AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Sunday, May 10, 2020

ඔක්සිජන් බාර්


බ මේ දකින්නේ ඓතිහාසික ඡායාරූපයකි. අසල්වැසි ඉන්දියාව දැන් මහපාරේ ඔක්සිජන් විකිණීම ආරම්භ කර ඇත. ඔක්සිජන් බාර් නමින් ඉන්දියාවේ විවෘත වූ පළමු ඔක්සිජන් විකිණීමේ කඩසාප්පුවේ ඡුායාරූපයකි මේ. මෙහි විනාඩි 15ක් සඳහා ඔක්සිජින් මිලදී ගැනීම වෙනුවෙන් ඉන්දියානු රුපියල් 299 ත් 499ත් අතර මුදලක් අයකෙරේ. මේ වසරේ මැයි මාසයේ ආරම්භ කළ මෙම කඩ සාප්පුව මුළින් එතරම් ජනප‍්‍රිය නොවුණත් මේ වන විට එය ලාබ උපයන තැනට පත්ව ඇති බව එහි හිමිකරු ආර්යවීර් කුමාර් පවසයි.
ලෝකයේ රටවල් කිහිපයක මේ වන විට ඔක්සිජන් විකිණීමේ කඩසාප්පු පවත්වාගෙන යන මුත් ඉන්දියාවට මෙය තවමත් ආගන්තුක ය. ඉන්දියාව තුළ ඇති අධික වායුදුෂණය නිසා ඔක්සිජන් මිල දී ගැනීමේ තත්වයට ඔවුන් පවත් ඇත. පසුගිය මාසයේ ඉන්දියානු වායු දුෂණයේ බලපෑම කොළඹ නගරයට ද තදින් දැනුණි. මේ වන විටත් කොළඹ, මහනුවර ඇතුළු නගර කිහිපයක් වායු දුෂණයේ අවධානම් කළාප බවට පත්වෙමින් පවතී. ලංකාව ද මහපාරේ ඔක්සිජන් විකුණන තැනට යාමේ දුර වැඩි ඈතක නැත. හෙට දවසේ පාරක් අයිනේ ඔක්සිජන් බාර් එකක් දුටුවහොත් ඒ ගැන කලබල විය යුතු නැත. ඒ අපගේ නොසැලකිල්ලේ ප‍්‍රතිඵලයක් ලෙස සැලකුව මනාය.

2019 දෙසැම්බර් පළමු කලාපය

අග්නි තුරුණු වියමන Facebook Page

No comments:

Post a Comment