AHASA BOOKSHOP

AHASA BOOKSHOP
ඔබේ නිවසටම ගෙන්වා ගන්න

Wednesday, May 13, 2020

සිනමා කවුළුව

මේ ‘ඌරා’ කියන්නේ මනුස්ස ආදරය ගැනයි...
ඉන්දියාවෙ චිත‍්‍රපටි කියපු ගමන් අපට මතක් වෙන්නෙ බොලිවුඞ් මසාල සිහින ලෝකය.
නැතිනම් කොලිවුඞ් වේගවත් දෙමළ සිනමා ධාරාව. කොහොම වුණත් මේ කාලෙ බොලිවුඞ් ජනප‍්‍රිය සිනමාව සහ කොලිවුඞ් චිත‍්‍රපට සරලත්වය තුළ හි`දිමින් ම සමාජීය වශයෙන් වැදගත් තේමාවන්ට යොමු වෙනවා දකින්න පුළුවන්. ඒ වුණත් බහු පේ‍්‍රක්ෂක ආකර්ශණය උදෙසා ‘එන්ටර්ටේනිං’ මාත්තුව ගැල්වීමේ ප‍්‍රමුඛතාව එක්ක ඒවා යම් සීමාවන්ට නතු කෙරෙනවා. බොහෝ විට එතැනදී ප‍්‍රකාශනය යට කරමින් පෙරට එන්නේ අදාළ නිෂ්පාදන සමාගමේ ව්‍යාපෘතිය විය හැකියි. එරටේ මේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ සිනමාවේ ප‍්‍රකාශන බැරියර ඉක්මවන සිනමා ධාරාවන් ද හඳුනා ගත හැකියි. ඒ පන්නයේ චිත‍්‍රපට බොහෝ විට නිෂ්පාදන සමාගමක ආධිපත්‍යයට යටපත් නොවී, අධ්‍යක්ෂවරයාට අභිමත ලෙස නිර්මාණය වෙනවා. කොටින්ම මේවා හැදෙන්නෙ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය ආකාරයේ ප‍්‍රකාශනයක් එළියට දෙන්නම යි. අග්නි ‘සිනමා කවුළුව’ හාපුරා කියා විවර කරමින් අපි ඔබට සම්මුඛ කරන්නනෙත් එවැනි සිනමාපටයක්.
චිත‍්‍රපටයේ නම ‘ෆැන්ඩි‍්‍ර (Fandry)
මේක නාග්රාජ් මන්ජුලේ කියන අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක්. චිත‍්‍ර‍්‍රපටය හැදෙන්නෙ ‘මරාති’ භාෂාවෙන්. මරාති කියන්නෙ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ භාෂාව. අධ්‍යක්ෂ නාග්රාජුත් මහාරාෂ්ට‍්‍රවලම ජන්මය ලැබූ කෙනෙක්. ඔහු මරාති භාෂාවෙන් කාව්‍යකරණයේ නියැලි කවියෙක්. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. ‘ෆැන්ඩි‍්‍ර’ ඔහුගේ කුළු`දුල් වෘතාන්ත සිනමාපටය යි. ඊට කළින් ඔහු කෙටි චිත‍්‍රපටයක් පමණයි කරලා තිබුණෙ. කොහොම වුණත් ‘ෆැන්ඩි‍්‍ර’ විශාල සිනමාත්මක ජයග‍්‍රහණයක් සනිටුහන් කළා.
2014 ඉන්දියානු ජාතික සිනමා උළෙලේ හො`දම චිත‍්‍රපටය ස`දහා පිදෙන ඉන්දිරා ගාන්ධි සම්මානය ලැබුණෙ ෆැන්ඩි‍්‍ර ට. මුම්බායි ජාත්‍යන්තර සිනමා උළෙලේ සහ පූනේ චිත‍්‍රපට උළෙලත් හො`දම චිත‍්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තෙත් ෆැන්ඩි‍්‍ර ම යි. ඒ විතරක් නෙවෙයි, නිවියෝර්ක් ජාත්‍යන්තර සිනමා උළෙලේ හො`දම අධ්‍යක්ෂණය, සියැටල් සවුත් ඒෂියා සිනමා උළෙලේ ‘සමාජ තරග අංශයේ’ හො`දම චිත‍්‍රපටය, 2013 ජාත්‍යන්තර සිනමා ෆෙඩරේෂනයේ හො`දම චිත‍්‍රපටයට හිමි විචාරක සම්මානය ඇතුළු සම්මාන රැුසකට මේ චිත‍්‍රපටය පාත‍්‍ර වුණා. ලන්ඩන් සිනමා උළෙලේ සහ අබුඩාබි ජාත්‍යන්තර සිනමා උළෙලේ හො`දම චිත‍්‍රපටය හැටියටත් නිර්දේශ වුණා.
ෆැන්ඩි‍්‍ර කේන්්ද්‍ර වෙන්නෙ ‘ජබ්යා’ නම් ගැටවර පිරිමි දරුවකු වටා. ඔහු අස්පර්ශි ගණයට වැටෙන කුලහීන ජනකොටසකට අයත් දරුවෙක්. කුලීන පවුල්වල මිනිසුන් නොකරන පහත් යැයි සම්මත ජීවනෝපායන් උරුම කොට ගත් පවුලකට තමයි ජබ්යා අයිති. ඒත් ජබ්යා තමන්ට වඩා ඉහළ කුලයක දැරියකට හිතින් ආදරය කරනවා. ඇගේ ආදරය දිනාගන්න නොතිත් උත්සාහයක් ගන්නවා. ජබ්යාට තමන්ගෙ බලාපොරොත්තුව බි`ද නොවැටී පවත්වාගන්න උදව් කරන්නෙ මහාරාෂ්ට‍්‍රයේ එක්තරා ජනප‍්‍රවාදයක්. ඒ තමයි, ‘කලූගේකුරුල්ලා’ නමැති පක්ෂියා දඩයම්කොට පුළුස්සා, ඒ අළු සිරුරට ඉසීමෙන් තමන්ගේ සිත් ගත් කෙනා වශී කොට ගත හැකිය යන විශ්වාසය. මේ සිහිනය සහ දරිද්‍රතාවේ පතුලේම වැටී, ජබ්යාගේ වැඩිමහල් සොහොයුරියගේ විවාහය වෙනුවෙන් දායාදයට මුදල් සරි කිරීම පිණිස මව සහ පියා ගෙන යන ජීවන අරගලයත් අතර ගැටීම ඔස්සේ ගලායන ‘ෆැන්ඩි‍්‍ර’ වර්තමාන ඉන්දියානු සමාජයේ සිරස්කඩක් අප හමුවේ තබනවා.
ක‍්‍රෑර වූත්, වරෙක විකාර සහගත වූත් උත්ප‍්‍රාසයක් ලෙස කියවිය හැකි එම සිරස්කඩ සමාජ විෂමතාව, අධිපති ආකල්ප සහ ඉතිහාසයේ විප්ලවීය පෙරළිකාර චරිත විසින් වරනැගූ සංකල්පීය පදනම් රැුඩිකල් මානයකින් ප‍්‍රශ්න කිරීමක් ලෙස සැලකිය හැකියි. කුලවාදී නොසලකා හැරීම් කෙතරමි නීච දැයි කිසියම් පරමාදර්ශි සංකල්ප දුන්නේ යැයි කියැවෙන අම්බෙඞ්කාර්ගේ සමාජ සමානාත්මතාව වැන්නක් පවා ජබ්යා වැනි අස්පර්ශීන් කෙරෙහි හෙලන කුලීනයින්ගේ බැල්මට තවමත් බලපා නැති බව ‘ෆැන්ඩි‍්‍ර’ අපට කියනවා වැනියි. එමෙන්ම ජාතිකගීයක සියලූ ජනකොටස් වෙනුවෙන් ගැයෙන අභිමානය, අධ්‍යාපනය පිළිබ`ද සුසමාදර්ශි දැකුම් පාඨ වැනි දේ පීඩිත ජනයා වෙත යහපතක් අත්කර දෙනවා ද? එවන් සමාජයක දේව භක්තිය වැනි කාරණා පවා ඔවුන් වෙත පෙරළා කාරුණික ද? මෙවැනි බොහෝ විවාදපන්න සිතුවිලි ‘ෆැන්ඩි‍්‍ර’ නැරඹූ කෙනෙකු තුල ඇති විය
හැකියි.
‘ෆැන්ඩි‍්‍ර’ කියන්නෙ ‘ඌරා’ කියන අර්ථය දෙන වචනයක්. ජබ්යාගේ පියාට උරුම එක් අප‍්‍රසන්න ජීවිකාවක් තමයි ඌරු දඩයම. ඔහු එය කළ යුතු වෙනවා. එක් දිනක එවැන් දඩයමකට පියාට සහයෝගී වෙන්න, ඉස්කොලෙ ගමන පැත්තකට දාල ජබ්යාටත් යන්න සිද්ධ වෙනවා. ජබ්යට විතරක් නෙවෙයි අම්මටයි නංගිටයිත් යන්න සිද්ධ වෙනවා. එදා ඔවුන්ට වෙහෙසකර ලෙස හඹා යන්න වෙන්නෙ තනි ඌරෙක් වෙනුවට පැටව් ඉන්න ඌරු පවුලක්ම පසුපස යි. ජීවිකාව වෙනුවෙන් මිනිස් පවුලක් තමන් පසුපස ලූහුබ`දිද්දි පණ රැුක ගන්න දුවන ඊරියක්, ඌරෙක් සහ පැටවුන් පේ‍්‍රක්ෂක සිත් සසල කරමින් උත්ප‍්‍රාසාත්මක ලෙස පවසන්නේ ජබ්යා නියෝජනය කරන පීඩිතයාගේ ඛේදවාචකය ම යි. ඒ එක්කම ඌරු දඩයමේ ලොමුදැහැගැන්වෙන වෙහෙස විසුළු ලෙස ස්මාර්ට්ෆෝන් වලින් කැමරාගත කරමින් එසැනින් මුහුණුපොතට අප්ලෝර්ඞ් කරන, එහෙත් ශරීරකෘත්‍යට කැලයට යන ගැමියන් ජබ්යාට කොලොප්පම් කරන්නේ ඉන්දියාවේ ප‍්‍රාන්ත ජන-ජීවිතවල සමාජීය තත්වයන් අපට පෙන්වමින්.
බොහෝ විට සිනමාවේ ප‍්‍රකාශන ස්වරූප ගැන ගැඹුරින් හිතන අධ්‍යක්ෂවරු චිත‍්‍රපටයක අවසන් රූපරාමුව ගැන බොහොම සැලකිලිමත්. ෆැන්ඩි‍්‍ර චිත‍්‍රපටයෙත් අවසන් රූපරාමුව තීරණාත්මකයි සහ අතිශය සංවේදියි. සැබවින්ම ඒ රූපය පේ‍්‍රක්ෂකයා තුළ ඇතිකරන්නෙ විශාල වරදකාරි හැ`ගීමක්. මේ ඛෙදවාචකයට තමන් ද වගකිව යුතු යැයි වැනි හැ`ගීමක්. ඉන් ගැලවීමට ඔබට පහසු නොවිය හැකියි. මගේ අදහස, මුල සිට අවධානයෙන් ෆැන්ඩි‍්‍ර නැරඹුවා නම්, මේ අන්තිම රූපයෙන් කෙනෙකු තුළ ඇති විය හැකි තිගැස්ම 3ෘ චිත‍්‍රපටයකින්වත් දැනිය නොහැකි බවයි. ඒ දර්ශනය කුමක් දැයි මෙතැන නොලියන්නේ ඔබ මෙය නරඹනවානම් නැවුම්ව වි`දගැනීමට ඉඩ හසර සලසන්න යි.
ඉතින් වෙනසකටත් එක්ක ෆැන්ඩි‍්‍ර බලන්න. ඞීවීඞී හොයාගන්න අපහසු නම් ඔබට අන්තර්ජාලයෙන් චිත‍්‍රපටයේ සබැ`දියක් සොයා ගත හැකි යි.

 





No comments:

Post a Comment