මේ පසුගිය දිනක යාපනයේ පැවැති සරුංගල් සැණකෙළියක දී ගන්නා ලද ඡුායාරූප පෙළෙකි. ජනමාධ්‍යවල එතරම්
අවධානයක් යොමු නොවූවත් සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහක් ඇති කිරීමට මේ ඡුායාරූප පෙළ සමත් විය. සාමාන්‍ය සරුංගල් සැණකෙළිවල දී නොදකින වර්ගයේ සරුංගල් බොහෝ ප‍්‍රමාණයක් එදින උතුරු අහස වර්ණවත් කරන ලදි. වසර ගණනාවක් යුද්ධයෙන් පීඩනයට ලක් වූ මේ ජනතාව සරුංගල් ලෙස තනා තිබුණේ තමන්ගේ එදිනදා ජීවිතයේ නිතර ඇස ගැටෙන දේවල් ය. ඒ අතර යුධ ටැංකි, මල්ටි බැරල් වැනි යුධ උපකරණ තිබීම එක්තරා උත්ප්‍රාසයකි.
අග්නි තුරුණු වියමන Facebook පිටුව බලන්න
අග්නි පෙබරවාරි මුල් කලාපය
Thursday, May 21, 2020
සිනමා කවුළුව...
කෞතුකයක දැනෙන ආදරයක සුවද; සිනෙමාවාලා
අද ඩිජිටල්කරණය වෙලා තිබුණත් සිනමාව චිරාත්කාලයක් පැවතුණේ සෙලියුලොයිඞ් රීල් තාක්ෂණයෙන්. මෙහෙම කිව්වාම තරමක් අපැහැදිලි ඇති. ඒවා මොකටද දැන්? කියලත් හිතෙනව ඇති. ඒත් මේ කියන කාරණේ අද අපි කතාකරන චිත‍්‍රපටයත් එක්ක එකට බැ`දුන දෙයක්. ඒකෙන් ගළවන්න බැරි දෙයක්. මම ඒක මෙහෙම ලිහන්නම්කෝ.
සෙලියුලොයිඞ් පටය කියන්නේ චිත‍්‍රපටයේ රූපරාමු මුද්‍රණය කරලා තියෙන එහා-මෙහා පෙනෙන සෙලියුලෝස් ඇසිටේට් නම් ද්‍රව්‍යයෙන් නිපදවා ඇති නම්‍යශීලි පෘෂ්ටයක් සහිත පටල පටයටයි.
මෑතක් දක්වා, ඒ කියන්නෙ සිනමා ප‍්‍රක්ශේපණය ඩිජිටල් තාක්ෂණයෙන් කරන්න පෙරාතුව සම්පූර්ණ චිත‍්‍රපටය තිබුණෙ රීල් වශයෙන්. ඒ රීල්වල එතිල තිබුණෙ තත්පරයට රූප රාමු 24ක වේගයෙන් ධාවනය කරද්දි තිරයමත චලනයවන රූප පද්ධතිය සටහන් වුණ අන්න ඒ සෙලියුලොයිඞ් පටය.
ඔබ දැකල ඇති සිනමාශාලාවල පුංචි කවුළුවකින් ගලා එන එළිය කදම්බයක් තිරය මත පතිත වීමෙන් තමයි අපිට රූප පෙනෙන්නේ. අන්න ඒ කවුළුව තියෙන කාමරයට කියන්නෙ ‘කැබින්එක’ කියලා. කැබින්එක ඇතුළෙ තමයි රීල් ධාවනයවෙන ප්‍රොජෙක්ටරය (සිනමා ප‍්‍රක්ශේපණ ) යන්ත‍්‍රයතියෙන්නේ. ඒ යන්ත‍්‍රය කි‍්‍රයාකරවන්නාට කියන්නෙ ප්‍රොජක්ටර් ඔපරේටර් කියලා. ඇත්තටම ඔහු සහ කැබින්එක කියන්නෙ සිනමාශාලාවක හදවතවගේ බලගතු තැනක්. අපි වගේ ‘චිත‍්‍රපටි-පිස්සන්ට’ ආසහිතෙන තැනක්. ඉතිං සිනමාව ඩිජිටල් වුණාට පස්සෙ මේ රීල් කැරකෙන ප්‍රොජෙක්ටරය කෞතුකවස්තුවක් බවට පත්වෙලා හෝල්වලින් එළියට ගියා. රීල් වෙනුවට හාඞ් ඩිස්ක් එකක ගබඩා කරලා එන ඩිජිටල් චිත‍්‍රපටය පෙන්වන්න වෙනත් ආකාරයක ප්‍රොජෙක්ටරයක් ආවා. යුරෝ-ඇමරිකන් රටවලට සාපේක්ෂව ගත්තොත් අපේ වගේ රටවල්වල මේ තාක්ෂණ මාරුවීම සිද්ධවුණේ බොහොම හෙමින්. හේතුව මේ ඩිජිටල්කරණ තාක්ෂණයට වැයකරන්න සිනමාහල් හිමියො හැමකෙනෙකුටම එකවගේ මුදල් නොමැති වීම.
මේ ප‍්‍රශ්නෙ හින්ද අපේ අසල්වැසි ඉන්දියාවෙත් ඇතැම් ප‍්‍රාන්තවල සිනමාහල් වැහිලගියා. උදාහරණෙකට බටහිර බෙංගාලයේ සිනමාශාලා 700කින් ඉතිරිවුණේ 200විතර වගේ කියල කියනවා. අද කතාකරන ‘සිනෙමාවාලා’ නම් ඉන්දියානු සිනමාපටයට තේමා වෙන්නෙ එහෙම වැහුනු සිනමාහලක ඔපරේටර්වරාත්, එහි හිමිකරුවාත්, හිමිකරුවාගේ ඊළග පරම්පරාව නියෝජනය කරන පුත‍්‍රයාත් වටා.
බෙංගාලි ජාතික සිනමාකරුවෙක් වන කව්ෂික් ගංගුලි තමයි මේකෙ අධ්‍යක්ෂවරයා.
”සෙලියුලොයිඞ් කලාව නොවැලැක්විය හැකි තාක්ෂණ ගමන ඔස්සේ මුහුණ දෙන අර්බුදය ගැන අවධානය යොමුකිරීම වෙනුවෙන්” යැයි ස`දහන සහිතව ඉන්දියානු සිනමා විචාරක කවය විසින් විශේෂ සම්මානයක් මේ චිත‍්‍රපටයට පිරිනැමුණා. යුනෙස්කෝව විසින් ප‍්‍රවර්ධනය කරනු ලබන පරමාදර්ශ පිළිබිඹු කැරෙන චිත‍්‍රපටයට හිමිවන ජාත්‍යයන්තර ෆෙඞ්රිකෝ ෆෙලිනි සමරු සම්මානයත්, ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ බෙංගාලි සිනමා අංශය වෙනුවෙන් පිරිනැමෙන හොදම අධ්‍යක්ෂණය, හොදම චිත‍්‍රපටය, හොදම සිනමා රංගනය ආදී සම්මාන ගණනාවක උරුමයත් මේ චිත‍්‍රපටයට ලැබුණා.
සිනමාවාලා බොහොම හෘදයාංගමව ගලා යන චිත‍්‍රපටයක්. ‘කමලිනී’ කියල වහලා දාපු සිනමා ශාලාවක් බෙංගාලයේ තියෙනවා. චිත‍්‍රපටි පෙන්වීම නවතා තිබුණත් පැරණි ප්‍රොජෙක්ටරය තවමත් ඒ ශාලාවෙ තියෙනවා. ශාලාවෙම පදිංචිවෙලා ඉන්න ඔපරේටර් (එයාගෙ නම හරී) හැමදාම මේ යන්ත‍්‍රය පිරිසිදුකරමින්, පිසදමමින් බලාගන්නෙ තමන් ඊට හදවතින් කොයිතරම් බැ`දී ඉන්නවාද යන්න පසක් කරමින්. ශාලාවෙ හිමිකරුවාත් තමන්ගෙ නිවසට වඩා කාලය ගත කරන්නෙ මේ වැහිච්ච සිනමා-ශාලාවේ. ඔහු ප‍්‍රනබන්දුබෝස්.
ප‍්‍රනබන්දුබෝස් ගෙ දෛනික ජීවිතය ගෙවෙන්නෙ මේ විධියටයි. මිරිදිය මසුන් අළෙවිකරන පවුලේ ව්‍යාපාරයකුත් ඔහුට පරම්පරාවෙන් හිමි නිසා උදේම ලෙල්ලමට යනවා. ගිහිල්ල ඒ කටයුතු කරලා සිනමාශාලාවට එනවා. ඇවිත් ඔහු ඔපරේටර් හරීත් එක්ක බොන්න පටන් ගන්නවා. ඒ අතර සිනමාශාලාව සම්බන්ධ අතීත විභූතිය හරී හා මතක්කරමින් පැරණි සිනමා ගී තැටි අහන එක සහ ඡුායාරූප වගේ එවා බලමින් තමයි කාලය ගත කරන්නේ. එහෙම කරලා ගෙදර යන්නෙ රාත‍්‍රියේ. ප‍්‍රනබන්දුබෝස්ගේ තරුණ පුතාට තාත්තාගෙ මේ ඇවතුම්-පැවතුම් ගැන පැහැදීමක් නෑ. පුතා වෙනත් ගමනක් යන කෙනෙක්. ඔහුට ඕන වෙනවා තනියම නැගී හිටින්න. පිය උරුමයෙන් ලැබෙන හයියකින් දියුණුවෙන්න උත්සාහ කරන එක මේ පුතාට දැනෙන්නෙ හීනමානයක් විදියට.
කොහොම නමුත් ප‍්‍රනබන්දුබෝස් මත්පැන් එක්ක දියකරන්නෙ තමන්ට ගැලවෙන්න බැරි මිහිරි සිනමා මතක පිරුණ අතීතය එක්ක වර්තමානයේ දැනෙන වේදනාව. ඔහුව ජීවත්කරන්නෙ ඒ පැරණි බිත්ති අතර ඉ`දන් මත් වූ මනසට දැනෙන ස්මරණය. මිනිසුන් රැුස්කමින් චිත‍්‍රපට නැරඹූ ඒ යළි නොඑන අතීතය, මිනිසුන් විනෝදමත්ව දුක් කම්කටොලූ මොහොතකට හෝ අමතක කළ සිනමාව ඔහුට පූජනීයයි. ඒ වගේම ප‍්‍රනබන්දුගෙ ජීවිතයෙ තව පැතිකඩක් තමයි නීතිගරුක සාධාරණ පැවැත්ම. ඔහු මිරිදිය මතස්‍ය වෙළෙ`ද ව්‍යාපාරයෙ නියැලෙන්නෙත් එහෙම ආචාරධාර්මිකවයි.
මේ අතරෙ පුත‍්‍රයා පියා කිසිසේත් අනුමත නොකරන, නීතියට පටහැනි ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒ තමයි අනවසර සීඞී සහ ඞීවීඞී තැටිමගින් චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කරන කූඩාරමක් පටන් ගැනීම. පියා ඊට එරෙහි වෙන්නෙ එහෙම අනීතික ව්‍යාපාරකින් චිත‍්‍රපටයක නිෂ්පාදකයාට, අධ්‍යක්ෂවරයාට, නළු-නිළියන්ට කිසිදු මුදලක් නොගොස් එය ප‍්‍රදර්ශනය කරන්නාගේ පමණක් සාක්කුව පිරීම බලවත් වරදක් ලෙස දකිමින්. ඔහු ඒ තරමට තමන් අතීතයෙ නියැලිලා හිටිය සිනමාවට ගරු කරනවා.
මෙහෙම සිදුවීම් ගලා යන අතර, පිය-පුතු ගැටුම් එක්ක සිත් බිදීම් සහ දුරස්ථ වීම් සිදුවන අතර කලකිරීමෙන් පසුවන ප‍්‍රනබන්දුදාස් යම් තීරණයක් ගන්නවා. සිනමාහලේ තිබෙන පැරණි ප්‍රොජෙක්ටරය වෙනත් ව්‍යාපාරිකයෙකු මිලටගෙන, කැබලිකොට ලොරියක පටවා රැුගෙන යනවා. ඒ දර්ශන පෙළ අවමංගල උත්සවයක් අවසානයේ මෘත දේහය සුසානය කරා ගෙන යන මොහොත මෙන් ශෝකී බවින් යුතුයි. මෙය ඔපරේටර් හරීගේ හිත කෙතරම් වේදනාවට පත් කරන්නක් දැයි කියනවා නම්.... නෑ... මම එතනින් එහාට නොලියා ඉන්නම් ඒ ගැන.
කොහොම නමුත් තමන් හදවතින්ම සිනමා තිරය හා බැදි මතක ආදරය වෙනුවෙන් අවසානයේ ජීවිතවලින් ප‍්‍රනබන්දු හා හරී වන්දි ගෙවනු ලබනවා. ඒක සිද්දවෙන විධිය මේ චිත‍්‍රපටයේ ඉදිරිපත් කරන ආකාරය ඉතාම සියුම් හා හදවත පාරන්නක් බව, පේ‍්‍රක්ෂකයාගේ ඇස නිසග කදුළකින් තෙත් කරන්නක් බව ලියා තැබිය යුතුයි. චිත‍්‍රපටයේ එය සිදුවන අයුරු පෙන්වන අකාරය අතිශය සිනමාත්මක බව තමයි විචාරක මතය.
ඉතාම සංක්ෂිප්තව මම අතින් මෙහෙම ලියවුණත් මේ චිත‍්‍රපටය තුළ මතු වන සියුම් තැන් බොහොම ගැඹුරුයි. සංකේතාත්මකයි සහ භාවාත්මකයි.
ලෝකයේ කිසිදා නොවැලැක්විය හැකි තාක්ෂණ පරිණාමයත්, ඊට අනුගත වීම අතර මානව ජීවන සංවේදනා පණගසන අයුරුත් කාව්‍යාත්මකව නිරූපණය කරන චිත‍්‍රපටයක් ලෙස සිනමාවාලා හදුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම, කෞතුකයක් බවට පත්වූ සෙලියුලොයිඞ්පටය සමුගන්නේ එක්තරා පරම්පරාවක ආදරය සහ මතක වේදනාවද රැගෙන බව අපට ඩිජිටල් මාධ්‍යයෙන් කියන චිත‍්‍රපටයක්. තවත් විධියකට කියනව නම් පැරණි සෙලියුලොයිඞ් නෑදෑයා ආදරයෙන් සිහිපත් කරන නව පරපුරේ ඩිජිටල් අනුප‍්‍රාප්තිකයෙක් හැටියටත් ‘සිනෙමාවාලා’ නම් කරන්න පුළුවන්.
ඉතිං අලූත්ම පරම්පරාවක පුරුක් නියෝජනය කරන ඔබට ‘අග්නි සිනමා කවුළුව’ අද විවර කළේ ඉන් පිවිස පැරණි පරම්පරාවේ ආදරයක සුවද අරගෙන වර්තමානය වෙත ආපහු එන්නයි.

අග්නියට ලියු පද
අමාවක රැ වළා තරු අතර
නොකී රහසක් රැදී
පමාවක වූ සිත් රිදුම් පතර
චන්ද්‍ර මඩලට නැගී
සමාවක පෑ නෙත් හැගුම් වැතිර
නෙතග දුළැල් රැදී
අමාවක වූ නිසා සිත් අතර
අනිසි පෙම් සිතු මැවී...
චපල සදනිදු විසල් අහසේ
තාරකා හට ගැණුවේ...
වේදනා ළය පතුලේ සගවා
නිසල තරු කැට වැලපුනේ...
සදාකාලික ප්‍රේම සිතුමන්
නිත්‍ය නොම බැව් හෙලිවුනේ...
හුදෙකලාවට ආල බ`දිමින්
සදුද, තරුකැට වෙන්වුනේ...
විරහ සිතුමන් ළයේ සගවා
නඹෝ ගැඹරේ තනිවෙනා...
හිරු සදු තරු විලස කිසිදා
වෙන් නොවන බව දිවුරනා...
සදාකාලික සත වසග කොට
හීනමානෙක හිනැහෙනා...
නිරර්ථක මිනිසකුත් අසරණය
බැදීම් වෙත පෙම් බදිනා...
_නිර්නාමික අදහස්
නිළි බිරිඳ
ඔයා හැඩ
මොණරියක්
පිල් විදාගෙන නටන
පිල් කළඹ
උගස් කර
ඔයාව අරං
දුප්පත් වෙච්ච
මොණරෙක් මං
_සහස් රන්දුනු
සැමදා තරු පන්තියේ හෝටල් වල
සාද වලින් නම් මට නිමක් නැත
රස බොජුන් කොතෙක් තිබුණද
මට නම් ඉන් අතුරු ඵල
සුරලෝ පරදන සුර අගනුන්
පැමිණෙයි සැම දිනම
දකින දකින අගනුන් අත
ගන්නට සිතුනු විට
මිස් මැඩම් ගා ගෙන
ඔවුන් වට කැරකෙනවා හැර
වෙන කුමක් කරන්ටද
කවුරු කෙදිනක කැමති වේවිද
අත් කොට කළු කඹා අදින
කළු බෝ පටිය ගැට ගසාගත්
කොලූ ගැටයෙකුට
__බෝමිරියගේ - කේ.එස්.ජී
මම නුඹේ දුයිෂෙන්...
අල්තිනායි....
නොයනු මැන තනිකර මෙසේ
හිඔුල් පොප්ලර් තුරු අපේ
ඉකි බිඳිති රහසේ
මැකෙන යෞවන මතකයේ
කුළුදුල්ම පෙම සැඟවිලා
නොකී පේ‍්‍රමය සිතේ වැළලී
මතකයේ මැද මියෙනවා
බලා ඉඳ එන තෙක්ම පෙර මඟ
මගේ දෙනෙතත් බොඳ වෙලා
මතකයන් අමතක ද නුඹ හට
අයිලයට මඟ වැරදිලා
__ශාක්‍යා වික‍්‍රමආරච්චි
සොදුරියේ,
අසනු මැන
බුං! බුං!! බුං!!!
නැගෙයි පවනට
කළයේ බුං නද
සොදුරු මිහියෙන් නැගුණු තිර පට
කපාගෙන ඈ අවුත් හනිකෙට
නගා දෝතට රැගෙන දියපත
සතපවයි මුව සොදුරු දස්නෙක
ළතැවුලෙන් ඉම් සිඹුම් ගන්නට
නොහැකිවෙද නුඹෙ උවන පෑමට
කිසිදිනෙක ඔබ දැකලා නෑ මම
එහෙත් හදුනයි මාව හොදට ම
රෝස චෙරි මල් පාලමේ ළග
නේද සොදුරියෙ නුඹේ නවාතැන
අසා නොමැති ද මගේ කටහඬ
ගෙම්බාය මම පාලමේ යට
__එස්. ඩබ්. චාරුකා අමන්ති
විකල් වූ සිත්තරෙකි
මම
ඇහිපිල්ලමක් යටත්
නුඹවම මවන...
_සදලි සත්සරා
අග්නි තුරුණු වියමන Facebook පිටුව බලන්න
අග්නි පෙබරවාරී මැද කලාපය
නොකී රහසක් රැදී
පමාවක වූ සිත් රිදුම් පතර
චන්ද්‍ර මඩලට නැගී
සමාවක පෑ නෙත් හැගුම් වැතිර
නෙතග දුළැල් රැදී
අමාවක වූ නිසා සිත් අතර
අනිසි පෙම් සිතු මැවී...
චපල සදනිදු විසල් අහසේ
තාරකා හට ගැණුවේ...
වේදනා ළය පතුලේ සගවා
නිසල තරු කැට වැලපුනේ...
සදාකාලික ප්‍රේම සිතුමන්
නිත්‍ය නොම බැව් හෙලිවුනේ...
හුදෙකලාවට ආල බ`දිමින්
සදුද, තරුකැට වෙන්වුනේ...
විරහ සිතුමන් ළයේ සගවා
නඹෝ ගැඹරේ තනිවෙනා...
හිරු සදු තරු විලස කිසිදා
වෙන් නොවන බව දිවුරනා...
සදාකාලික සත වසග කොට
හීනමානෙක හිනැහෙනා...
නිරර්ථක මිනිසකුත් අසරණය
බැදීම් වෙත පෙම් බදිනා...
_නිර්නාමික අදහස්
නිළි බිරිඳ
ඔයා හැඩ
මොණරියක්
පිල් විදාගෙන නටන
පිල් කළඹ
උගස් කර
ඔයාව අරං
දුප්පත් වෙච්ච
මොණරෙක් මං
_සහස් රන්දුනු
සැමදා තරු පන්තියේ හෝටල් වල
සාද වලින් නම් මට නිමක් නැත
රස බොජුන් කොතෙක් තිබුණද
මට නම් ඉන් අතුරු ඵල
සුරලෝ පරදන සුර අගනුන්
පැමිණෙයි සැම දිනම
දකින දකින අගනුන් අත
ගන්නට සිතුනු විට
මිස් මැඩම් ගා ගෙන
ඔවුන් වට කැරකෙනවා හැර
වෙන කුමක් කරන්ටද
කවුරු කෙදිනක කැමති වේවිද
අත් කොට කළු කඹා අදින
කළු බෝ පටිය ගැට ගසාගත්
කොලූ ගැටයෙකුට
__බෝමිරියගේ - කේ.එස්.ජී
මම නුඹේ දුයිෂෙන්...
අල්තිනායි....
නොයනු මැන තනිකර මෙසේ
හිඔුල් පොප්ලර් තුරු අපේ
ඉකි බිඳිති රහසේ
මැකෙන යෞවන මතකයේ
කුළුදුල්ම පෙම සැඟවිලා
නොකී පේ‍්‍රමය සිතේ වැළලී
මතකයේ මැද මියෙනවා
බලා ඉඳ එන තෙක්ම පෙර මඟ
මගේ දෙනෙතත් බොඳ වෙලා
මතකයන් අමතක ද නුඹ හට
අයිලයට මඟ වැරදිලා
__ශාක්‍යා වික‍්‍රමආරච්චි
සොදුරියේ,
අසනු මැන
බුං! බුං!! බුං!!!
නැගෙයි පවනට
කළයේ බුං නද
සොදුරු මිහියෙන් නැගුණු තිර පට
කපාගෙන ඈ අවුත් හනිකෙට
නගා දෝතට රැගෙන දියපත
සතපවයි මුව සොදුරු දස්නෙක
ළතැවුලෙන් ඉම් සිඹුම් ගන්නට
නොහැකිවෙද නුඹෙ උවන පෑමට
කිසිදිනෙක ඔබ දැකලා නෑ මම
එහෙත් හදුනයි මාව හොදට ම
රෝස චෙරි මල් පාලමේ ළග
නේද සොදුරියෙ නුඹේ නවාතැන
අසා නොමැති ද මගේ කටහඬ
ගෙම්බාය මම පාලමේ යට
__එස්. ඩබ්. චාරුකා අමන්ති
විකල් වූ සිත්තරෙකි
මම
ඇහිපිල්ලමක් යටත්
නුඹවම මවන...
_සදලි සත්සරා
අග්නි තුරුණු වියමන Facebook පිටුව බලන්න
අග්නි පෙබරවාරී මැද කලාපය
අපිට කොහෙ හරි වැරදුනා බං
"ආයෙමත් දවසක අපි සෙට් වෙමු” කියා නැගිට්ටට
” ඕකේ මචං, මමත් කියන්නං දවසක්” කිව්වට
උඹත් කිව්වෙ නෑ දවසක් මට ඔහේ එන්නට
මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට
එදා සිට පාළොස් වසක් ඇදං ගියා අපි ජීවිතය
අපේ පයටමයි පෑගූනේ ඒ සාද කතා හැන්දෑව
එල එලා දුන්නට දිග් දිගට හතර අතටම අධිවේග
උඹ තියා මට මාවවත් හමුවුනේ නෑ මගෙ මිතුර
රස්සාව කෙරුවා ඕටීත් කෙරුවා තව බ්‍රෝකර් වැඩත්
ගෙයක් හැදුවා තාප්පෙ බැන්දා ගත්ත කිරි කිරි මරුතියක්
පොඞ්ඩො ඉස්කෝලෙ දැම්මා පංති ඇරියා ශිෂ්‍යත්තෙනං සමත්
පස්ස හැරිලා බලනකොට කෙස්ස සුදුයි අඩමානෙන් ඇහැත්
කැකුළු මල් කපන සේ කපන ණය වාරිකේ දුක කියන්නට
පංතියේ බොට්නි ටීචගෙ පස්ස ගැන කුණු හබ්බ අහන්නට
මහ ගෙදර තනියෙන්ම මළ තාත්තා ගැන කියා අඬන්නට
ආත්මයේ ශ‍්‍රැතිය සුසර වෙනකොට ජෝතිගේ ගීයක් ගයන්නට
උඹත් කිවුවෙ නෑ දවසක් මට ඔහේ එන්නට
මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට
**************************
බොසාට කුද ගහන්න කියලා බලෙන් නිමාඩුවකුත් අරන්
නෝනටත් සත්තමක් දාලා අන්තිම දෙදහත් අරන් අල්මාරියෙන්
මරුතියට ෆුල් ටෑන්ක් ගහලා කුකුලත් අතකින් අරන්
ඔන්න මම ආවා, මොටද බං අද දවසෙත් නැති යාළුකං
මූණත් කලූ ගැහී ඔය හැටි කේඬෑරි වී අත පයත්
මට වගේමයි උඹටත් හුඟක් මහන්සියි නේද දැන්
ඔහොම නිදියං ඉන්න එපා නැගිටපං අනේ නැගිටපං
බදාගෙන අඬමු අපි අපිට කොහෙහරි වැරදුනා බං
රෝහණ පොතුලියැද්ද
-‘ඒක ඓන්ද්‍රජාලික ඉසව්වක්’ කවි පොතෙන්...

Alan McFadeyn ස්කොට්ලන්ත ජාතික වනජීවී ඡුායාරූප
Alan McFadeyn ස්කොට්ලන්ත ජාතික වනජීවී ඡුායාරූප ශිල්පියෙක්. 2009 අවුරුද්දෙ දි Alan ට හරි අපූරු ආසාවක්
ඇතිවෙනව. ඒ මාලූවෙක් ඩැහැගන්න පිළිහුඩුවෙකුගෙ හැම අතින්ම පරිපූර්ණ ඡුායාරූපයක් ගැනීම. ඉතින් දියට පහත්වන පිළිහුඩුවන් ගැන හොඳ අවදානෙන් ඉඳල පින්තුර කිහිපයක් අරගත්තත් ඒ එකක්වත් ඔහුට අවශ්‍ය ආකාරයට රූපගත වෙලා තිබුණෙ නෑ. නමුත් උත්සාහය අතනොහරින Alan තමන්ට අවශ්‍ය ආකාරයේ ඉරියව්වකින් පිළිහුඩුවෙක් කැමරාකාචයේ සටහන් වෙන තුරුම දිගින් දිගටම ඡුායාරූප ගැනීමේ යෙදෙනව. අවසානයෙ, අවුරුදු හයකින් පස්සෙ ඔහු පරිපූර්ණ ඡුායාරූපයක් අරගන්න සමත්වෙනව. නමුත් ඒ වෙනුවෙන් Alan ,පැය 4200 ක්, ආසන්න වශයෙන් ඡුායාරූප 720000 ක් වැයකර තිබෙනව. මේ සටහනත් එක්ක තිබෙන්නෙ ්ක්බ විසින් අවුරුදු හයක් වෙහෙසී අරගත්ත ඒ ඡුායාරූපය.
ඒ ගැන ඔහු Herald Scotland පුවත්පතට කියන්නෙ මෙහෙම.
”මම අරගන්න යන ඡුායාරූපය හරියටම කුරුල්ලා දිය මත පතිතවෙන අවස්ථාවෙ අරගත් එකක් වියයුතු වුණා. ඒ වගේම එහි එක දිය බිඳක් වත් නොසෙල්වී තිබිය යුතු වුණා. මම එක වාරයකට පින්තූර 600 ක් පමණ ගත්තා. නමුත් ඒ එකක් වත් මම බලාපොරොත්තු වුණ ආකාරයේ ඒව නොවෙයි. මේ එක පින්තුරය වෙනුවෙන් මං අරගත්ත සිය දහස් ගාණක් පින්තුර දිහා බලනකොට ඒ වෙනුවෙන් මම කොයිතරම් උත්සහයක් ගත්තද කියන කාරණය හොඳින්ම දැනෙනවා”
වන සතුන් නොයෙක් ආකාරයේ හිංසාවට ලක්කරමින්, කෘත‍්‍රිමව ඔවුන් තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවමින් ඡුායාරූප ගන්න වනජීවී ඡුායාරූප ශිල්පීන් කියාගන්නා පුද්ගලයින් අතරෙ තමන්ට අවශ්‍ය අවස්ථාව ලැබෙන තුරු වසර 6 ක් ඉවසීමෙන් බලා සිටි Alan ගේ ක‍්‍රියාව පැසසිය යුතු එකක්. ඒ වගේම ඔහු මේ ඡුායාරූය ගත් ආකාරය, තමන් කරනා කාර්යය උපරිම සාර්ථකත්වයකින් නිම කිරීමට ගන්නා වෙහෙස, අරමුණක් වෙනුවෙන් කැපවීම පෙන්වා දීමට හැකි උදාහරණයකට සමානයි.

සිහිනයෙන් ඔබ්බට...
2020 T20I ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානය ජයගැනීම අපට සිහිනයක් ම බව අප මහ පොලොවට
පැමිණ තේරුම් ගත යුතු සත්‍යයකි. නමුත් නිවරැදි සැලසුම් ක‍්‍රියාත්මක කලහොත් ඉන්දියාවේ පැවැත්වෙන 2021 T20I ලෝක කුසලානය පිලිබඳ ව බලාපොරොත්තු තැබිය හැකි ය. ජයග‍්‍රහණය ගව් ගණනක් දුර නමුත් අවසන් පූර්ව වටයට (semi final) සුදුසුකම් සාදා ගැනීමේ හැකියාව ක් අපට ඇත.
ලෝකයේ ප‍්‍රබලතම වේග පන්දු බල ඇණියක් සහිත ඉන්දියාව මේ මොහොතේ තණතීරු දඟ පන්දු යවන්නන් ට සහය දෙන අකාරයට සකස් කිරීමට ඇත්තෙ ඉතා අඩු සම්භාවිතාවයකි. නමුත් ඔවුන් ට Kuldeep Yadav “ Yhuvender Chahal “ Washington Sundar වැනි ප‍්‍රබල දඟ පන්දු යවන්නන් ද සිටින බව අමතක නොකළ යුතුය. ඉන්දියාව 2020 T20I ලෝක කුසලානය ජයගැනීමට හැකි සෑම උත්සාහයක් ම දරණ බව ඉතා පැහැදිලි වන බැවින් ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම සංවිධානය විය යුතු බව මගේ අදහස යි.
එහිදී පළමු ගැටලූව ඉදිරිපත් වන්නේ නායකත්වය පිලිබඳ ව වේ. 2021 T20I ලෝක කුසලානය සඳහා අප සතු ප‍්‍රබලතම නායකයා දසුන් ශානක බව මගේ හැඟීමයි. ඔහුට දැන් සිට ම ඒ සඳහා අවශ්‍ය අත්දැකීම් රැස් කර ගැනීමට අවස්ථාව දිය හැකි නම් එය ඉතා හොඳ නමුත් එවැන්නක් තවමත් පෙනෙන්නට නැත. පාලක මණ්ඩලය ලසිත් මාලිංග ගෙන් පසු නායකත්වය නැවත ඇන්ජලෝ මැතිව්ස්ට පිරි නැමීමට පවා ඉඩ ඇති බව මගේ හැඟීමයි. නමුත් මෙම සියලූ පැරණි ක‍්‍රීඩකයන් ට අඩුම තරමින් 2020 T20I ලෝක කුසලානයෙන් පසුව හෝ සමුදිය යුතු බව මගේ අදහසයි. ජේශ්ඨ ක‍්‍රීඩකයන් ඒ අතර වාරයේ කුමන ආකාරයේ දක්ශතා දැක් වුවද අනාගතය ගැන සිතා මෙම තීරණයේ ඍජුව පිහිටා සිටිය යුතු බව මගේ අදහසයි.
අප නැවත මුලසිට සිතීම ආරම්භ කල යුතු ය. Mickey Arthur පකිස්තානය ලොව අංක එකේ T20I කණ්ඩායම බව ට පත් කරනුයේ තමන් සතු සම්පත් නිවැරැදි ව කලමණාකරණය කිරීමෙනි. ඔහු ආරම්භක පන්දු යවන්නන් ලෙස යොදා ගත්තේ Imad Wasim සහ Faheem Ashraf h' Imad එක දිගට පන්දු වාර 4 ම බොහෝවිට විට යවා අවසන් කරන අතර Ashraf බොහෝවිට යවනුයේ පන්දු වාර 2 ක් පමණි. තමන් ගෙ ප‍්‍රධානතම පන්දු යවන්නන් වන Mohammed Amir, Shaheen Afridi, Shahdab Khan, Hasan Ali කැඳවනුයේ ඉන් අනතුරුව ය. ඔය අතර වාර යේ පලපුරුදු Mohammed Hafees ගෙන් පන්දු වාර කිහිපයක් අතර මැද දි ලබා ගනියි. පිතිකරන යේදී ද Fakar Zaman විසින් ලබා දෙන වේගවත් ආරම්භ ය ට Babar Azam විසින් එකතු කරන ලබන ස්තාවරත්වයට Hafees, Shoib Malik, Sharfraz Ahamad ගෙ මැද පෙල ප‍්‍රහාරය හා Imad Wasim, Faheem Ashraf
ගෙ අවසන් පහර දීම් එකතු වූ විට සැලකිය යුතු ලකුණු ප‍්‍රමාණයක් ලබා ගත හැකිවිය. මෙය විවිධ තත්ත්ව යටතේ වෙනත් ක‍්‍රීඩක ආදේශ වීම් හා තරඟ රටාවෙ වෙනස්කම් සහිතව සිදුවුවද එය සෑමවිටම සාමුහිකව තරඟ වැදීමක් බව දැකිය හැකි විය.
Arthur එවැනි ම වූ නවමු ක‍්‍රම වේදයක් ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් කන්ඩායම ට හැකි ඉක්මනින් හඳුන්වා දිය යුතුය. ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් කන්ඩායම ද එවැනි සාමුහික ප‍්‍රයත්නය න් ඔස්සෙ සාර්ථක වීමෙ ක‍්‍රම වේදයක ට අනුගත විය යුතුය.
මගේ අදහස අනුව ශ‍්‍රී ලංකා T20I කණ්ඩායමේ ප‍්‍රහාරාත්මක පිතිකරන ලැයිස්තුව ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්ෂ, දසුන් ශානක සහ ඉසුරු උදාන මුල් කරගනිමින් පිලියෙල කර ගත යුතුය. මේ වනවිට සීමිත පන්දු වාර තරඟ වලදී දැඩි පසුබෑමකට ලක් ව සිටින කුසල් මෙන්ඩිස් යම් කාලයක ට හෝ test තරඟ සඳහා පමණක් භාවිතා කල හැකි නම් එය වඩා යෝග්‍ය බව මගේ අදහසයි. ඔහු ලකුණු අතර සිටී නම් ඉහත නම් ලැයිස්තුව ට ඔහුද ඇතුලත් විය යුතුය. නමුත් ඉහත නම් සඳහන් ක‍්‍රීඩකයන් අතුරින් කුසල් ජනිත් පෙරේරා හැර අනිකුත් සියලූ ක‍්‍රීඩකයන් ජාත්‍යන්තර මට්ටමට ළඟා වීමට තව සැලකිය යුතු වර්ධනයක් දැක්විය යුතුය. ඉහත නාමාවලිය පිතිකරන අනුපිලිවෙලෙහි මුල මැද අඟ සියලූ ස්ථාන ආවරණය වන සේ යෙදිය හැකි වීම වාසිය කි. ස්ථාවර පිතිකරුවන් ලෙස ධනංජය ද සිල්වා සහ ඕෂධ ප‍්‍රනාන්දු යොදා ගත හැකි ය. නමුත් ඕශධ වෙතින් Test කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා අප බලාපොරොත්තු වන්නේ නම් ඕශධ T20I කණ්ඩායම ට ඇතුලත් නොකර ගැනීමට ක‍්‍රියා කල යුතුය. මෙම ප‍්‍රදාන පිතිකරුවන් අතර පන්දු යැවිය හැකි ක‍්‍රීඩකයන් 4ක් සිටින බැවින් විශේෂඥ පන්දු යවන්නන් තිදෙනෙක් ප‍්‍රමාණවත් වේ. එහිදී වනිඳු හසරංග ඉදිරියෙන් ම සිටින නමුත් ඔහුට වඩා පන්දුව දඟකැවිය හැකි දඟ පන්දු යවන්නෙක් අවශ්‍ය අවස්ථාව න් හීදි භාවිතා කිරීමට ගොඩ නගා සිටිය යුතු වේ. වේග පන්දු යැවීම කසුන් රාජිත ප‍්‍රධාන කරගනිමින් ගොඩ නැඟිය යුතු බව මගේ පෞද්ගලික අදහස යි. වේගය නිවැරැුදි එල්ලය හා inswing yokers යැවීමේ හැකියාව න් ප‍්‍රගුණ කල යුතුය. Lance Klusner ක‍්‍රීඩා කරන අවධියේ දී ඔහුට 6 පහරවල් ගැසීමට පමණක් ම පුහුණු කරවන පුහුණු සැසි පැවති බව මා අසා ඇත. එලෙසම අපගේ වේග පන්දු යවන්නන් ට ද යෝකර් පන්දු පමණක් යවන පුහුණු සැසි පවත්වමින් එය වර්ධනය කල යුතුය. ඉන්දියානු ප‍්‍රදාන පුහුණුකරු ද වන හිටපු ඉන්දීය ප‍්‍රබල ආරම්භක පිතිකරුවකු හා නායකයකු ද වන රවි ශාස්ත‍්‍රි වරක් ප‍්‍රකාශ කර සිටියේ හොඳින් යෝකර් පන්දු යැවීම ට හැකියාව ඇත්නම් පිතිකරුවා කවුද යන්න වැදගත් නොවන බවයි. ඔබට ඔහුව දවාගත හැකි බව යි. ඔහු ඉන්දීය වේග පන්දු යවන්නන් පුහුණු කරනුයේ එම ඉලක්කය ට බව ඔවුන්ගේ වර්ථමාන වර්ධනය නිරීක්ෂණය කිරීමෙන් වටහා ගත
හැකි ය.
එළඹෙන 2020 T20I ලෝක කුසලානය කෙසේ වෙතත් ඉන්දියාවේ දි පැවැත්වෙන 2021 T20I ලෝක කුසලානය සඳහා තර්ජනාත්මක කණ්ඩායම ක් ලෙස වර්ධනය වීමේ විභවය අප සතු ය. අවශ්‍ය නිශ්චිත ඉලක්කය කට පුහුණු වීමයි.
චරිත දිසානායක

මකර විමන - 03
නිපුන කරුණාරත්නගේ අද්භූත ප‍්‍රබන්ධ නවකතාව
”මොකක්ද මෙතැන වෙන්නේ..? කෝ සටන් පුහුණු පාසල..?”
ද
රුණු සුළ`ගකට හසුවී ගසාගෙන යන බවක් මිතුරන් පස්දෙනාට වැටහුණි. තම දෙනෙත් විවර කර සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට අවශ්‍ය වුවත් එසේ දෙනෙත් විවර කිරීම කළ නොහැකිවිය. එකවරම ඔවුන් කොළ ගොඩක් වන් දෙයක් මතට ඇදගෙන වැටුණු අතර එකවරම සුළ`ගට ගසාගෙන යන්නාක් මෙන් දැනීම නතරවිය. කෙමෙන් කෙමෙන් දෙනෙත් විවර කළ ඔවුහු දුටු දෙයින් විශ්මයෙන් ඇලී ගැලී ගියහ. ඔවුන් දිය ඇල්ලක් අසල නතරව සිටි අතර ඉතා උස්වූ දිය ඇල්ල රමණීය විය. තවද ඒ අසල උණ ප`දුරු ගහන වනයක් වූ අතර ඒවායේ කොළ සුළ`ගට සෙලවෙමින් පරිසරයට අමුතුම ආකාරයේ හ`ඩක් මුදා හැරියේය. තවද තැනින් තැන කපා ඔපදැම්මාක් මෙන් වූ කලූගල් ද විය. ඇතැම් ගල් මත පෙ`දපාසි වැටී තිබුණු අතර තවත් ඒවා මත විසල් ගස් සෑදී තිබුණි. කුඩා එමෙන්ම වර්ණවත් කුරුල්ලන් එම ගස්වල ලැගහුන් අතර අපූරු නාද වලින් පරිසර සුන්දරත්වය තීව‍්‍ර කළේය. දිය ඇල්ලෙන් කඩන් හැලූනු දිය දහරාව ග`ගක ස්වරූපය ගෙන පහළට ගලා යන අයුරු චමත්කාරජනක දසුනක් විය. ග`ග දෙපස වූ මල්වර්ග පරිසරයට නැවුම් සුන්දරත්වයක් එක් කළේය.
එක්වරම ගලක් සෙලවෙනු දුටු මිතුරන් විපරම් කරන ට දුටුවේ ඒ වෙන කවුරුන්වත් නොව මිං සියෑන් බවයි. ඔහු කලූ පැහැ වෙනත් ඇ`දුම් කට්ටලයක් ඇ`ද සිටියේය. ගලින් ගලට පැන මද සිනා පාමින් ඔවුන් වෙත පැමිණි මිං සියෑන් ඔවුන් ඉදිරියටම විත් නැවතුනේය. මිං සියෑන් මෙසේ පැවැසීය.
‘‘මකර අධිරාජ්‍යයට නැවත වරක් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා....’’
‘‘මකර අධිරාජ්‍යයට කිව්වා..........?’’ නීරෝ ඇසීය.. ‘‘ඔව්........ මකර අධිරාජ්‍යයට...’’ මිං සියෑන් පිළිතුරු දුන්නේය.
‘‘නැවතත් කියල නේද කිව්වෙ.....?’’ බ‍්‍රයන් ඇසීය.
‘‘ඔව් නැවතත්....’’ මිං සියෑන් ඒ ප‍්‍රශ්නයටද පිළිතුරු දුන්නේය.
‘‘මොකක්ද මේ අධිරාජ්‍යය...? මොකක්ද මෙතැන වෙන්නේ...? කෝ සටන් පුහුණු පාසල....? මේරි අසාගෙන ගියාය.
‘‘හරි මම ඔය ප‍්‍රශ්න ඔක්කෝටම උත්තර දෙන්නම්. මේ තියෙන්නෙ මකර අධිරාජ්‍යය. ඔයාලා මකර අධිරජ්‍යයට අයත් ජීවයේ උල්පත නම් වූ පොත හරහා ආවා. දැන් ඔයාලා ඉන්නෙ මකර අධිරාජ්‍යයේ නිසා සටන් පුහුණු පාසලක් නෑ. අපි හදන්නෙ මකර අධිරාජ්‍යය බේරාගන්නයි.....’’ මිං සියෑන් මේරිගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.
‘‘තව ප‍්‍රශ්න මොනවත් තියෙනවද කාටවත්.....?’’
එසේ ඇසූ මිං සියෑන් පස්දෙනාගේම මුහුණු දෙස බැලීය. නීරෝ කට ඇරගෙන සිටීමත්, බ‍්‍රයන් කිසිවක් නොතේරුනු ලෙස බලා සිටීමත්, පෝල්ගේ එක් ඇහි බැමක් ඉහළට ගොස් තිබීමත්, ජොනී හා මේරි එකිනෙකා දෙස හෙලූ බැල්මත් දුටු මිං සියෑන්ට එක් කරුණක් ප‍්‍රත්‍යක්ෂ විය. එනම් ඔවුන්ට ඔහු පැවැසූ කිසිවක් නොතේරුණු බවය. මදක් කල්පනා කළ මිං සියෑන් මෙසේ කීවේය.
‘‘මං දන්නවා දැන් මං ඔබට කියපු කිසිවක් ඔබලාට තේරුණේ නැති බව. හො`දයි මම සම්පූර්ණ කතාව කියන්නම්. ගැටලූ තැන් තිබුණොත් අහන්න. හරිද....? ඔයාලා විශ්වාස නොකරන දේ ඇති තරම් මේ කතාව ඇතුළෙ තියේවි. ඒවා ගැටලූ කරගන්න එපා කොහෙත්ම...’’ මිතුරන් පස්දෙනා හිස සලා ඊට එක`ගත්වය පළකිරීමෙන් අනතුරුව මිං සියෑන් කතාව ආරම්භ කළේය.
‘‘අතීතයේ පටන් මේ අධිරාජ්‍යය හැ`දින්වූයේ මකර අධිරාජ්‍යය කියලයි. එයට හේතුවක් තිබුණා. එනම් අතීතයේ මේ රාජ්‍යය පුරාම මකරුන් සිටීමයි. මේ මකරුන්ගේ දෙවර්ගයක් තිබුණා. ඒ හො`ද මකරුන් සහ නොහො`ද මකරුන් විදිහටයි. ඒ දෙවර්ගය අතර ගැටුම් ඇතිවුණා. මිනිසුන් වැඩි සහයෝගය ලබා දුන්නේ හො`ද මකරුන්ටයි. එයට හේතුව ඔවුන්ගෙන් මිනිසුන්ට හානියක් නොවීමයි. නොහො`ද මකරුන්ගෙන් මිනිසුන්ට නිතරම කරදර ඇතිවුණා. මේ නිසා යුද්ධයක් ඇතිවුණා. මෙහි ප‍්‍රතිඵලය වුණේ මකර අධිරාජ්‍යය බිහිවීමයි. මේ මකර අධිරාජ්‍යයයේ හිමිකාරීත්වය ලැබුණේ මිනිසුන්ටත් හො`ද මකරුන්ටත් පමණයි. අනෙක් නොහො`ද මකරුන්ව නෙරපා දමනු ලැබුවා. දන්නා වැඩිහිටියන් පවසන්නේ ඒ මකරුන් මහා විසල් කාන්තාරයක ජීවත් වන බවයි. ඉතින් මිනිසුන් මේ මකර අධිරාජ්‍යයට පාලකයෙක් ලබාදෙන ලෙසට දෙවියන්ගෙන් ඉල්ලා සිටියා. එහි ප‍්‍රතිඵලය ලෙස දිනක් මකර අධිරාජ්‍යයේ මාළිගයේ ප‍්‍රධාන කුටියේ වගේම මාළිගයේ උසම ස්ථානයේ තිබුණු කුටියේ රන් බිත්තරයක් සමගින් රන් පත්ඉරුවක් තිබුණා. මේ පත්ඉරුවේ වූයේ ‘‘සතර දිශාවන්ගෙන් පැමිණි අටමකරුන් මෙයට ගිනි පිඹීවි’’ කියලයි. එය කියවා අවසන් කරන්නාත් සමගම මකරුන් අටදෙනෙක් පැමිණ එක් දිශාවකට ගැහැණු මකරෙකුත් පිරිමි මකරෙකුත් වන ලෙස ඔවුන් සතර දිශාවන්ගේ සිට ගිනි පිම්බා රන් බිත්තරයට. මෙසේ දින සියයක් නොනවත්වාම මෙම බිත්තරයට ගිිනි පිම්බා. අවසානයේ මෙම රන් බිත්තරය පිපිරුවා. මේ බිත්තරයෙන් පැටවුන් දෙදෙනෙක් එළියට ආවා. එළියට ආවත් සමගම මකර පැටවුන් දෙදෙනා සාමාන්‍ය ලොකු ප‍්‍රමාණයේ මකරුන් බවට පත්වුණේ හරිම අපූර්ව වර්ණයන් හැඩ ගැන්වෙමින්. එක් මකරෙකු රන්, කහ පැහැයන්ගෙන් මිශ‍්‍රණයක පැහැයක් වූ අතර අනෙක් මකරා කලූ පැහැ රුදුරු පෙනුමක් ඇති එකෙක් වූවා. බිත්තරයෙන් එළියට ආ විගස මේ කලූ පැහැ මකරා අහසට නැගී පලා ගියා. ඒ පිටත් වූයේ අර නරක මකරුන් ජීවත්වන කාන්තාරයට බව ඇතැම් වැඩිහිටියන් පවසනවා. අනෙක් මකරා හැදෙන්න වැඩෙන්නට වූයේ මකර අධිරාජ්‍යයේයි.......’’
‘‘මට ප‍්‍රශ්නයක් තියෙනවා......!’’ නීරෝ කීය. ‘‘යුද්ධය අවසන් වුනාම හදපු මකර අධිරාජ්‍යයේ පාලනයට පාලකයකු ඉල්ලූවහම දෙවියන් මකර බිත්තරයක් දුන්නා. එයින් හො`ද මකරෙකු වගේම කලූ නරක මකරෙකුත් හැදෙන්න හේතුව මොකක්ද..?’’
‘‘හො`ද ප‍්‍රශ්නයක්’’ මිං සියෑන් කීය.
‘‘ඇයි එහෙම වුණේ.......? උගත් වැඩිහිටි උදවිය පවසන අන්දමට මෙයට හේතු දෙකක් තිබෙනවා. හැබැයි නිවැරදි හේතුව මොකක්ද කියන්න මම හරියටම දන්නෙ නැහැ. පළවෙනි හේතුව තමයි මෙම බිත්තරයට ගිනි පිඹින විට එම මකරුන්ට දින සියයක් තිස්සේ මෙයට නොනවත්වාම ගිනි පිඹින්නට සිදුවුණා. මෙය අතිදුෂ්කර කාර්යයක් වන්නට ඇති. ඒ වෙහෙස නිසා ඔවුන් තුළ කෝපයක් ඇතිවන්නට ඇති. ඒ නිසා තවත් රෞද්‍ර නපුරු මකරෙකු හටගන්නට ඇති.’’
‘‘දෙවැනි හේතුව.....?’’ ජොනී ඇසුවාය.
‘‘දෙවැනි හේතුව තමයි..... මේ බිත්තරය මකර අධිරාජ්‍යයට ලැබුණු බව නපුරු මකරුන් දැනගන්නට ඇති. මෙයින් ගිනි පිඹීමේ කාර්යයට ආ මකරුන් අට දෙනාගෙන් එක් මකර ධේනුවක් නපුරු මකරෙකු කියා කියනවා. තම නපුරු ගති ආදිය සමග ගිනි පිඹීමෙන් රෞද්‍ර කලූ මකරා ඇතිවූ බව කියැවෙනවා....’’ මිං සියෑන් පැවැසීය.
‘‘ඒකත් නියමයිනෙ. එක් බිත්තරෙන් මකරු දෙන්නයි.’’ බ‍්‍රයන් කීවේය.
‘‘නෑ..... ඒක නියම නෑ..... ඒක ඉතාමත් නරකයි....’’ පෝල් වහා කීවේය.
‘‘හරියට හරි, එය බොහොම භයානක දෙයක්....’’ මිං සියෑන් ද කීවේය.
‘‘කතාව පටන් ගන්නෙ දැනුයි. අහගන්න. මකර අධිරාජ්‍යයට ලැබුණු හො`ද මකරා කලක් අධිරාජ්‍යය පාලනය කළා. අවසානයේ එම මකරාටම එය එපාවුණා. එබැවින් එම මකරා මිනිසෙකු පාලකයා ලෙස පත්කළා. එසේ කළ මකරා දෙව්ලොවකට ගියා. නැතහොත් ගල් ලෙනකට ගියා. ගිය තැන මං තියා කවුරුත්ම දන්නෙ නැහැ. එසේ යන මකරා නැවතත් පැමිණෙන්නේ ශතවර්ෂයකට වරක් පමණි. එසේ පැමිණියාම තම ආහාරයට රන් උණගසේ මල් හා අමරණීයත්වයේ හා දැනුමේ උල්පතෙන් ජලය බී නැවත යනවා. මෙම මකරා විසින් අධිරාජ්‍යායගේ ඉල්ලීම මත එහි ආරක්ෂාවට රණශූරයන් පස් දෙනෙක් පත්කරනවා. ඔවුන්ගේ භාරකරු හැටියටත් මකරාගේ ආරක්ෂකයා හැටියටත් තවත් පුද්ගලයෙකු පත්කරනවා.’’
‘‘ ඕක වෙන්නෙ අර ඔබ කියපු පුරාවෘතයේ හැටියටද...?’’ මේරි ඇසුවාය.
‘‘හරියටම හරි... ඒ පුරාවෘතයේ කියපු ක‍්‍රමයට තමයි සිදුවෙන්නෙ...’’ මිං සියෑන් කීවේය.
‘‘ඉතින් ඉතින් ඉතිරි ටිකත් කියන්න...’’ මේරි කීවාය.
‘‘මේ රණ ශූරයන් පස් දෙනාවත් මකරාගේ ආරක්ෂකයාත් ලෙස පත්වන පුද්ගලයාත් පත්වන්නේ අවුරුදු සියයකට වරක්. මීට හරියටම අවුරුදු දහ අටකට පෙර ඒ රණශූරයන් පස් දෙනාත් ආරක්ෂකයාවත් පත්කරනු ලැබුවා....’’
‘‘පොඞ්ඩක් ඉන්න. ඔයා කියන්න හදන්නෙ අපි.....’’ නීරෝ යමක් කියන්නට තැත් කළේය.
‘‘ඔව්......., ඔයාට තේරුණා නීරෝ.. ඔයාලා පස්දෙනා තමයි රණශූරයන් පස්දෙනා. මං තමයි ආරක්ෂකයා....’’ මිං සියෑන් කලබලයකින් තොරව කීවේය.
සියලූ දෙනාටම දැනුනේ තම හුස්ම හිරවී යන්නාක් මෙනි. මොනවද මේ විකාර කතා...? තමා කෙසේද රණශූරයෙක් වෙන්නෙ..? මකරෙකු කොහොමද අවුරුදු සියයක් උණමල් කාලා වතුර බීලා ඉන්නෙ. දෙවියො කොහොමද බිත්තර එවන්නෙ...? මකරුන් කොහොමද දින සියයක් නොකඩවා ගිනි පිඹින්නෙ...? එක බිත්තරයක පැටව් දෙන්නෙක්...? මොනවද මේ බොරු...? කවුද මෙයා...? වැනි නොයෙක් සිතුවිලි ඔවුන්ගේ මනස පුරා ගලා ගියේය.
මතු සම්බන්ධයි
නිපුන කරුණාරත්න

නාසිසස් සහ අපි...
"සේරම නාසිසම් වෙලා තියෙන්නෙ බං. හැම එකාම හිතාගෙන ඉන්නෙ මුලූ ලෝකෙම උගේ දිහා බලං ඉන්නවා කියලා...”
මේක මම කාලයක් තිස්සෙ ලොකු ගෞරවයකින් සහ ආදරයකින් බැඳිල ඉන්න මංජුල වෙඩිවර්ධන කියන වැඩිහිටි ලේඛක සහෝදරයා කියපු කතාවක්. දවසින් දවසම ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටර්ග‍්‍රෑම් වගේ අන්තර්ජාල අවකාශ අස්සට ගාල්වෙවී, පින්තූර සහ ස්ටේටස්වලින් ඉඩ අහුරගෙන ගත කරන අපේ එදිනෙදා ජීවිතේ ගැන කතා කරපු දිගක් පළලක් නැති දීර්ඝ දුරකථන සංවාදයක් අතරෙදියි හදිසියේම ඒ ‘නාසිසම්’ කතාව ඇදිල ආවෙ.
‘නාසිසම්’ ගැනවත්, ‘නාසිසස්’ ගැනවත් මේ වගේ පුංචි තීරුවකින් සවිස්තරාත්මකව කතා කරන්න යන එක බොරු වැඩක්. මොකද ඕනම කෙනෙකුට අන්තර්ජාලය හරි පුස්තකාලයක් හරි ටිකක් ඇවිස්සුවොත් ඒ ගැන ඕන තරම් තොරතුරු හොයාගන්න පුළුවන්. ඒ නිසා වතුරෙ දැකපු තමන්ගෙම පිළිබිඹුව එක්ක ආත්ම ස්නේහයෙන් බැඳිලා ගං ඉවුරේ මලක් වෙන්න සිද්ධ වුණු නාසිසස් කියන රූමත්, කඩවසම් ග‍්‍රීක තරුණයා ගැනවත්, ඒ වගේ චරිත ලක්ෂණ ගැන පැහැදිලි කරන ‘නාසිසම්’ :බ්රජසිිසිප* කියන මනෝ විශ්ලේෂණ සංකල්පය ගැනවත් මම දීර්ඝ විස්තරයක් ලියන්නෙ නැහැ. පුංචි හෝම්වර්ක් එකක් විදියට කැමතිනම් ඒ ගැන ටිකක් හොයාගෙන කියවන්න.
මේ සටහන ඒ අතීත කතාවෙන් මෙහා පැත්තෙ තියෙන, අපි හැමෝම හැම තත්පරයක් පාසාම අත්විඳිමින් ඉන්න ඇත්තක් ගැන කතාවක්. වඩාත් පැහැදිලිව කිව්වොත්, තමන් අනිත් හැමෝටම වැඩිය ඉහළින් ඉන්න බව හිතාගෙන පිස්සු නටන අයගෙ ඒ ‘නාසිස්ටික්’ හැසිරීම් ගැන කතාවක්.
ඇත්තටම මිනිස්සු සමහර දේවල් කරන්නෙ ඒ දේවල් කරන්න තියෙන ඇත්තම වුවමනාවක් නිසාද? මේ කාරණය අපි අපෙන්ම අහල බැලූවොත් ගොඩක් වෙලාවට ලැබෙන්නෙ ”නැහැ” කියන උත්තරය. ඒකට හේතුව තමයි, මේ වෙනකොට අපි කරන්න ඕන මොනවද, නොකරන්න ඕන මොනවද කියලා තීරණය කරන්නෙ අපට එලියෙන් තියෙන ලෝකය විසින් වීම. ඒ ලෝකය හිතන පතන විදිය ගැන අපි හරි සංවේදීයි. ”මෙහෙම ඇන්දොත් බලන අය මොනවා හිතයිද?” ”මෙහෙම කිව්වොත් අහන අය මොනවා හිතයිද?” වගේ ප‍්‍රශ්න ගැන අපි සෑහෙන්න හිතනවා. කොටින්ම, අපි ජීවත් වෙන්නෙ බාහිර ලෝකය විසින් අපිව විනිශ්චය කරන වටපිටාවක. ඒ විනිශ්චය අපි හැම මොහොතකම බලාපොරොත්තු වෙනවා. අපිව වඩාත් ලස්සනට ඒ බාහිර ලෝකයට පේන දේවල් කරන්නයි අපි කැමති.
මේක තනිකරම ”මම” කියන කාරණය එක්ක බැඳිච්ච දෙයක්. අපි හිතනවා ලෝකයම අපි දිහා බලාගෙන ඉන්නවා කියලා. අපේ ඉන්ස්ටර්ග‍්‍රෑම් පින්තූර දිහා, ෆෙස්බුක් ස්ටේටස් දිහා, අපි යන එන තැන්, කන බොන දේවල් දිහා හැමෝම බලාගෙන ඉන්නවා ඇතියි කියල අපි හැම තත්පරයක් පාසාම විශ්වාස කරනවා. හරියට සීසීටීවී කැමරා දාහක් විතර එක සැරේ අපේ පැත්තට එල්ලවෙලා තියෙනවා වගේ. හැංගෙන්න, පැනලා යන්න කිසිම ඉඩක් නෑ.
මුලූ ලෝකයම අපි ඊළඟට කරන්නෙ මොකක්ද කියලා ගොඩක් උනන්දුවෙන් බලාගෙන ඉන්න බව දැනෙද්දි අපි කරන්නෙ ඒකට ගැලපෙන්න අපේ හැම හැසිරීමක්ම; කෙස් ගහේ ඉඳලා නියපොත්ත දක්වා හැම දෙයක්ම සකස් කරගැනීම. හරියට, හතර පැත්තෙන්ම විවෘත වුණු දැවැන්ත වේදිකාවක් උඩ ජීවත් වෙනවා වගේ. වටපිටාවේ ඉන්න සිය දහස් ගාණක් මිනිස්සුන්ට අපිව පේනවා. ඒක ගැලවෙන්න අංශු මාත‍්‍රයකවත් ඉඩක් නැති අවධානයට ලක්වීමක්. එහෙමයි අපි හිතන්නෙ.
ඒත් ඇත්තටම ඒක එහෙමද? අපි අවට ඉන්න හැමෝම බලාගෙන ඉන්නෙ අපි අපේ ඊළඟ පින්තූරය, ස්ටේටස් එක අප්ලෝඞ් කරනකල් ද? අපේ වීඩියෝ එකක්, පින්තූරයක් අන්තර්ජාලයට ලීක් වෙනකල් ද? එහෙමත් නැත්නම් අපි එදිනෙදා කරන කියන ඉතාම සාමාන්‍ය දේවල් පවා දැනගැනීමේ දැඩි පිපාසයකින්ද අපේ වටපිටාවෙ ඉන්න මිනිස්සු ජීවත් වෙන්නෙ?
පැහැදිලිවම නැහැ. ඒක අපි අපේ හිතින් හදාගත්ත මනස්ගාතයක් විතරයි. ලෝකය එහෙම කවුරුවත් වෙනුවෙන් නවතින්නෙ නැහැ. කවුද කැමති තමන්ගෙ වැඩ පාඩු කරගෙන තව කෙනෙකුට අවධානයක් දෙන්න.
එයාලගෙ උනන්දුව ඔයා අල්ලලා තියාගන්න තාක් ඒ හැමෝම ඔයා දිහා බලාගෙන ඉඳීවි. හැබැයි ඔයාට ඒක කරන්න බැරි වෙච්ච දවසට කවුරුවත් ඔයා ගැන හොයන්නෙ නෑ. එයාල ඊළඟ මාතෘකාව ගැන උනන්දු වෙනවා. එච්චරයි. මතක තියාගන්න, ලෝකය අපි වෙනුවෙන් බලාගෙන ඉන්නෙ නෑ. ඒක හරිම වේගයෙන් කැරකෙනවා.
සෞම්‍ය සඳරුවන් ලියනගේ

බයිසිකල් පැදීම ආර්ථිකයට හානිදායකයි
බයිසිකල් පදින මිනිහෙක් රටක ආර්ථිකයට ව්‍යසනයක්. බයිසිකල් කාරයා කාර් එකක් සල්ලි දීලා ගන්නේ නෑ, ඒ නිසා ඌ
කාර් ලෝන් එකක් දාන්නේ නෑ. කාර් ඉන්ෂුවරන්ස් වලට වියදං කරන්නේ නෑ. පෙට‍්‍රල් ඞීසල් ගෑස් වලට වියදං කරන්නෙ නෑ. කාර් එක සර්විස් වලට රෙපෙයාර් වලට යැවිල්ලක් නෑ. ඡු්රනසබට වලට ගෙවන්නේ නෑ. උංට තඩි බඩවල් එන්නෙ නෑ, ඇග තරබාරු වෙන්නෙ නෑ. .....ඔව්! ඉතිං මොන විනාසයක්ද! නිතර ලෙඩ වෙන්නෙ නැති සෞඛ්‍ය සම්පන්න මිනිස්සු රටක ආර්ථිකයට වැඩක් නෑ. උං බෙහෙත් වලට වියදං කරන්නෙ නෑ. ඉස්පිරිතාලවලට, දොස්තරල ගාවට යන්නෙ නෑ. උං රටේ දළ ජාතික ආදායමට කිසිම දායකත්වයක් දෙන්නෙ නෑ.
ඒකට අලූතෙන් දාන හැම ඵජෘදබ්කා එකකින්ම ඒකේ වැඩ කරන අයට අමතරව අඩුම ගානේ තව 30 දෙනෙකුටවත් වදඉි දෙනවා. හදවත් රෝග විශේෂඥයො 10 කට, දන්ත වෛද්‍යවරු 10 කට, ශරීරයේ බර ස්ථුලතාව අඩු කර ගැනීමේ මං කියාදෙන විශේෂඥයන් 10 ට ආදී වශයෙන්.
ප.ලි-
පයින් ඇවිදින එවුං මීට වඩා අන්තයි!
උං අඩු ගානේ බයිසිකලයක්වත් සල්ලි දීලා ගන්නෙ නෑ.

මෙවර හඳුන්වාදෙන ගීතය - අන්න බලන් සඳ
අන්න බලන්
සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා
චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ
ආදර බස් කියනා
හඬ දේවි දෙකන් පිනනා
අත්පසුරින් තුරු පෙම්බරයන් බඳ
බන්දා සෙනේ සිතිනේ
ලියවැල් පැටලී ගොසිනේ
පුෂ්ප පිපී මකරන්ද ගලා එයි
මාරුතයේ හැපිලා
මන් මද රංගන මණ්ඩපයේ මෙම
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා සාමිනේ
පී.වැලිකල ගේ
‘කුණ්ඩලකේසි’ නාට්‍යයේ ගීතයකි
ගේය පද රචනය - මහගමසේකර
තනු නිර්මාණය - සෝමදාස ඇල්විටිගල
අග්නි තුරුණු වියමන Facebook පිටුව බලන්න
අග්නි පෙබරවාරී මැද කලාපය
සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා
චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ
ආදර බස් කියනා
හඬ දේවි දෙකන් පිනනා
අත්පසුරින් තුරු පෙම්බරයන් බඳ
බන්දා සෙනේ සිතිනේ
ලියවැල් පැටලී ගොසිනේ
පුෂ්ප පිපී මකරන්ද ගලා එයි
මාරුතයේ හැපිලා
මන් මද රංගන මණ්ඩපයේ මෙම
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා සාමිනේ
පී.වැලිකල ගේ
‘කුණ්ඩලකේසි’ නාට්‍යයේ ගීතයකි
ගේය පද රචනය - මහගමසේකර
තනු නිර්මාණය - සෝමදාස ඇල්විටිගල
අග්නි තුරුණු වියමන Facebook පිටුව බලන්න
අග්නි පෙබරවාරී මැද කලාපය
Subscribe to:
Posts (Atom)