට යොමු කරවිය යුතුව තියෙනව.
‘‘සල්ලි පොකුරු මිල්ලෙ අහුරු
සිහින විලේ ඹබර රැගුම් පානා..
පුංචි අපිට පුංචි රටක
සිහින සැබෑ වෙන්න වරම් ඕනෑ..’’
පහුගිය ජනාධිපතිවරණයේදී බොහෝ සෙයින් කරළියට පැමිණි යුරෝපයේ රැුකියා සඳහා ගොස් සිටින ශ‍්‍රී ලාංකීය බහුතරයක් දෙනාගෙ ජීවතේ අස්කොන් මේ ගීතය පුරාම අක්මුල් දිගෑදිල තියෙනව.
රට බේරා ගැනීමට ටිකට් හදාගෙන ඡුන්දය භාවිත කිරීමට පැමිණි මේ උදවියට රටේ දැඩි අවධානයක් යොමුවුණේ නිතැතින්..
හැමෝම හැබැයි ඡුන්දෙ දාල යුතුකම ඉටුකරනු ලැබීමෙන් පස්සේ හැරෙන තැපෑලෙන් ආයෙමත් යුරෝපයට ගියා..
කවුරු කවුරුත් හොදාකාරවම දන්නව මේ යුරෝපීය රටවල් අපේ රටට වඩා දස දහස් ගුණයකින් හැම අංශයකින්ම දියුණුයි වගේම සංවර්ධනාත්මකයි කියල. ඒ හින්දම ඡුන්දෙ දාල අපිට ඉතුරු ටික
බලාගන්න කියල අත්පිහිදගෙන අහස් යාත‍්‍රාවේ නගින මේ අය ගැන අපේ හිත්වල එහෙමට කහටක් නෑ.

සල්ලි පොකුරු මිල්ලේ අහුරු
සිහින විලේ බඹර රැුගුම් පානා
පුංචි රටක පුංචි අපිට
සිහින සැබෑ වෙන්න වරම් ඕනා
සතුටු කඳුළු වැස්ස මතින්
මුතුකුඩ ඉහලන්න අපිට ඕනා
හිතේ සවිය ගතේ විරිය
අපිට ඇතිම එකම හිරිය වීලා

මුහුදු හතේ රළ රැුල්ලේ
පොර බදලා අපි ආවා

නාග විමන් මකර කටින්
රිංගාලා අපි ආවා

රස්සාවට නගින උදේ
බොන්ජොර්නෝ කියලයි පිළිගන්නේ

කම්හල නැග බහින තුරා
අපේ දාඩිය තමයි සුවඳ දෙන්නේ

තියන විටදි අත දිග හැර
මිල්ලේ අහුරු සුළග වගේ යන්නේ

කඩිසර කම තිබෙන තුරා
අපේ දවස කලඑළි වී එන්නේ

හදු කොහෙදෝ ගිහිල්ලා දෝ
හීන් සැරේ මග ඇරලා

අපි දන්නා හඳ මාමේ
අපි නම් නෑ පැරදීලා

කටු වටකර තිබුණත්
අපි අතින් කරින් වස්තු අරන් එන්නේ

එහෙම ඇවිත් ගමේදි මේ
සේසත දවසින් වියදම් වෙන්නේ
ආපු ගමන් ආයෙත් යං
මිල්ලෙ සොයන් අපි එනවා
අද යනවා හෙට එනවා
එහා මෙහා ඔහෙ යනවා
ආපු ගමන් ආයෙත් යං
මිල්ලෙ සොයන් අපි එනවා
අද යනවා හෙට එනවා
එහා මෙහා ඔහෙ යනවා

මේ විදිහට එහා මෙහා යන ජීවිත අපේ රටේ දේශපාලනයට ලොකු බලපෑමක් කරනව කියන්න කවුරුත් හිතන්නේ මතන්නෙ නෑ.
රට පුරා ඔඩුදුවන ජාතිවාදය සහ ආගමික අන්තවාදයන් බොහොමයක් පෝෂණය වෙන්නේ මේ දියුණු රටවල වෙසෙන බහුතරයක් ඈයින්ගෙ දායකත්වයෙන් කියන්න මේවා ගැන උනන්දුවක් දක්වන අයට නම් රහසක් නෙවේ.
මේ අය නොහිත ඉන්න පළවෙනි දේ තමා ඇයි ඔවුන්ට මේ විදිහට වෙන රටකට ඇවිත් තමන්ගේ සමීප හිතමිත‍්‍රයින්ගෙන් විප‍්‍රවාසීව ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ කියන එක.
ඒ වගේම තමයි මේ යුරෝපීය රටවල් අත්පත් කරගෙන ඇති ආර්ථික සහ සමාජීය දියුණුව කියන්නේ ඒ අයගෙ ඓතිහාසික අරගල සහ සමාජ මැදිහත් වීම් ගණනාවක පසු තත්වයක්ය කියන එක.
ඒක පෝස්ට් එකක් සෙයාර් කරල රැුල්ලට ඇවිත් ජන්දෙ දාල කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
මේ ගීතය පුරාම විහිදී ඇති ශෝචනීය ඉරණම් සේයාව, එයට යොදා ඇති කලූ වහලූන්ගෙ නාද රටා උරුමය වෑහෙන සංගීතය මේ අපේම වූ අපූරු ජන සමූහය ගැන අපේ අවබෝධය පුළුල් කරවනව වගේම ඇතැමෙක්ට විස්කි බෝතලයක් තරමට ලඝුවී ඈතින් පෙනෙන්නට ඇති මේ ජීවිත දෑස් තදින් වසා ගන්නට සිතෙන තරම් ලංකරවනව.


       
 සුදන්ත මාධව  








No comments:

Post a Comment